රංගනය සරසවියකින් ඉගෙනගත්තෙ නෑ – ජගත් චමිල

2New York City අන්තර්ජාතික සිනමා උළෙලේ හොදම නළුවා ලෙස නිර්දේශ වූ නාමයන් අතර ලංකාවේ තරුණ රංගවේදී ජගත් චමිල ද විය. ඔහු මෙලෙස හොදම නළුවාට නිර්දේශ වූයේ කැනඩාව, ඩෙන්මාර්කය, අමෙරිකාව, කියුබාව යන රටවල රංගධරයන් සමගයි. සැමීගේ කතාවේ(Sam’s Story) කළ රංගනය වෙනුවෙන් ඔහු මෙලෙස හොදම නළුවාට නිර්දේශ වී තිබිණි. පියාපත් මෙවර සංලාපය එම ප‍්‍රතිභාපූර්ණ රංගධරයා සමගය.

  • ජගත් ක්ෂේත‍්‍රයට එන්නේ නාට්‍යකරුවෙක් විදිහට නේද?

මම පාසල් ගියේ මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයට. මට මතක හැටියට හතේ අටේ පන්තිවල දී පාසලේ තිබුණු කෙටි නාට්‍ය උළෙලක් බලන්න ගියා. ඒ නාට්‍යවල අධ්‍යක්ෂ වෙලා හිටියෙ පාසලේ ගුරුවරයෙක් වූ තිස්ස ගුණවර්ධන මහත්තය. ඒ නාට්‍ය බලපු මට හැගීමක් ආව මටත් මේ විදිහට රගපාන්න ඇත්නම් කියල. ඒ හැ`ගීමත් එක්ක මම තිස්ස ගුණවර්ධන මහත්තය හොයාගෙන ගියා. ඒ අනුව මගේ නාට්‍ය ගුරුවරයා වෙන්නේ එතුමායි. ඊට පස්සේ පාසල් වේදිකාවේ දිගටම වැඩ කරනව. සමනල කන්ද කියන නාට්‍යයෙන් තමයි මම ප‍්‍රධාන චරිතයක් කරමින් ප‍්‍රසිද්ධ වේදිකාවට ආවේ.

  • ජගත් චමිල කියන නඵවාව, බොහෝමයක් දෙනා හදුනගන්නේ ටෙලි නාට්‍ය තුළින් කිව්වොත්?

ටෙලි නාට්‍යවලට කලින් මට ආරාධනයක් ලැබෙනව ‘ගුරුගෙදර’ චිත‍්‍රපටයෙ ප‍්‍රභාෂ්වර කියන චරිතයට. ඒ අවස්ථාව මට ලබා දෙන්නේ අශෝක පීරිස් මහත්තය. ඔහු මොරටුවේ ගොඩාක් කලාකරුවන්ට අතහිත දුන්නු කෙනෙක්. ඒ අනුව ඔහු මාව යොමු කරනව විජය ධර්ම ශී‍්‍ර මහත්තය වෙත. වේදිකාවෙන් මට ලැබුණ පරිචය හා ශක්තිය මත මට එම චිත‍්‍රපටයේ රගපාන්න අවස්ථාව ලැබෙනව. ඊට පස්සේ විජය ධර්ම ශ‍්‍රී මහත්තයම කරනව ‘යොමා නුවන්’ කියල රූපවාහිනී ඒකාංගික ටෙලි නාට්‍යයක්. ඒක තමයි මගේ මුල්ම ටෙලි නාට්‍යය වෙන්නේ. පස්සේ නාලන් මෙන්ඩිස් මහත්තය ‘දු දරුවො’ ටෙලි නාට්‍ය මාලාව සදහා මට ආරාධනා කරනව. ඒක තමයි මම සම්බන්ධ වෙන මගේ මුල්ම ප‍්‍රාසාංගික ටෙලි නාට්‍යය.

  • ඒ අතරතුර ඔබ පෞද්ගලික රූපවාහිනී ආයතනයක නිෂ්පාදකවරයෙක් ලෙස සේවය කරනවා, ඉන් ඉවත්වන්නේ එය ඔබට නොගැළපෙන නිසාද?

නෑ. මම පාසල් වේදිකාවේ ඉන්න කාලේ ඉදලම හිතපු දෙයක් තමයි මේ රංගනය හොද හැදෑරීමකින් සහ තෝරා බේරා ගැනීමකින් යුතුව කරන්න  ඕනෙයි කියල. මගේ පවුල් පරිසරය තුළ තියෙන්නෙත් අධ්‍යාපනික පරිසරයක්. මගේ තාත්තා විදුහල්පතිවරයෙක්. අයියල දෙන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විදිහට අධ්‍යාපනය ලැබුව. තාත්තා විදුහල්පතිවරයෙක් වුණත් විශ‍්‍රාම යනතෙක්ම විවිධ දේවල් හැදෑරුව, ඉගෙන ගත්ත. ඉගෙන ගන්න ඒ තරම් දක්ෂයෙක් නොවූවත් මේ නාට්‍ය කරන්න යාම තුළ මට විශේෂ හැකියාවක් තිබෙන බව මට හිතුණ. ඒ නිසා හැදෑරීමකින් යුතු හොද නාට්‍යකරුවෙක් වෙන්න මම කල්පනා කළා. අපේ ජීවිතවල, අරමුණු තුළ තියෙන හීනවලට මේ සමාජය තුළ මොනතරම් ඉඩක් ද තියෙන්නෙ කියන අවබෝධය දැනෙන්න පටන් ගත්ත. අන්න එතන දි මට දැනුණා සමහර හීන සැබෑ කරගන්න අපේ අරමුණු කොතරම් දුරකට වෙනස් කරගන්න වෙනවද, අපි විසින්ම අපේ හීන කප්පාදු කරගන්න වෙනව ද කියන එක. කොහොම නමුත් රංගනය මගේ ජීවන වෘත්තිය කරගන්න අදහසක් තිබුණේ නැහැ. ඒ නිසා වෘත්තිය සදහා වෙන විෂයක් තෝරගන්න කල්පනා කළා. ඒ අනුව මුලින්ම වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස ඇතුඵ වී පසුව රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදිහට නාලිකා තුනකම මම සේවය කළා. ලංකාවේ මාධ්‍ය ඇතුලේ තමන්ගේ ස්වාධීන නිර්මාණයක් කරගන්නට කෙතරම් නිදහසක් තියෙනවද කියන ප‍්‍රශ්නයත් එක්ක මම ගැටෙන්න ගත්ත. නිරවුල් මනසකින් යුතුව නිර්මාණයක් කරන්න මේ සමාජය තුළ ඉඩක් නෑ නේද කියන දේ බොහෝ කරුණු කාරණාවන් ඔස්සේ හෙළි වුණා සහ ඔප්පු වුණා. ඒ එක්ක මට මගේ රැකියාව ප‍්‍රශ්නයක් වෙනව. ඒ අමිහිරි අත්දැකීම් එක්ක මම හිතුව මීට වඩා හොදයි මගේ ආශාව සහ හැකියාව වෙලා තියෙන රංගනය ජීවත් වීමේ වෘත්තිය බවට පත්කර ගත යුතුයි කියල.

  • ජගත් රංගනය පිළිබද හැදෑරීමක් කළාද?

මට රංගනය පිළිබද විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොතිබුණත් ඒ පිළිබද ලැබුණු ප‍්‍රායෝගික දැනුමත්, විශේෂයෙන් මගේ ගුරුවරයා වූ තිස්ස ගුණවර්ධනගේ නාට්‍ය වැඩමුඵ තුළින් ලැබුණු දැනුමත්, පසුකාලීනව පතපොත ආශ‍්‍රයෙන් කළ හැදෑරීමත්, ප‍්‍රවීණයන් සමග කළ ඇසුරත් තමයි මගේ හැදෑරීම. අනික දෙයක් සොයාගෙන යාම තුළින් මම බොහෝ දේ ඉගෙන ගන්නවා.

  • ඔබට පි‍්‍රයංකර විතානාච්චි හමුවෙන්නේ කොයි විදිහටද?

ප‍්‍රියංකර මහත්මයව මට මුණගැහෙන්නේ විමල් දේශප්රිය හරහා. විමල් අයියා ප්රියංකර විතානාච්චි මහතා මෙහෙයවපු වැඩමුඵවකට සම්බන්ධ වෙලා තියෙනවා. එතන දි ඔවුන් පැයක පමණ ටෙලි චිත‍්‍රපටයක් සදහා කටයුතු සූදානම් කරගෙන තියෙනවා. විමල් අයියා හරහා මට ආරාධනාවක් ලැබුණ එහි චරිතයක් රගපාන්න.   ඒක කරලා පි‍්‍රයංකර මහතා අවුරුදු ගණනාවකට විදේශගත වෙනවා. වසර හය හතකට පසු ලංකාවට නැවත පැමිණ චිත‍්‍රපටයකට සූදානම් වී ඇති වන සාකච්ඡුාවේ දී එහි ප‍්‍රධාන චරිතය ස`දහා මා සුදුසු යැයි යෝජනා වී තිබෙනවා. ඒ අනුව පි‍්‍රයංකර විතානාච්චි මහතා මට සැමීගේ  කතාව සදහා ආරාධනා කරනවා.

  • 1සැමීගේ කතාව චිත‍්‍රපටයේ ඔබ රගපෑ සැමීගේ චරිතය වෙනස් ආරක චරිතයක්. මෙය නිරූපණය කිරීම ඔබට යම් අභියෝගයක් වුණාද?

ඔව්, නමුත් මට මතකයි පි‍්‍රයංකර විතානාච්චි මට දුරකථනයෙන් කතා කරල මේ චරිතය විස්තර කරනකොට මම ඇත්තටම ඒ චරිතයට ආශා කළා. මම එතුම එක්ක කලින් වැඩ කරල තියෙන නිසාම මගේ කැමැත්තකුත් තිබුණ ඔහු සමග නැවත වැඩ කරන්න. අනික ඔහු ගුරුවරයෙක් වීම නිසාම විශේෂ හැකියාවක් තිබුණා පිරිස ඔහුට අවශ්‍ය ආකාරයට මෙහෙයව ගන්න. මම හිතන්නේ ඒකෙ ප‍්‍රතිඵල තමයි අපි මේ අවස්ථාවෙ වි`දිමින් සිටින්නේ. ඔහු මට සැමීගෙ චරිතය පිළිබද  සහ එහි ස්වභාවය සම්බන්ධයෙන් නිතරම දුරකථනයෙන් විග‍්‍රහ කළා. ඒ සෑම විටකම මම මගේ කාමරේ කඵ ලෑල්ලක් තබාගෙන ඒ හැම දෙයක්ම සටහන් කරගත්තා. ඒ අනුව මේ චරිතය පිළිබද හැඩයක් මතු වුණා. මම ඔහුව මුහුණට මුහුණ හමුවෙන කොට සැමීගේ චරිතය මේ විදිහ යැයි චිත‍්‍රයක් මවාගෙන  තමයි  ඔහු ඉදිරියට ගියේ. මේ වරිතයට පාදක වෙන්නේ කැප්ටන් එල්මෝ ජයවර්ධනගේ ී්ප.ි ීඑදරහ කියන නව කතාව. මේ කතාවට මූලික වෙච්ච ඇත්ත සැමීත් මේ වෙනකොට කැප්ටන් එල්මෝ ජයවර්ධනගේ නිවසේ හිටියා. මගේ ඉල්ලීමක් මත ප‍්‍රියංකර විතානාච්චි පොරොන්දු වෙනව මේ ඇත්ත සැමීව මට මුණගස්වන්න. ඒ, චිත‍්‍රපටයේ සැමීගේ චරිතයේ පහසුවට සහ මගේ අවබෝධයේ පහසුවට. ඒ විදිහට සියලූදෙනාම ලොකු වෙහෙසක් ගත්තා මේ සැමීගෙ චරිතය ගොඩ නගා ගන්න.

  • ඔබ හිතනවද නවකතාවේ සැමීට,  චිත‍්‍රපටයේ දී ඔබ සාධාරණයක් ඉෂ්ට කළා කියල?

ඔව්,  චිත‍්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරඹූ එල්මෝ මහතාත්, පි‍්‍රයංකර මහතාත් මට ඉතා අවංකව සහ හෘදයංගවම ඔවුන්ගේ ප‍්‍රතිචාරය දැක්වූවා, මම මේ චරිතය ඉතා හො`දින් කර ඇති බවට.

  • මේ මොහොත වෙනකොට ඔබ අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි චිත‍්‍රපට උළෙලේ ‘හොදම නඵවා’ බවට නිර්දේශ වී සිටිනවා. මේ පිළිබ`ද ඔබේ හැ`ගීම කෙබ`දු ද?

අවංකවම මට ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුටට හේතුව මොකක්ද කියල මම මාවම ප‍්‍රශ්න කරගෙන ආපස්සට පිටු පෙර`ඵවොත් ඒ පෙරළගන්න හැම පිටුවකම සටහන් වූ සටහනක් විදිහට තියෙන්නේ මේ මා නියැළෙන කාර්යයන් තුළ දී මගේ තිබුණු කැපවීම සහ මම කෙතරම් දුරට මා නියෙළෙන කාර්යයන් සමග ජීවත් වෙලා තියෙනවද කියන කාරණය. ඒ කැපවීමේ ප‍්‍රතිඵලය තමයි මට මේ විදිහට අත්විදින්න වෙලා තියෙන්නේ. මා සම`ග නිර්දේශ වූ ඩෙන්මාර්ක්, අමෙරිකා, කියුබා, කැනඩා වැනි දියුණු සිනමාවක් සහිත රටවල පූර්ව ප‍්‍රචාරක දර්ශන සහ ඒ රංගන ශිල්පීන්ගේ රංගනයන් වෙන වෙනම මම නැරඹුවා. විශාල ප‍්‍රාග්ධනයක් යට කළ, තාක්ෂණය ඉහළින් පාවිච්චි කළ නිර්මාණවලට ඒ අයගේ දායකත්වය ලබා දී ඇති ආකාරය දැක්කා. ඒකත් එක්ක මේ නිර්දේශ වීම මට තිගැස්මක් සම`ග සතුටක් ගෙන දුන්නා. මාව පෞද්ගලිකව නොහ`දුනන වෙන රටක පිරිසක් මගේ හැකියාව තක්සේරු කිරීම ඇත්තටම සතුටක්. මගේ මේ ජයග‍්‍රහණය සහ සතුට ට පි‍්‍රයංකර විතානාච්චි සමග සැමීගේ කතාවට එකතු වූ සියලූ ශිල්පීන් දායක වුණා. ඇත්තටම තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියන කාරණය හොදටම ඔප්පු වුණු අවස්ථාවක් මේක. මම ඒ සියලූදෙනාට මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා.

අජන්ත අලහකෝන්

Advertisements