සුජාගෙ රහස කියන්න ඇවිත් සිනමාවෙම නැවතුනා- රෝයි ද සිල්වා

Imageලාංකේය සිනමාවේ නළුවෙක් අධ්‍යක්ෂවරයෙක් ලෙස නමක් දිනාගෙන සිටින රෝයි ද සිල්වා It’s a matter of love නමින් ඉංගී‍්‍රසි චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. එහි මංගල දර්ශනය ප‍්‍රදර්ශනය වූයේ හොලිවුඞ්වලය. මෙම සම්මුඛ සාකච්ඡුාව එම සිනමා පටය පිළිබද හා ඔහුගේ සිනමා භාවිතාව පිළිබ`දවය.

  •  රෝයි ද සිල්වා මුලින්ම සිනමාවට පා තබන්නේ 1963 ‘සුජාගේ රහස’ තුළින්. ඔබ න`ඵවෙක් වුණේ ඇයි?

ඔව්, මම පළමු චිත‍්‍රපටය ර`ගපාල අවසන් වුණේ 1963. සුජාගේ රහස . ඒක තිරගත වුණේ 1964. ඇත්තවශයෙන්ම ඒ දවස්වල ගායකයෙක් විදිහට තමයි මම කටයුතු කෙරුවේ. අපිට මොරටුවේ තිබුණා ගෲප් එකක්. මම, ෆ්‍රෙඞී සිල්වා, කි‍්‍රස්ටෝපර් පෝල් එකතු වෙලා සින්දු කිව්වා. මට ඕනකම තිබුණේ චිත‍්‍රපට පසුබිම් ගායකයෙක් වෙන්න. මගේ පළමු ගුරුතුමා සිරිල් පී. අබේරත්න මහතා කිව්වා නෑ ර`ගපාන්න කියල. ඒ අනුව එයාගෙ චිත‍්‍රපට දෙකකම ර`ගපාන්න අවස්ථාව ලැබුණත් ඒ දෙකම කෙරුණෙ නෑ. ඊට පස්සේ ඔය සුජාගේ රහසට ඒ කාලේ ජනපි‍්‍රයත්වයේ හිනි පෙත්තේම හිටපු ජීවරානි සහ රවීන්ද්‍ර රූපසේනගේ පුතා හැටියට ර`ගපාන්න න`ඵවෙක් හොයමින් හිටියා. මම සිරිල් පී. අබේරත්න ගුරුතුමාගේ සහයෙන් අයදුම්පතක් දැම්මා. පන්සීයක් විතර සම්මුඛ පරීක්ෂණයට ඇවිත් හිටියා. පී. නීලකණ්ටන් කියල දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් තමයි අපිව තෝර ගන්න ඇවිත් හිටියේ. අන්තිමේ දි මාව තේරුණා. ඉන් පස්සේ ගායක ආසාව අත් හැරල දිගටම නඵවෙක් වුණා.

  •  නඵවෙක් වුණාට පස්සෙත් ඔබ ගීත ගායනා කළා නේද?

ඔව්. මම අධ්‍යක්ෂණය කරපු ටොම් පචයා චිත‍්‍රපටයේ ෆ්‍රෙඞීත් එක්ක ගායනා කළා. ඊට පස්සෙත් චිත‍්‍රපට දෙක තුනක ගීත ගැයුවා.

  •  1960-70 කියන්නේ ලංකාවේ වාණිජ චිත‍්‍රපට වඩා ජනපි‍්‍රය කාලයක්. ඔබ ඒ කාලේ රිදී තිරයේ ‘සුපර් ස්ටාර්’ කෙනෙක්?

ඇත්ත. මුල් චිත‍්‍රපටයෙන්ම මාව ජනපි‍්‍රය වුණා. ඉන්දියාවේ හිටිය ජෙයසංකර් කියල න`ඵවෙක්. ඔය න`ඵවගේ හැඩරුව මගේ රූපයට සමානයි. ඒ නිසා මට චිත‍්‍රපටවල ර`ගපාන්න අවස්ථාව ලැබුණා. දෙමළ අධ්‍යක්ෂවරු තමයි මාව ගොඩාක් චිත‍්‍රපටවලට ගත්තේ. මාවත් ඒ චිත‍්‍රපටත් බොහෝම ජනපි‍්‍රය වුණා. ආදායම් වාර්තා තිබ්බා. ඊට පස්සේ මාධ්‍යයෙන් මට ගැහුව දෙමළ න`ඵවො කොපි කරනව කියල. මම අධිෂ්ඨාන කළා කමක් නෑ, මේවයින් සල්ලි හම්බ කරල මම පෙන්නන්නම් මගේ කෙරුවාව කියල. ඒ අනුව මට හිතුණ චිත‍්‍රපටයක් කරන්න ඕනෙ කියල.

  •  ඇත්තටම ඔබ දකුණු ඉන්දීය න`ඵවන්ගේ රූපය අනුකරණය කළේ නැද්ද?

නෑ. නෑ. ඇත්තටම මම පාසල් යන කාලෙ ඉ`දලම ගොඩාක් පි‍්‍රය කරපු න`ඵවෙක් තමයි පේ‍්‍රම් ජයන්ත්. මගේ පිස්සුව තිබුණේ ඔහු වගේ කොණ්ඩය පීරන්න, රැුවුල කපන්න මිසක් ඉන්දියානු අනුකරණයක් මගේ තිබුණේ නෑ. ඔය ජෙයසංකර් වගේ කීවට මම ඒ වගේ නෙවෙයි. ඉන්දියාවෙ කවුරුත් වගේ නෙවෙයි. නමුත් මගේ උපන් ස්වරූපය ඒ වගේ ඇති. අනික මම දෙමළ චිත‍්‍රපට බලල තියෙන්නෙත් හතරක් පහක් විතරයි. වැඩිපුරම බලල තියෙන්නේ ඉංගීි‍්‍රසි චිත‍්‍රපට.

  •  ඒ කාලේ ජනපි‍්‍රය නඵවන් වූ ගාමිණී, විජය, තිස්ස ඔබට අභියෝගයක් වුණාද? නැත්නම් ඔබව ඒ අයට අභියෝගයක් වුණාද?

නෑ. ඇත්ත වශයෙන්ම මට කිසිම අභියෝගයක් වුණේ නෑ. මාව ගන්න අය දිගටම මාව ගත්තා. මොකද වාසනාවන්ත න`ඵවා, ඛමජනහ ්රඑසිඑ කියල මට නමක් හැදිල තිබුණා. ර`ගපාන හැම චිත‍්‍රපටයම ඊදං ධෙසෙජැ තිබ්බා. ගීතා, සුජීවා, සූකිරි කෙල්ල, හරියට ජනපි‍්‍රය වුණානේ. ඒ කාලේ ගාමිණී ෆොන්සේකාගේ චිත‍්‍රපටයක් එනව නම් ඊට ඉස්සරහින් වෙන කාගෙවත් චිත‍්‍රපටයක් දාන්නේ නෑ. මට මතක විදිහට ‘එදත් සූරයා අදත් සූරයා’ එනකොටම තමයි ‘සුජීවා’ ආවේ. ලෙනින් මොරායෙස් ඇතු`ඵ ගොඩාක් අය කීවා උඹගේ ෘසරුජඑදර ට කියාපං මේක දාන්න එපා, ඹචිැඑ වෙයි කියල. පස්සේ මම, ජෝ, දේව් ආනන්දට කිව්වා මේ අය මෙන්න මෙහෙම කියනව කියල. ආ ඒකට කමක් නෑ අපි දාමු කියල ඔහු කිව්වා. පස්සේ සුජීවා දින 125 ක් දිව්වා. ඒ චිත‍්‍රපටය දින 50යි දිව්වේ. ඉතිං කිසිම න`ඵවෙක්ගෙන් මට අභියෝගයක් තිබුණේ නෑ. අනික මගේ ගුරුවරයා මට කියපු එකක් තමා උඹේ පසුපස තව කෙනෙක් එනව. ඒ කෙනා උඹට ඉහළින් යනවා. ඒ නිසා වැඩ ඉගෙන ගනින් කියල. මම වැඩ ඉගෙන ගත්තා. ඒ අනුව මම සෑම අධ්‍යක්ෂවරයෙක්ගෙන්ම ඉගෙන ගත්තා. හැදෑරුවා.

  •  රෝයි ද සිල්වා කියන අධ්‍යක්ෂවරයා බිහි වුණේ ඉන් පස්සේද?

ඔව්. 1977 මම කෙරුව ටොම් පචයා කියන විකට චිත‍්‍රපටය. ඒකෙන් ලැබුණු මුදලෙන් මම 1981 තණ ගිරවි කෙරුවා. ඒක ඇන්ටන් චෙකෝෆ්ගේ කෙටිකතාවකින් කරපු තිර රචනයක්. ඒකේ මම ර`ගපෑවේ නෑ. හෙන්රි ජයසේන, උපාලි අත්තනායක, ජෝ අබේවික‍්‍රම, අයිරාංගනී සේරසිංහ, සුමනා අමරසිංහ ර`ගපෑවා. පස්වෙනි මණ්ඩලයටත් තේරුණා. ඔක්කොම පුදුම වුණා රෝයි ද සිල්වාද මේක කළේ කියල. ඇත්ත වශයෙන් මගේ ලයින් එක තිබුණේ සම්භාව්‍ය සිනමාව. නමුත් පස්වෙනි මණ්ඩලේ ශාලා ලැබුණේ නෑ. වෙන මණ්ඩලේකට දැම්මා. ඒ ගැන මම අහපුවහම මට දැන ගන්න ලැබුණ මේක දේශපාලන ප‍්‍රශ්නයක් කියල. මොකද ඒ කාලේ මමත් සුමනත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට වැඩ කළානේ. 82 තිබුණේ ඹභඡු ආණ්ඩුවක්නේ. ඉතිං මාව කපල දැම්මා. මම ණයකාරයෙක් වුණා. නමුත් සම්භාව්‍ය මණ්ඩලේ චිත‍්‍රපටය පෙන්නුව නම් ණයකාරයෙක් වෙන්නේ නෑ. පත්තරවලින් ගොඩාක් අය මට වට කරල ගහනව ගහනව ඉවරයක් නෑ. නමුත් මම අධෛර්ය වුණේ නෑ. ගහන්න ගහන්න මමත් ඉස්සරහටම ආව. ධක්‍ෂක්‍ මාර්ගයෙන් මම මේක මැන්හයින් සිනමා උළෙලට යැව්වා. ඒකෙන් මට සහතිකයක් ලැබුණ. ඊට පස්සේ ඒ අවුරුද්දෙම දෙසැම්බරයේ මම කළා කඩවුණු පොරොන්දුව නව නිෂ්පාදනය. ඒක ඉහළ ආදායම් වාර්තා තිබ්බා. ඊට පස්සේ මම දිගටම අධ්‍යක්ෂණය කරනව.

  •  නඵකම අත් හැරලා දිගටම අධ්‍යක්ෂවරයෙක් වුණේ ඇයි?

නඵකම දිගටම කරපු ගොඩාක් අය සංස්ථාවෙන් පොඩි පැන්ෂන් එකක් එහෙම අරන් ඔය තාම ඉන්නෙ. මට එහෙම උවමනාවක් තිබුණේ නෑ. න`ඵවෙක් කොච්චර දක්ෂයෙක් වුණත් වයසට ගියහම එයා සිනමාවෙන් ධමඑ. එයා නෑ වගේ. මිනිස්සු අ`දුනන්නෙත් නෑ. ඒත් මම දැන් එළියට බැස්සත් මාව අ`දුනනව.

  •  සිංහල සිනමාවෙන් පේ‍්‍රක්ෂකයන් ඈත් වෙන වකවානුවක ෂඑ.ි ් ඵ්එඑැර ධෙ ඛදඩැ වැනි ඉංගී‍්‍රසි චිත‍්‍රපටයක් කිරීම අභියෝගයක් නෙවෙයිද?

අභියෝගයක් තමයි. නමුත් සු`ඵ පිරිසක් හරි මේක නරඹනවනේ. ඒකෙන් තව කාට හරි මේ වගේ දෙයක් කරන්න සිතිවිල්ලක් එනවනේ. අන්න ඒකයි මගේ උවමනාව. ඉංගී‍්‍රසි විතරක් නෙවෙයි, දෙමළ චිත‍්‍රපටත් අපි කරන්න ඕනේ. එහෙම කරපු අතීතයක් අපිට තියෙනවනේ. ්‍යදකකහඅදදා එක්ක බලද්දි මම හාල්මැස්සෙක්. නමුත් මම කරන්න උත්සාහයක් ගත්තනේ. මේ මොහොතේ ෂරදබ ඵ්බ කියන දැවැන්ත ්‍යදකකහඅදදා චිත‍්‍රපටයත් එක්ක තමයි මගේ චිත‍්‍රපටය දුවන්නේ. ඒකත් එක්ක මේකත් නරඹනවනේ. මට පාඩු වුණත් අපිටත් කරන්න පු`ඵවන් කියල පෙන්නන්න මට ඕනෙ වුණේ. මම ඒකට උත්සාහයක් ගත්තා. මම මේ චිත‍්‍රපටයේ මංගල දර්ශනය පෙන්නුවෙත් ්‍යදකකහඅදදා වල.

  •  සිනමාව කර්මාන්තයක්ද?

සිනමාව කර්මාන්තයක් තමයි. නමුත් කර්මාන්තයක් විදිහට ඉදිරියට යන්න කිසිම රජයකින් සහයක් ලැබුණේ නෑ. සිරිමාවෝගේ රජයෙන් විතරයි ඞී.බී. නිහාල්සිංහට යම් හෝ නිදහසක් දුන්නේ. අනික් හැම රජයක්ම මේක බෙදාගෙන කෑව. එන එන සභාපතිට වෙන වෙන ‘ ඕඩර්ස්’ වලට යටත් වෙන්න වෙලා තියෙනවා. ජනාධිපති වටේ උපදේශකයෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගෙ පෞද්ගලික දේවල් දිනා ගන්නව මිසක් මොනවද සිනමාවට කරල තියෙන්නේ? න`ඵ නිළියෝ කීයක් පාර්ලිමේන්තු ගියාද? තාමත් ඉන්නවනේ. මේ එක්කෙනෙකුටවත් උවමනාවක් තිබුණද අර වයසක ශිල්පීන්ට ආණ්ඩුවෙන් දෙන රුපියල් දෙදාහ අඩුම ගාණේ පන්දාහක්වත් කරගන්න. අද රුපියල් දෙදාහෙන් මොනවද කරන්න පු`ඵවන්? මේ රෝගී ශිල්පීන් ඔය රුපියල් දෙදාහ ගන්න සංස්ථාව ඉස්සරහට ඇවිත් වාඩි වෙලා ඉන්නව දැක්කහම පුදුම දුකක් ඇති වෙන්නේ. මෙතනින් පාර්ලිමේන්තු යන කෙනාට සිනමා කර්මාන්තයක් ඕනේ නෑ. එයාගෙ කර්මාන්තේ ඊට පස්සේ ඒක. දැන් අපිට තියෙන්නේ සිනමා ශාලා 80ක් 85ක් පමණනේ. සංස්ථාවට සභාපතිවරයෙක් පත් කළා නම් සම්පූර්ණ බලය, නිදහස එයාට දිය යුතුයි. මගේ අදහස නම් සියලූම සිනමා ශාලාවල පාලනය සහ බෙදා හැරීම සංස්ථාවේ වගකීම යටතට පවරාගත යුතුයි. ඕනෙ ඕනෙ විදිහට කොපි හතළිහ පනහ බෙදා හරින්න ගියොත් අනිත් මිනිහ අනාථයි.

 සංවාද සටහන – අජන්ත අලහකෝන්

Advertisements