අන්ධකාර දිගු රැුයක ගොදුර – උදයන්

uthayan_fire04අපේ‍්‍රල් 13 වැනිදා අලූයම 4.45ට යාපනය නගරයේ පිහිටි ‘උදයන්’ මුද්‍රණාලයට ගිනි තබා පැය කිහිපයක් ගතවන්නට පෙර එම ප‍්‍රහාරය පුවත්පත් ආයතනයම කළ වැඩක් බව ආණ්ඩුවේ බත්බැළ මාධ්‍ය ප‍්‍රකාශකයකු වන ලක්ෂ්මන් හුළුගල්ලේ පැවසීය. යාපනයේ පළ වන මෙම ජනප‍්‍රිය හා සටන්කාමී දෙමළ පුවත්පතේ මුද්‍රණය අකර්මණ්‍ය කරමින් රුපියල් මිලියන 18ක් පමණ වටිනා එම මුද්‍රණ යන්ත‍්‍ර ගිනි තැබුවේ කවුරුන්දැයි බත්බැළයා හෙළි කළ පරීක්ෂණවල ප‍්‍රතිඵල වහාම රටට හෙළි කළ යුතුය.

එදින අලූයම යතුරු පැදිවලින් එම ප‍්‍රහාරයට පැමිණි පිරිස ආරක්ෂක අංශ භාවිත කරන ඒ.කේ.47 වර්ගයේ ගිනි අවි සහ පිස්තෝල අමෝරාගෙන කෙළින්ම කඩා වැදී ඇත්තේ මුද්‍රණ යන්ත‍්‍රය පිහිටි ස්ථානයටයි. පසුගිය කාලයේ ‘උදයන්’ කාර්යාලයට එල්ල වූ ප‍්‍රහාර නිසා එදින රාජකාරියේ සිටි පොලිස් නිලධාරියා මේ අවස්ථාවේ සිටියේ කිසිවක් කරකියාගත නොහැකිවය. මේ සාමාන්‍ය පොලිස් නිලධාරියා පැය 24 පුරාම රාජකාරි කිරීම නිසා එහිදී තමන් බැඳී සිටින රාජකාරිය නිසි ලෙස ඉටු කරගන්නට නොහැකි වූවාද නැත්නම් ගිනිඅවි පෙන්වා තර්ජනය කිරීමෙන් නිහ`ඩ කරවූවාද එසේත් නැතිනම් කල්තියා ලැබුණු නියෝග පිළිපැද්දාදැයි නිශ්චිතව හෙළි කරගත යුතුව තිබේ. ප‍්‍රහාරය අවස්ථාවේ උදයන් කාර්යාලයේ ආරක්ෂක කැමරා පද්ධතිය අක‍්‍රියව පැවැතියේ කෙසේදැයි ප‍්‍රශ්නයක් මතුව තිබේ. එහෙත් ප‍්‍රහාරයකට පැමිණියේ නම් තමන් කවුරුන්දැයි ඡුායාමාත‍්‍ර ලෙස හෝ හෙළිදරව් වන එවැනි දෙයක් පිළිබඳ ප‍්‍රහාරකයන් නොතකා හරීවිදැයි කල්පනා කළ යුතුව ඇත. ඒ නිසා උදයන් කාර්යාලයේ මුද්‍රණාලය ගිනි තැබීම කල් තබා සැලැසුම් කළ ප‍්‍රහාරයක් බවට එයම සාධකයකි.

ආණ්ඩුවේ බත්බැළයන් කියන විදියට මෙය උදයන් කාර්යාලයේම වැඩක් නම්, ඒ බව සනාථ කරන්නට සාක්ෂි ඔවුන් විසින් හෙළිදරව් කළ යුතුව ඇත. මින් පෙර මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් මර්දනයට ලක් වූ අවස්ථා ගණනාවකදීම ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැතිවරයා මෙන්ම වෙනත් බලධාරීන් පවා කියුවේ මෙවැනි ලජ්ජාසහගත මුග්ධ ප‍්‍රලාපයන්ය. එහෙත්, සිය බල උවමනාවන් මත දියත් කරනු ලබන මෙම මෘග මර්දනය ආරක්ෂා කිරීමේ අරමුණින් ඔවුන් කී කිසිවක් සනාථ කරන්නට නොහැකි විය.

සාමාන්‍යයෙන් යාපනයේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ ආරක්ෂක බුද්ධි අංශය, පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධවය. යාපනය නගරයේ ආරක්ෂක මුරකපොලූවලින් කිසිවකුට මිදී යා නොහැකි බව සාමාන්‍යයෙන් යාපනය පිළිබඳ ඕනෑම අයකු දන්නා දෙයකි. පසුගිය කාලයේ යාපනයේ සිදු වූ කිසිදු පහර දීමක් හා පැහැර ගැනීමක් මේ මුරකපොලූවල සිටියවුන් නොදැන සිදු වූවා යැයි සාමාන්‍ය දැනීම ඇති කිසිවකුට පිළිගත නොහැකිය. ඒ අනුව යාපනය භාර යුද හමුදා ආඥාපති, පොලිස් ප‍්‍රධානීන් හා අවසානයේ ආරක්ෂක ලේකම්වරයා මෙම ගිනි තැබීමේ සිදුවීමට වගකිවයුතු බවට එවැනි අවබෝධයක් ඇති කිසිවකුටත් සැකයක් නැත.

දෙමළ ජනතාව වෙත විවිධ සීමාවන් මැද වුව ද සත්‍ය පුවත් සපයන පුවත්පත් ආයතනවලට එල්ල වූ මෙම ප‍්‍රහාරයන්ට ආරක්ෂක ලේකම්වරයා වගකිවයුතු බවට තවත් සාක්ෂි ඔහුගේම ප‍්‍රකාශවලින් උපුටා දැක්විය හැකිය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය මාර්තු 29 වැනිදා දි අයිලන්ඞ් පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡුාවක දී පවසා තිබුණේ තොප්පියක් වැටෙන පමාවට ජාතික නායකයන්ට තුවක්කු එල්ල කළ ප‍්‍රදේශයේ පළාත් සභා පාලනයක් ඇති කරන්න තමන් සූදානම් නොමැති බවයි.

මෙම සිදුවීමට සමාන ආකාරයට යාපනයේ වෙනත් දෙමළ ජනමාධ්‍යයන් වෙත ද මර්දනය එල්ල වී ඇති බව පැහැදිලිය. පසුගිය පෙබරවාරි 7 වැනිදා යාපනයේ පළ වන යාල් තිනකුරල් පුවත්පතේ බෙදාහැරීම් නිලධාරියකුට පහර දී ඔහුගේ යතුරු පැදිය හා පුවත්පත් තොගය ගිනි තබන ලදී. මාර්තු 8 වැනිදා වාලම්පුරි පුවත්පතේ මාධ්‍යවේදී උදයරාසා සාලින්ට ප‍්‍රහාරයක් එල්ල විය. එපමණක් නොව, රටේ වෙනත් ප‍්‍රදේශවල ජනමාධ්‍ය මර්දනය ද නතර වී නැත. පෙබරවාරි 15 වැනිදා කොළඹ ගල්කිස්සේ පිහිටි නිවසේ දී ‘සන්ඬේ ලීඩර්’ මාධ්‍යවේදියකු වන ෆාරාස් ෂවුකට්අලි වෙත වෙඩි තබා තිබිණි. මේ මර්දනය එල්ල වෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය ඍජු ලෙසම ප‍්‍රශ්න කරන ජනමාධ්‍ය හා ඒවායේ සේවකයන්ට බව අමතක කළ යුතු නැත.

මෙරට පවතින සංඛ්‍යාත්මකව සුවිශාල වන ජනමාධ්‍ය අතුරින් අති බහුතරයක් ආණ්ඩුවේ දේශපාලනය ඉදිරියේ දණ ගසාගෙන සිටිති. පීඩනය හා මර්දනය ජනතාව වෙත එල්ල වෙද්දී ඔවුහු පාලකයන්ට ප‍්‍රශස්ති ගයති. ඒ මදිවාට ඇතැම් වන්දිභට්ට මාධ්‍යයන් ජනතාව මත පතිත වන පීඩාවේ බැටන් පොල්ල පවා හරි අගේට කැටයම් කර දක්වති. එක්කෝ ඔවුන් පාලක පෙළැන්තිය ජනතාවගෙන් කොල්ලකන දෙයින් ¥ෂිත මාර්ගවලින් ඉඳුල් බුදින්නෝය. නැතිනම්, විවිධ පදවි පාක්කුඩම් ලබා දීමෙන් හීලෑකර ඇති ප‍්‍රධාන පෙලේ මාධ්‍ය ව්‍යාපාරිකයන් පිරිසක් ද වෙති. එවැනි ආයතනවල මාධ්‍යවේදීන්ට ප‍්‍රශස්ති ලිවීමෙන් ඔබ්බට විවේචන හෝ සාධාරණ මත දැක්වීම් පළ කිරීම නැවැත්වීම ම`ගින් සිය කීර්තිමත් පුවත්පත් පාවා දෙන්නට තරම් මාධ්‍ය ව්‍යාපාරිකයන් පහත් අඩියට වැටී තිබේ. එයින් දමනය කළ නොහැකි ඇතැම් මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන්, පහරදීම, පැහැරගෙනයාම, මරාදැමීම හා ගිනිතැබීම වැනි භීෂණකාරීත්වයකින් යටපත් කරන්නට ආණ්ඩුව සමත් වී තිබේ.

මේ සියල්ලෙන්ම දණගැස්විය නොහැකි ජනමාධ්‍ය ආයතන හීලෑ කිරීමට ද ආණ්ඩුවට හැකි වී තිබේ. එනම්, විවිධ රහසිගත හා ජරාජීර්ණ පුද්ගල තොරතුරු එක්රැුස් කිරීමෙන් ජනමාධ්‍ය ආයතනවල අයිතිකරුවන්, ප‍්‍රධාන විධායකයන් හෝ මාධ්‍යවේදීන් ‘බ්ලැක්මේල්’ කරන්නට පියවර ගැනීමෙනි. මෙවැනි තොරතුරු රැුගත් ලිපිගොනු සකස් කිරීම සිදුවන බව අප මින් පෙර අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවූ බවද මෙහිදී සටහන් කළ යුතුව තිබේ. මෙහිදී ‘උදයන්’ ආදර්ශය වැදගත් වන්නේ යුද්ධය පැවැති කාලය තුළදීත් ඉන් පසුවත් එක හා සමාන ලෙස දෙමළ ජනතාව මුහුණපාන පීඩාවේ නිර්භය ප‍්‍රකාශකයකු ලෙස පෙන්වන ලද කි‍්‍රයාකාරීත්වය නිසයි. ‘උදයන්’ පුවත්පතේ හිමිකරුවා සරවනභවන් මන්ත‍්‍රීවරයා වුවද එහි සේවය කරන ජනමාධ්‍යවේදීන් අවශ්‍ය තරම් ස්වාධීන ලෙස හා නිර්භීත ලෙස අභියෝග වලට මුහුණ දෙමින් සිටියි. පහරදීම්, ගිනි තැබීම් හා මරා දැමීම් වැනි අපරාධකාරී භීෂණයක් මැද ‘උදයන්’ ඉටු කරමින් සිටින සේවය ආරක්ෂා කිරීමට පෙළ ගැසිය යුතු යැයි අප කියන්නේ එබැවිනි.
———————–
‘උදයන්’ පුවත්පත් ආයතනයට එල්ල වූ
මර්දනයේ අවස්ථා කිහිපයක්

2006 මැයි 03 – බෙදාහැරීම් කළමනාකරු බී.ජී.සගයදාස් සහ බෙදාහැරීම් පරීක්ෂක රාජරත්නම් රංජිත් කුමාර් ඝාතනය කිරීම
2006 අගෝස්තු 15 – බෙදාහැරීම් කාර්යමණ්ඩලයේ සතාසිවම් බාස්කරන් ඝාතනය
2007 අපේ‍්‍රල් 29 – මාධ්‍යවේදී සෙල්වරාසා රජිවර්මන් ඝාතනය
2007 නොවැම්බර් 17 – සෝදුපත් කියවන්නකු වූ වඩිවේලූ නිමලරාජ් ඝාතනය
2007 ජුනි 23 – කුමාරදාස් අත්අඩංගුවට ගැනීම
2009 මාර්තු 24 – කාර්යාලයට එල්ල වූ ග්‍රෙනේඞ් ප‍්‍රහාරය
2011 ජූලි 29 – ප‍්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන් යාපනේ සිය නිවස අසල දී ප‍්‍රහාරයට ලක් වීම
2012 නොවැම්බර් 27 – මාධ්‍යවේදී ටී.පේ‍්‍රම්නාත් යාපනය විශ්වවිiාලයේ සිසුන්ට එල්ල වූ ප‍්‍රහාරය වාර්තා කරන විට ප‍්‍රහාරයට ලක් වීම
2013 ජනවාරි 15 – මාධ්‍යවේදියකු යාපනයේ බස් නැවතුමේ දී ප‍්‍රහාරයට ලක් වීම
2013 අපේ‍්‍රල් 03 – කිලිනොච්චියේ බෙදාහැරීම් කාර්යාලයට කඩාවැදී අලාභහානි කිරීම

චන්දන සිරිමල්වත්ත

Advertisements