ශක්තිමත් කළ දෑතක නිය විසක රස

azad-sally 

  • ‘‘කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි අත්අඩංගුවට ගනු ලැබුවේ රජයට විරෝධතා දැක්වීම සහ ජාතිවාදයට අනුබල දීමේ චෝදනා මතයි.’’

ලක්ෂ්මන් හුළුගල්ල – ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය

  • ‘‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අසාද් සාලිට මානසික වධ බන්ධන පමුණුවා ඔහුගෙන් බලහත්කාරී කට උත්තර ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරනවා.’’

මනෝ ගනේෂන් – ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ

  • ‘‘අසාද් සාලිව අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්.’’

එක්සත් ජාතික පක්ෂය

  • ‘‘ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදයක් නොපවතින මොහොතක දේශපාලන නායකයන් මර්දනය කිරීම සඳහා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම කිසිසේත් පිළිගත නොහැකියි.’’

තිස්ස අත්තනායක – එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්

  • ‘‘අසාද් සාලිගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප‍්‍රතිපාදන අනුව ආරක්ෂක ලේකම්වරයාගෙන් දින 90 ක රැුඳවුම් නියෝග ලබා ගත්තා.’’

ශී‍්‍ර ලංකා පොලිසිය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන ඇති තම පියා ඉතා අසාධ්‍ය තත්වයේ පසු වන බව අසාද් සාලිගේ දියණිය අමීනා සාලි ප‍්‍රකාශ කරයි.

හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයකු මෙන්ම නාගරික මන්තී‍්‍රවරයකුව සිටි අසාද් සාලි මැයි දෙවැනි දින කොළොන්නාවේ සාලමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබිණි. එහි දී ආහාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ 55 වැනි වාට්ටුවට ඇතුළත් කරනු ලැබිණි. මේ සටහන් තබන මොහොත වන විට ඔහුව නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැුගෙන ගිය බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල පවසයි. පැය 72 ක කාලයක් ඔහු රඳවා තබා ගැනීමෙන් පසු නැවතත් රඳවා තබා ගැනීමේ නියෝග ගෙන ඉදිරි පරීක්ෂණ ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සඳහන් කරයි.

ලක්ෂ්මන් හුළුගල්ල පවසන්නේ, අසාද් සාලි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට හසු වන පරිදි බරපතළ ප‍්‍රකාශයක් කොට ඇති බවයි. ඔහු ජාතිවාදයට, ආගම්වාදයට අනුබල දෙන ප‍්‍රකාශයක් සිදු කොට ඇති බවයි. ඔහුට අනුව අසාද් සාලි සිදු කළේ බරපතළ වැරැුද්දකි. ආණ්ඩුවත් සමඟ තරහ මරහ වූ පසු අධෝවාතයක් පිට වුණ ද එය ද ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් වී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත හැකි නල්ලමලේ නීතියක් මේ ¥පතේ රජ කරයි.

එය එසේ නොවේ නම් ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව ජාතිවාදය, ආගම්වාදය පතුරුවන අන්තවාදී සංවිධානවලට විදෙස් සංචාර ලැබෙන්නේ කෙලෙසදැයි කිසිවකු විමසුවහොත් දිය හැකි පිළිතුරක් නැත. අසාද් සාලිගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලූ තිබිය හැකිය. එහෙත් එම හේතුව චෝදනා නිර්මාණය කරමින් පුද්ගලයකු අයුක්තිසහගත ලෙස අත්අඩංගුවේ රඳවා ගැනීමට හේතුවක් ලෙස පිළිගත නොහැකිය.

මේ සිදුවීම කරළියට එන්නේ කුමාර් පද්මනාදන්, දයා මාස්ටර්, කරුණා අම්මාන් පාලක ඔඩොක්කුවේ සුර සැප විඳිද්දී, දුමින්ද සිල්වා තමන්ට අපහාස කරන්නන්ට නඩු දමනා බවට වහසි බස් දොඩවද්දී සහ ජාතිවාදී, අන්තවාදී සංවිධාන එළිපිට ආගම්වාදය පතුරුවද්දීමය. මෙලෙස පාලකයන්ගේ ඇසුරෙන් මිදී විපක්ෂය වෙත ගිය දේශපාලකයන්ට මර්දනය රැුගෙන ඒම දේශපාලන බලහත්කාරය මිස අන් කවරක්ද?

———————-

සියලූ මර්දන නීති පරාජය කළ යුතුයි

පුබුදු ජයගොඩ – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

‘‘අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. දැන් ඔහුව රැුඳවුම් නියෝග යටතේ රඳවාගෙන ඉන්නවා. අධිකරණයට පවා ඉදිරිපත් කරලා නැහැ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙ නම මොකක් වුණත් ඒක පාවිච්චි වෙන්නෙ ආණ්ඩුවේ බලය වර්ධනය කිරීම වෙනුවෙන්.

මුලින්ම ඒක මෑත ඉතිහාසයට අදාළව පාවිච්චි කළේ යාපනය විශ්වවිiාලයේ ශිෂ්‍යයන්ට විරුද්ධව. ඒ ශිෂ්‍යයන් විසින් සිදු කළ පහන් දැල්වීමට විරුද්ධව එම පනත පාවිච්චි කිරීම වැරැුදි බව අපි දිගටම කිව්වා. ඒ වෙලාවේ ඒක ගැන කතා නොකළ ගොඩක් අය දැන් අසාද් සාලි සිරගත කිරීමට විරුද්ධව කතා කරනවා. නමුත් එදා, සිදු වුණු වරද දැක්කේ නෑ වගේ ඔවුන් අහක බලාගෙන හිටියේ. අසාද් සාලිට අද චෝදනා කරන්නේ ජාතිවාදය ඇවිස්සුවා කියලයි.

නමුත් පහුගිය කාලයේ මුස්ලිම් දේවස්ථානවලට පහර දීලා, මුස්ලිම් ව්‍යාපාරිකයන්ට පහර දීලා ජාතිවාදය ඇවිස්සුවේ කවුද කියලා අපි දන්නවා. එවැනි පිරිස් නිදහස් වෙලා ඉඳිද්දී ආණ්ඩුව ජාතිවාදීන් කියලා චෝදනා කරලා මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නවා. මේ වෙලාවේ අපි ජනතාවට කියන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලූ මර්දන නීති පරාජය කිරීම සඳහා පෙළ ගැසිය යුතුයි.’’

 නිලූකා තරංගනී

Advertisements