හම්බන්තොට: සංවර්ධනයේ බොරුව සහ විනාශයේ හෙලූව

GHDP-(17)හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම (Greater Hambantota Development Plan) මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී.

ශී‍්‍ර ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපළ මත්තල දී මහත් උත්සවාකාරයෙන් විවෘත වන්නේ ද ඒ යටතේය. නමුත් එකී සංවර්ධන ක‍්‍රියාකාරකම්වල දිශානතිය කොයිබටද යන ගැටලූව අද දින අප අබිමුව පැනනැෙඟමින් පවතී. මෙම සංවර්ධන සැලැස්මට අනුව ස්ථාපනය කෙරුණු වන අලි කළමනාකරණ ප‍්‍රදේශය (Managed Elephant Range) මේ වන විට විවිධ පුද්ගලයන්ගේ පටු වාසි ප‍්‍රයෝජන සඳහා බිලි වෙමින් පැවතීම නිසා මෙම තත්වය ප‍්‍රධාන වශයෙන් උදා වෙමින් පවතී. මෙහි ඇති කනගාටුදායක කරුණ නම් රුහුණු මාගම්පත්තුවේ සැබෑ භූමි පුත‍්‍රයන් හෙට දවසේ සංවර්ධනයේ අනාථයන් බවට පත් කිරීමට දායක වෙන මෙම විනාශයන් පිළිබඳව කිසිදු වගකිවයුත්තකු දෑස් විවර කර නොබැලීමයි.

හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්මාණය කරන ලද හම්බන්තොට කලාපගත කරන සැලැස්ම තුළින් මෙම ප‍්‍රදේශයේ වර්ෂ 2030 දක්වා සිදු කිරීමට අපේක්ෂිත සියලූ සැලැසුම්ගත සංවර්ධන ක‍්‍රියාකාරකම්වලට අවශ්‍ය ඉඩම් වෙන් කිරීම සිදු කරන ලදී. එහි දී මෙම ප‍්‍රදේශවල දිවි ගෙවූ වන අලි – ඇතුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ද අවශ්‍ය ඉඩම් වෙන් කිරීමට එම කලාපකරණ සැලැස්ම මඟින් කටයුතු කරන ලදී.

මෙරට ඉතිහාසය තුළ වන අලි සංරක්ෂණයේ නව පරිච්ඡ්දයක් ආරම්භ කරමින් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මට ප‍්‍රථම වතාවට වන අලි කළමනාකරණ ප‍්‍රදේශයක් ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කිරීම සැබැවින්ම පැසසිය යුතු කරුණකි. නමුත් අද වන විට මෙම ප‍්‍රදේශයේ ඉඩම් රජයේම විවිධ පාර්ශ්ව මෙන්ම පෞද්ගලික සමාගම් හා දේශපාලන හිතවතුන් ද අත්පත් කරගනිමින් සිටීම නිසා ගැටලූ රැුසක් පැනනැෙඟමින් පවතින බව අපට පසුගියදා එම ප‍්‍රදේශයේ සිදු කළ සංචාරයක දී දැකගත හැකි විය.
හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශය පිහිටුවීමේ අරමුණ වන්නේ උක්ත සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නිජබිම් අහිමි වන අලි – ඇතුන් ප‍්‍රධාන වනජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය අභය ස්ථාන සැපයීමය. තව ද එමඟින් ප‍්‍රදේශයේ අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට ද සඵල පිටුබලයක් ලැබීමට හැකියාව ලැබී තිබුණි.
හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ මේ වන විටත් වන අලි හාරසියයකට වැඩි ප‍්‍රමාණයක් ජීවත් වෙති. ඔවුන් තනි අලි හා රංචු වශයෙන් මෙම කලාපය තුළ සැරිසරනු දැකිය හැකිය. එයින් ඇතැම් වන අලි රංචු බූන්දල ජාතික උද්‍යානය හා බූන්දල විල්මැන්න අභය භූමිය දක්වා සංක‍්‍රමණය වීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. ඒ අතර තවත් පිරිසක් ලූණුගම්වෙහෙර ජාතික උද්‍යානය දක්වා ගමන් කිරීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබුණ ද උද්‍යාන මායිම ඔස්සේ වීරවිල – තණමල්විල ප‍්‍රධාන මාර්ගයට ආසන්නව

ඉදි කර ඇති විදුලි වැට නිසා එම අලි රංචුවලට ජාතික උදද්‍යානයට ඇතුළු විය නොහැක. මෙම කලාපයේ වන අලි – මිනිස් ගැටුම පාලනය කරගැනීම හා වන අලි සංරක්ෂණය කිරීම සඳහා උක්ත වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ලැබුව ද එම තත්වය අභියෝගයට ලක්ව ඇත්තේ අද වන විට එහි අක්කර දහසකට වැඩි ප‍්‍රදේශයක් විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගෙන වන වැස්ම ඉවත් කර විවිධ වගා හා වෙනත් ව්‍යාපෘති දියත් කිරීම හේතුවෙනි. ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාපාරිකයකුගේ මෙහෙයවීම යටතේ විවිධ පුද්ගලයන් මෙසේ වන අලින් වෙනුවෙන් වෙන් කෙරුණු ඉඩම් අත්පත් කරගෙන මහගල්වැව අවට ප‍්‍රදේශයේ කෙසෙල් වැනි කෘෂි භෝග වගා කරමින් සිටී.
එමෙන්ම වලව වම් ඉවුර සංවර්ධන කලාපයට මායිම්ව විවිධ පුද්ගලයන් විසින් වම් ඉවුර සංවර්ධනයට වෙන් වූ ජලය නීති විරෝධී ලෙස මායිම් ඇළෙන් පොම්ප කර අලි කළමනාකරණ ප‍්‍රදේශය තුළ මහා පරිමාණයෙන් වගා කටයුතු කෙරේ. දැනට දෙමසකට පමණ පෙර මෙවැනි වගා කටයුතුවල නිරතව සිටි කාන්තාවක් ඉතා අවාසනාවන්ත ලෙස වන අලි පහරදීමකට ලක්ව මරණයට පත් විය.

මෙවැනි අනර්ථකාරී මිනිස් ක‍්‍රියාකාරකම් මඟින් වන අලින්ට උන්හිටි තැන් අහිමි වීමෙන් නුදුරේ දී මෙම ප‍්‍රදේශයේ පවතින අලි – මිනිස් ගැටුම තවදුරටත් උග‍්‍ර අතට හැරීමේ අවදානමක් පවතී. දැනට විවිධ පුද්ගලයන් විසින් අක්කර දෙක බැඟින් වන ඉඩම් හෙළි පෙහෙළි කර කෘෂිකාර්මික කටයුතුවල නියැළුණ ද ඒවා සියල්ල එක්ව ගත් කල ඉතා විශාල භූමි ප‍්‍රමාණයක් වීම තුළ මෙවැනි වනාන්තර විනාශයන් සිදු කිරීම රටේ පවත්නා නීතිය ද අබිබවා යාමක් බව අපගේ වැටහීමය. 2000 අංක 53 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත යටතේ නිකුත් කෙරුණු 1993 ජුනි 24 වැනි දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනය අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් යම්කිසි සංවර්ධන කටයුත්තකට යොදා ගැනීමට ප‍්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියකින් පසු පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුය. එහෙත් අද වන විට හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ සිදු කරන දැඩි වන විනාශය සිදු වන්නේ මෙම නීති රෙගුලාසිවලට ද පයින් ගසමිනි.

GHDP-(8)අනෙක් අතින් රජයේ හා වෙනත් විවිධ පාර්ශ්ව විසින් පවත්වාගෙන යන ගල් කොරි රැසක් මඟින් ද අද වන විට මෙම වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ පැවැත්මට බරපතළ තර්ජන එල්ල වෙමින් පවතී. විශේෂයෙන් ශී‍්‍ර ලංකා යුද හමුදාවට අයත් ගල් කොරිය, දිවයිනේ ප‍්‍රකට ඉදිකිරීම් කොන්ත‍්‍රාත් සමාගමක් මඟින් පවත්වාගෙන යන ගල් කොරියක් ඇතුළු ගල් කොරි පනහකට වැඩි සංඛ්‍යාවක් හම්බන්තොට වන අලි කළමනාකරණ ප‍්‍රදේශය පුරා පැතිරී පවතී. නිරන්තරයෙන් අධික ශබ්ද නඟමින් මෙම ගල් කොරිවල සිදු කෙරෙන කළුගල් කැඞීම නිසා මෙම ප‍්‍රදේශයේ වෙසෙන අලි – ඇතුන්ගේ දෛනික ජීවන රටාව පවත්වාගෙන යෑමට දැඩි බලපෑම් එල්ල වී ඇත. තව ද අදාළ පෞද්ගලික ඉදිකිරීම් සමාගමට අයත් ගල් කොරිය පරිශ‍්‍රයේ නිරන්තරයෙන් දුම් හා දුහුවිලි නඟමින් සිදු කරන ක‍්‍රියාකාරකම් හාත්පස පරිසරය දූෂණයට ලක් කරමින් පවතී.

මෙම පෞද්ගලික සමාගම මඟින් ඉදි කෙරෙන මහාමාර්ග සඳහා පරිසරය ගැන කිසිදු තැකීමක් සිදු නොකර මහා පරිමාණයෙන් බොරලූ කැපීම සිදු කරනු ලබන්නේ ද මෙකී වන අලි කළමනාකරණ ප‍්‍රදේශය තුළය. මේ හේතුවෙන් සෑදුණු විශාල වළවල් සහිත මුළු බිම් මෙම ප‍්‍රදේශයට අයත් මැටිවැව ආශ‍්‍රිතව දැකගත හැකිය. කිසිදු ගහක් කොළක් රහිත හිස් කාන්තාර භූමි ලෙස පවතින මේවායේ වර්ෂා සමයට ජලය එක් රැුස් වීමෙන් ඇති වන මදුරු උවදුර ද තවත් විනාශයකට අත වනන බව පැවසිය යුතුය.

කතරගම මහා දේවාලයට අයත් බව කියන මෙම ඉඩම්වල සිදු වන අගතිගාමී මිනිස් කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයා හෝ වෙනත් වගකිවයුතු බලධාරියකු ද කිසිදු නෛතික කි‍්‍රයාමාර්ගයක් ගෙන ඇති බවක් දැනගන්නට නැත. තව ද රේඛීය විෂය භාර වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුව – වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ප‍්‍රදේශය භාර පරිපාලන නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් දිගින් දිගටම නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම ද කනගාටුවට කරුණකි. විශේෂයෙන් මෙම වන අලි කළමනාකරණ ප‍්‍රදේශය පිහිටුවීමට හේතුව වන අලින් සංරක්ෂණය සහ කළමනාකරණය කරගැනීම වුව ද අදාළ විෂය භාර වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබ`ද විධිමත් වගකීමක් පැවරී නොතිබීම ද ගැටලූසහගතය. වන අලින් පිළිබ`දව අදාළ දෙපාර්තමේන්තුවට වගකීම පැවරී තිබුණ ද එම ප‍්‍රදේශය පිළිබ`ද කි‍්‍රයා කිරීමේ ඍජු නීතිමය ප‍්‍රතිපාදනයක් ලබා දීමට රජය මේ දක්වා කටයුතු කර නැත.

මේ සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ගයක් ගැනීමට දේශපාලන අධිකාරිය හෝ වගකිවයුතු නිලධාරීන් අපොහොසත් වුවහොත් අද වන විට මෙම කලාපයේ පවත්නා වන අලි – මිනිස් ගැටුම ශීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බව අපි අවධාරණය කරමු. විශේෂයෙන් මෙම වන අලි කළමනාකරණ ප‍්‍රදේශය වටා පිහිටි මහගල්වැව, උනාතුවැව, කුඩාඉ`දිවැව, තැලිගම, දිමුතුගම, පඩව්ගම, ගොන්නොරුව, හැඩිල්ල, උඩමත්තල, පහළමත්තල, පුංචිඅප්පුජ`දුර වැනි ගම්මාන විශාල ප‍්‍රමාණයකට එල්ල වන වන අලි ප‍්‍රහාර ඉදිරියේදීත් තවත් උත්සන්න විය හැකි බව අවධාරණය කළ යුතුය.

GHDP-(19)පසුගියදා විවෘත කෙරුණු මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළ ඉදි කිරීම සදහා සිදු කළ ශක්‍යතා අධ්‍යයනයේ දී මෙම ප‍්‍රදේශය වන අලින්ගේ පාරම්පරික වාසභූමියක් බව තහවුරු කර ඇත. තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය නම් සංවිධානය ම`ගින් මෙම ප‍්‍රදේශවල දිවි ගෙවූ වන අලි රංචුවල තෝරා ගත් සාමාජිකයන්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පැල`දවීම ම`ගින් ලබා ගත් දත්ත ම`ගින් ද මේ බව මොනවට පැහැදිලි වෙයි. ගුවන් තොටුපොළ ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ම`ගින් එම වන අලි – ඇතුන්ගේ පැවැත්මට එල්ල වන බලපෑම අවම කිරීම ස`දහා ද උක්ත වන අලි කළමනාකරණ ප‍්‍රදේශය යොදා ගැනීමට යෝජනා කෙරුණි. දිවයිනේ ප‍්‍රථම වතාවට මේ ආකාරයෙන් වනජීවී රක්ෂිත වලින් පිටස්තරව විශේෂයෙන් සැකසූ වන අලි කළමනාකරණ ප‍්‍රදේශයක් පිහිටුවන්නේ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එබැවින් අද දවසේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සිදු කෙරෙන සංවර්ධන කි‍්‍රයාකාරකම් ප‍්‍රදේශයේ අහිංසක දුප්පත් ජනතාවට සැබෑ ප‍්‍රතිලාභ අත්කර දීමට නම් මෙකී වන අලි කළමනාකරණ ප‍්‍රදේශයේ වැදගත්කම යළි යළිත් සදහන් කළ යුතු නැත.

නමුත් මෙවැනි පසුබිමක් තුළ උක්ත වන අලි වාස භූමි දේශපාලන හිතවතුන්ට හා වෙනත් විවිධ පාර්ශ්වවලට උළා කන්නට ඉඩ හැර වගකිවයුත්තන් අද, ගොළු, බිහිරි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම හම්බන්තොට සංවර්ධනයේ දිශානතිය කොයිබටද යන දරුණු ගැටලූව අප අබිමුව තබා ඇත. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල විවිධ සංවර්ධන ව්‍යාපෘති ඉතා අක‍්‍රමවත් හා අදූරදර්ශී ආකාරයෙන් කි‍්‍රයාත්මක වීම තුළ එම ප‍්‍රදේශවල ජනතාව ද  වන සතුන් ද සංවර්ධනයේ අනාථයන් බවට පත් වූ ආකාරය පිළිබදව අපට ඉතිහාසය තුළින් ද  ඕනෑ තරම් සාක්ෂි සපයාගත හැකිය. එබැවින් නිසි විද්‍යාත්මක පදනමක් මත පිහිටා දීර්ඝකාලීන සැලැසුමකට යටත්ව අඛණ්ඩ සුපරීක්ෂණයකින් යුතු සංවර්ධනයක් ළගා කරගැනීම යුගයේ අවශ්‍යතාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ වෙනුවෙන් අතීතයෙන් පාඩම් උගෙන අනාගතය සාර්ථක කරගැනීම අත්‍යවශ්‍යය. නමුත් අද දවසේ ද අප යළි යළිත් සිදු කරමින් සිටින්නේ ? වැටුණු වළේ මහ දවාලේ ද ඇදගෙන වැටීමය. එය සැබෑ ලෙසටම ජාතික ධනය, කාලය හා ශ‍්‍රමය මකර කටට යැවීමක් බව වගකිවයුත්තන්ට නොවැටහීම ද ජාතියේ අවාසනාවකි.

විශේෂයෙන් ශී‍්‍ර ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයට අයත් ඉතා සංකීර්ණ දේශගුණික හා පාරිසරික සාධකවලින් යුතු හම්බන්තොට වැනි ප‍්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ දී පරිසර සංරක්ෂණය පිළිබ`ද ඉතා හොද තුන්කල් දැක්මක් සහිතව එම කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍යය. එසේ සිදු කිරීමෙන් සංචාරක ආකර්ෂණයක් ලෙස එම පරිසරය හා වනජීවීන් – විශේෂයෙන් අලි ඇතුන් යොදා ගැනීමට ඇති විභවය ද අතිවිශාලය. තව ද එකී සංවර්ධන ව්‍යාපෘතිවල දීර්ඝ කාලීන ස්ථාවරත්වය හා ප‍්‍රතිලාභ ජනනය වීම ද ඒ මත රැු`දී පවතී. එසේ හෙයින් හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සංවර්ධන කි‍්‍රයාකාරකම් සිදු කිරීමේ දී මෙම ගැඹුරු යථාර්ථය වටහාගැනීම අත්‍යවශ්‍යය. එසේ නොකළහොත් මෙම කලාපයේ  මනු සතුන් ද අලි ඇතුන් ද කබලෙන් ළිපට විසි වීම නොවැළැක්විය හැකි බව ඉතා අවධාරණයෙන් ලියා තබනු කැමැත්තෙමි.

සුපුන් ළහිරු ප‍්‍රකාශ්

Advertisements