මහින්දගෙ මැයි දිනේ අයිති-හාසික සහනේ…!

01විදුලි ඒකක 60 දක්වා විදුලි බිලේ වෙනසක් සිදු නොකරන බවත් ඒකක 180 දක්වා සහනයක් ලබා දෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ කැම්බල් පිටියේ පැවැති එජනිස මැයි රැුලියේ දී ගිරිය කඩාගෙන ප‍්‍රකාශ කළේය.

නිතර දෙවේලේ හාස්කම්වලින් පිරී ඇති මේ ¥පතේ මෙම ප‍්‍රකාශයත් එවැනිම හාස්කම්වල ප‍්‍රතිඵලයක්ද? මෙවැනි සිතුවිල්ලක් මගේ හිතට පැමිණ සැණෙකින් යටපත් වී ගියේ උත්සව කාලවල දී .ි්කැ ි්කැ. ලෙස බෝඞ් දමා ඇති සල්පිල් මතක් වීමෙන්ය. වෙළෙන්දන් එලෙස .ි්කැ’ ලෙස බෝඞ් දමන්නේ පවතින සාමාන්‍ය මිලට වඩා මිල වැඩි කිරීමෙන් අනතුරුවය. තව ද ඔවුන් රු. 100 යේ භාණ්ඩය රු. 175 ලෙස මුද්‍රණය කොට එය කතිරයකින් කපා රු. 140ට විකුණන්නේ ි්කැ බෝඞ් එක යටතේය. බොහෝ වෙළෙන්දන් අපව රවටන්නේ ද අප ද දැන දැනම නොදන්නා සේ රැුවටෙන්නේ ද එලෙසිනි.

ආණ්ඩුව පවසන පරිදි ජනාධිපතිවරයා  ද අදාළ විෂය භාර ඇමැතිවරිය ද නොදැන, විදුලිබල මණ්ඩලය විසින් ‘හිතුමනාපේ’ වැඩි කළ විදුලි බිල පිළිබ`ද කනස්සල්ලට පත් ජනාධිපතිවරයා විදුලි බිල අඩු කරන ලෙස කම්කරු දිනයේ දී පවිත‍්‍රාදේවී වන්නිආරච්චි ඇමැතිවරියට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ ර`ගපාන්නේ ඉහත ි්කැ කඬේ මුදලාලිගේ චරිතයේ මෙගා එක බව නොදන්නේ හය හතර නොදත් කිරි සප්පයකු පමණි.

ජනාධිපතිවරයා පවසන පරිදි වැඩි කරන ලද විදුලි බිල අඩුකොට ඇත්තේ මෙලෙසය.

පළමු ඒකක 60 දක්වා මිලෙහි වැඩි වීමක් සිදු නොවේ. ඒකක 60 සිට 180 දක්වා ඉන්ධන ගැළපුම් ගාස්තුවට 25% ක සහනයක් ලබා දී ඇත. ඒකක 90 සීමාව 96 දක්වා වැඩි කර එක ඒකකයක් රු. 8.50 යටතේ ගණනය කරනු ඇත. සිදු වී ඇත්තේ කුමක්ද? ඒකකයේ වැඩි කළ මිල අඩු කර නැත. විදුලි ඒකක 120 සීමාව 126 දක්වා දීර්ඝ කොට ඇත. එක ඒකකයක් ස`දහා රු. 15 යටතේ විදුලි ගාස්තු ගණනය කරනු ඇත. ඒකකයේ වැඩි කළ මිල අඩු කර නැත. එසේම ඒකක 61 සිට ඒකක 180 දක්වා 40% ක් වූ ඉන්ධන ගැළපුම් ගාස්තුවට 25% ක සහනයක් ලබා දී ඇත.

දැන්නම් ‘මරු’ ය. විදුලි පාරිභෝගිකයාට ඒකක 06 ක මහා පරිමාණ වාසියක් ලබා දී ඇත. එමෙන්ම මෙතුවක් කාලයක් අය නොකළ 40% ක ඉන්ධන අධිභාරයක් පාරිභෝගිකයාගේ කර මත පටවා 25% ක වට්ටමක් ලබා දී ඇත.

මොළයේ ස්නායු, පටක,  තන්තු ගෙවී යන තෙක් කල්පනාකොට වැඩ කරන ජනතාව වෙනුවෙන් කම්කරු දිනයේ දී ජාතියේ (පිං!* පියා විසින් පිළිගැන්වූ විදුලි සහනය එයයි. ජනතාව ද අත්පොඩි ගසමින්, පී‍ති ඝෝෂා න`ගමින් ලබා ගත් ත්‍යාගයත් ජනමාධ්‍ය විසින් උඩ දැමූ විදුලි බිල අඩු කිරීමත් එයයි. ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් පවසන්නේ, ජනතා විරෝධයට බිය වූ ආණ්ඩුව අඩියක් පස්සට ගෙන ඉහළ දැමූ විදුලි බිල අවසානයේ පහළ දැමූ බවයි. ජනතාව අරගල කළහොත් මෙලෙස  ඕනෑම සටනක් ජයගත හැකි බවයි. ජවිපෙට අනුව මෙය ජයග‍්‍රහණයක් නම් පාලක පන්තියට වාසිදායක එවැනි සටන් නොකළ යුතු බව කෙනකු පැවසුවොත් කුමක් කියන්නද? මන්ද විදුලිය බිලට සහනයක් ලබා දෙනවා නම් එය කළ යුතු වන්නේ කලින් විදුලි බිලට සාපේක්ෂව බව නොතේරෙන මෝඩයා කවරෙක්ද? මේ, අතින් කා හරක් බැලීම පන්නයේ වැඩකි. විදුලි බිල අඩු කිරීම ම`ගින් ජනාධිපතිවරයා ‘ජනතාව’ මෙන්ම ‘වාමාංශික’ දේශපාලකයන් ද බත් කන හරක් බවට පත්කොට ඇති බව පෙනේ.

අපි පොඩි කතන්දරයකට යමු. සැමියත් බිරි`දත් දෙදෙනාම රැුකියා කරන, පාසල් යන දරුවන් දෙදෙනකු සිටින සාමාන්‍ය නිවෙසක වතුර මෝටරයක්, රෙදි සෝදන යන්ත‍්‍රයක්, විදුලි ඉස්ති‍්‍රක්කයක්, පොඩි ශීතකරණයක්, විදුලි පංකාවක්, රූපවාහිනී යන්ත‍්‍රයක්, පරිගණකයක් වැනි එදිනෙදා පරිහරණයට අවශ්‍ය උපකරණ තිබීම සාමාන්‍ය දෙයකි. පොඩි දරුවන්ට කාටූන් වැඩසටහනක් හෝ බලන්නට නොදී කෙසේ හෝ අභීත දියණිය පමණක්ම බලමින්, අත්‍යවශ්‍යම මොහොතක පමණක් පරිගණකය භාවිත කරමින්, වැඩිපුර වේලාවක් අ`දුරේ හි`දිමින්, අධික රස්නයට දරුවන් හ`ඩද්දී පවා විදුලි පංකා දෙස හොරෙන් බලමින් සිටිය දී පවා මාසයේ විදුලි පරිභෝජන වියදම ඒකක 120 ට ළං වීම, ලංවිමටවත් නොවැළැක්විය හැකිය. එවැනි තත්වයක් යටතේ, මේ ඉලක්කම් දෙස බලන්න.

ඒකකයක මිල රු. 15 බැගින්  120 = රු. 1800.00

අලූතින් එකතු කළ මාසික ස්ථාවර ගාස්තුව = රු. 350.00. එකතුව = රු. 2150.00

අලූතින් එකතු වූ ඉන්ධන ගැළපුම් ගාස්තුව = 40% = රු. 860.00

ජනාධිපති දුන් සහනය = 25% = රු.215.00

එවිට ගෙවිය යුතු ගැළපුම් ගාස්තුව = රු. 645.00

සහනය යටතේ අලූත් විදුලි බිල = රු. 2795.00

ජනාධිපති සහනය නොදුන්නේ නම් විදුලි බිල = රු. 3010.00

රු. 215 ක්! ජනතාවට කොතරම් විශාල සහනයක්ද? මෙතරම් විශාල සහනයක් ලබා දීමට මහා භාණ්ඩාගාරයේ මුදල් තිබේද යන්න සැක සහිතය.

ජනාධිපතිවරයා ලබා දුන් අනෙක් සහනය භුක්ති වි`දීමට නම් ඒකක 66 ට වඩා වැඩි නොවන ලෙස විදුලිය පරිභෝජනය කළ යුතුය. ඒ ස`දහා ඔබ, රූපවාහිනිය පෙට්ටියක දමා කොහේ හෝ ස`ගවා තැබීම කළ යුතුය. විදුලි ඉස්ති‍්‍රක්කය වෙනුවට පොල් කටු අ`ගුරු වලින් ඇ`දුම් මැදීමට ඔබට සිදු වනු ඇත. නෑමට, රෙදි සේදීමට පොදු ළිං සොයා යෑමට සිදු වනු ඇත. ශීතකරණයක් ඇත්නම් එය භාවිත කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදු වනු ඇත. නොඑසේ නම් නුදුරු දිනක දී ඇමැතිවරයෙක් මෙලෙස නොපවසනු ඇතැයි පැවසිය හැක්කේ කාටද?

‘‘ශීතකරණය දරුවන්ට ලෙඩ රෝග බෝ කරයි. එම නිසා ශීතකරණය භාවිත කිරීමෙන් වළකින්න’’

එවැනි උපදෙස් අතරේ ඔබගේ දරුවාට රාතී‍්‍ර කාලයේ පාඩම් නොකරන ලෙසට බල කිරීමට සිදු වනු ඇත. නොඑසේ නම් ඉටි පන්දම් එළියෙන් පාඩම් කිරීමට සිදු වනු ඇත.

මේ අතර ආණ්ඩුව ජනතාවට සීල් කරන ලද පෙට්ටියක දමන ලද තවත් කැරට් අලයක් ලබා දී තිබේ. ජනතාව එය ද කුණු වූ කැරට් අලයක් බව දැනගන්නේ 2014 දී පෙට්ටිය කඩා බැලීමෙන් පසුවය. එනම්, නොරොච්චෝලේ සහ සාම්පූර් බලාගාර සම්පූර්ණයෙන්ම නිම කිරීමෙන් පසු, 2014 න් පසු විදුලි බිල අඩු වන බවයි. මෙය ගල් අ`ගුරු බලාගාර ඉදි කිරීමෙන් පසු විදුලි වියදම් පිළිබ`ද ප‍්‍රශ්නය විසෙ`දන බවට දෙන ලද තවත් කඩවෙන පොරොන්දුවක් නොවේද?

මන්ද විදුලි බල ක්ෂේත‍්‍රයේ විශේෂඥයෝ පවසන්නේ එලෙස අඩු මිලට විදුලිය ලබා දීම මිථ්‍යාවක් පමණක් බවයි. තාක්ෂණ, පර්යේෂණ හා පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මාධ්‍යවලට පවසා තිබුණේ, යෝජිත සාම්පූර් බලාගාරයේ විදුලි ජනන යන්ත‍්‍රය අකාර්යක්ෂම බවත් එය යොදා ගනිමින් විදුලිය උත්පාදනය කළහොත් වසරකට රු. බිලියන 4,500 ක පාඩුවක් වි`දීමට සිදු වන බවත්ය. ඒ ඇමැතිට ඒ කාලයේ නොතිබූ නුවණ මේ කාලයේ පහළ වුණේ කොහොමද යන්න වෙනම ප‍්‍රශ්නයකි. ඛේදවාචකය වන්නේ එම පාඩුව ද ගෙවීමට සිදු වන්නේ ආණ්ඩුවට නොව ජනතාවට වීම නිසාය. ඔහු තවදුරටත් ප‍්‍රකාශ කොට තිබුණේ ලෝක වෙළෙ`දපොළේ ගල් අ`ගුරු ස`දහා පවතින මිල දිගින් දිගටම ඉහළ යන බැවින් ගල් අ`ගුරු යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ සාපේක්ෂ වාසිය අහිමි වන බවයි. එම`ගින් එක් පවුලකට රු. 1000 ක අමතර මුදලක් ගෙවීමට සිදු වන බවයි.

ඒ අනුව 2014 දී ඔබට ලබා දෙන්නේ ද කුණු වූ කැරට් අලයක්ම බව කියන්නේ අප නොව ආණ්ඩුවේම කුලීකාරයෝය. ඒ අතරම මෙම ලිපිය සකසන මොහොත වන විට තවත් ‘උණුසුම් පුවතක්’ වාර්තා විය. ජනාධිපතිවරයා කම්කරු දිනයේ දී ජනතාවට ලබා දුන් කැරට් අලය ද මැනිං මාකට් එකේ වීසිකොට තිබූ කෑමට ගැනීමට නොහැකි තත්වයේ පවතින එකක් බවයි. ඒකක 60 ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන්නන්ට සහන ලබා දුන්න ද ඔවුන්ගේ විදුලි බිල ද 20% ක් ඉහළ යන බවත් ඒකක 90 ට වඩා විදුලිය පරිභෝජනය කරන්නන්ට ඒකක 96 දක්වා සහන ලබා දෙන්නේ අවුරුද්දකට තෙවරක් එනම් විශේෂ අවස්ථා 03 කට පමණක් බවත් විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයකු මාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට තිබේ.

එහෙම බැලූවාම මේ සහන ඓතිහාසික නැතත් ‘අයිති-හාසික’ය. මොකද, මේවා අයිති හාස්‍යයටය.

කාරණාව පැහැදිලිය. ආණ්ඩුව ඉතා ප‍්‍රාථමික ක‍්‍රමවේදයක් යොදාගෙන එන එන ඡුන්දයෙන් තමන් දිනවන ‘ජනතාව’ ගොනාට අන්දවා තිබේ.

ප‍්‍රශ්නය තිබෙන්නේ අන්දවනවාටත් වඩා වේගෙන් ඇදගැනීමය.

ජනතාවනි,

ඔහොම යං!

නිලූකා තරංගනී

Advertisements