ධනවාදයේ ඉහළම අවධිය හා නිර්ධන පන්ති විප්ලවයේ පෙර සැඳෑව

පසුගිය ‘ජනරළ’ කලාපවල කරන ලද අධිරාජ්‍යවාදය පිළිබඳ සංවාදය පෝෂණය කෙරෙන ලිපියක් මිස මෙය එකී අදහස්වලට පිළිතුරක් නොවන බව ලේඛකයා පවසයි. මේ ලිපියෙහි අදහස් සමඟ විසංවාදයක් ඇත්නම් ඒ පිළිබඳව ඉදිරි සාකච්ඡවක යෙදීමට සූදානම් බව ද ලේඛකයා අවධාරණය කරයි.

මෙම ලිපිය ඉදිරිපත් කරනු ලබන්නේ අධිරාජ්‍යවාදය පිළිබඳ වත්මන් විවාදයට දායකත්වය සැපයීමක් ලෙස ය. මෙම විවාදය අධිරාජ්‍යවාදය පිළිබඳ න්‍යායේ ද ලෙනින් විසින් විස්තාරණය කරන ලද නිර්ධන පන්ති විප්ලවයේ මූලෝපායික මාවතේ ද විද්‍යාත්මකභාවය සමග සම්බන්ධ වේ. එය මූලික මූලධර්ම හා බෙදා වෙන් කිරීමේ රේඛා පිළිබඳ විස්තර විභාග ඉල්ලා සිටින තීරණාත්මක විවාදයකි. අධිරාජ්‍යවාදය පිළිබද ලෙනින්ගේ න්‍යායේ හා ලෙනින්වාදයේ ඓතිහාසික වැදගත්කම හා විද්‍යාත්මක වලංගුභාවය පිළිබද ප‍්‍රශ්නය සම්බන්ධව අවංක ව්‍යාකූලතාවන් තිබේ. එසේම, සමාජවාදයේ හා කොමියුනිස්ට්වාදයේ ඉමහත් විභවතාව ද නිර්ධන පන්ති විප්ලවයේ විද්‍යාවම අපකීර්තියට පත් කිරීමට හා ඉවත දැමීමට අධිරාජ්‍යවාදය හා එහි දෘෂ්ටිවාදී සේනාංක විසින් එල්ල කරනු ලබන චිරස්ථායි ප‍්‍රහාරයන් ද ඇත්තේ ය. අද සෝවියට් සංගමය හා චීනය යන දෙකේම වැටීමෙන් පසු ලෝකයේ සමාජවාදී රාජ්‍යයක් ඇත්තේ නැති අතර අධිරාජ්‍යවාදය හා ප‍්‍රතිගාමීත්වය නිර්ධන පන්ති විප්ලවයේ, කොමියුනිස්ට්වාදයේ, මාක්ස්- ලෙනින්- මා ඕවාදයේ විද්‍යාවේ න්‍යාය හා භාවිතයට හැම පැත්තකින්ම පහර එල්ල කරමින් සිටී. මෙය සිදු වන්නේ නිර්ධන පන්ති විප්ලවයේ ඓතිහාසික අත්දැකීම, විප්ලවයේ විද්‍යාව හා කොමියුනිස්ට්වාදයේ දැක්ම හා පරමාර්ථය අපකීර්තියට පත් කිරීමට හා ඉවතලීමට ප‍්‍රයත්න දරන වෙනත් නව චින්තන ගුරුකුල සමග එක පෙළට ය. මාක්ස්වාදයේ, ලෙනින්වාදයේ, මා ඕවාදයේ හා කොමියුනිස්ට්වාදයේ ස්තෝ්ත‍්‍ර ගයමින්, ප‍්‍රතිසංස්කරණය වූ ධනවාදයක – මානුෂීයකෘත වූ අධිරාජ්‍යවාදයක – ස්ථිරසාරභාවය හෝ ඇතැම් එවැනි පරමාදර්ශීකෘත මෝහනීය මනස් සිත්තමක් අලංකෘත කරමින්, පවතින විශ්වීය භීෂණයට හා විනාශයට අතපත ගාන විසදුමක් සොයන සමූහ ගායනයක යෙදී සිටිනු පෙනේ.

  • ඓතිහාසික පසුබැසීම්

සෝවියට් සංගමයේ හා චීනයේ මෙම ඓතිහාසික පසුබැසීම් ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය හා ලෝක නිර්ධන පන්ති සමාජවාදී විප්ලවය තුළ බරපතළ අර්බුදයක් ඇති කර තිබේ. මෙම අභියෝ්ගය හමුවේ ලෝකයේ බොහෝ රටවල මා ඕවාදී-කොමියුනිස්ට්වාදී විප්ලවවාදීහු අවි බලය ඔස්සේ මාක්ස්- ලෙනින්- මා ඕවාදයේ හා කොමියුනිස්ට්වාදයේ ධජය ඔසවමින් සිටිති. නැතහොත් සංවර්ධනයේ විවිධ තලයන්හි දී එසේ කිරීමට සූදානම් වෙමින් සිටිති. කෙසේ වුව ද මාක්ස් – ලෙනින්- මා ඕවාදී විද්‍යාව උස්කොට අල්ලා ගැනීිම මත පදනම්ව, ජාත්‍යන්තර වශයෙන් සැබෑ කොමියුනිස්ට්වාදී බලවේග එක්සත් කිරීමේ හා සංවිධානය කිරීමේ උත්සාහයන් තවත් බොහෝ දුර යා යුතුව තිබේ. කොමියුනිස්ට්වාදයේ දිදුලන අරුණෝදය වෙත ළගා වීම සදහා ලෝක නිර්ධන පන්ති සමාජවාදී විප්ලවය හා ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය බලය හා වේග ශක්තිය එකතු කරගත යුතුව තිබේ. ධනේශ්වර දෘෂ්ටිමය ඒජන්තවරුන් හා සුඑ ධනේශ්වර බුද්ධිමය ප‍්‍රවණතා, නිර්ධන පන්ති ආඥාදායකත්වයේ හා ලෝක විප්ලවයේ ඓතිහාසික අත්දැකීම් බොරු යැයි කියාපෑමට ද නිර්ධන පන්ති විප්ලවීය විද්‍යාවේ රැුඩිකල් පිපිරීම් හා ගුණාත්මක අභිවෘද්ධීන් සහ කොමියුනිස්ට්වාදී පරමාර්ථය මුදුන් පත් වීම කරා ගෙන යමින් තිබෙන යුගමය පිමි ප‍්‍රතික්ෂේප කිරීමට ද හේතු සොයාගෙන ඇත්තේ මෙම රික්තකය ඇතුළත ය. දේශපාලනමය හා දෘෂ්ටිමය උත්තරීත්වය සදහා සටන් වදින සැබෑ විප්ලවීය කොමියුනිස්ට්වාදීන් හා ධනේශ්වර සංශෝධනවාදී / සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පන්ති බලවේග  අතර දර්ශනවාදයේ, දේශපාලන ආර්ථිකයේ න්‍යාය හා දෘෂටිවාදයේ පරිමණ්ඩලය තුළ තියුණු පන්ති අරගලයක් සංවර්ධනය වී තිබෙන්නේ මෙම තීරණාත්මක ජාත්‍යන්තර සන්දර්භය තුළ ය. න්‍යායික හා දෘෂ්ටිවාදී ක්ෂේත‍්‍රයෙහි මෙම පන්ති අරගලය අධිරාජ්‍යවාදය හා නිර්ධන පන්ති විප්ලවය අතර විශ්වීය ප‍්‍රතිවිරෝධයේ ඉදිරි චලනයේ හා ගතිකයේ ප‍්‍රකාශනයකි.

මෙය, විශ්වීය මානව විමුක්ති ව්‍යායාමයේ අභිවර්ධනය පිණිස සොබාදහමේ, ඉතිහාසයේ හා විප්ලවයේ නියාමයන් ග‍්‍රහණය කරගැනීමට අවංක ලෙස අපේක්ෂා කරන අවංක, ප‍්‍රගතිශීලී, බුද්ධිමතුන් විසින් කරනු ලබමින් තිබෙන විද්‍යාත්මක අභිවර්ධනයන් ප‍්‍රතික්ෂේප කිරීමක් නොවේ. සංවර්ධනය වන යථාර්ථයට අනුව විද්‍යාත්මක පූර්වාවයවයන් නිරන්තරව යළි විභාග කිරීමට කොමියුනිස්ට් විප්ලවවාදීන්ට ධනාත්මක අභියෝගයක් මෙම බලවේග ඉදිරිපත් කරයි. ඔවුහු ලෝකය පිළිබද අපේ අවබෝධය පොහොසත් කිරීමට හා අභිවර්ධනය කිරීමට සේවය කරති. ඔවුන්ගේ විද්‍යාත්මක සත්‍යයන්, විද්‍යාත්මක දැනුම් කාය තුළට විවේචනාත්මකව අනුයෝජනය හා ස්වීකරණය කරගනු ලැබිය යුතු ය.

මෙම ලිපිය ම`ගින් කරනු ලබන්නේ අධිරාජ්‍යවාදය පිළිබ`ද ලෙනින්ගේ න්‍යායේ ගැබ් වෙන විද්‍යාත්මක මූලධර්මයන් හා ලෙනින්වාදයේ පදනම් ආරක්ෂා කිරීමය. මෙම ව්‍යායාමය ඔස්සේ මම නිර්ධන පන්ති විප්ලවයේ, සමාජවාදයේ හා කොමියුනිස්ට්වාදයේ විද්‍යාත්මක වලංගුභාවය හා දේශපාලන අදාළත්වය ද  මාක්ස්- ලෙනින්- මා ඕවාදයේ ඒකත්වය හා අඛණ්ඩත්වය  ද පෙන්වා දීමට අපේක්ෂා කරමි.

  • ලෙනින්වාදයේ විද්‍යාත්මක බව

ආර්ථික අර්බුදයන්ගේ  සර්පිලයන් හා ගෝලීය අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ ව්‍යුහාත්මක අවසන්ධි වීම් පිළිබද  ඕනෑම විස්තර විභාග දැක්වීමක න්‍යායික පදනම, ලෙනින්ගේ  න්‍යාය අඩංගු කරගනී. එය අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ ප‍්‍රවර්තක මූලික ප‍්‍රතිවිරෝධය ද එමගින් ස්ථාපනය කරනු ලබන ප‍්‍රතිවිිරෝධයේ සමස්ත ව්‍යුහය (මට්ටම්) ද හදුනා ගැනීමට සේවය කරයි. එහි ආර්ථික පදනම තුළ වන අර්බුදයේ මූලික උත්පාදනීය හේතු ද උපරි ව්‍යුහයෙහි ඒවායේ බහුවිධ ප‍්‍රකාශනයන් විශ්ලේෂණය කිරීම පිණිස එය අපට සේවය කරයි. එසේම මෙම න්‍යාය පසමිතුරු අධිරාජ්‍යවාදී හා කලාපීිය බලවතුන් විසින් ගෙන යන ලබන්නා වූ ගෝලීිය භූ-මූලෝපායික  තරගය හා කාවැදීම විශ්ලේෂණය කරගැනීිම සදහා පදනම සපයයි. ප‍්‍රධාන වශයෙන්ම ලෝකය නැවත බෙදා ගැනීම සදහා වන දේශපාලනය විශ්ලේෂණය කරගැනීිම ස`දහා පදනම සපයයි. ලෙනින්ගේ කෘතිය, අධිරාජ්‍යවාදය පිළිබද විද්‍යාත්මක සංකල්පය විස්තාරණය කිරීම ස`දහා වන සංකල්පීය, විශ්ලේෂණාත්මක හා අනුභූතික ක්ෂේත‍්‍රය විදහා දක්වයි. එය අධිරාජ්‍යවාදය පිළිබ`ද ලෙනින්ගේ න්‍යාය විස්තාරණය කිරීමේ පදනමයි.

‘ධනවාදයේ ඉහළම අවධිය’ හා ‘නිර්ධන පන්ති විප්ලවයේ  පෙර සැ`දෑව’ ලෙස  අධිරාජ්‍යවාදය පිළිබද ලෙනින්ගේ න්‍යාය, සංවර්ධිත ධනේශ්වර රටවල් හා යටත් විිජිත රටවල් ඇතුළුව එක් රටක හෝ රටවල් ගණනාවක බලය දිනා ගැනීිමට හා සමාජවාදය කරා පෙරට යාමට නිර්ධන පන්ති විප්ලවයේ හැකියාව සහ අවශ්‍යතාව උද්දීපනය කර දක්වයි. එනමුදු අධිරාජ්‍යවාදය අවසාන වශයෙන් පරදවා ජයගත හැක්කේ හා කොමියුනිස්ට්වාදය මුදුන් පමුණුවාගත හැක්කේ ලෝක පරිමාණව බව ද උද්දීපනය කර දක්වයි. මෙය සිදු වන්නේ අධිරාජ්‍යවාදයේ අළු හා  නටබුන් මත මානව ඉතිහාසයේ නව යුගයක අරුණෝදයත් සම`ගය. එසේම, අධිරාජ්‍යවාදය පිළිබ`ද ලෙනින්ගේ න්‍යාය අධිරාජ්‍යවාදී ක‍්‍රමය හා එහි නව යටත්විජිත උපකරණ ඉලක්ක කරන පොදු විප්ලවීය අරගලයක් තුළ ජාත්‍යන්තර නිර්ධන පන්තියේ හා ලෝක පීඩිත ජනතාවගේ එක්සත් බව ගොඩනැ`ගීම ඉල්ලා සිටින ලෝක විප්ලවයේ මූලෝපායක් ද වේ.  ලෙනින්ගේ න්‍යාය, ලෝක නිර්ධන පන්ති සමාජවාදී විප්ලවයේ සංරචකයන් දෙක ලෙස සංවර්ධිත ධනේශ්වර/ අධිරාජ්‍යවාදී රටවල  සමාජවාදී විප්ලවය ද නව යටත්විජිත රටවල නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය ද සම්බන්ධ කිරීම සදහා මාර්ගෝපදේශය වෙයි. එය අධිරාජ්‍යවාදී ක‍්‍රමය ඉලක්ක කරන මහජන විප්ලවයේ උදම් රැලි ලෙස පෘථිවි ගෝලය සිසාරා නැගන බහුජන විරෝධය පෑම් හා කැරැුලිවල ද ජාතික විමුක්ති හා නිර්ධන පන්ති විප්ලවීය අරගලවල ද පැසෙන උදම් ප‍්‍රවාහය එකිනෙක හා සම්බන්ධ කිරීමට ජාත්‍යන්තර නිර්ධන පන්තිය සදහා වන මූලෝපායික මාර්ගෝපදේශය වෙයි.

  • ලෙනින්වාදයේ විෂය පථය

අධිරාජ්‍යවාදය පිළිබඳ ලෙනින්ගේ න්‍යාය වාස්තවික තත්වය පිළිබඳ වාස්තවික විශ්ලේෂණයක් උදෙසා වන ද්‍රව්‍යවාදී අපෝහකය යොදා ගැනීමේ අතිදක්ෂ නිෂ්පාදනයකි. මෙම න්‍යාය හා විශ්ලේෂණය නිර්ධන පන්ති රාජ්‍ය බලය අල්ලා ගැනීමේ හා නිර්ධන පන්ති ආඥාදායකත්වය හා එහි රාජ්‍යය ස්ථාපිත කිරීම් අවශ්‍යතාව හා හැකියාව හෙළිදරව් කරන කාචයන් සපයයි. සිදු වූ පරිදි එය සිදු වූයේ් රුසියාවේ පමණි. එය සිදු වුණේ ඒකාධිකාරී ධනවාදයේ හා අධිරාජ්‍යවාදයේ අවධියට සංවර්ධිත වූයේ වුව ද එතෙකුත් එහි ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සපුරාගත යුතුව තිබූ සාපේක්ෂ වශයෙන් නොදියුණු රටකය. රාජ්‍ය බලය අල්ලා ගැනීිම හා නිර්ධන පන්ති ආඥාදායකත්වය ස්ථාපිත කිරීම මගින් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය එහි දේශපාලන අවසානය කරා ගෙන ඒමට ලෙනින් කොමියුනිස්ට් පක්ෂයට, නිර්ධන පන්ති  විප්ලවයට හා බහු ජනතාවට ම`ග පෙන්වීය. එලෙස කම්කරු – ගොවි සන්ධානය යටතේ කෘෂිකාර්මික විප්ලවය එහි අරටුව වශයෙන් ගෙන,  ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්ණ කිරීමට ජනතාවට ම`ග පෙන්වීය. ලෙනින්ගේ මග පෙන්වීම යටතේ නිර්ධන පන්තිය හා එහි පෙරමුණු බළඇණිය වන කොමියුනිස්ට් පක්ෂය විසින් නායකත්වය දෙනු ලැබූ සෝවියට් ජනතාව නිර්ධන පන්ති ආඥාදායකත්වය  සහ සෝවියට් රාජ්‍යය පිහිටුවා ආරක්ෂා කරගැනීමට ද නිර්ධන පන්ති විප්ලවයේ, සමාජවාදයේ හා කොමියුනිස්ට්වාදයේ නව ඓතිහාසික අවධිය කරා පෙරට යාමට ද අඛණ්ඩ, සවිඥානික විප්ලවීය පන්ති අරගලයක් දියත් කළෝ ය. ලෙනින්ගේ න්‍යාය විසින්, ලෝකයේ ප‍්‍රථම සමාජවාදී රාජ්‍යය ගොඩනැගීමට ද දශක ගණනාවක බටහිර අධිරාජ්‍යවාදී වටලෑමට හා ආක‍්‍රමණයට සහ අභ්‍යන්තර ප‍්‍රතිවිප්ලවයට එරෙහිව එය ආරක්ෂා කරගැනීමට  බහුජනතාව කරගෙන ගිය විප්ලවීය අරගලයට ම`ග පෙන්වනු ලැබීය. කොමියුනිස්ට්වාදයේ  විද්‍යාත්මක දැක්ම සකස් කළේ ද පෙර කිසිදාක නොකර තිබූ පරිද්දෙන්, වඩාත් විද්‍යාත්මකව, ක‍්‍රමානුකූලව හා ජාත්‍යන්තරව නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය භාවිතයට නැගීමේ පදනම හෙළිදරව් කළේ ද ලෙනින්වාදයේ සමස්තාංගය සමග මෙම න්‍යායයි.

ලෙනින්, දර්ශනය, දේශපාලන ආර්ථිකය, විප්ලවීය න්‍යාය, මූලෝපාය හා භාවිතය යන සියලූ ක්ෂේත‍්‍රයන්හි දී ම නිර්මාණාත්මකව මාක්ස්වාදයේ විවේචනාත්මක, විද්‍යාත්මක විප්ලවීය හරය සංවර්ධනය කළේය. ඔහු එසේ කළේ සියලූ සංශෝධනවාදී විකෘති කිරීම්වලට හා පාවාදීම්වලට එරෙහිව මාක්ස්වාදයේ විද්‍යාත්මක විප්ලවීය මූලධර්ම නිර්මාණාත්මකව යොදා ගැනීම මගිනි. චිස්ථාපිතයෙන් බි`දුණු ඔහු පොතේගුරුවාදයට එරෙහිව අරගල කළ අතර, මාක්ස්වාදය තුළම වූ සීමාවන්ගෙන් කැඞී වෙන් විය. නිර්ධන පන්ති විප්ලවයේ න්‍යාය හා භාවිතයෙහි මෙම විද්‍යාත්මක විවේචනාත්මක දායකත්වයන් හා යුගමය බහුජන විප්ලවීය පරිවර්තනයන් ම`ගින් මාක්ස්වාදය, මාක්ස් – ලෙනින්වාදය ලෙසින් එහි නව හා වඩා ඉහළ අවධියකට ඔසවා තැබීය.

  • ලෙනින්ගේ ඉහළම න්‍යායික නිර්මාණය

ලෙනින්ගේ න්‍යාය, අධිරාජ්‍යවාදය  ධනවාදයේ ඉහළම අවධිය  ලෙස දකියි. පෞද්ගලික දේපළ, පන්ති සමාජයේ හා අධිපති සමාජ සම්බන්ධතාවන්ගේ යුගයේ අවසානය දළ නිර්ධන පන්ති විප්ලවයේ පෙර සැ`දෑව හා කොමියුනිස්ට්වාදයේ අරුණෝදය ලෙස දකියි. මෙය ද්‍රව්‍යවාදී අපෝහකය හා මාක්ස්වාදයේ මූලධර්ම භාවිත කිරීමෙහි අනුස්මරණීය ඉහළම න්‍යායික නිර්මාණයකි. විප්ලවයේ න්‍යාය යනු ලෝක විප්ලවයට මඟ පෙන්වීම  ස`දහා ඉතාමත්ම දියුණු, විද්‍යාත්මක විප්ලවීය න්‍යාය, ක‍්‍රියාමාර්ගය හා මූලෝපාය සකස් කිරීම සදහා කරන සවිඥානික අරගලයේ නිෂ්පාදිතයකි. එය මාක්ස් ලෙනින්වාදී විද්‍යාව අභිවර්ධනය ස`දහා ද්‍රව්‍යවාදී අපෝහකයේ විවේචනාත්මක කාච ඔස්සේ විද්‍යාත්මක මාක්ස්වාදී මූලධර්ම භාවිතයට නැඟීමේ තීව‍්‍ර, නාභිගත හා සංකේන්ද්‍රිත ප‍්‍රයත්නයේ නිෂ්පාදිතයකි. එය රුසියානු විප්ලවයේ වාස්තවික තත්වයන්ගේ සන්දර්භය තුළ භාවිතයට නැඟීය. මෙය පිළිසිද ගත්තේ  පළමු වැනි ලෝක යුද්ධයේ ලෝකය නැවත බෙදා ගැනීම සදහා වූ ප‍්‍රථම අන්තර් අධිරාජ්‍යවාදී යුද්ධයේ ඓතිහාසික තත්ව ඒකාබද්ධයක හා ලෝක විප්ලවයේ මහා පිම්මක් මුදුන්පත් කරගැනීම සදහා පැනනැඟී තිබුණු දුර්ලභ ඓතිහාසික අවස්ථාවන්ගේ ජාත්‍යන්තර සන්්දර්භයක ය. එය ලෝක විප්ලවය කඩිනම් කිරීමේ හා පෙරට ගෙන යාමේ විශිෂ්ට අධිෂ්ඨානයක නිෂ්පාදිතයකි. ඉතාමත්ම තීරණාත්මක ඓතිහාසික තත්ව ඒකාබද්ධයක් ග‍්‍රහණය කරගැනීම හා ඒ මත ක‍්‍රියා කිරීම පිණිස සමස්ත අධිරාජ්‍යවාදී ක‍්‍රමය විශ්ලේෂණය කරගැනීමට, එහි මූලික ව්‍යුහයන් හා අංග ලක්ෂණ ද චලනයේ අභ්‍යන්තර නියාමයන් ද හෙළි කරගැනීමට ලෙනින් මෙහෙය වූ කොමියුනිස්ට් දැක්ම හා නිර්ධන පන්ති අධිෂ්ඨානය මෙයයි. අධිරාජ්‍යවාදය පිළිබ`ද ලෙනින්ගේ න්‍යාය හා ලෙනින්වාදය, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ හා ලෝක කොමියුනිස්ට් විප්ලවයේ න්‍යායේ හා භාවිතයේ විද්‍යාත්මක ස්ඵටිකකරණයේ උස් මුදුන යි.  නිර්ධන පන්ති විප්ලවයේ විද්‍යාව ඉන් ඔබ්බට මාක්ස්-ලෙනින්-මා ඕවාදයේ ආකාරයන් වර්ධනය වන්නා වූ පදනම මෙයයි. ලෙනින්වාදය යනු මාක්ස්ගේ සිට මා ඕ දක්වා වන පාලම ය.

රැුඩිකල් ඥානමීමංසාමය බෙදීම හා අනාගතය වෙත තීරණාත්මක විද්‍යාත්මක පිම්ම: සංශෝධනවාදයට හා අවස්ථාවාදයට එරෙහිව විප්ලවීය මාක්ස්වාදය ආරක්ෂා කිරීම.

ඒ කාලයේ, 1917 ඔක්තෝබරයේ දී රුසියාවේ නිර්ධන පන්තිය විසින් රාජ්‍ය බලය බහුජන විප්ලවීය සන්නද්ධ ආකාරයකින් අත්පත් කරගනු ඇතැයි සිහින දකින්නට ඇත්තේ ස්වල්ප දෙනෙකි. ඇතැම් විට එක්සත් ජනපදයේ, ජර්මනියේ හෝ ප‍්‍රංශයේ නැත්නම් එංගලන්තයේ  එසේ වන්නට හැකිද? බලාපොරොත්තුව වූයේ නිර්ධන පන්ති සමාජවාදී විප්ලවය කළ හැකි වන්නේ සංවර්ධිත අධිරාජ්‍යවාදී රටවල තත්වය මෝරනු ලැබූ විට පමණි යි යන්නය. එම උපකල්පනයට ඔබ්බෙන් දෙවැනි  ජාත්‍යන්තරයේ  නායකත්වයෙන් කෞට්ස්කි, බර්න්ස්ටීන් හා අනෙකුත් ද්‍රෝහීන්, නිර්ධන පන්ති විප්ලවයේ සම්භාවිතාව, සන්නද්ධ විප්ලවීය බහුජන බලය අල්ලා ගැනීමේ අවශ්‍යතාව ද පෙරමුණු බළඇණි කොමියුනිස්ට් පක්ෂයක හා නිර්ධන පන්ති ආඥාදායකත්වය සදහා වන අවශ්‍යතාව ද ප‍්‍රතික්ෂේප කළහ. මූල්‍ය ප‍්‍රාග්ධනයේ ජාත්‍යන්තරීකරණය විසින් සතුරු ප‍්‍රතිවිරෝධයන් ලිහිල් කර තිබෙන බව ද අධිරාජ්‍යවාදී බලයන් අතර සාමකාමී සහජීවනයේ හැකියාව ඇති කර තිබෙන බව ද අධිරාජ්‍යවාදය ‘අති අධිරාජ්‍යවාදයේ’,  අවධියට ළ`ගා වී තිබෙන බවට ද ඔවුහු තර්ක කළහ. එසේම ඔවුහු  ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී  අයිතීන් ව්‍යාප්ත කිරීම හා මැතිවරණ ජයග‍්‍රහණ ඔස්සේ සාමකාමීව සමාජවාදයට පරිවර්තනය වීමේ හැකියාව ඇති කර තිබෙන බව ද කියා සිටියහ. පසුව කෘෂෙව් හා නූතන සංශෝධනවාදීන්ගේ නඩය ස්ටාලින්ගේ ඓතිහාසික උරුමය අපකීර්තියට පමුණුවාලීමේ දළ මාක්ස් – ලෙනින්වාදී විද්‍යාව විකෘති කිරීමේ ද ඔවුන්ගේ ප‍්‍රයත්නයන්හි දී එම න්‍යායම හදා වඩා පෝෂණය කළේ ය. රුසියානු කොමියුනිස්ට් පක්ෂය හා නිර්ධන පන්ති ආඥාදායකත්වය දිය කර හැරීමේ ද සමාජවාදී විප්ලවයේ සියලූ මුදුන්පත් කිරීම් රාජ්‍ය – නිලධර, ඒකාධිකාරී, ධනවාදී, සමාජ – අධිරාජ්‍යවාදී උත්තර බලවතකු බවට  ගොඩනැඟීම ස`දහා පරිවර්තනය කිරීමේ ද එම න්‍යායම හදා වඩා පෝෂණය කළේ ය. අධිරාජ්‍යවාදය පිළිබද මෙම විසකුරු  ධනේශ්වර  සංශෝධනවාදී න්‍යාය විකාශනය වීමේ දී නව ආකාර ගත්ත ද එහි හරය වනුයේ නිර්ධන පන්ති විප්ලවයේ, නිර්ධන පන්ති ආඥාදායකත්වයේ, සමාජවාදයේ හා කොමියුනිස්ට්වාදයේ ඓතිහාසික විභවතාව හා විෂයමූල අවශ්‍යතාව ප‍්‍රතික්ෂේප කිරීම ය.  එය ධනවාදයේ ඉහළම හා අවසාන අවධිය, නිර්ධන පන්ති විප්ලවයේ පෙර සැඳෑව හා කොමියුනිස්ට්වාදයේ අරුණෝදය ලෙස අධිරාජ්‍යවාදය පිළිබ`ද ලෙනින්වාදී න්‍යාය ප‍්‍රතික්ෂේප කිරීමකි.

රුසියාවෙහි සමාජ

  • ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග

ඉක්බිතිව රුසියාවෙහි මාක්ස්වාදීන් ලෙස හැඳපැලඳගත් රුසියාවේ නිර්ධන පන්ති විප්ලවයේ හැකියාව ප‍්‍රතික්ෂේප කළ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග විය. ඔවුන්ගේ තර්කය වූයේ මෙබඳු දෙයකි. නිෂ්පාදන බලවේග සමාජවාදී විප්ලවයක් ස`දහා මෝරා නැත. ධනේශ්වර පන්තියට රදළ ඉඩම් හිමි පන්තිය පෙරළා දමා එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්ණ කිරීමට ආධාර කළ යුතුය. ජනතාව සඳහා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ආධාර කළ යුතු ය. මෙය කම්කරුවන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී බහුජන සංවිධාන ගොඩනැගීමට හා ඔවුන්ගේ කාලය පැමිණි විට ‘පාලනය’ භාර ගැනීමට වෘත්තීය සංගම් තුළ හා මැතිවරණ දේශපාලනය තුළ පුහුණු වීමට කාලය හා අවකාශය ලබා දෙනු ඇත. කෙසේ වෙතත් ගොවි ජනයා  කිසිදාක නිර්ධන පන්ති සමාජවාදී විසඳුමක් සඳහා තෝරා ගැනීමක් කරන්නේ නැත. එහෙයින් නිර්ධන පන්ති විප්ලවයක් සදහා වන  ඕනෑම ප‍්‍රයත්නයක් විකෘති නිලධාරිවාදී නොමඟ යාමක් ලෙස ගබ්සාවකින් අවසන් වනු ඇත. මෙය සමස්ත මෙන්ෂෙවික්වාදී, ට්‍රොට්ස්කිවාදී විරුද්ධ පාර්ශ්වයේ එකට ගැයුණු ගායන වෘන්දයකි. මේ ආකාරයෙන් සමස්ත ජාත්‍යන්තර නිර්ධන පන්ති විප්ලවවාදී ව්‍යාපාරය  හා මාක්ස්වාදී විද්‍යාව සමුච්චිත සංශෝධනවාදයේ, ප‍්‍රතිසංස්කරණවාදයේ ආර්ථිකවාදයේ හා අවස්ථාවාදයේ කුණු කන්දල්වලින් ආසාදිත බවට පත්ව තිබුණි. මෙය මාක්ස්වාදයේ විවේචනාත්මක, විද්‍යාත්මක විප්ලවීය හරය විනාශ කර දමා මළගිය ආධානග‍්‍රාහයෙන් හා දැඩි චිරස්ථාපිතයෙන් ද විඥානවාදී – යාන්ත‍්‍රික /අනුභූතිවාදී, ප‍්‍රයෝජ්‍යතාවාදී, ජාතිකවාදී ග‍්‍රාම්‍යකරණයන් මඟින් ද විතැන් කර තිබුණි.

සජීව නිර්මාණාත්මක ආකාරයකින් මාක්ස්වාදයේ විවේචනාත්මක, විද්‍යාත්මක, විප්ලවීය හරය

  • ක‍්‍රියාවට නැඟීම

නිර්ධන පන්තිය විසින් නායකත්වය දෙන ලද එහි කොමියුනිස්ට් පක්ෂය පළමුවෙන් සමස්ත ගොවි ජනතාව සමඟ සන්ධානයෙන් යුතුව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයට නායකත්වය දෙනුයේ කෙසේද යන්න ලෙනින් න්‍යායිකව, සංවිධානාත්මකව හා ප‍්‍රායෝගිකව පෙන්නුම් කළේ ය. ඉඩම් නැති එමෙන්ම දුප්පත් ගොවීන් ද සූරා කෑමට ගොදුරු වූ ග‍්‍රාමීය නිර්ධනයින් ද සමඟ සන්ධානයෙන් යුතුව සියලූ පීඩිත ජනයින්, ජාතීන් හා ජාතිකත්වයන් සමඟ එකට එක්ව ජාත්‍යන්තර නිර්ධන පන්ති හා ලෝකයේ පීඩිත ජනතාවන් සමඟ සන්ධානයෙන් යුතුව ලෝකයේ සමාජවාදී විප්ලවයට නායකත්වය දෙනුයේ කෙසේද යන්න ලෙනින් න්‍යායිකව, සංවිධානාත්මකව හා ප‍්‍රායෝගිකව පෙන්නුම් කළේ ය. සියලූ සංකීර්ණත්වයන් ඔස්සේ ඓතිහාසික නිමේෂයේ අපෝහකය ග‍්‍රහණය කර ගැනීම හා විප්ලවයේ මාවත ජයග‍්‍රහණය කරා මෙහෙයවීම ලෙනින්ගේ බුද්ධි ප‍්‍රභාව විය. ලෙනින්ගේ න්‍යාය ලෝකයේ ප‍්‍රථම සමාජවාදී රාජ්‍යය ස්ථාපිත කිරීමට, නිර්ධන පන්ති විප්ලවයේ, සමාජවාදයේ හා කොමියුනිස්ට්වාදයේ ඓතිහාසික යුගයක් තුළ වැජඹීමට නායකත්වය දුන්නේ ය.

  • ස්ටාලින්ගේ විප්ලවීය උරුමය

අපෝහක භෞතිකවාදය භාවිතයට යෙදීමේ දී කරන ලද වැරැුදි, දුර්වලතා හා සීමාවන් හේතු කොට ගෙන  කරන ලද බරපතළ පීලි පැනීම් හා යථාර්ථය තුළ ද නිර්ධන පන්තිය හා බහු ජනතාව තුළ ද සම්පූර්ණ ලෙස පදනම් නොවී තිබියදීත් ස්ටාලින් ඉතාමත්ම වෙහෙසකර දුෂ්කර ගමන මුළුල්ලේම ලෙනින් සමඟ එකට සිටියේය. විශිෂ්ට නිර්ධන පන්ති නායකයකු ලෙස සෝවියට් සංගමය, ලෝක විප්ලවය හා කොමියුනිස්ට්වාදයේ ගමන ආරක්ෂා කළේය. ඔහුගේ අභාවයෙන් පසු සෝවියට් සංගමයේ බලය අල්ලා ගත් නූතන සංශෝධනවාදීන් විසින් සමාජවාදී සෝවියට් රාජ්‍යය කඩා බිද දමා රාජ්‍ය ඒකාධිකාරී, ධනේශ්වර, සමාජ-අධිරාජ්‍යවාදී රාජ්‍යය පිහිටුවන විට ස්ටාලින් හා ඔහුගේ විප්ලවීය උරුමය අපකීර්තියට පත් කර පහර දෙනු ලැබුවේ ඒ නිසාය. නූතන සංශෝධනවාදය විසින් කරන ලද මේ ඉතාමත්ම තීරණාත්මක පාවාදීම හා ප‍්‍රහාරය හමුවේ ස්ටාලින් හා ඔහුගේ විප්ලවීය උරුමය දළ ඒ සමඟ මාක්ස් – ලෙනින්වාදී විද්‍යාව, ලෝක විප්ලවය හා කොමියුනිස්ට්වාදය ද ආරක්ෂා කිරීම සදහා මා ඕ නැඟී සිටියේ මේ නිසා ය. ස්ටාලින්ගේ ද රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ ද සහාය ලද ලෙනින්ගේ නායකත්වය යටතේ බහුජනතාවගේ මහා විප්ලවීය  පන්ති අරගල හා කොමියුනිස්ට්වාදය කරා යන ගමනේ දී සෝවියට් සංගමයෙහි ඇති වූ යුගමය විපරිවර්තනයන් හා මුදුන්පත් කිරීම් ඔස්සේ ඉතිහාසය තුළ ලෙනින්වාදයේ විද්‍යාත්මක වලංගුභාවය ඔප්පු කරනු ලැබ තිබේ.  අධිරාජ්‍යවාදය පිළිබද, කොමියුනිස්ට් විප්ලවය හා නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ මූලධර්ම පිළිබ`දව එම විද්‍යාත්මක වලංගුභාවය පෙර කවරදාක තිබුණාටත් වඩා වැඩිමනක්ව තිබේ.

  • අත්‍යවශ්‍ය කරුණු

මම   අධිරාජ්‍යවාදය පිළිබඳ ලෙනින්ගේ න්‍යායේ මූලික කරුණු සංක්ෂිප්ත කිරීමට උත්සාහ කරමි. මෙයින් කිසිදු ආකාරයකින් නිරවශේෂ පණ්ඩිතගෝචර අභ්‍යාසයක් අදහස් නොවන අතර ලෙනින්ගේ න්‍යායේ විද්‍යාත්මක පෘථුල බවට, විෂය පථයට හා ගැඹුරු බවට සාධාරණය ඉටු කිරීමක් ද අදහස් නොවේ. මා හුදෙක් අපේක්ෂා කරන්නේ අධිරාජ්‍යවාදය පිළිබද න්‍යාය මූර්තිමත් කර තිබෙන පරිදි ලෙනිින්වාදයේ මූලික මූලධර්ම ගෙනහැර දැක්වීමය.

  • මූල්‍ය ප‍්‍රාග්ධනය

ලෙනින් අධිරාජ්‍යවාදී ක‍්‍රමය විශ්ලේෂණය කළේ ‘නිදහස්’ තරගයේ (නිර්බාධවාදයේ) මූලධර්ම මත පදනම් වූ තරගකාරී ධනවාදය, ඒකාධිකාරී ධනවාදය විසින් විතැන් කරන ලද ධනවාදයේ සංවර්ධනයේ නව සහ වඩා උසස් අවධියක් ලෙස ය. ඒකාධිකාරී කාර්මික ප‍්‍රාග්ධනය බැංකු ප‍්‍රාග්ධනය හා ඒකාබද්ධ වූ විට  එය මූල්‍ය ප‍්‍රාග්ධනයට මඟ පෑදීය. මූල්‍ය ප‍්‍රාග්ධනය සැබෑ ගෝලීය – විශ්වීය – පරිමාණයක් මත ප‍්‍රාග්ධනයේ ඉහළතම සංකේන්ද්‍රණය, මධ්‍යතකරණය හා ව්‍යාප්තිය නියෝජනය කරයි. එය කොල්ලකාරී ප‍්‍රතිවාදී තරගකරුවන්ගේ වියපැහැදමෙන් සදා තීව‍්‍ර කෙරෙන ලාභය කොල්ලකෑම නොනැවතී ව්‍යාප්ත වීමට අපේක්ෂා කරයි. අධිරාජ්‍යවාදී රාජ්‍යයන් තුළ පදනම්ව සිටින හා එම රාජ්‍යයන් විසින් අනුග‍්‍රහ දක්වන ගෝලීය ව්‍යාපාර විසින් නිෂ්පාදන මාර්ග හිමි කරගෙන තිබීම හා පාලනය කිරීම මත පදනම් වෙයි. ලෙනින් අධිරාජ්‍යවාදය සංවර්ධිත ධනවාදී – අධිරාජ්‍යවාදී රටවල මූල්‍ය ධනවාදී ව්‍යාපාරික පාලකයන් අතළොස්සක් විසින් මිනිස් වර්ගයාගේ යැපුම් මාධ්‍යයන්ගේ හිමිකාරීත්වය හෝ පාලනය ඔස්සේ ක‍්‍රියාවට නඟනු ලබන දේශපාලන ආර්ථිකයේ ආධිපත්‍යය මත පදනම් වන ගෝලීය දේශපාලන ක‍්‍රමයක් ලෙස  විශ්ලේෂණය කළේය.

  • අත්‍යන්ත පරපෝෂිතවාදී කුණුු වීමේ ලක්ෂණ

එක්සත් ජනපදයේ මූල්‍ය දියවීමක් ලෙස 2008 දී ඇරඹි මෑත අර්බුද සර්පිලය, පසුබැසීමේ හා අවපාතයේ චක‍්‍රයක් බවට සංවර්ධනය වී තිබේ. අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුතු මෙම කොල්ලකාරී පරපෝෂිත මූල්‍ය ධනපති පන්තියම හා ඔවුන්ගේ ගෝලීය ව්‍යාපාර බදු ගෙවන්නන් ගේ මුදල්වලින් එක්සත් ජනපද ඩොලර් ටි‍්‍රලියන ගණනක් තරම් මුදලක් ප‍්‍රතිව්‍යුහගත කිරීම සදහා ඇපයට දෙනු ලැබ ඇත. මේ එක් එක් මූල්‍ය ධනපති ගෝලීය ව්‍යාපාර

ජනතාවගෙන් ඔවුන්ගේ ණයවලින්ම කොල්ලකා ගත් ඩොලර් බිලියන සිය ගණනක් ගැන කිව යුතු නැත. මෙම ඇප දීම් සිදුව ඇත්තේ එක්සත් ජනපදයේ රාජ්‍ය බලය පාලනය කරන ගෝලීය මූල්‍ය ධනපති ව්‍යාපාර අතළොස්සකගේ අත්වල මධ්‍යගතකරණය හා සංකේන්ද්‍රණය වඩාත් ඉහළ මට්ටමක් මත මූල්‍ය

ප‍්‍රාග්ධනය ප‍්‍රතිව්‍යුහගත කිරීම ය.  මේ සමස්ත අතිදැවැන්ත කෝටි – ප‍්‍රකෝටි ඩොලර් ඇපය ආපසු ලබාගත යුතුව ඇත්තේ ජනතාව මත අත්තකිලමතානුයෝගී පත්තියම් පැටවීම මඟිනි. මෙම සමස්ත ගනුදෙනුවට එරෙහි ජනතාව විරෝධ පාමින් කැරලි ගසා නැඟී සිටින විට ඒ විගසම කැරලි මර්දන පොලිසිය විසින් නරුම අධිකරණ බලහත්කාරය ද ඇතිව, පහර දී විසිරුවා හරිනු ලැබේ. රාජ්‍යයන් හා සමාජ රටාවේ යුදකරණය, බහුලව පැතිරුණු වර්ගවාදය හා ජාත්‍යෝන්මාදවාදය, ෆැසිස්ට් මර්දනය, එක්සත් ජනපදයේ වේවා ශ‍්‍රී ලංකාවේ වේවා අන් හැම තැනකම වේවා අද දවසේ නැෙඟමින් තිබෙන ප‍්‍රවණතාය.  එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ජර්මනිය, කැනඩාව, රුසියාව, චීනය, ග‍්‍රීසිය, ඉතාලිය, පෘතුගාලය, ස්පාඤ්ඤය, අයර්ලන්තය වැනි අධිරාජ්‍යවාදී – ධනවාදී රටවල හා අන් හැම තැනකම මෝරමින් නැෙඟන ප‍්‍රතිවිරෝධය මෙය යි.  ලෝකය මහා කැලඹිල්ලක පසුවෙයි. ලෝක පරිමාණයෙන් වන ජන ඝාතන යුද්ධ ප‍්‍රවණතා ජාතික විමුක්තියේ හා විප්ලවයේ ප‍්‍රවණතා සමඟ මුහුණට මුහුණ ලා සිටිනු ඇත. ලෙනින්වාදයෙන් හා අධිරාජ්‍යවාදය පිළිබද ඔහුගේ න්‍යායෙන් තොරව සංවර්ධනයේ එහි ඉහළ හා අවසාන අවධියේ දී සමස්ත අධිරාජ්‍යවාදයේ කුණු වී යන පරපෝෂිතවාදයේ ගැඹුර විද්‍යාත්මකව අවබෝධ කරගැනීමට හැකි නොවේ. එසේම එය පෙරළා දැමිය හැක්කේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමට ද හැකි නොවේ. මෙම විද්‍යාවෙන් තොරව ධනවාදයේ – අධිරාජ්‍යවාදයේ මූලික ප‍්‍රතිවිරෝධය ග‍්‍රහණය කරගැනීමට ඔබට නොහැකි වනු ඇත.   සමාජකෘත නිෂ්පාදනය හා පෞද්ගලික අත්පත් කරගැනීම අතර ප‍්‍රතිවිරෝධය හා එහි සවිඥානික ප‍්‍රකාශනය වශයෙන් අධිරාජ්‍යවාදය හා නිර්ධන පන්ති විප්ලවය අතර විශ්වීය ප‍්‍රතිවිරෝධය හා එහි අභ්‍යන්තර චලනය හා සංවර්ධනයේ තර්කණය පාලනය කරන විෂයමූලික නියාමයන් ග‍්‍රහණය කරගැනීමට ඔබට නොහැකි වනු ඇත. ඔබ කැලය නොදැක ගස් පමණක් දකිනවා ඇත. ඔබේම අත්දැකීම් හා විඥානය පිළිබද මනෝමූලික රාජ්‍යයේ සිරගත වීමෙන් ඔබ දේවල්වල බාහිර පෙනුම මඟින් සම්පූර්ණයෙන්ම වසග වන්නට පුඑවන. එලෙස නිෂ්පාදනය වන මායාවන් ගැන රැුවටීම්වලින් මුළාවේ වැටෙනවා ඇත. ඔබ ඓතිහාසික නිමේෂය අහිමි කරගන්නවා ඇත. ඔබ වාස්තවික තත්වයෙහි සහ නැඟී වර්ධනය වන ඓතිහාසික තත්ව සමුච්චයක අපෝහකය ග‍්‍රහණය කරගැනීමට අසමත් වනවා ඇත. ඔබ අන්ධභාවය සහ නොදැනුම තුළ අන්‍යයන් ද නොමඟ යැවීමට මඟ පාදමින් බලාපොරොත්තු නැති කරගන්නා තත්වයට හා යටත් වීමට පාත‍්‍ර කරනවා ඇත.

  • නිර්ධන පන්ති විප්ලවයේ පෙර සැඳෑව

ලෙනින්, ගෝලීය මූල්‍ය ධනේශ්වර ව්‍යාපාර වස්තු වෙළෙඳපොළවල හා අනෙකුත් මූල්‍ය වෙළෙදපොළවල කරන උපාමාරු හා සෙල්ලම් විසින් කෝටි ප‍්‍රකෝටි ගණන් සමපේක්ෂණය කරන, වංචා කරන හා කොල්ලකන ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ සැකැස්ම විශ්ලේෂණය කළේ ය. මෙම සුවිශාල මූල්‍ය ධනවාදී ආර්ථිකය කිසිදු නිෂ්පාදන ක‍්‍රියාවලියකට හෝ වටිනාකම් නිෂ්පාදනයකින් බිහි වීමට හෝ සම්බන්ධ නොවේ. එය හුදෙක් දියුණුව අත් කරගන්නේ ජනතාව කොල්ලකෑම, ඔවුන්ගේ මුදල් වංචා කිරීම, හා ලෝකයේ මූල්‍ය ආර්ථික සම්පත් ගිල දැමීම මඟිනි. ජාත්‍යන්තර මූල්‍ය

ප‍්‍රාග්ධනය නියෝජනය කරන්නේ විවිධ අධිරාජ්‍යවාදී රටවල ඔවුන්ගේ මූලස්ථාන ඇතිව සිටින ගෝලීය ව්‍යාපාර ස්වල්පයක් අත්හි ඉහළම ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණයය. ලෙනින් අනුකම්පා විරහිතව පෘථිවිය දුෂණය කිරීමේ හා කොල්ලකෑමේ දළ සමස්ත මනුෂ්‍ය වර්ගයා අමානුෂීය කිරීමේ දළ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අතිදුෂ්ට වූ සාපරාධී ස්වභාවය හෙළි කිරීම මඟින් අධිරාජ්‍යවාදී ක‍්‍රමයේ  අත්‍යන්ත පරපෝෂිත බව හා කුණු වීම පෙන්වා දුන්නේය. මූල්‍ය දියවී යාම්, පසුබෑමේ අවපාතයේ චක‍්‍ර, එහි බිහිසුණු රාශිභූත අවසන්ධි වීම් වැල, දුක්ඛිතභාවය හා අවමානය මඟින් හගවනු ලබන අධිරාජ්‍යවාදයේ සර්පිලාකාර ව්‍යුහමය අර්බුදය ලෙනින්වාදී න්‍යාය ජීවමානව තහවුරු කරන ඒවා ය. ඒ පසුපස එන ත‍්‍රස්තයට එරෙහි ගෝලීය යුද්ධයක ජනඝාතක න්‍යාය පත‍්‍රය වන අතර ඒවා ධනවාදයේ අවසාන අවධිය ලෙස ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය හා අධිරාජ්‍යවාදය පිළිබද ලෙනින්වාදී න්‍යාය ජීවමානව තහවුරු කරනු ලබයි. මෙම විනාශකාරී අතාර්කිකතාව කෙසේ වුව දළ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය ප‍්‍රාග්ධනයේ සංකේන්ද්‍රණයේ, මධ්‍යගතකරණයේ හා ව්‍යාප්තියේ ඉහළම අවධිය, පෞද්ගලික දේපළෙහි හා පන්ති ආධිපත්‍යයේ ඉහළම හා ඉතාමත්ම සංකේන්ද්‍රිත ප‍්‍රකාශනය වන්නේ කෙසේද යන්න පෙන්වා දුන්නේය. නිර්ධන පන්ති විප්ලවය අරමුණු කරනුයේ පන්ති බෙදීම් හා ඒ හා බැදුණු අධිපති සමාජ සම්බන්ධතා පැවතීම අවශ්‍ය නොකරන්නා වූ හා ඒ සදහා හේතුවක් නොමැත්තා වූ සමස්ත නව ආකාරයක සමාජ සංවිධානයක් සදහා  පදනම දැමීම පිණිස අත්පත් කරගෙන සිටින්නන්ගේ රාජ්‍ය බලය පොඩිපට්ටම් කර දැමීම මඟින් මෙම පොදු දේපළ අත්පත් කරගැනීම ය. මූල්‍ය ප‍්‍රාග්ධනයේ ඓතිහාසික භූමිකාව හා කාර්යය වූයේ ලෝක නිර්ධන පන්ති විප්ලවයේ මෝරා යාම සඳහා ද්‍රව්‍යමය සහ දෘෂ්ටිමය කොන්දේසි ස්ථාපිත කිරීම ය. ඉතිහාසයේ ඉතාම රැඩිකල් හා දියුණු පන්තිය වන ජාත්‍යන්තර නිර්ධන පන්තිය ලෝකයේ පීඩිත ජනතාවන් සමඟ එක්සත්ව අධිරාජ්‍යවාදයේ බලකොටුවලට පහර දීමට ඉදිරිපත්ව තිබේ.

සුරේන්ද්‍ර අජිත් – ලේකම්, ලංකා කොමියුනිස්ට් (මා ඕවාදී)  පක්ෂය

Advertisements