කතුවරුන්ගේ සාදය අතරතුර වෘකයා පා තබයි!

media ethicsතමන්ට රිසි ආකාරයට ජනමාධ්‍ය හසුරුවා ගැනීම ඕනෑම පාලකයකු දකින සිහිනයයි. ජනමාධ්‍ය විසින් ජනතාවට තොරතුරු මුදා හරින බැවින් ඒ හරහා ගමන් කරන තොරතුරු තමන්ට පක්ෂපාතී ලෙස සකස් විය යුතු බව ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයෙක් ප‍්‍රාර්ථනා කරයි. එහෙත් රටක අදහස්, මතවාද හා විවිධ දේශපාලන සංවාද ගොඩනැෙ`ගන්නේ විසංවාදී තලයන් කිහිපයකයි. එවිට පාලකයන්ගේ 
සිතැ`ගිවලට අභියෝගකාරී අදහස් හා තොරතුරු සම්පේ‍්‍රෂණය කිරීම ජනමාධ්‍ය තුළින් සිදු වේ. ජනමාධ්‍ය මර්දනයේ අවශ්‍යතාවක් පාලකයන්ට ඇති වන්නේ ඒ නිසාය.

මීට හොදම නිදසුන වන්නේ පසුගිය යුද සමයේ ලංකාව පැවති තත්වයයි. යුද්ධ භූමිය තුළ සිදු වන්නේ කුුමක්ද යන්න වාර්තා කිරීම ජනමාධ්‍යවේදියාගේ කාර්යයක් ලෙස නොසලකා රජය විසින් ඊට මැදිහත් විය. එය රජය විසින් මාධ්‍ය වාරණයක් පැනවූවාටත් වඩා අන්ත වූ බරපතළ තත්වයකි. යුද්ධය ගැන මේ රටේ ජනතාව කියැවූයේ ආණ්ඩුවට කීමට අවශ්‍ය පුවත් පමණකි. කොහොමටත් දේශපේ‍්‍රමී හමුදාව ‘දිවිපිදූ’ බව හා ත‍්‍රස්තවාදීන් ‘මියගිය’ බව කියූ අපේ රටේ මාධ්‍ය තුළ රජයේ යුද පුවත් ප‍්‍රචාරයට බාධාවක් ඇති නොවීය. යුද බිමේ සිටි හමුදා සොල්දාදුවන් සකස් කළ සංඛ්‍යා ලේඛන ලෙසින් මේවා ජනමාධ්‍ය ආයතනවලට මුදා හැරුණේ ‘ජාතික ආරක්ෂාව පිළිබ`ද මාධ්‍ය මධ්‍යස්ථානය’ යන වගකීම යටතේය. ඇත්ත වශයෙන්ම මේ පුවත් ජනිත වූයේ යුද බිමේද, නැත්නම් අර කී මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටි කොළඹ කාර්යාලයේ දීදැයි සහතික කර කීමට නොහැකිය. එහෙත් මේ ක‍්‍රමය
අනුගමනය නොකළ මාධ්‍යවේදීහු යුද්ධය ගැන සිය මතය හා සංඛ්‍යා දත්ත වාර්තා කළහ. ඒ නිසාම ඔවුහු නිල හා නොනිල මැර තර්ජනයන්ට ලක් වූහ. අතපය කඩා දැමීම්, පැහැරගෙන යෑම් හෝ ඝාතනයට ලක් වීම් දක්වා මර්දනය උග‍්‍ර විය. මේවාට ආණ්ඩුව වගකිව යුතු විය.

යුද්ධය පැවති වකවානුවේ ආණ්ඩුවේ ප‍්‍රධාන ඉලක්කය බවට පත් වූයේ දෙමළ ජනමාධ්‍යවේදීන් ය. සිවරාම් ඝාතනය එහි උච්චතම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම ඝාතනය දකුණේ මාධ්‍යවේදීන් ද භීතියට පත් කිරීම අරමුණු කරගත්තක් බව පෙනෙන්නට තබිණි. ඒ අතරවාරයේ යුද්ධයට පක්ෂපාතී නොවන මත දරන, දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කරන මාධ්‍යවේදීන් ද මර්දනයේ ගොදුරු බවට පත් විය. දකුණේ සමාජය ඒ හමුවේ නිහ`ඩව සිටියා පමණක් නොව ඊට එක`ගතාව හා අනුබලය ද සැපයීය.

2009 යුද්ධය නිමා වීමෙන් පසුව ආණ්ඩුව සැලැසුම් සහිත ව්‍යාපෘතියකට අත ගැසූ බව පෙනෙන්නට තිබේ. යුද්ධය විසින් ජනිත කරන ලද මනෝභාවය උපයෝගී කරගනිමින් මුලින්ම අත තැබුවේ ආණ්ඩුවේ අර්ථයෙන් ‘බෙදුම්වාදී හා අධිරාජ්‍ය ගැති’ යන ලේබලය මාධ්‍යවේදීන් මත ඇලවීමටය. එය යුද්ධය පැවති වකවානුවේ දී ආරම්භ කරන ලද්දකි. එම ලේබලය යටතේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරන ලද අතර ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරන ලදී. තවත් මාධ්‍යවේදීන් හා මාධ්‍ය ක‍්‍රියාකාරීන් රැුසක් වෙත තර්ජනය කිරීම හෝ පහර දීම සිදු විය. ඒ අතරම ඔවුන්ට පලා යෑමේ මාවතක් ද පෙන්වන ලදී. ඒ, තම ජීවිතය රැුක ගැනීමට නම් විදෙස්්ගත වීමය. බොහෝ දෙනකුට එම මාවත තෝරා ගැනීම හැර අන් විකල්පයක් නොවීය. ආණ්ඩුවේ එම සැලැස්ම සාර්ථක වී ඇති බව පෙනෙන්නේ අත්දැකීම් සහ හැකියාවන් සහිත යම් ක‍්‍රියාකාරීත්වයක සිටි මාධ්‍ය ක‍්‍රියාකාරීන් සියලූම දෙනා පාහේ මේ වන විටත් රට හැර ගොස් සිටින බැවිනි. මේ නිසා මාධ්‍යවේදීන්ට නායකත්වයත් අහිමි වී, ම`ග පෙන්වීමත් අහිමි වී ඇතැයි හැෙ`ගන තත්වයක් උද්ගතව තිබේ.
මේ මොහොත වන විට මාධ්‍යවේදීන්ගේ ක‍්‍රියාකාරීත්වය පවතින්නේ ඇල්මැරුණු තත්වයකය. ඊට ප‍්‍රධාන වශයෙන්ම අත්දැකීම් සහිත, නායකත්වය ගත හැකි ක‍්‍රියාකාරීන්ට දිවයිනෙන් පිටමං වීමට සිදු වී තිබීම බලපා ඇත. එපමණක් නොව යම් ක‍්‍රියාකාරීත්වයක අවශ්‍යතාව දැනෙන, උනන්දුව සහිත මාධ්‍යවේදීන් සිටිය ද අත්දැකීම්වල හි`ගකම හා පසුබිමෙන් ලැබිය යුතු සහාය අහිමි වීම ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය දුර්වල වීමට බලපා තිබේ.
ආණ්ඩුව විසින් පතුරුවනු ලබන භීෂණය මාධ්‍යවේදීන් අක‍්‍රීය කිරීමට හා ස්වයං වාරණයක් පනවා ගැනීමට බලපා ඇති අතර ඊට බලපාන ආර්ථික දේශපාලන සන්දර්භයක් ද තිබේ.

අද සිටින තරුණ මාධ්‍යවේදීන් සියලූ දෙනාම 1978 ට පසුව උපන් අයයි. එනම් ඔවුන්ගේ චින්තනය හැඩ ගස්වා ඇත්තේ නව ලිබරල් ධනවාදය විසිනි. මීට දශක කිහිපයකට පෙර හමු වූ පුවත්පත් කලාව තම ජීවිතය කරගත් මාධ්‍යවේදීන් වෙනුවට එය තම ජීවිකාව කරගත් ජනමාධ්‍ය ආයතනවල සේවකයන් හෝ මාධ්‍ය ශිල්පීන් හමුවන්නේ ඒ නිසාය. නව ලිබරල් ධනවාදය විසින් බිහි කරනු ලබන්නේ ‘මාධ්‍යවේදියා’ නමැති සමාජයට වග කියන වගකීම් සම්පන්න මිනිසා නොව ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ට ලාභ උපයා දෙන කම්කරුවන්ය. ජනමාධ්‍යවේදියකු සතු විය යුතු ක‍්‍රියාකාරීත්වය ස`දහා ඔහුව පොලඹවන්නේ සමාජය වෙත ඇති ඔහුගේ වගකීම්සහගතභාවය විසිනි. මාධ්‍ය ආයතන වල සේවය කරන ශ‍්‍රමිකයන්ගෙන් එබ`දු ක‍්‍රියාකාරීත්වයක් බලාපොරොත්තු වීම උගහටය.

කෙසේ වෙතත් එලෙස මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය දුර්වල වී ඇති තත්වයක් තුළ ජනාධිපතිවරයා මසකට වරක් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් කැ`දවා ඉදිරි මාසය තුළ ආණ්ඩුවේ අරමුණු මාධ්‍ය හරහා ගෙන යාමට පසුබිම සලසා ගනී. ඇතැමෙකුට මෙම හමුව මානසික අල්ලසක් වන අතර ඇතැමෙකුට එය තර්ජනයක් වී ඇති බව ඔවුන් සිය සමීපතමයන් සම`ග කී කතාවලින් වැටහේ.
එතැනින් නතර නොවුණු ආණ්ඩුව ඊළ`ග අදියරට පය තබනු ලැබීය. ඒ තමන්ට ගත හැකි සියලූ මාධ්‍ය ආයතන තමන් වෙත ගැනීමෙනි. ‘රිවිර’ මාධ්‍ය ආයතනය රාජපක්ෂ පවුලේ අයකු විසින් මිලට ගත් අතර ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත ද ආණ්ඩුවේ සමීපතමයකු විසින් මිලට ගනු ලැබීය.

පසුගිය දා ‘රාවය’ පුවත්පතට මිලින්ද මොරගොඩ මැදිහත් වීම මෙම ක‍්‍රියාවලියේම අවස්ථාවකි. ඉරිදා ලක්බිම පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ සුන්දර නිහතමානී ද මැල් ඉවත් කිරීම ද එහිම අවස්ථාවක් බව මාධ්‍ය ක්ෂේත‍්‍රයේ කතා බහට ලක්ව ඇත.
ආණ්ඩුවේ අවශ්‍යතාවට ලියන සිංහල හා ඉංග‍්‍රීසි පුවත්පත් තිබෙන අතර දෙමළ පුවත්පත් ආණ්ඩුවේ උවමනාව ඉටු කරන්නේ නැත. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයකුගේ ද සම්බන්ධයක් ඇති උදයන් පුවත්පත උතුරේ සිදු කරන බලපෑම් නිහ`ඩ කිරීම ස`දහා ආණ්ඩුව උපක‍්‍රම දෙකක් අනුගමනය කර ඇත. පළමු වැන්න උදයන් පුවත්පතට හා එහි සේවකයන්ට, මාධ්‍යවේදීන්ට නිල හා නිල නොවන හමුදා කණ්ඩායම් යොදා පහර දීමයි. දෙවැන්න, ඩග්ලස් දේවානන්ද ඇමැතිවරයා ම`ගින් ඉතා මිල අඩු, බලහත්කාරයෙන් බෙදා හරින පුවත්පතක් ආරම්භ කිරීමයි. ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය ආණ්ඩුවට තිබෙන අතර නාමල් රාජපක්ෂගේ හිමිකාරීත්වය ඇතැයි පැවසෙන සිංහ එෆ්. එම්. හා ආණ්ඩුවේ දේශපාලකයන්ගේ වක‍්‍ර හිමිකාරීත්වය සහිත ගුවන් විදුලි නාලිකා ආණ්ඩුවට තිබේ.

ආණ්ඩුවේ මෙම ජනමාධ්‍ය ඒකාධිකාරයට තවමත් හසු වී නැත්තේ වෙබ් අඩවි හා අන්තර්ජාලය හරහා සිදු කෙරෙන සන්නිවේදනයයි. පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු බවට නීතියක් ගෙන ආ නමුත් ඉන් තවමත් ප‍්‍රයෝජනයක් අත් වී නැත. ඒ නිසා යම් යම් වෙබ් අඩවි ලංකාව තුළ වාරණයට ලක්ව ඇතත් ඡුරදංහ ීැරඩැර හරහා ඒවාට පිවිසිය හැකිය. අනෙක් අතට ත්‍්ජැඊදදන වැනි සමාජ ජාල හරහා ද වාරණය කරන ලද පුවත් ජනගත වීම සිදු වේ. ආණ්ඩුවේ ප‍්‍රමුඛ පෙළේ දේශපාලකයන් හා නිලධාරීන් වෙබ් අඩවිවලට දිනපතා බැණ වදින්නෙත් වෙබ් අඩවි හීලෑ කරගත හැකි මං සොයමින් සිටින්නෙත් ඒ නිසාය.
ජනතාව වෙත තොරතුරු ගලා යන මාර්ග වසා පතුරුවා ඇති මේ දැවැන්ත ජාලය හමුවේ වුව ද ඊට යටත් නොවන මාධ්‍ය ආයතන අතළොස්සක් තිබේ. මාධ්‍යවේදීන් අතළොස්සක් සිටී. ආණ්ඩුව කියන්නේ කුමක් වුවත් ඇත්තවශයෙන්ම ඔවුන්ට අවශ්‍ය වන්නේ අලූත් අචාර ධර්ම පද්ධතියකින් ඔවුන් හීලෑ කිරීමට ය.

කලින් අවස්ථා කිහිපයකදීම ගෙන ඒමට උත්සාහ කළ මේ කියන ඊනියා ආචාර ධර්ම පද්ධතිය කඩිමුඩියේ ගෙන ඒමට ආණ්ඩුව අවස්ථාවක් කරගෙන ඇත්තේ බෝවත්තේ ඉන්දරතන හිමි ගිනි තබාගෙන සිය දිවි නසාගත් අවස්ථාව ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්තිවල විකාශය කළ ආකාරයයි. මාධ්‍ය සදාචාරයට පටහැනිව සිදු වූ එම පුවත් විකාශනය නිසා ‘මාධ්‍ය සංවර කළ යුතු බවට’ පැනනැ`ගුණු සමාජ කතිකාව ම යොදා ගනිිමින් මාධ්‍ය හීලෑ කරගැනීමට ආණ්ඩුව උත්සාහ දරන නිසා එම සංවාදයේ නිරත වී සිටින සියලූ දෙනා ඒ ගැන අවධානය යොමු කළ යුතු යැයි අපි සිතමු.

මාධ්‍යවලට යම් සංවරයක් හා ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍ය ය. එහෙත් එය ගොඩනැ`ගිය යුත්තේ මාධ්‍යවේදීන් හා සහෘදයන් විසින් මිස පාලකයන් විසින් නොවේ. රාජපක්ෂ රෙජීමය උත්සාහ දරන්නේ පාලකයාට හිතෙන දේ හිතන, පාලකයාට අවශ්‍ය දේ පමණක් දන්නා සමාජයක් බිහි කිරීම ස`දහා පාලකයා එසේ සිතන්නේ ඇයිදැයි සිතීමට ජනතාව පොලඹවන මාධ්‍ය හා මාධ්‍ය ක‍්‍රියාකාරීන් නිහ`ඩ කිරීමය. ගෙන ඒමට නියමිත ඊනියා ආචාර ධර්ම පද්ධතිය ඒ් නිසාය. ඊට අප කොන්දේසි විරහිතව විරෝධය පළ කළ යුතු අතර කිසිසේත්ම සම්මත කරගැනීමට ඉඩ නොදිය යුතුය. ඒ අතරම යහපත් මාධ්‍ය රීතීන් ගොඩන`ගා ගැනීම ස`දහා වන බුද්ධිමය සංවාදය පෙරට ගත යුතු අතර ඊට අත පෙවීමට පාලකයන් දරන සියලූ උත්සාහයන්ට වැට බැ`දිය යුතුය.

ජේ.ටී.ගමගේ

Advertisements