ඕනම ඉල්ලීමක් එතැනින් එහාට ගියාම ගැටුමක් වෙනවා !- අනුරුද්ධ ප‍්‍රදීප්

anuruddha-pradeepජාතිකත්ව පදනමින් කටයුතු කිරීම නේද වරද ?- ජනරළ
ඕනම ඉල්ලීමක් එතැනින් එහාට ගියාම ගැටුමක් වෙනවා !-  ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයේ කථිකාචාර්ය, ජාතික හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් අනුරුද්ධ ප‍්‍රදීප්

  •  මේ වෙද්දී වර්ධනය වෙමින් පවතින ජාතිවාදී ආගම්වාදී ප‍්‍රවණතාවන් ගැන මුලින්ම ඔබේ අදහස දක්වමින් සාකච්ජාව ආරම්භ කරමු?

එක පැත්තකින් ගත්තොත් මේක ඉතාම කනගාටුදායක දෙයක්. අපි අවුරුදු 30 ක යුද්ධයක් කළා. හැබැයි යුද්ධ කාලෙදී දේශපාලන ගැටුමක් සහ මිලිටරි ගැටුමක් තිබුණා මිසක් සමාජ ගැටුමක් තිබුණේ නෑ. මතු වුණ කාරණය තමයි ඛඔඔෑ සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන්න ඕන කියන කාරණය. එදා බෝම්බ පුපුරපු වෙලාවෙවත් මායිම් ගම්මාන පීඩාවට පත් වුණු වෙලාවෙවත් දළදා මාළිගාවට පහර දීපු වෙලාවෙවත් නොතිබුණ සමාජ ගැටුමක් අද නිර්මාණය වෙලා තියෙනවා. අපි කවුරුත් දන්නවා සිංහල සහ මුස්ලිම් අය අතර දේශපාලන ඉල්ලීම් වෙනුවට ආගම ප‍්‍රශ්න කරන මට්ටමේ, සංස්කෘතීන් ප‍්‍රශ්න කරන මට්ටමේ, පුද්ගලයන්ට අපහාස කරන මට්ටමේ, ආගමික නායකයන් හෙළා දකින ම්ට්ටමේ තත්වයක් තමයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. අඩුම තරමේ යුද්ධෙ පැවැති කාලෙදිවත් මෙහෙම දේවල් තිබුණේ නැහැ. උදාහරණයක් විදියට උතුරු අයර්ලන්තේ, ඉන්දියාවේ වගේ වීදීවල ගහ ගන්න තත්වයට ගියෙ නැත්තෙත් ගැටුම යුද පිටියට පමණක් සීමා වුණෙත් සමාජ ගැටුමක් නොතිබුණ නිසා. නමුත් සමාජ ගැටුමක් තියෙන මොහොතක මෙබඳු තත්වයක් ඇති වුණොත් එහෙම ඉතාමත් භයානක ප‍්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අප වහාම මේ ගැන ජනතාවට කතා කළ යුතුයි කියලයි මම හිතන්නෙ.

  •  මේ විදියට මහ ජාතිය කියලා හරි සුළු ජාතිය කියලා හරි බෞද්ධ කියලා හරි ඉස්ලාම් කියලා හරි බෙදීමක් අවශ්‍ය ද?

මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි තිබිය යුතුයි කියලා. මෙතනදී අපි යොදා ගන්න නම් අනුව වෙනස් හැඟීමක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි ඕනම කෙනෙක් හඳුනා ගන්නේ ජාතිකවාදී විදියට. වෙනත් කෙනෙක් ජාතිවාදී විදියට හඳුනාගන්න පුළුවන්. ඒක බොහොම නිෂේධනාත්මකයි. කෙසේ වෙතත් ප‍්‍රජාවක් වෙනුවෙන් දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කිරීම, සමාජ සංස්කෘතික ක‍්‍රියාකාරීත්වයක් ඇති කිරීම වරදක් නෙවෙයි. මොකද අපි කවුරුත් දන්නවා එය යම් දේශපාලන පක්ෂයක් විසින් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමක්. එහෙම නැත්නම් අභිලාෂයක් කියා පෑමක්. පෞද්ගලික ඉල්ලීම් වෙනුවෙන් දේශපාලනය කිරීම තමයි නරක. ප‍්‍රජාව වෙනුවෙන් දේශපාලනය කිරීමේ වරදක් නැහැ.

  •  ඔබ කියන විදියට එහෙම නම් කොතනද වරද්දගෙන තියෙන්නේ?

වරද තියෙන්නේ වෙන තැනක. දේශපාලනය කියන කාරණයේ දී පන්තිය මත පදනම් වෙනවට වඩා ජාතිය මත නැත්නම් ප‍්‍රජාවක් මත වර්ධනය වීම යම් කිසි විදිහකින් පන්තිමය ඉල්ලීම්, ආර්ථික ඉල්ලීම් ජනතාව පීඩාවට පත්වන මොහොතෙ දී ඉල්ලා සිටිය යුතුයි. මම ඒක වැරැුදියි කියන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ප‍්‍රජාවක් විදියට ගත්තොත් එහෙම සමාජයේ ක‍්‍රියාකාරී හැම කොටසක්ම ඉන්නවනේ. ඒ කියන්නේ දොස්තර කෙනෙකුත් ඉන්නවා, කම්කරුවෙකුත් ඉන්නවා. පන්ති හරහා යන බෙදුමක් තමයි ප‍්‍රජාව විදියට එන්නේ. අනික් කාරණය තමයි මේ ඉල්ලීම් ඉදිරිපත් විය යුත්තේ ශිෂ්ට සම්පන්න විදියට. නීතියට එකඟ විදිහට. මේ කාරණා දෙක ගැන තමයි අපි වඩාත් සැලකිලිමත් වෙන්න අවශ්‍ය.

  •  නමුත් මේ කියන ශිෂ්ට සම්පන්නභාවය සහ නීතියට එකඟව කටයුතු කිරීමෙහි දිග පළල කොතෙක්ද කියන්න පහුගිය දවස්වල හොඳින්ම පේන්න තිබුණා නේද?

ඉල්ලීම් කරන ස්වභාවයේ තියෙන වැරැුද්ද තමයි ඒ පෙන්නුම් කරන්නෙ. උදාහරණයක් විදිහට සිංහල අයගේ පැත්තෙන් ඉස්ලාම් ආගමට අපහාසාත්මක දේවල් කීම, නබිනායකතුමාට අපහාස වෙන දේවල් කීම විය යුතු නැහැ. මේ විදිහටම මුස්ලිම් අයගේ පැත්තෙනුත් බෞද්ධ ආගමික නායකයන්ට අපහාස වෙන දේවල් කීමක් කළ යුතු නැහැ. නීතිය ඉක්මවා කටයුතු කිරීම තමයි මේ පෙන්නුම් කරන්නෙ. පහුගියදා වුණු ත්‍්ියසදබ ඊමට සිදුවීමත් නීතිය ඉක්මවා යෑමක්. ප‍්‍රජාව වෙනුවෙන් දේශපාලනය කිරීම, ඉල්ලීම් කිරීම හොඳයි. හැබැයි එය ශිෂ්ට සම්පන්නවත්, නීතිමය රාමුව තුළත් සිදු විය යුතුයි. මේ තත්වයන් ඉක්මවා යද්දී අප‍්‍රසන්නභාවයක් ඇති වෙනවා. සමාජ ගැටුම් ඇති වෙනවා.

  •  ඔබ කියන ජාතිකත්ව පදනමින් කටයුතු කිරීම ම නේද මේ ආකාරයෙන් විවිධාකාර ගැටුම්වලට හේතු වෙන්නෙත්?

ඕනෑම ඉල්ලීමක් එතැනින් එහාට ගියාම ගැටුමක් නිර්මාණය වෙනවා. කම්කරුවන්ගේ ප‍්‍රශ්න ගන්න. මේ කම්කරුවන්ගේ ඉල්ලීම් ශිෂ්ට සම්පන්න තැනක තියෙනකම් ගැටුම් නිර්මාණය වෙන්නේ නැහැ. මේ ගැටුම් අපේ සමාජයට දරා ගන්න පුළුවන් දේවලූත් නෙවෙයි. නමුත් මේ කියන කාරණය
ප‍්‍රායෝගිකව කොතෙක් දුරට කරන්න පුළුවන්ද කියන කාරණයත් තියෙනවා. කොහොමත් ඕනැම සමාජයක ගැටුම් තියෙනවා. මේ ගැටුම් විසඳිය යුත්තේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක. ඒ අනුව ගැටලූ විසඳන්න ගනු ලබන ක‍්‍රියාමාර්ග මොනවද කියන එක මෙතනදී වඩා වැදගත්.

  •  ජාතිකත්ව පදනමින් මේ එළියට එන්නේ අපේ සමාජය තුළ තියෙන ¥පත් මානසිකත්වය නේද ?

සමාජ ගැටුම් කියන කාරණයේ දී අපි ඉන්නේ හොඳ තැනක. මොකද අපේ සමාජය තුළ ගැටුම් අඩුයි. අපි දැන් කතා කරන කාරණය ගැනම විශාල සංවාදයක් සමාජය තුළ හැදුනා. නමුත් දෙපැත්තෙන් කිසිම කෙනෙකුගේ ජීවිතයකට හානියක් වුණේ නැහැ. එහෙම තත්වයක් තුළත් ලොකු කම්පනයක් ඇති කරලා තියෙනවා. මේක හොඳ ප‍්‍රවණතාවක්. ඉන්දියාව වගේ රටක නම් මේක ඊට වඩා වෙනස්.
උතුරේ යුද්ධය තියෙද්දීත් දකුණේ සිංහල අය දෙමළ කඩවලට ගිනි තිබ්බෙ, ගැහුවේ නැහැනේ. උතුරු අයර්ලන්තෙදිත් වුණේ එංගලන්ත ගැටුම් තියෙද්දී පාරේ ගහ ගන්න එක. දියුණු කියන රටවලත් තත්වය ඕක. ඒ නිසා මේක ¥පත් මානසිකත්වය කියලා මම හිතන්නේ නැහැ.

  •  දේශපාලනය කරන පාර්ශ්වයන් විසින් ජනතාව දැනුවත් නොකිරීමත් මෙයට හේතුවක් නේද ?

පෘථිවියට වඩා දියුණු ග‍්‍රහ ලෝකයක් තවම නැහැනේ. ඒ නිසා අපි හැමෝම ජීවත් වෙන්නේ පෘථිවියේ. අපිට ප‍්‍රතිවාදියෙක් නැහැනේ. ඒ නිසා මිනිස්සු කියන පදනමින් කණ්ඩායම් හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කණ්ඩායම් හැදෙන්නේ මේක තුළමයි. මාක්ස්වාදීන් අගය කරන දෙයක් තමයි පංති හැඟීමෙන් කණ්ඩායම් හැදීම. ජාතිකත්ව පදනමින් කණ්ඩායම් ගැසීම ඔවුන්ගේ නිග‍්‍රහයට පාත‍්‍ර වෙනවා. නමුත් වෙළෙඳ කලාපේ කම්කරුවෙකුගෙන් ඇහුවොත් ඔයා කවුද කියලා, ඔහු කියන්නේ මම සිංහලයෙක් හරි මුසල්මානුවෙක් හරි කියලා. සමහර කණ්ඩායම් ප‍්‍රාර්ථනා කරන ආකාරයේ ඒ කියන්නේ ‘‘මම කම්කරුවෙක්’’ ‘‘මම නිර්ධන පාන්තිකයෙක්.’’ වගේ උත්තරයක් ලැබෙන්නේ නැහැ. මේක තමයි ප‍්‍රායෝගිකව අත් විඳින්න වෙන වෙනස. ජාතිය පිළිබඳ අදහසක් සමාජයට තියෙනවා. වැදගත් වෙන්නේ මේ ජාතිය පිළිබඳ අදහස කොයි විදිහටද සමාජයට ගේන්නේ කියන එක. මෙතනදී අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන දෙයක් තමයි ශිෂ්ට සම්පන්න විදිහට කටයුතු කිරීම.
දැන් අපි ජනවාර්ගික ගැටලූවට එක එක දේශපාලන විසඳුම් ගැන කතා කරනවනෙ. බලය බෙදන්න ඕන කියනවා. බෑ කියනවා. හැබැයි 1983 ජූලි කලබල නොවුණ නම් මම විශ්වාස කරන දෙයක් තමයි ඛඔඔෑ සංවිධානය ප‍්‍රබල තැනකට එන්නෙත් නැහැ. මේ රටේ යුද්ධයක් ඇති වෙන්නෙත් නැහැ. මෙතන තිබුණේ සිංහල සහ දෙමළ අභිලාෂයන් අතර ගැටුමක්. මේ ගැටුම නීතිගරුක වුණේ නැහැ. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ නීතිය හා සාමය. ත්‍්ියසදබ ඊමට එකට ගහපු එක වැරැුදියි. හැබැයි කෙනෙක් කියනව නම් ‘හලාල්’ එපා කියලා හරි ඕනේ කියලා හරි එහෙම කියන එකේ වැරැුද්දක් නැහැ. මොකද අදහස් ප‍්‍රකාශ කරන්න අයිතියක් තියෙනවනේ. මේ විදිහට අදහස් ඉදිරිපත් කිරීමේ ස්වරූපය තමයි ඊළඟට වැදගත් වෙන්නේ. අදාළ කාරණය සම්බන්ධයෙන් අවශ්‍ය වෙන්නේ සංවාදයක්. ඊට පස්සේ සමාජය තීරණය කරයි මොනවද ඕනේ මොනවද එපා කියලා.

  •  ආණ්ඩුවට නේද මෙතනදී මූලික වගකීම පැවරෙන්නේ ප‍්‍රජාවන් අතර ගැටුම් වැළැක්වීම සම්බන්ධයෙන් ?

ආණ්ඩුව දැනුත් එහෙමයි. ඊට කලිනුත් එහෙමයි. මෑත කාලයේ ටිකක් වැඩියි කියලත් පේනවා. නීතිය හා සාමය රැුක ගැනීම එතරම් අවශ්‍ය දෙයක් නෙවෙයි කියන තැනින් තමයි දැන් ආණ්ඩුව කටයුතු කරන්නෙත්. හැම දේකටම මේ තත්වය යොදාගෙන තියෙන්නෙ. විකල්පයක් නැති නිසා තමයි මිනිස්සු රාජ්‍ය පිහිටුවා ගන්නෙ. අන්ත ලිබරල්වාදියෙකුට වුණත් කියන්න පුළුවන් අනෙක් හැමදෙයක්ම පෞද්ගලිකව ඉටු කරගන්න පුළුවන් කියලා. ඒ සඳහා පෞද්ගලික ව්‍යවසායන් යොදන්නත් පුළුවන්.

නමුත් නීතිය හා සාමය රකින්න පෞද්ගලික ව්‍යවසායන්ට බැහැ. ඒකට අනිවාර්යෙන්ම රාජ්‍ය ඕනේ. ලිබරල්වාදියෙක් අනෙක් හැමදේම පෞද්ගලීකරණය කරන්න කිව්වත් පොලිසිය පෞද්ගලීකරණය කරන්න කියන්නෙ නෑනෙ. ඒ අනුව නීතිය හා සාමය රැුකීම තමයි රාජ්‍යයක පළමු හා ප‍්‍රමුඛතම කාර්යභාරය. අපේ රටේ රාජ්‍යය නොකර ඉන්නෙත් තමන් කළ යුතුම කාර්යය. මේකේ තියෙන ඛේදවාචකය තමයි මේ. අද විතරක් නෙවෙයි 1983 ත් මේක දැක්කා. 1983 ජූලි කලබල වෙලාවෙත් ආණ්ඩුව හරියට ක‍්‍රියාත්මක වුණා නම් එය දිගුවක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් ඒක බොරැුල්ලේ කලබලයක් විතරයි.
මම පෞද්ගලිකව ජාතිකවාදියෙක්. නමුත් කිසිම කෙනෙකුට ඉඩක් දිය යුතු නැහැ සීමාව ඉක්මවා කටයුතු කරන්න. ත්‍්ියසදබ ඊමට විතරක් නෙවෙයි කොහෙට ගැහුවත් එයට එරෙහිව නීතිය කි‍්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම තමයි ලංකාවේ විභාග ඉතිහාසයේ තියෙන ලොකුම වංචාව සිද්ධ වුණේ පහුගිය නීති විiාල ප‍්‍රවේශ විභාගයට. නමුත් මෙයටත් නීතිය ක‍්‍රියාත්මක වුණේ නැහැ. බොහොම පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි නීතිය හා සාමය රකින්න ආණ්ඩුව දක්වන මැළිකම. මේ ආණ්ඩුවේ විතරක් නෙවෙයි ඒ මැළිකම පහුගිය එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු දෙකක පාලන කාලය තුළත් තිබුණා. එහෙම කියලා මම කොහෙත්ම කියන්නේ නැහැ ප‍්‍රජාවන් අතර කෙරෙන ඉල්ලීම් යටපත් කරන්න, නොසලකා හරින්න මර්දනය කරන්න කියලා.

  •  ජාතික හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් විදිහටත් ජාතික හෙළ උරුමය විදිහටත් තියෙන්නේ මතවාදයන් දෙකක්ද? මොන පදනමින් ද ‘‘බොදු බල සේනා’’ වගේ සංවිධානයකට සහයෝගය පළ කරන්නේ ?

මේ සාකච්ඡුාවට මම පිළිතුරු දෙන්නේ විශ්වවිiාල ආචාර්යවරයකු ලෙසත් පුරවැසියෙකු ලෙසත් පමණයි. ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් මම මේ සාකච්ඡුාවට පිළිතුරු දෙන්නේ නැහැ. මම හිතන දෙයක් තමයි ‘හලාල්’ සම්බන්ධයෙන් හෝ වෙන ඕනම දෙයක් සම්බන්ධයෙන් විවිධ මත තිබීම වැරැුද්දක් නෙවෙයි. වරද තමයි ප‍්‍රචණ්ඩ ආකාරයෙන් විස`දා ගැනීමට තැත් කිරීම. දේශපාලන පක්ෂයක ඉන්න අතරතුරදීත් පෞද්ගලිකව කියනවා ‘හලාල්’ කියන්නේ සිංහල ජාතියට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය නෙවෙයි. එය අපේ පක්ෂයේ ස්ථාවරයට ප‍්‍රතිවිරුද්ධ මතයක් වෙන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරන ආකාරයට ‘හලාල්’ කියන කාරණය එක පැත්තකින් මුස්ලිම් ජනතාවටත් අහිතකරයි. විශේෂයෙන්ම මේ හලාල් යෙදුණේ මස් වර්ග සම්බන්ධයෙන්.
මෑතකාලීනව මතු වුණු මුස්ලිම් මූලධර්මවාදය නිසා තමයි කාන්තාවන්ගේ ඇඳුම, හලාල් වගේ දේවල් මතු වෙලා ඇවිත් තියෙන්නෙ. ඉස්සර මුස්ලිම් කෙනෙකුට කුකුල් මස් කන්න ඕන වුණාම ගමේ හිටපු මුස්ලිම් වෙළෙන්දා ගාවට තමයි ගියේ. නමුත් අද වෙද්දී හලාල් සහතිකය ඉදිරිපත් කිරීම නිසා මහා පරිමාණ සමාගම් විශ්වාස කරන තැනට ඔවුනුත් පත් වෙලා. මේ සමාගම් සියල්ලම අයිති වෙන්නේ මුස්ලිම්වරුන්ට නෙවෙයි. එක පැත්තකින් ඔවුන් තමන්ගේ වෙළෙඳපොළ වෙනත් ජාතියකට විවෘත කරනවා. අනිත් පැත්තෙන් හලාල් සහතිකය දීලා දෙවියන්ට කැප කරපු දේවල් බෞද්ධ භික්ෂූන්ට අකැපයි කියලත් මම හිතන්නෙ නෑ. මම දන්න බුද්ධ දේශනාවට අනුව නම් අපි කකා ඉන්න එකෙන් පිණ්ඩපාතේ වඩින භික්ෂූන් වහන්සේ නමකට එයින් කොටසක් දුන්නා කියලා ප‍්‍රශ්නයක් නෑ. දෙවියන්ට පූජා කරපු නෙවෙයි කාට පූජා කරපුව වුණත් භික්ෂූන්ට අකැප වෙන්නෙ නෑ. බුද්ධාගමට අනුව එහෙම දෙවියෙක් නෑ. මනුස්සයට වඩා ඉහළ කෙනෙක් නැහැ.

මුල්ම වැරැුද්ද කළේ මුස්ලිම් ජනතාව. මම පේරාදෙණිය විශ්වවිiාලේ ඉගෙන ගන්න කලෙදිත් දැකලා තියෙනවා ලංකාවයි පාකිස්තානයයි අතර ක‍්‍රිකට් තරගවලදි මුස්ලිම් අය පාකිස්තානයට සහාය පළ කරලා ගැටුම් පවා ඇති වෙන්න ගිය ආකාරය. ඒ වගේම අම්පාරේ මුස්ලිම් මන්ත‍්‍රීවරු විතරයි හිටියේ. සිංහල මිනිස්සුන්ට ඒ ප‍්‍රදේශවල කිසිම සේවයක් කළේ නැහැ. ආණ්ඩුව වුණත් මේවට හරි විදිහට මැදිහත් වුණේ නැහැ. ඒවට ප‍්‍රතිවිරෝධය තමයි දැන් ඇති වෙමින් තියෙන්නෙ. එහෙම කියලා ත්‍්ියසදබ ඊමට එකට ගහන එකට මං එකඟ නැහැ. ඒක මෝඩ උද්ධච්ච ක‍්‍රියාවක්.

  • නමුත් ජාතික හෙළ උරුමය දේශපාලන බල වුවමනාවන්ගේ අතකොළුවක් වෙලා කටයුතු කරනවා කිව්වොත් ?

ජාතික හෙළ උරුමය තමයි මේ රටේ එකම ජාතිකවාදී පක්ෂය. එක්සත් ජාතික පක්ෂයෙන් දැන් හයිබි‍්‍රඞ් වෙලා තියෙන්නෙ. නමුත් අපි දේශපාලන අතකොළුවක් වෙලා කියන කතාවා නම් මම ප‍්‍රතික්ෂේප කරනවා.

ආශිකා බ‍්‍රාහ්මණ

Advertisements