පොකුණුවිට සිසුවාට මෙන්, මාතලේ සමූහ මිනීවළේ වැළලූනවුන්ටත් යුක්තිය…..?

DSC02760 (2)බොහෝ සිදුවීම් රැුලි පිට රැුලි නැෙඟමින් වාර්තා වන මේ සංක‍්‍රමණීය අවධියේ පානදුර මහාධිකරණය විසින් ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවකින් යුක්තිය හා සාධාරණය රජයන සමාජයක් ඉල්ලා පෙළ ගැහෙමින් සිටින සමාජයකට මහත් වූ අස්වැසිල්ලක් ලැබිණි. ඒ සුවිශේෂී නඩු තීන්දුව වූයේ 1989 ධවල භීෂණ සමයේ හොරණ, පොකුණුවිටදී අත්අඩංගුවට ගත් 16 හැවිරිදි තරුණයකු ඝාතනය කර ටයර් මත දමා පිලිස්සූ වරදකරුවනට ද`ඩුවම් ලබාදී මියගිය තරුණයාට යුක්තිය ඉටුකිරීමයි. එය සිදු වීමටත් වසර 25කට ආසන්න කාලයක් ගත විය.

මේ ලිපියේ අරමුණ ඒ සම්බන්ධව පසු විපරමක් කිරීම නොවේ. එකී භීෂණ සමයේම ඝාතනයට ලක් වූ 154 දෙනෙකුගේ අස්ථි කොටස් සහිත මෙතෙක් ලංකාවේ හමු වූ දැවැන්තම සමූහ මිනීවළ ලෙස හ`දුන්වන, මාතලේ සමූහ මිනීවළේ වැළලූන උනට යුක්තිය ඉටුකිරීමට නිර්මාණය වෙමින් තිබූ ඉඩකඩ ඇහිරී යමින් පැවතීමයි. ඒ උදෙසා අලූත් වටයකින් අරගල කිරීමට සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමට පසුබිම සැකසීමටයි. ඒ ස`දහා සුදුසුම හෝරාව මේ බව පැවසීමටයි. ඉතිහාසය විසින් එවන් අවස්ථා ලබා දෙන්නේ එක් වරක් පමණි.

මළවුන්ට යුක්තිය ඉටුකිරීම මළවුන් පිළිබඳ කාරණයකට වඩා ජීවත්ව සිටින අය පිළිබඳ ප‍්‍රශ්නයකි. අනාගත පරම්පරාවන් පිළිබ`ද ප‍්‍රශ්නයකි. ශිෂ්ටාචාරය පිළිබඳ ප‍්‍රශ්නයකි.

තමන් කැමති මතයන් දැරීමට ඒ මත කි‍්‍රයාත්මක වීමට ඕනෑම පුද්ගලයකුට අයිතිය ඇත. ඒ අයිතිය ඔවුන් අනෙකුත් අයගේ අයිතීන් උල්ලංඝනය වන පරිදි යොදවනවා නම්, ඊට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය යාන්ත‍්‍රණයක් ශිෂ්ට සමාජය සතුව පවතී. ඉන් බැහැරව තිරශ්චීන ලෙස බලය යොදා කෙනකුට හිමි ගෞරවනීය මරණය කවරකු විසින් හෝ උදුරා ගනු ලබන්නේ නම් ඊට එරෙහිවීමට ඇති ශුද්ධ වූ අයිතිය ලබාගැනීමද සමාජයක් ලෙස පෙළගැසිය යුතු වේ.

අහඹු ලෙස මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවළ හමු වූ වකවානුවේම ඒ ගැන විවිධ නිගමන දීමට විවිධ පාර්ශ්ව උත්සාහ කළහ. මෙම සමූහ මිනීවළේ වැළලී ඇත්තේ 1848 කැරැුල්ල, 1915 සිංහල මුස්ලිම් කෝලාහලය, 1947 දියහෙණය, වසූරිය, එමෙන්ම 1971 අරගලයේදී ඝාතනයට ලක්වූවන් යැයි පවසමින් 88 – 89 භීෂණ සමයට අත පොවන්නටවත් ඉඩ නොදෙන ආකාරයේ මහා සමාජ කතිකාවතක් නිර්මාණය කෙරිණි. එමෙන්ම සමූහ මිනීවළ වසා දමන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් නිර්ලජ්ජිත ඉල්ලීමක්ද කර තිබිණි.

නමුත් ඒ සියල්ල නිෂ්ප‍්‍රභ කරමින් 2013 මාර්තු 23, වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් පුරාවිද්‍යා අංශයේ රාජ් සෝමදේව මහාචාර්යවරයා ප‍්‍රමුඛ පිරිසකගේ පිටු 54කින් යුත් වාර්තාව සැලකිල්ලට ගත් මාතලේ මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය මෙම මිනිස් ඇටසැකිලි 1986 – 1990 කාල පරාසයට අයත් යුගයේ ඝාතනයට ලක් වූ පිරිසකගේ බවට තීරණය ලබා දුන්නාය. එම දිසා විනිසුරුවරිය 2013 ජුනි 22 වැනිදා ස්ථාන මාරුවක් ලැබ යාම මෙම සිද්ධියට සම්බන්ධදැයි නොදනිතත් ඒ පිළිබඳව ජනතාව අතර මහත් කතාබහක් ඇති විය.

2013 අපේ‍්‍රල් මස ජනාධිපති කොමිසමක්ද පත්කෙරුණු අතර එම කොමිසම හමුවේ සාක්ෂි දුන් සමූහ මිනීවළේ කැණීම් සිදුකළ හා එම අස්ථි භාරව කටයුතු කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා එකී මානව අස්ථියකට ඇණයක් ඇනී තිබුණ බවත් පාද අස්ථි කොටසක කම්බි වළල්ලක් තිබී නිරීක්ෂණයට ලක්වුණ බවත් ප‍්‍රකාශ කළේය. එකී කම්බි වළල්ල මඟින් විදුලිය ශරීරගත කර සිදුකරන ලද හිංසනයක් බව නිරීක්ෂණවලින් හෙළිවුණ බව පැවසූ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මළ සිරුරුවලින් වෙන් වූ හිස්කබල් කිහිපයක් එක ගොඬේ තිබුණ බවත් නිරීක්ෂණය වූ බව පැවසීය. එම වකවානුව තුළ සිදු වූ අතිශය ම්ලේච්ඡු, අමානුෂික, කෲර වූ මනුෂ්‍ය සංහාරය පිළිබඳව සිය නිරීක්ෂණයන් තුළින් ලොවට හෙළි කළ ඒ වෘත්තියවේදියා 2013 මැයි මස 20 වැනි දින සිට කුරණෑගල මහ රෝහලට මාරුවීමක් ලැබ ගියේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව විසින් මාතලේ සමූහ මිනීවළේ කාල නිර්ණය කිරීම පිළිබඳව මෙසේ අදහස් දක්වා ඇත.

”මා විසින් මාගේ ආනුභවික දත්ත හා ඒ අවටින් ලබා ගත් අනෙක් දත්ත සාරාංශ කොට මිනීවළ අයත් වකවානුව තීරණය කිරීමට උත්සාහ කළෙමි. දන්නා දින දෙකක් මැදින් යම් සිද්ධියකට අදාළ දිනයක් සොයා ගැනීම සඳහා පුරාවිද්‍යාවේදී භාවිත වන ‘කාල නිර්ණමය සැන්ඞ්විච්’ යන අදහස මේ සඳහා යොදා ගතිමි. ලැබුණු දත්ත විශ්ලේෂණයන්ට අනුව මෙම මිනීවළ වර්ෂ 1986 – 1990 කාල වකවානුවට අයත් බව පෙනේ.”

නමුත් ‘කාබන් කාලනිර්ණයට යැවීමට’ අවශ්‍ය පරිසරය සැකසුන බැවින් අස්ථි කොටස් අමෙරිකාවේ ප්ලෝරීඩා ප‍්‍රාන්තයේ බීටා එනලයිටික්ස් :ඊැඒ ්බ්කහඑසජ* පුරාවිද්‍යා කෞතුක රසායනාගාරය වෙත යොමු කෙරිණි.

එකී රසායනාගාරයෙන් ලැබුණ වාර්තාවේ සඳහන් වූවේ කුමක්ද? එම අස්ථි කොටස් පනහේ දශකයේ මුල් භාගයට එනම් 1951 වකවානුවට අයත් බවයි. නමුත් ලංකා ඉතිහාසය තුළ හෝ මාතලේ ඉතිහාසය තුළ එවන් අතිශය කෲර වධ බන්ධනවලට ලක්කොට සාපරාධී මිනිස් ඝාතනයක් සිදු කිරීමට ඇවැසි සමාජ පරිසරයක් එකල නොවීම සැවොම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. අමෙරිකාවේ රසායනාගාරයකින්

ලැබුණ වාර්තා හා මහාචාර්ය රාජ් සෝමදේව මහතා අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා ඇතුළු කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද පිටු 54කින් යුත් වාර්තාව මේ තරමටම වෙනස් වූවේ කෙසේද?

රාජ් සෝමදේව මහාචාර්යවරයා විසින් සිය වාර්තාවේ මෙසේද සඳහන් කර තිබුණි.

”……නමුත් කවරකු විසින් හෝ කුමන හේතුවක් නිසා පුද්ගලයන් 154 දෙනකුට නිදහසේ මිය යාමට ඇති අයිතීන් උදුරාගෙන ඇති බව මගේ වෘත්තීය සීමාවෙන් ඔබ්බෙහි සිට කල්පනා කරන විට මගේ හදවතට දැනෙමින් තිබේ.”

එමෙන්ම ඔහු සිය වාර්තාවේ අවසන් වශයෙන් යෝජනා දෙකක්ද ඉදිරිපත් කර ඇත.

”මෙම ස්ථානය දැනට ලංකාවේ හමුවුණ විශාලම සමූහ මිනීවළ නිසා ඉගෙන ගන්නා විද්‍යාර්ථින්ට තම කටයුතු සඳහා මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කර පවත්වාගෙන යාම හා ඉතා සානුකම්පිත හදවතින් බලා මේ සිරුරු අයිති නියම හිමිකරුවන් නියමිත ක‍්‍රමවේදයකට සොයා ගෙන ගෞරවනීය ලෙස මිහිදන් කිරීම ස`දහා ඔවුනට භාරදීමයි.”

මේ තරම් දෘඪ විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කළ වාර්තාව අමෙරිකාවේ රසායනාගාරයකින් හා කුඩා වාර්තාවක් හමුවේ උඩු සුළ`ගට ගසාගෙන යාමට ඉඩ දී නිහ`ඩව බලා සිටීමට තරම් අපි අකෘතඥයෝ වෙමුද?

පොකුණුවිට සිසුවාට මෙන්ම මාතලේ සමූහ මිනීවළේ මිහිදන් වූ මිනිසුන්ටද සාධාරණය හා යුක්තිය ඉටුකිරීමට සමාජයක් ලෙස අප පෙළ ගැසිය යුතුය.

මිනිසකුට ගෞරවාන්විත ලෙස ඉපදීම මෙන්ම මියැදීමට ඇති අයිතිය විශ්වීය මානව අයිතියකි. එම අයිතිය කැලෑ නීතිය තුළ පැහැර ගෙන මිනිසුන් මරා දැමුණේ මාතලේ දීද, චෙම්මිනිවලදීද, මුල්ලෙවයික්කාල්හිදීද ඔවුන් සිංහලද තමිල් ද එම ඝාතන සිදුකරන ලද ඝාතකයන් සන්නද්ධ කණ්ඩායම්වලද රජයේ ද යන්න පිළිබව කිසිම වෙනසක් නැතිව සමාජයක් ලෙස අප මේ ඝාතනයන්ට එරෙහි විය යුතුය. එමෙන්ම මෙතෙක් ඉතිහාසයේ පසු කළ භීෂණ සමයන්හි විපතට පත් සියලූ පාර්ශ්වයන්ට යුක්තිය ඉටුකරදීම සඳහා හදවතක් ඇති මිනිසුන් ලෙස අප එක්ව පෙළ ගැසිය යුතුය. ඒ අප සඳහා නොව අපේ දරුවන් වෙනුවෙනි.

සුජාතා අලහකෝන්

Posted in කාලීන | Leave a comment

20 හීන් නූලෙන් බෙල්ල කැපීම

ලංකාවේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට නියමිතය. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යුහයේ කැපී පෙනෙන වෙනසක් සිදුකරනු ලැබේ. ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මේ වන විට ගැසට් මාර්ගයෙන් … Continue reading

Gallery | Leave a comment

‘කම්කරු ගොවිපොළ’ සහ පෞද්ගලික අංශයේ වැටුප්

ජුනි 08 වැනිදා ජිනීවාහි පැවැති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සැසිවාරයේදී ලංකා සේව්‍ය සම්මේලනයේ විධායක අධ්‍යක්ෂ රවී පීරිස් ප‍්‍රකාශයක් කළේය. ඔහු පැවසුවේ, ව්‍යවස්ථාපිත නෛතික ප‍්‍රතිපාදන හරහා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා අනිවාර්ය වැටුප් වැඩි කිරීම නිදහස් වෙළෙඳ ආර්ථිකයේ මූලිකාංගවලට පටහැණි වන බවයි. ඔහුට … Continue reading

Gallery | Leave a comment

නාටක මාරයි ප‍්‍රශ්න හමාරයි

මේ සතිය ගෙවී ගියේ මෛත‍්‍රී – මහින්ද – රනිල් ප‍්‍රතිවිරෝධතා පිළිබඳ ප‍්‍රවෘත්ති නරඹමිනි. සඳුදා පුවත්පත්වල සිරස්තල සැරසුණේ මෛත‍්‍රී හා රනිල් අතර විවාදයකින්. මහින්දගේ, චම්පිකගේ සහායද සහිතව ඉදිරි මහා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් ගොඩනඟා ගන්නා බව ජනාධිපති මෛත‍්‍රී පවසා … Continue reading

Gallery | Leave a comment

හොරු නිදැල්ලේ – කමිටු මර නින්දේ

කෝපා ගැන කෝප නොවී කොහොමද? මේ ආණ්ඩුව කට ඇරියොත් කතා කරන්නේ හොරු ඇල්ලීම ගැනය. හොරු ඇල්ලීම සහ හොරකම් ගැන පරීක්ෂණ කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටු දෙකක් තිබේ. එකක් කෝප් (COPE)ය. අනෙක කෝපා (COPA)ය. කෝප් යනු පොදු ව්‍යාපාර කාරක සභාවයි. කෝපා යනු … Continue reading

Gallery | Leave a comment

ඉන්දියාව මැගී නූඞ්ල්ස්

This gallery contains 3 photos.

තහනම් කරයි දරුවන්ගේ කඩිසර බවත් බුද්ධියත් වර්ධනය කිරීමට හේතු වන බව වෙළෙඳ දැන්වීම්වලින් කියන මැගී ක්ෂණික නූඞ්ල්ස් තම රට තුළ විකිණීම තහනම් කිරීමට පසුගිය දා ඉන්දියාව පියවර ගත්තා. ඉන්දියානු විද්‍යාඥයන් පවසන්නේ මැගී නූඞ්ල්ස්වල මොනෝ සෝඩියම් ග්ලූටමේට් (Mono-Sodium Glntamate) හෙවත් MSG … Continue reading

Gallery | Leave a comment

කන්කසන්තුරේ උතුරේ හදවත යළි පණ ගන්වනු!

image0335යුද්ධයෙන් පසුව ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගමන් කරන බවට වගාඩම්බර කතා කියන දේශපාලකයන් විසින් අමතක කර දැමූ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් සංකීර්ණය ගැන කතා කරන්නට අපි සූදානම් වෙමු. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පිහිටි කම්හල් ගැන පාසල් සිසුවන්ට උගන්වන්නේද දේශපාලකයන් පුරාජේරු කියන ආකාරයෙන්මය.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, වාලච්චේන කඩදාසි කම්හල සහ පරන්තන් රසායන ද්‍රව්‍ය කම්හල ගැන විවිධ කතන්දර කියනු ලබයි. එහෙත් ඇත්තටම එවැනි කම්හල් අද ක‍්‍රියාත්මකව නැත. ඒවා යළි සක‍්‍රීය කිරීම ගැන ප‍්‍රමාණවත් කතාබහක්ද දේශපාලකයන් අතර නැත. කරන්නේ යුද්ධය ගැන කිසිදු අරුතක් නැති වීර කතා සහ දුෂ්ට කතා යළි යළිත් වමාරමින් කෑමය.

  • ජාතික ආරක්ෂාව යටතේ කම්හල මරා දැමීම

2012 ඔක්තෝබර් 01 වැනිදා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි රොෂාන් ගුණතිලක විසින් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් අමතමින් ලියන ලිපියක කම්හල නැවත ආරම්භ කිරීමෙන් සිදු විය හැකි ආරක්ෂක ගැටලූ ගැන කරුණු දක්වා ඇත. අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කරණ ලද කම්හල් බිමේ ආරක්ෂක අංශවල විවිධ ගොඩනැඟිලි ස්ථාපනය කර ඇති නිසා නැවත කම්හලේ වැඩ අරඹන්නේ නම් ඉහත ආයතන ඉවත්කිරීම ආරක්ෂක තර්ජනයක් බව එම ලිපියේ සඳහන්ය. මෙම ස්ථානයේ ඇති උපක‍්‍රමික වැදගත්කම නිසා ප‍්‍රභූ වාසස්ථාන ඉදිකිරීමේ සැලැස්මක් ගැනද හිටපු ආරක්ෂක ලේකම්වරයා  විසින් අවධාරණය කර තිබිණි. 2014 වසරේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් සංකීර්ණය පරිශ‍්‍රයට අයත් අක්කර 104ක ඉඩමක් සහ ගොඩනැඟිලි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට පවරා ගනු ලැබිණි.
යුද්ධයෙන් පසු දිගුකලක් තිස්සේ සිමෙන්ති සංස්ථාව සතු කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් සංකීර්ණය නැවත විවෘත කිරීමට අපොහොසත් වීමත් ඒ වෙනුවට ඊනියා ජාතික ආරක්ෂක හේතු දක්වමින් වටිනා සම්පතක් අතහැර දැමීමත් මහත් ගැටලූවකි. ආරක්ෂක හේතු දක්වමින් 1990 වසරේ පමණ වසා දැමුණු මෙම කම්හල් සංකීර්ණයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍රෝපකරණවලට සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බැලීම කළ යුතුව තිබේ. වසා දැමුණු සමයේ එම තීරණය ගන්නට මූලික වූ එක්සත් ජාතික පක්ෂ පාලනයක් නැවත බිහිව ඇති සමයක කන්කසන්තුරේ කම්හල පිළිබඳ කතාව අමතක කරන්නට පරාජිත රාජපක්ෂ රෙජීමයේ වගකීමක් ලෙස පමණක් එය බැහැර කිරීමද කළ යුතු නැත.

අක්කර 740ක භූමිය 1991දී අධි ආරක්ෂක කලාපයක් ලෙස නම් කර කම්හල වසා දමන ලද නමුත් යුද්ධය පවතින කාලය තුළ මෙම ඉහළ අගයකින් යුතු යන්ත්‍රෝපකරණ ආරක්ෂා කිරීම හෝ නඩත්තු නොකිරීම මහත් අපරාධයකි. යුද්ධය හේතුවක් කරගෙන මෙම යන්ත‍්‍ර නොසැලකිල්ලට භාජනය කර දිරා යන්නට ඉඩ හැරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය මෙන්ම එම තීරණ අනුමත කළ දේශපාලන නායකයන්ද වගකිව යුතු වේ. එහි කොටස් පරණ යකඩවලට විකුණා දැමීමේ වගඋත්තරකරුවා වන්නේ එවකට යුද යන්ත‍්‍රය මෙහෙය වූ බවට පුරසාරම් කියන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාය. උතුරේ විවිධ ආර්ථික සම්පත් සම්බන්ධයෙන් හෝ මිනිස් සංහාරයන් පිළිබඳ යුද සමයේදී ගත් තීරණවලට වගකියන්නේ නැතිව යුද ජයග‍්‍රහණයේ කීර්තිය පමණක් කබායේ පැලඳ ගන්නා ඊනියා වීරයන් ජනතාවට වගකියන්නේ නැති බව සැබෑය. එහෙත් යුද සමයේ විනාශයන් ගැන එල්ටීටීයට පමණක් වරද පටවා නම් සිදු කළ මුග්ධ සහ අමානුෂික විනාශයන් යට ගසන්නට ඉඩ දිය යුතුද නැත.

  • උතුරේ හදවත යළි සක‍්‍රීය කිරීම

1950 දශකයේ කම්හල් ඇරඹීම සඳහා ස්ථාපනය කළ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් දෙකෙහි යන්ත‍්‍ර සූත‍්‍ර මේ වන විට අබලන්ව ඇත. පසුගිය කාලයේ ඒවායින් විශාල කොටස් ප‍්‍රමාණයක් යකඩවලට විකුණා ඇත. පසුගිය කාලයේ දිරා ගිය කොටස් ඇති නමුත් ක්ෂයවීමද සලකමින් ඇස්තමේන්තුගත කර ඇති පරිදි මිලියන 800ක් පමණ වටිනා එම යන්ත‍්‍ර නැවත ක‍්‍රියාකාරී තත්වයට ගෙන ඒමට හැකි වේද යන්න ගැටලූවකි. කෙසේ නමුත් 1983 පමණ ලංකා සිමෙන්ති සමාගම යටතේ ස්ථාපිත කළ යන්ත‍්‍ර සූත‍්‍ර වටිනාකම රුපියල් බිලියනයකි. ඒවා පිළිසකර කිරීම් සහිතව හොඳින් වැඩ ගත හැකි තත්වයේ පවති. ස්විට්සර්ලන්තයෙන් ආනයනය කර ඇති මෙම යන්ත‍්‍රවල තාක්ෂණික හැකියාවෙන් හා යාපනයේ නිධි ලෙස පවතින ස්වාභාවික ඛනිජ සම්පතින් පලදායක යමක් නිෂ්පාදනය කිරීමට නම් පුහුණු ශ‍්‍රමයක් සහිතව කම්හල යළි සක‍්‍රීය කළ යුතු වේ.

යුද සමයේ මිනිස් සංහාරයක් සිදු වූ බව අමතක කරන්නේ යම් සේද යුද්ධයේ ගොදුරු බවට පත් වූ ආර්ථිකයේ මර්මස්ථාන ගැන අමතක කර ඇත්තේද එසේමය. ජාතිවාදී ලෙස ලාංක්ය ජනයා බෙදා වෙන් කළ යුද්ධය අවසන් කර වසර හයක් ඉකුත් වී ඇත. එය යුද ජයග‍්‍රහණයක් ලෙස සැමරීමේදී ජාතිවාදය මත යැපීමේ දේශපාලන වුවමනාව මත යුද්ධයෙන් සිදු වූ අන් සියල්ල අමතක කර ඇත. යුද සමයේ චෝදනා සහිතව හෝ රහිතව අත්අඩංගුවට ගත් වුන් නිදහස් නොකිරීමේ සිට යුද්ධයෙන් සමාජයක් ලෙස මුහුණ පෑ ඛේදවාචකයට පිළියම් නොයෙදීම දක්වා එය දිගු වේ. ලෝකාපවාදයෙන් මිදෙන්නට සංහිඳියාව සඳහා යැයි කියමින් කොමිසමක් පත්කළ රාජපක්ෂ රෙජීමයෙන් අත්හැර දැමූ තවත් පැත්තක් වන්නේ උතුරේ ජනතාවට යුද්ධයෙන් පසුව යළි සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමේ අවස්ථා අවුරාලීමය. එහි එක් පාර්ශ්වයක් වන්නේ යුද සමයේ විනාශ මුඛයට ඇද දැමුණු උතුරේ කම්හල් යළි සක‍්‍රීය කිරීමේ ක‍්‍රියාදාමයකට අත නොතැබීමය.
සංස්ථාවට අයත් කම්හල් දෙකක් මෙහි ස්ථානගත කර ඇත. ඊට අමතරව ලංකා සිමෙන්ති සමාගම යටතේ තවත් කම්හලක් 1983 පිහිටුවා ඇත.

  • සංස්ථාව අඩපණ කළ හැටි

ලංකාවේ උතුරු කොනේ මෙම කම්හල් ස්ථාපනය කිරීමට හේතු වන්නේ යාපනය අර්ධද්වීපය තුළ ඇති අවසාධිත හුනුගල් පාෂාණය සිමෙන්ති නිෂ්පාදනයට හොඳින්ම ගැළපෙන අමුද්‍රව්‍යයක් වන නිසාය. ගණනය කර ඇති ආකාරයට යාපනය අවට හුනුගල් මෙටි‍්‍රක් ටොන් මිලියන 84ක් ඇත. ඒ නිසා කම්හල වෙනත් ස්ථානවලට ගෙනයාම අනුවණකමකි. අනෙක් අතට නැවත වැඩ ඇරඹීමට යම් මූලික වියදම් සපයාගත යුතු වේ. ඒ සඳහා මුල්‍ය හැකියාවක් සිමෙන්ති සංස්ථාවට නැත. ඒ නිසා විදේශ ආයෝජකයන්ට අවස්ථාව දීමට (වෙනත් ආකාරයකින් එය පෞද්ගලිකකරණය කිරීමකි) ආණ්ඩුව උත්සාහ දරයි. දැනටමත් ආයෝජකයන් අවධානය යොමු කර ඇති බවත් එය සිදුවේ නම්,  රැුකියා අවස්ථා 2000ක පමණ ආරම්භ කිරීමට අවස්ථාව ඇති බව කියවේ. සිමෙන්ති සංස්ථාව සතු සතයක හෝ ආදායමක් නොමැති නිසා අලූතින් කිසිවක් කරන්නට මෙන්ම පවතින වෙළෙඳාම පවත්වාගෙන යන්නට හැකියාව නැත. යුද්ධයේ ගොදුරක් බවට පත් වූ මෙම දැවැන්ත රාජ්‍ය ආයතනය මුහුණ දෙන ගැටලූවේ ස්වභාවය පිළිබඳව කෙටියෙන් කිවහොත් සේවක වැටුප් ගෙවාගන්නටවත් හැකියාවක් අද නැත.

එහෙත් ඇත්ත වශයෙන්ම සිමෙන්ති සංස්ථාව බංකොලොත්ද යන්න මෙහිදී විමසිය යුතු ගැටලූවකි. මහා අගයකින් යුතු කම්හල් සංකිර්ණයක හිමිකම සහ විශාල ඉඩම් හිමි මෙම රාජ්‍ය ආයතනය පිළිබඳ කතාව එසේ පරණ කතාවලින් වසා දමන්නට ඉඩදිය යුතු නැත. යාපනයේ ජනතාවගේ ජීවිත යළි පණගැන්වීමේ ව්‍යායාමයේදී ඒ ජනතාවගේ ආර්ථික ජීවිතයට හදවතක් බඳු කන්කසන්තුරේ කම්හලට විශේෂ වැදගත්කමක් හිමිය. එසේ නම් සිමෙන්ති සංස්ථාව සතු වත්කම් යළි පණ ගැන්විය යුත්තේ කෙසේද යන වැදගත් ප‍්‍රශ්නය අප හමුවේ ඇත.

ඒ සඳහා පටන්ගත යුත්තේ කන්කසන්තුරේ අඩපණ කළ තැනින්මය. සිමෙන්ති නිෂ්පාදනය සඳහා බිහි කළ සිමෙන්ති සංස්ථාව සතු කම්හල් වසාදැමීමෙන් හා විකුණා දැමීමෙන් වූ හානිය එයින් ප‍්‍රමුඛ වේ. එසේ වත්ත බද්දට දුන් පසු ඈලියාවට ගියේ සංස්ථාව පමණක් නොවේ. ඒ වටා පැවැති විවිධ ක්ෂේත‍්‍රයන් විනාශයට ඇද වැටුණි. කෙසේ වෙතත් 2008දී ආදායම් මාර්ගයක් හඳුන්වාදීමක් ලෙස සංස්ථාව සිමෙන්ති ආනයනයට යොමු කරවන ලදී. එහිදී සිදු වූයේ කුමක්ද? සිමෙන්ති සංස්ථාව පාකිස්ථානය මුල්කර ගත් ඞී.ජී.ඛාන් සිමෙන්ති සමාගම හා ගිවිසුමකට එළඹියේ සිමෙන්ති මෙටි‍්‍රක් ටොන් 8000ක් ආනයනය කිරීමටය. අමෙරිකන් ඩොලර් 545,000ක් වටිනා එම ගනුදෙනුවේ 30 අවුරුදු කාලසීමාව ඉකුත්වන විට නියමිත ගෙවීම් කරන්නට තරම් හැකියාවක් නොමැති විය. දැන් පාකිස්ථාන සමාගම ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමේ කටයුත්තකට එළඹ සිටී. වත්ත බද්දට දීමෙන් පසුව ආදායම් අහිමි වූ පසුව දැරිය නොහැකි ඉහළ වටිනාකමකින් යුතු මිලදීගැනීම් කි‍්‍රියාවලියක හසුකර සංස්ථාව යළිත් අමාරුවේ දමා ඇත්තේ දේශපාලකයන් හා සංස්ථා ලොක්කන්ය. ඒ හැමදෙනාටම කොමිස් කුට්ටි ලැබෙන්නට ඇති බව සැකයක් නැත. නමුත් දැන් සංස්ථාව ණයකරුවකු ලෙස අවදානමට ඇද දමා තිබේ.

  • ඈලියාවට යැවූ සංස්ථා දේපළ

සිමෙන්ති සංස්ථාවට හිමිව තිබී පුත්තලම සිමෙන්ති සමාගමට කල්බදු ක‍්‍රමයට පැවරූ අක්කර 600ක ඉඩමක් තිබේ. 1996 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය යටතේ අවුරුදු 50 සඳහා කල්බදු ක‍්‍රමයට පුත්තලම සිමෙන්ති කම්හලට පවරා දුන් අරුවක්කාලූ ඉඩමට ගිවිසුම අනුව හිමි විය යුතු කල්බදු වාරිකය වන්නේ අමෙරිකන් ඩොලර් 210,000කි. ඒ කාලය තුළ සිමෙන්ති මිලද වරින්වර ඉහළ යාම සිදු වන නිසා කල්බදු ගිවිසුම ඊට ගැළපෙන ආකාරයට සකස් විය. ඒ අනුව, ආරම්භක වර්ෂය 1996 වුවද වසර පහෙන් පහට බදු ගිවිසුමේ කල්බදු වටිනාකම ඉහළ නැංවිය යුතුය. කෙසේ වෙතත් දැන් වසර 20ක කාලයක් තුළ එකම අවස්ථාවකවත් එම ඉහළ නැංවිය යුතු කල්බදු වටිනාකම පුත්තලම සිමෙන්ති සමාගම විසින් සිමෙන්ති සංස්ථාවට ගෙවා නැත.

වරද ඇත්තේ එතැන පමණක් නොවේ. මේ දක්වා ඇත්ත වශයෙන්ම ගෙවමින් සිටින්නේද එකඟ වූ ඩොලර් 210,000 නොව අමෙරිකන් ඩොලර් 202,800කි. මෙසේ සෑම කල්බදු වාරිකයකින්ම ඩොලර් 8000ක පාඩුවක් දරන්නට සිමෙන්ති සංස්ථාවට සිදුවේ. පුත්තලම සිමෙන්ති කම්හලේ සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හුනුගල් සපයාගැනීම මෙම ඉඩමෙන් ලබාගන්නා ප‍්‍රයෝජනයයි. වසර 50ක් තුළ එසේ මහා පරිමාණයෙන් ලබාගන්නා ඛනිජ සම්පත ක්ෂය වී යනු ඇත. ඒ නිසා එක්කෝ අහිමි වන බදු වටිනාකම අයකරගන්නට හෝ නැතිනම් පුත්තලම සිමෙන්ති කම්හල සංස්ථාවට පවරාගන්නට හෝ පාලකයන් තීරණයක් ගත යුතුව ඇත. මෙම තත්වය වෙනස් කිරීමෙන් සිමෙන්ති සංස්ථාව යළි පණගන්වන්නටත් එවැනි ක‍්‍රම යොදා ගනිමින් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පණගන්වන්නටත් හැකි බව ලියා තබමු.

චන්දන සිරිමල්වත්ත

Posted in කාලීන | Leave a comment