ධනේශ්වරයට හා මීඩියාවලට පුළුවන් ඕනෙම කැත එකෙක් ලස්සන කරන්න – උපුල් ශාන්ත සන්නස්ගල

sannaවෙහෙසක් නැතුව නවකතාව කිව්වා. ‘සංඥාපනය’ අයින් කළා නම් හොඳයි.
කතා සාරාංශය
දේහා කළුයි, කැතයි. විටෙක කුසටත් උපමා කරනවා. ඈ තරම් කැත යුවතියක් තවත් නැතිතරම් වගේ තමයි මේ නවකතාවේ ඇයව සාකච්ඡුා කරන්නෙ. ඇගේ මල්ලි දසුන්. මේඝනා නංගි. අයිරාංගනී මව. වෛද්‍යසේකර පියා.

නවකතාව පටන් ගන්නෙම ඉස්කෝලෙ වහින වෙලාවක ජනෙල් වදින සිද්ධියකින්. පළමුවැනි පිටු හතර යද්දිම තේරෙනවා A/L ක්ලාස් එකක ඉන්න දේහාට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නෙ පිරිමියෙක්ගෙ ඇහැ ගැටෙන් නැති එක කියලා. මොකද එයාගෙ හිතේ හැම වෙලාවෙම වැඩ කරන්නෙ මේ ජෝඩු ජෝඩු ඉන්න එක. උදාහරණයක් ලෙස කියනවනම් නිරෝෂා-සුධීර, චාමලී-අසංක, කුමුදු-සුමිත්. මේ නිසා දේහා හැමවෙලේම ‘මට විතරක් නැත්තෙ ඇයි?’ කියලා හිතනවා. මොකද දේහා කළුයි.

විඥානධාරා රීතියෙන් මං මේක නොකියෙව්වා නම්, මං මේ ‘කළු’ කියන එක වෙන අර්ථෙකට ගේනවා. දැන් ඇත්තටම ‘කළු’ කැතයි ද? කවුද කිව්වෙ කළු කැතයි කියලා.

ඉස්සර ළමයි නැළෙව්වේ ‘සුදූ, සුදූ’ කියල ද?
‘වැනියන් කළු වැනීයන්’
‘උඹෙ අක්කත් කළුම කළුයි, උඹෙ අම්මත් කළුම කළුයි. උඹ විතරක් තලඑළලූයි.’
‘කළු අප්පොගෙ ¥යි කියල.’
‘මහ කළු සිංහලයා’
‘කළුඅග්ගල’

මේ විදිහට නම්-ගම් ඔක්කොම තියෙන්නෙ කළුවලින්. එතකොට කවුද කිව්වෙ කළු කැතයි කියල. ‘කළු කැතයි’ කියන සංකල්පය ගෙනාවෙ සුද්දා. එතකොට අපේ අය හදා ගත්තා,

‘සුද්ද වගේ මහත්තයා’ ‘සුදු පුතා’
‘සුද්දා වගේ වියදම් කරනවා.’

‘සුදු ලස්සනයි’ කියලා එකක් හැදුවා. එ් නිසා එ් මාකට් එක ඇතුළෙ අද ෆෙයාර් ඇන්ඞ් ලව්ලි විකුණා ගන්න පුළුවන්. ගෑවම සුදු වෙනවා. එතකොට සුද්දාට ගැති වුණ නව අධිරාජ්‍යවාදී වෙළෙඳ ව්‍යාපාරය සාර්ථකයි. මොකද සංකල්පය තියෙනවා. දැන් අප‍්‍රිකාවෙ පුළුවන්ද ෆෙයාර් ඇන්ඞ් ලව්ලි විකුණන්න? හම ගැහැව්වත් සුදු වෙනවද? දැන් සුදු ලස්සනයි නම් අප‍්‍රිකාවෙ උන් කැතයි ද? එතකොට එහෙ ෆෙයාර් ඇන්ඞ් ලව්ලි විකුණන්න බැරි ඇයි? එතකොට, සංකල්පයක් ලෙස ගත්තොත් ලස්සනයි කියන්නේ සුදුවත් කළුවත් නෙමෙයිනෙ. ලස්සන කියන්නෙ මගේ හිතේ තියෙන ආකල්පයට. මේකම ඇඞ්වර්ටයිසින් ෆර්ම්වල ඉන්න අය ලස්සන කරන් නැද්ද? දැන් මං
යනූෂගෙන්ම ඇහුවොත් කුස කැතයි ද කියලා ඔබ ලියනවා නම් සාහිත්‍ය කෘතියක් ඇතුළෙ (අපිට ඉතිහාසය උගන්නලා තියෙනවනෙ එහෙම* එ් කැත කුස වර්ණනා කරලා තියෙන්නෙ කොහොමද? හඳුන්වලා තියෙන්නෙ කොහොමද? කුසට තියෙනවලූ කිතුල් පොලූ වාගේ අතපය, කළුයි. එක අතකින් ශක්තිය ගැනත් කියනවා, කිතුල් පොලූ මගින්. කුස කොටයිලූ. කැවුම් මුහුණක් තියෙනවලූ. දත් බොල්ලෑලූ. නළල තට්ටෙලූ.

මං කාටවත් අපහාස කරනවා එහෙම නෙමෙයි. දැන් බලන්න සනත් ජයසූරිය දිහා. මං සනත්ව ගත්තෙ උදාහරණෙකට. සනත් කැතයි ද? තුන්වෙනි පාරටත් බැන්ද ද කොහෙද? අපි හීනෙන් නටන උන් එක්ක ඉන්දියාවෙ ගිහින්් ඔහු ඇත්තටම නටනවා. ඉතින්, සුදු එවුන්නෙ කැත. කළු එවුන්යැ. එතකොට සනත් ලස්සන කළේ කවුද? මීඩියා. සනත් ලස්සනයි කියලා විඥානය ඇතුළෙ හැදුවෙ මාධ්‍ය. එතකොට කුස හිටිය නම් අද මාර මාකට්. මොකද ධනේශ්වරයට හා මීඩියාවලට පුළුවන් ඕන කැත එකෙක් ලස්සන කරන්න. මීඩියාවලට පුළුවන් තට්ටයන්ට පනා විකුණන්න. ඇස්කිමෝවරුන්ට ෆ‍්‍රිජ් විකුණන්න.

මේ නිසා කළු ගැන මට තියෙනවා වෙන අදහසක්. හැබැයි දේහා හිතන්නෙ කළු කැතයි කියලා. හැබැයි සුදුත් එක්කම ඉන්න අය දන්නවා කළුත් හොඳයි කියල. සුදු ලස්සන මූණු තියෙන ගෑනු බඳින උන් චිත‍්‍රපටිවල ඇයි නිදා ගද්දි ලයිට් ඕෆ් කරන්නෙ. අපි දකින සිංහල චිත‍්‍රපටිවල එහෙමයි. ඉතින් ඔච්චර ලස්සන එකෙක් හොයාගෙනත් ලාම්පු නිවලා බුදියගන්නව නම් කැත එකෙක් හොයා ගත්තත් කමක් නෑනෙ. මොකද කළුවරට පේන්නෙ නෑනෙ ලස්සන ද කැත ද කියලා. එ් කියන්නෙ මෙයාල ශිෂ්ටාචාරෙ ගැන කතා කළාට ලස්සන මූණක් ලයිට් එක දාගෙන ඉඹින්න ලැජ්ජයි. ඇයි ඒ? එකට කියන්නෙ සවිඥානික අශිෂ්ටකම කියල.

යථාර්ථෙදි නම් අපි හිතන්නෙ හැම ගැහැනියක්ම රැුජිනක් කියලා. ඇත්තටම ගත්තොත් ඔය ගෑනුන්ගෙ කොහේ හරි, මොකක් හරි ලස්සනයි. හොඳට බලන්න. මූණෙ ලපයක් තියෙනවා කියන්නෙ ඇත්තටම ගත්තොත් චර්ම රෝගයක්නෙ. එ් වුණාට ඒකට කියන්නෙ ‘අනේ හරි ලස්සන බර්ත් මාර්ක් එකක්’ කියලා. දතක් වැඩිපුර ඇවිත් නම් ඩ‍්‍රැකියුලා වගේ කැත වෙන්න එපායැ. ‘ඊ…අර කෙල්ලගෙ නළ දතක් තියෙනවා ඩ‍්‍රැකියුලා වගේලූ’ කියලා කවදාවත් කියන්නෑ. ‘අනේ හරි පිං පාටයි’ කියනවා. දැන් පොඩි එවුන්ට වපරයක් ආවොත් ‘අපේ පුතාට පිං වපරයක් තියෙනවනෙ’ කියලා කියනවා. පිනට වපර එනවද? එ්ක ලස්සනට පේනවා. කොණ්ඩෙ දිගට තියෙනවනම් කියනවා ‘අනේ ලස්සනයි’ කියලා කියනවා. කොණ්ඩෙ කැපුවම කියනවා ‘ෂෝක් බං මූණ කොල්ලෙක් වගේ’ කියලා. එතකොට මං අහන්නෙ දේහාගෙ මොකවත් ලස්සන නැද්ද? කාට හරි මේ මොනව හරි ලස්සනක් පේන්නෙ නැද්ද?
යනූෂා මේ නවකතාවේ සංකේත දෙකක් භාවිත කරනවා. මං එය ඉතාම සාධනීය ලක්ෂණයක් ලෙස දකිනවා. මං එ් දෙක සටහන් කරන්නම් ඈට ගෞරවයක් විදියට.

‘‘ගොයම් කපලා ඉවර වෙච්ච අලූතම හින්ද ද….. මිනිස්සුන්ට ම`ග ඇරිච්ච වී කරල්…….. දේහා කුරුල්ලොත් එක්කම අහසට නැග්ගා…..’’
මිනිස්සුන්ට අමතක වෙච්ච වී කරල් අරන් කුරුල්ලො අහසට නැග්ගම මාත් උන් එක්කම අහසට න`ගිනවා. එ් කියන්නෙ මාත් පිරිමින්ට අමතක වෙච්ච චරිතයක්. ලස්සනට සංකේත භාවිත කරනවා. යනූෂට හොඳට ලියන්න පුළුවන්. ඒව කවි වගේ. කපලා කොටලා ඔපමට්ටම් කරලා ගත්තම මාරයි.
ඊළඟට මේ නවකතාවෙ යක්දෙහි කන්ද කියන එකත් සංකේතයක්. ඈ හිතනවා මේ කන්දට මිනිස්සු යන්නෙ නෑ. එ්කෙ යකෙක් ඉන්නවා. භූතයො ඉන්නවා. එයා හිතන්නෙ යක්දෙහි කන්ද මං වගේ කියලා. හැබැයි අවසානෙදි එ් යක්දෙහි කන්ද එයාගෙ තාත්තා විසින් මිල දී ගන්නවා. එතැනදී එ්කෙ උරුමක්කාරකම එනවා. යක්දෙහි කන්දම සංකේතගත කරයි.

‘‘කන්දෙන් ඇහෙන කන රිදවන සද්දෙ…….
මගෙ හදවත කියලා’’ දේහාට හිතුණා.

අන්න අර සංකේතය විනාශ කර ගත්ත තැන. යක්දෙහි කන්ද තමයි දේහාගෙ සංකේතය. යනූෂා මෙහෙම ලියනවා.

‘‘කපාපු ගස් මැදින් හදාගත්ත ලොකු කළු ගලක් දේහට විරිත්තනවා. කන්ද මැදින් මතු කරගත්තෙ මගෙ හදවත’’

ඇයි යනූෂා ලියන්නෙ ‘මගෙ හදවත’ කියලා. අපි දන්නවා එ්ක කියලා. පාඨක අපිට ටොකු ඇන ඇන කියනවා. පාඨකයා ගොං කියලා හිතලා පෙන්නනවා මේං බලපං මේක සංකේතයක් කියලා. ‘මගේ’ කියන වචනය අයින් කළා නම් කොච්චර හොඳ ද? භාෂාව ඇතුළෙ සංකේත කියන එ්වා නවකතාකාරයෙක් තේරුම් කළ යුතු නැහැ කියලා මං හිතනවා.

ඈ කලින් ‘අමතක වෙච්ච වී කරල් ගැන’ කිව්වම අපිට ඒක තේරුණානෙ.
කෘතිය කියවලා යක්දෙහි කන්ද කියන්නෙ දේහාගෙ හදවත කියලා අපි හොයා ගන්නවනෙ. අන්න එ් ආඩම්බරය ‘මගෙ හදවත’ කියලා දාලා, අපිට අහිමි කරනවා.
දැන් එතකොට මේක විඥනධාරා රීතියේ නවකතාවක් ද? පැහැදිලිවම ඔව්. නමුත්, මෙය විඥානධාරා රීතියේ අපූරු මග සලකුණක් කියලා වරද්දලා තේරුම් ගන්න එහෙම එපා. නමුත්, විඥානධාරා රීතිය සම්බන්ධව යම් යම් දේවල් යනූෂා දන්න බව පැහැදිලියි. ඊට මං හේතු දෙකක් කියන්නම්.

පළමුවැන්න මේ නවකතාවේ වැඩිම පිටු ප‍්‍රමාණයක තියෙන්නෙ ලිංගිකත්වය. එ් තියෙන්නෙ අර සවිඥානය නෙමෙයි උප විඥානය. හැබැයි ලිංගිකත්වය බ්ලූ ෆිල්ම් එකක වගේ ලියලා නෑ. එ්ක හරි ලස්සනට සාහිත්‍ය කෘතියක් ඇතුළෙ තියෙන සංයමය, ශික්ෂණය භාවිත කරලා ලියනවා.

දේහගෙ නංගි මේඝනා, පාලිත කියලා ආමිකාරයෙක් එක්ක යාළු වෙනවා. පස්සෙ දේහාට පෙම්වතෙක් හම්බ වෙනවා සුනෙත් කියලා. එයා අන්ධයෙක්. හැබැයි අන්ධයවත් මෙයාව බඳින්න කැමැති වෙන්නෙ නෑ. මොකද එයාගෙ මව්පියෝ කියනවා ‘‘කොල්ලගෙ ඇස් පේන්නෑ කියල, තොපි හිතුවද අපෙත් ඇස් පේන් නෑ කියලා.’’ එ් විවාහය කඩලා දානවා. දේහාට හැම තිස්සෙම ඇහැට පේන්නෙ නංගිත් එක්ක මහා විසේකාර විදිහට හැසිරෙන පාලිත කියන ආමිකාරයා. නංගි එහෙම හැසිරෙද්දි දේහා හිතනවා ‘යකෝ මට මූ එක්ක බුදියගන්න තිබ්බනම්’ කියලා. අන්තිමට කොහොම හරි දේහා නංගිගෙ මිනිහා එක්ක බලෙන් බුදියනවා. එතකොට අවිඥානය සහ උපවිඥානය සාකච්ඡුා කිරීමේ කාරණා ඇතුළෙ නවකතා සන්දර්භය විඥානධාරා රීතියට එකඟයි. උදා: දේහා ඇඳේ එහාට මෙහාට පෙරළුණේ පිස්සුවෙන් වගේ.

දැන් ඔය ගෑනු ළමයි ඉන්න අම්මලා දන්නවා, තමන්ගෙ දුව හො`දට පොරවගෙන නිදා ගත්තු බෙඞ් එක උදේට රෝල් වෙලා ඇඳේ එහා කෙළවරේ තියෙන කොට ඇයි ඒක එහෙම වෙන්නෙ කියල.

ඔච්චර පොරෝගෙන නිදාගත්ත එක උදේට මෙහෙම වෙන්න උපවිඥානය බෙඞ් ෂීට් එකත් එක්ක මොන යුද්ධයක් කරන්න ඇද්ද? මේ යුද්ධෙ තමා යනූෂා ලියන්නෙ.
උදා : (1) සුදු අත්කොට කමිසෙයි, කලිසමයි ඇඳලා කළු කණ්ණාඩි දාලා හිටිය සුනෙත්…’’
(2) ‘‘පපුව පුරාම සුනෙත් එයාගෙ අත් දෙක ගෙනිච්චා. ඇයට දැනුණෙ ……. සුනෙත්ට කියලා මුළු සිරුරම අත ගාගන්න පුළුවන් නම් කියලා දේහාට හිතුණා…’’

හරියටම අර උපවිඥානය ලිංගිකත්වය ගැන කියනවා.
උදා : ‘‘අනෙක එයා මාව අල්ලනකොට මට හැඟීම් එනවා තමයි. ඇස් පියාගෙන කරන සෙල්ලමක්….’’

අන්ධ සුනෙත් එක්ක තියෙන්නෙ ඇයට පේ‍්‍රමයක්. පේ‍්‍රමය කියන දේ ඕනෙ අවිඥානයට ද? සවිඥානයට ද? ෆ්‍රොයිඞ් කියන විදිහට සවිඥානයටනෙ. එතකොට එ් සවිඥානික පෙම්වතා තමයි සුනෙත්. අර යුද්ධෙ කරන්න ඌට බෑ. ඒක පුළුවන් අර ආමිකාරයාට. එ් නිසා සුනෙත්ගෙ ස්පර්ශයන් දේහා ප‍්‍රතික්ෂේප කරනවා.

‘‘අයියෝ අල්ලන හැටි. ඒකට පාලිත අල්ලන හැටි බලන්න ඕනෙ.’’ ඇයි නංගිව අල්ලනවා මෙයාට පේනවා. නංගි හුස්ම ගන්නවා ඇහෙනවා.’’ ෂහ්. අන්න පිරිමි…….’’

ඉතාම හො`දින් මේ කාරණා ටික යනූෂා ලියනවා.

Advertisements