දිනුවේ කවුරුන්ද? ක‍්‍රිකට් නිලවරණයේ නුදුටු පැත්ත

cricketක‍්‍රිකට් නිලවරණය ඉතිහාසයට එක් වී අවසන්ය. අවුරුදු කිරිබත් කා අපේ‍්‍රල් 16 වන විට කවුරුත් සැදී පැහැදී සිටියේ ක‍්‍රිකට් නිලවරණයේ අවසන් කතාව කුමක් නම් විය හැකිදැයි දැනගැනීමේ රිසියෙ නි. සියල්ල පූර්ව සූදානම් සහිතව ඉතාමත් සැලැසුම්සහගතව සිදුවෙමින් තිබුණු බව අපි දිගින් දිගට ‘ජනරළ ක‍්‍රීඩා’ ඉඩ තුළින් අවධාරණය කරමින් සිටි අතර අවසන් ප‍්‍රතිඵලයන් පිළිබඳ පූර්ව තේරුම් ගැනීමක් සඳහා බොහෝ දෙනාට එම විශ්ලේෂණ වැදගත් විය හැකිව තිබිණි. 

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් යැයි කියමින් ලංකාවේ ඊට අදාළ බලය ව්‍යුහගත වන ආකාරය සහ ආර්ථිකය තීරණාත්මක සාධකයක් ලෙස සලකා එහි ආධිපත්‍ය සහ ප‍්‍රතිනිෂ්පාදනයන් සිදු කිරීමේ ඉලක්කයන් හුදු අහම්බයන් හෝ අහිංසක කාරණා නොවේ. නව ක‍්‍රීඩා පනතේ වගන්තිවලට අනුව 2013 වසරේ ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වෙනුයේ අවුරුදු දෙකක කාලයක් වෙනුවෙනි. ඒ අනුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය ද ඉදිරි අවුරුදු දෙකක කාලය සඳහා බලපැවැත්වේ.

බොහෝ මාධ්‍ය වාර්තා සහ විශ්ලේෂණාත්මක කතාබහ අතරතුර ක‍්‍රිකට් නිලවරණය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව දක්වා ගමන් ගත් අතර ලංකාවේ ප‍්‍රථම වතාවට ක‍්‍රීඩා සංගම් නිලවරණයක් වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම සිදුවිය. මෙය බොහෝ දෙනාට ඉතාමත් නීතිගරුක සහ අපක්ෂපාතී කාරණාවක් සේ පෙනී ගියද එහි අ`දුරු පැත්ත කුමක්ද යන්න කිසිවකුටත් නොවැටහීම අභාග්‍යයකි. ක‍්‍රීඩා සංගමයක නිලවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කාර්යාලයට ඩියුටි පැවරී තිබේ. මෙය අවශ්‍ය නම් එල්ලේ සංගමයේ සිට කැරම් ජාතික සංගමය දක්වා ද අනෙක් සියලූ ජාතික සංගම් දක්වා ද යොදා ගත හැකිය. එවිට මැතිවරණ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට අවශ්‍ය ප‍්‍රමාණයන්ටත් වඩා කිරීමට රාජකාරි තිබේ.
මේ පිරිහෙන රටක ලක්ෂණ මිස විනයක් සහ අනාගතයක් වෙනුවෙන් සුභවාදී විය හැකි පසුබිමක් නම් නොවේ. එය ක‍්‍රීඩාවට සම්බන්ධ ජනමාධ්‍යවේදීන්ට හෝ නොවැටහීම අභාග්‍යයකි. ඒ නිසා නිලවරණයට මැතිවරණ කාර්යාලයේ මැදිහත් වීම ඉහළින් වර්ණනා කරනු ලැබිණි. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් හි නිලවරණයේ බල අරගලය හුදු වියුක්ත කාරණාවක් නොවේ. මෙහි ඍජු ආර්ථික ව්‍යුහගත වීම සහ එහි පාර්ශ්වීය සාධක මෙහි සංකීර්ණ ලෙස අප‍්‍රකාශිතව පවතී. මේ පිළිබඳ එක් උදාහරණයක් දක්වන්නේ නම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් තරගාවලීන්ගේ නිල විකාසන අයිතිය පිළිබඳ කාරණාව ඉහළින් සලකුණු වී තිබේ. අවශ්‍ය අයට ඉදිරියේ දී ඒ පිළිබඳ උදාහරණ සාධක සහිතව දැක ගත හැකිය. මෙවර තිලංග සුමතිපාලගේ පාර්ශ්වය අබිබවා ජයන්ත ධර්මදාසගේ පාර්ශ්වය බලය තහවුරු කරගනුයේ අවශේෂ බොහෝ තත්වයන් තමන්ට වාසිසහගතව හසුරුවා ගනිමිනි. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ ඉහළ ආශීර්වාදය සහ අප‍්‍රකාශිත සහයෝගය නමැති කාරණාව තීරණාත්මක සාධකයක්ව පැවතිණි.

සියලූ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධයන් ඉතාම සූක්ෂ්ම ලෙස තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කළමනාකරණය කරගැනීමේ ආණ්ඩුවේ ඉහළ බල අධිකාරයේ හැකියාව මෙහි තීරණාත්මක කටයුත්ත වී තිබිණි. ක‍්‍රිකට් නිලවරණයට මාස කිහිපයකට පෙර හිටපු සභාපතිවරයා වූ උපාලි ධර්මදාස ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයට සහභාගි විය. අපේ‍්‍රල් 16 වැනි දින පැවැති නිලවරණයට ප‍්‍රථමයෙන් උපාලි ධර්මදාස විසින් තමන්ගේ සහෝදරයා වූ වත්මන් සභාපති අපේක්ෂක ජයන්ත ධර්මදාස වෙත සභාපති ලෙස ධුරයේ වැඩ බාරගෙන නිලවරණය පවත්වන්නැයි ආරාධනා කිරීමත් සමඟ විරෝධතා එල්ල විය. මේ ලංකාවේ මහත්වරුන්ගේ ක‍්‍ර‍්‍රීඩාව වෙනුවෙන් පැවැති මහත්වරුන්ගේ නිලවරණයේ අභ්‍යන්තර විනයේ තරමයි. නමුත් අවසානයේ සියලූ ප‍්‍රතිවිරෝධයන් සමහන්කර ගැනීමටත් සියලූ දෙනාට තෘප්තිමත් විය හැකි ආකාරයෙන් නිලවරණය පැවැත්වීමටත් හැකි වූ බව බොහෝ දෙනා ප‍්‍රකාශ කරනු ලැබිණි.

නිලවරණය සාධාරණව පැවැති බවත් සභාපති තෝරා ගැනීම හැරුණු විට අන් සියලූ නිලයන් වෙනුවෙන් පත්වීම් සාධාරණව සහ අපක්ෂපාතීව සිදුකරන ලද බවත් තිලංග සුමතිපාල ජනමාධ්‍ය වෙත ප‍්‍රකාශ කරන ලදී. නමුත් තිලංග නිලවරණයට කලින් තමන්ගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ තීරණයට අභියෝග කරමින් උසාවි ගියේය. උසාවියේ දී නැවතත් තිලංග ප‍්‍රතික්ෂේප වූ අතර ඉන් අනතුරුව තිලංග නිලවරණය වෙනුවෙන් ඡුන්ද දායකයකු ලෙස පැමිණෙන ලදී. ඒ පැමිණෙන විට ජයන්ත ධර්මදාස සභාපතිවරයා ලෙසත් නිශාන්ත රණතුංග ලේකම්වරයා ලෙසත් නිතරගයෙන් පත්වීමට අවශ්‍ය වටපිටාව ගොඩ නැංවී තිබිණි. ඉතිරි වී තිබුණේ සෙසු පත්වීම්ය. ඡුන්දය පැවැතියේ ඉතිරි පත්වීම් වෙනුවෙනි. ප‍්‍රතිවිරෝධයන්ගේ ඒකත්වය වෙනුවෙන් ඉතිරි මහත්වරුන් තමන්ට අවශ්‍ය නිලතල වෙනුවෙන් තේරී පත් විය.

උප සභාපතිවරුන් ලෙස කේ. මතිවානන් සහ මොහාන් ද සිල්වා පිළිවෙළින් ඡුන්ද 113 ක් සහ ඡුන්ද 81 ලබා ගනිමින් තේරී පත් විය. උප ලේකම්වරුන් ලෙස හිරන්ත පෙරේරා සහ බන්දුල දිසානායක පිළිවෙළින් ඡුන්ද 79 ක් සහ 51 බැගින් ලබා ගනිමින් පත් විය. ඡුන්ද 87 ක් ලබා ගනිමින් භාණ්ඩාගාරික තනතුරට නුෂ්කි මොහොමඞ් තෝරා ගනු ලැබිණි. ඉතිරි නිලයන් වෙනුවෙන් ද පත් කිරීම් සිදුකරනු ලැබූයේ ඡුන්ද විමසීම මගිනි.

සියලූ දෙනා සිත් සතුටින් තමන්ගේ නිලතලයන් පිළිබඳ කතා කරනු මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් කාරණාව වන්නේ මේ මහත්වරුන් සියලූ දෙනා එක්ව නිර්මාණය කරනුයේ කුමක්ද යන්නයි. මෙවර නිලවරණය පවත්වන විට 2005 සිට 2011 වසර දක්වා ක‍්‍රිකට් ආයතනයේ විගණන වාර්තා ඉදිරිපත් කර නොතිබිණි. එපමණක් නොවේ, අදාළ සංගමයේ සේවකයන්ගේ පඩි ගෙවීම් වෙනුවෙන් ලක්ෂ 700 ක් වියදම් කර තිබිණි. මේ ලක්ෂ හත්සියය කජු ඇට කොස් ඇට නොවේ, සරලව කියන්නේ නම් කෝටි හතකි, මේ කෝටි හතක වියදම දරා ඇත්තේද හතළිහකට ආසන්න සේවකයන් පිරිසක් ඉවත් කිරීමට කටයුතු කරමිනි. ඒ පමණක් නොවේ, කෝටි තුනකට වඩා වැඩි මුදල්වල ලදුපත්වලට සිදුවූ දෙයක් නොමැති බවද තවත් ලක්ෂ තුන්දහසක් පමණ මුදල් නොලැබෙන බව පවසා ඉවත්කර තිබෙන බවට ද අභ්‍යන්තරික චෝදනා තිබේ.
දැන් මේ සියලූ කාරණා පෙළගස්වනුයේ කුමන ආකාරයේ නම් සංහිඳියාවන්ද යන්න යමෙකුට තේරුම් ගැනීමේ හැකියාවක් තිබිය යුතුය. එවිට සිහි බුද්ධිය සහිත මිනිසුන්ට කොක්හඬ දී සිනාසීමට හෝ ඉකි ගසා ඇ`ඞීමට හෝ අප්පුඩි තැළීමට වඩා දෙයක් මේ ලියවිල්ල පසුපස තිිබෙන බව අවබෝධ කර ගත හැකිය.

කුමාර ජයවීර

Advertisements