මාතලේ සමූහ මිනීවල – සත්‍ය වලලා දැමිය නොහැක

mathaleeමාතලේ සමූහ මිනී වළේ වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා ගන්නට මූලික අනාවරණයන් මේ වන විට අවසන්ව තිබේ. ලංකාවේ සමූහ මිනී වළක් පිළිබඳව මෙවැනි විද්‍යාත්මක හෙළිදරව්වක් කෙරුණු පළමු අවස්ථාව මෙයයි. එහෙත් දැන් ඇත්තේ වඩාත් භාරධූර කාර්යයකි. මෙම සමූහ ඝාතනයේ සැබෑ වගඋත්තරකරුවන් සොයා ඔවුන්ට ද`ඩුවම් පැමිණවීමත් අගතියට පත් වූවන්ට යුක්තිය ඉටු කිරීමත් එහි අවසන් ප‍්‍රතිඵලය විය යුතුය.

මෙම සමූහ මිනී වළේ රහස අපට පැවසුණේ 2012 නොවැම්බර් මාසයේ 26 ලැබුණු අහඹු දුරකථන ඇමතුමකිනි. ”මාතලේ ඉස්පිරිතාලේ පිටිපස්සේ වළකින් ඇටකටු ගොඩක් මතු වෙලා. ඒවා 88-89 දී විජය ඉස්කෝලේ ගුණසේන ශාලාවේ තියාගෙන වද දීලා මරපු මිනිස්සුන්ගේ. ඒ කාලේ ගජබා එක බාරව ඉ`දලා තියෙන්නේ ගෝඨා කියල මිනිස්සු කියනව. දැන් වෙනකොට එතනට ගාඞ් එක දාලා තියෙන්නේ. කාටවත් යන්න දෙන්නේ නෑ.’’

ඉතිහාසය තුළ ඇටකටු හමු වෙන්නාක් මෙන්ම ඒ ඇටකටු පිළිබඳ වගඋත්තරකරුවන් ද හෙළිදරව් වන බැවින් අපි ජන සංහාර  සිදුවූ අවස්ථා පිළිබඳව ගවේෂණය ආරම්භ කළෙමු. ඊට අනුව මෙම සමූහ මිනී වළ හමුවන භූමිය හෙවත් මැක්ඩොවල් බලකොටුවට අයත් ඉඩම 1803 දී එවකට ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයා වූ ටෙනන්ට් අත්පත් කරගැනීමට පෙර එහි අයිතිය තිබී ඇත්තේ රාජසිංහ රජ්ජුරුවන්ගේ මාමා කෙනකු වූ මීගහකොටුවේ රාලටය. එතැන් සිට අපගේ ජන සංහාර පිළිබඳ ගවේෂණයේ තොරතුරු  ජනරළෙන් වාර්තා කළේ මෙලෙසිනි.

විජය ඉස්කෝලෙ බෙලි කපල ඔළු ගොඩගහල තිබුණා

2012-12-09 – ජනරළ

පුනරීන් හාරන්නෙ මාතලේ වහගන්නද?

2012-12-16 – ජනරළ

මාතලේ වධකාගාරයේ සිටි අයකු කරන හෙළිදරව්ව

2012-01-20 – ජනරළ

මාතලේ සත්‍යය යළිත් වළලා දැමීමට සූදානම්

2013-02-17 – ජනරළ

එහෙත් බොහෝ ජනමාධ්‍ය මෙම සමූහ මිනී වළ පිළිබඳ බොහෝ කතා කීහ. එම කතාවලට අනුව වරෙක ඔවුන් වසූරියෙන් මියගිය අය ද තවත් වරෙක ඔවුන් ගංවතුරකින් මිය ගිය අය බව ද කීවේය. තවත් කතාවකට අනුව ඔවුන් මිය ගොස් තිබුණේ නාය යාමකිනි. 1848 කැරැුල්ලෙන් සහ 71 අරගලයෙන් මිය ගිය අය බව ද ඇතැමෙක් කීහ. එහෙත් 88-89 දී මරා දැමූවන්ගේ සමූහ මිනී වළක් බව අපි විවෘතව ප‍්‍රකාශ කළෙමු. ඒ සඳහා මූලාශ‍්‍ර අප සතුව පැවැතුණි.

ඒ අතරම නිහ`ඩතාවයේ ගිලී සිටි ඇතැමෙක් හදිසියේම නින්දෙන් අවදි වී  සමූහ මිනී වළ ගැන පාර්ලිමේන්තුවෙන් විමසන්නටත් පත්තරවලින් කියන්නටත් පටන් ගත්තේ තමන්ගේ දේශපාලන වළ මෙම සමූහ ඝාතනය ඉදිරියේ නිහ`ඩව සිටීමෙන් වැසී යන නිසා බව පැහැදිලිය. එහෙත් ‘ජනරළ’ කියූ සත්‍යය මාර්තු 27 දා මාතලේ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා 03ක් ඇසුරින් තහවුරු කර තිබේ.

මාතලේ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් වූ වාර්තා 03ක් සැලකිල්ලට ගනිමින් එම සිරුරු කොටස් 1986-1990 යන කාලයට අයත් මිය ගිය පුද්ගලයන්ගේ බවට මාර්තු 27 දා අධිකරණය තීන්දු කළේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව හා මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන ඉදිරිපත් කළ විශ්ලේෂණ පදනම් කරගෙන මෙම තීන්දුව ලබා දී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යොමු කිරීම මත ජාතික පරමාණු බලශක්ති අධිකාරිය ම`ගින් ‘කාබන් 14’ නමැති පරීක්ෂාව යොදාගෙන එම සිරුරු කොටස් සම`ග හමු වූ ලෝහ මුදු කිහිපයක රාසායනික සංයුතිය විශ්ලේෂණය කොට ඉදිරිපත් කළ වාර්තාවෙන් එම කාලවකවානුව තහවුරු වී ඇත.

එමෙන්ම මහාචාර්ය රාජ් සෝමදේවගේ විශ්ලේෂණයට අනුව එම අස්ථි කොටස් සම`ග හමු වූ උපකරණ (්රඑසේජඑ* ම`ගින් ද මේ බව තහවුරු වී ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව අනුව මෙම පුද්ගලයන් මිය යාමේ දී දැඩි හිංසනයට ලක්ව තිබීම සැලකිල්ලට ලක් කොට ඇත. ඒ තුළ විදුලි සැර වද්දා ඝාතනය කිරීම, ශරීරවලට ඇණ හා ලෝහ කූරු ඇතුල් කිරීම අත් පා කියත් වැනි උපකරණවලින් වෙන් කර තිබීම, මොට ආයුධවලින් පහර දුන් ලක්ෂණ හිස් කබල්වල පැවැතීම ආදී කරුණු සැලකිල්ලට ගෙන ඇති අතර අස්ති කොටස්වල දිරා යාමේ ස්වභාවය හා පසේ සංයුතිය සැලකිල්ලට ගනිමින් ඉහත කාලවකවානුවට අයත් අස්ථි කොටස් බවට තහවුරු වී ඇත.

මේවා පුරාවිiා වාර්තා ලෙස පමණක් සරල කළ නොහැකිය. පුරාවිද්‍යාව වැදගත් වන්නේ නොදන්නා ඉතිහාසය දැන ගැනීමට පමණක් නොවේ. එසේම එම විෂය වැදගත් වන්නේ ශිෂ්ටාචාරයක ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය මතු කර ගනු පිණිස මිස ඇතැම් තෝරා ගත් ඉතිහාස සිදුවීම් ගොඩගෙන සුඛාන්ත හෝ ඛේදාන්ත ලෙස රස වි`දීමට ද නොවේ. ගෝත‍්‍ර දේශපාලනය තුළ එය වවාගෙන කෑමට එවැනි දේශපාලනයේ නිරත වන්නන් වැඩි කැමැත්තක් දක්වන නමුත් එවන් දේශපාලනය අපට වැදගත් නැත. එහෙත් වැදගත් වන්නේ ම්ලේච්ඡු  ජන සංහාර ලෙස ගොදුරු කර මරා දැමූ මිනිසුන්ට ඓතිහාසික සාධාරණයකි. එම යුතුකම ඉටු කළ යුතුමය. එවන් යුතුකම් පසුපස අනාගතයේ බොහෝ සංහාර වැළකෙනු ඇත.

එහෙත් පැහැර ගන්නන්් හා ඝාතකයන් බලයේ සිටින තාක් කල් මරා දැමූවන්ට ‘ඉබ්බාගේ පිහාටු පන්නයේ’ යුක්තියක් ඉල්ලා දේශපාලනයේ හෝ මාධ්‍ය කලාවේ එදා වේල පිරිමසා ගැනීමට ද අපට අවශ්‍ය නැත. කවදා හෝ මෙවැනි ම්ලේච්ඡු සංහාරයන් නවතින උස් මානව නිදහසක් වෙනුවෙන් සටන් කරන අපේ අකුරු මාතලේ සංහාරය පිළිබඳව සටහන් කරන්නේ එම දීර්ඝ සටනේ ම අත්‍යවශ්‍ය සංග‍්‍රාම පෙරමුණක් වෙනුවෙනි.

– ධනු රාමවික්රම

Advertisements