ආණ්ඩුව කියන කතා අපට වැදගත් නෑ…! – අතුරලියේ රතන හිමි

rathana13+ දෙනව කියල ආණ්ඩුව කිව්වනෙ? ජනරළ

ආණ්ඩුව කියන කතා අපට වැදගත් නෑ
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි

  •  මේ වෙද්දි දේශපාලන පිටියේ උණුසුම්ම මාතෘකාවෙන් අපි කතා බහ ආරම්භ කරමු. ඇත්තටම 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මේ තරම්ම තියෙන ප‍්‍රශ්නය පැහැදිලි කළොත්?

ඉන්දු ලංකා ගිවිසුම අතීතයේ ගොඩනැ`ගුවේ ඒ තිබුණු දේශපාලන වාතාවරණය අනුව. සාමාන්‍යයෙන් වාමාංශිකයන්ගෙ අදහස තමයි සුළු ජාතිවාදයක් තියෙනවා, සුළු ජාතියට මහාජාතියෙන් අසාධාරණයක් සිද්ධ වෙනවා, ඒක නිසා දෙමළ ජනතාවට අයිතිවාසිකම් දෙන්න ඕන කියන එක. අපි දකින්නෙ එහෙම කියැවීමක් නෙමෙයි. මෙතන බහුවිධ කියැවීමක් තියෙනවා. ඒ වෙද්දි ඉන්දියාව හිටියේ සෝවියට් ක`දවුරත් එක්ක. නොබැ`දි ජාතීන්ගේ ක`දවුර කියන එක එදා සකීි‍්‍රයයි. ඉන්දිරා ගාන්ධි කියන්නේ පැරණි අධිරාජ්‍යවිරෝධී අරගලය දැකපු කෙනෙක්. ඒ මානසිකත්වයත් එක්ක හිටියේ. ලංකාව ගියේ සම්පූර්ණ ලිබරල් ආර්ථිකයක් එක්ක. අමෙරිකාව හා යුරෝපා දේශපාලනය එක්ක අපි හිතන්න පටන් ගත්තා. අන්න ඒකෙ ප‍්‍රතිඵලයක් හැටියට තමයි මම හිතන විදිහට ඉන්දියාව බලපෑම් කළේ. ඒක අන්තර්ජාතික දේශපාලනයේ ඇති වෙච්ච චලනයක්.
දෙවැනි එක යටත් විජිත කාලය තුළ දෙමළ ජනතාවට ආවේණික ඓතිහාසික මුල් තියෙනවා. සුද්දො කළේ සුළු ජන වර්ග බලවත් ජාතියක් බවට පත් කිරීම. සාම්ප‍්‍රදායික ජන වර්ගය පහළට දැම්මා. වාණිජ සහ සංක‍්‍රමණීය ජනතාව වඩා ඉස්සරහට ගෙනාවා. උදාහරණයක් විදිහට 1950 දශකයේ ඉංගී‍්‍රසි භාෂාවෙන් වැඩියෙන් කතා කළේ කවුද? දෙමළ අය. පරිපාලන ක්ෂේත‍්‍රයේ රැු`දී සිටියේ කවුද? දෙමළ අය. හේතුව මේක යටත් විජිතවාදයේ ප‍්‍රතිඵලයක්. ඒ වගේම ගොවි ජනතාවගෙ ආර්ථිකය කඩා වැටීමත් මෙතන තියෙනවා. මෙතනදි අපිට දකින්න වෙන්නෙ මධ්‍ය දේශපාලනයේ තිබුණු වරදක් විදිහට. පළාත් සභා පරිපාලනයත් ජනතාවට පහසුවක් වෙලා නැහැ. විiාත්මක නැහැ.

  •  මෙතනදි වැඩි බර තැබීමක් තියෙන්නෙ ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන්. දෙමළ ජනතාවට යම්කිසි හෝ අයිතිවාසිකමක් හිමි වෙනවා නම් ඇයි ඒකට විරුද්ධ වෙන්නේ?

අපි කියන්නේ ඉඩම් බලතල ඉඩම් නැති ජනතාවට ලබා දෙන්න ඕනි. ලංකාවෙ නැවත පදිංචි කළ හැකි ඉඩම් තියෙන්නෙ උතුරු නැෙ`ගනහිර හා උතුරු මැද පළාතෙ. විශේෂයෙන්ම කිලිනොච්චිය, මුලතිව් වගේ ප‍්‍රදේශවල. එතකොට කවුරුහරි කියනවා නම් ඒ ඉඩම් පළාත් මහ ඇමැතිවරයාට අවශ්‍ය විදිහට තීරණය කරන්න ඉඩ දෙන්න කියලා, අපි ඒකට එක`ග නැහැ. එතකොට පොළොන්නරුවේ දෙවැනි පරම්පරාවට දැන් ඉඩම් නෑ. අනුරාධපුරයේ හතර වැනි පරම්පරාවට ඉඩම් නෑ. ගාල්ල, කොළඹ මිනිස්සුන්ට ඉඩම් නෑ. මං ඉහත කී ප‍්‍රදේශවල පොදුවේ මිනිස්සුන්ගේ ජනපද ඇති කරන්න පුළුවන්. අපි කියන්නෙ නැහැ කිලිනොච්චි ජනතාවට ඉඩම් නොදී අනිත් අයට විතරක් දෙන්න කියලා. ජාතික ඉඩම් කොමිෂන් එකක් හදල, ජනතාවට ඉඩම් නැත්නම් මූලිකව නැති අයට ප‍්‍රමුඛතාව දෙන්න පුළුවන්. ඉඩම් බලතල එක පළාත් සභාවකට දෙන එක සම්පූර්ණයෙන් වැරැුදියි. අනික පොලිස් බලතල. අපේ රටේ ඉන්දියන් ආණ්ඩුවත් ඉක්මවා ගිය පොලිස් බලතල තියෙන්නෙ. ඒ වගේම ඉන්දියාවේ වගේ ප‍්‍රාන්ත විසුරුවා හැරීමේ බලය ලංකා ආණ්ඩුවට නැහැ. කැරැුල්ලක් ඇතිවුණොත් පමණයි විසුරුවා හරින්න පුළුවන්. ව්‍යවස්ථාමය අර්බුදයක දි පළාත් සභා විසුරුවා හරින්න බැහැ.

  •  මෙතෙක් කාලයක් පළාත් සභා කි‍්‍රයාත්මක වූවා. මේ මොහොතේ උතුර කේන්ද්‍ර කරගෙන ලොකු සංවාදයක් කරගෙන යනවා. මෙතන සාධාරණ අරමුණක් තිබුණ නම් මේ සංවාදය මීට කලින් ගේන්න තිබුණා නේද?

දැන් ප‍්‍රශ්නය තියෙන්නෙ උතුරෙනෙ. ආණ්ඩුවට අනෙක් ඒවගෙ බලය හම්බ වුණා කියල උතුරෙ එහෙම වෙන්නෙ නැහැ. උතුරෙ ඒ විදිහට පළාත් සභා ඡුන්දය තියන්න බැහැ. දෙමළ ජාතික සන්ධානය කියන්නෙ, කොටි ත‍්‍රස්තවාදීන්ගෙ දෙමළ දේශපාලන පෙරමුණ. ඔවුන් ආයුධ අතට ගත්තෙ නැති වුණාට ඉන්නෙ අර පරණ ජාතිවාදී පදනමේ. ඒක නිසා තමයි අපි කියන්නෙ මේ වෙලාවෙ අනිවාර්යෙන්ම උතුරු පළාත් සභාව තිබුණොත් මේ අර්බුදය හට ගන්නවා කියලා. මේක සමාජගත කළේ අපි නෙමෙයි, දෙමළ ජාතික සන්ධානය. ඔවුන් කිව්වා උතුරයි,
නැෙ`ගනහිරයි ඒකාබද්ධ කරන්න ඕන කියලා. එතකොට ඒ අය ඉල්ලූවා 13 ටත් එහා ගිය බලතල. මේ තත්වයන් තුළ තමයි මේ ප‍්‍රශ්නය මතුවෙන්නෙ.

  • ඇයි ද්‍රවිඩ ජාතික සන්ධානයටම චෝදනා කරන්නෙ? ආණ්ඩුවත් කිව්වනෙ 13 විතරක් නෙමෙයි අපි 13+ දෙනවා කියලා?

අපි ඒක දන්නෙ නැහැ. ආණ්ඩුව දැන් කියනවා එහෙම කිව්වෙ නැහැ කියලා. අපිට ඒක වැඩක් නැහැ. අපිට වැදගත් ආණ්ඩුව කියන එක නෙමෙයි, රටේ ඇත්ත මොකක්ද කියන එක. ආණ්ඩුව ව්‍යවස්ථාවක් හදන්න ඕන රටේ ජනතාවට ඕන හැටියට මිසක් විදෙස් රටවලට ඕන විදිහට නෙමෙයි. ඒක තමා අපේ ස්ථාවරය.

  •  ආණ්ඩුවේ කොයි කවුරුත් කියපු දෙයක් තමයි ත‍්‍රස්තවාදයත් පරාජය කරලා නිදහස් රටක දැන් ඉන්නේ. දැන් බයවෙන්න දෙයක් නැහැ. තිබුණු දරුණුම ප‍්‍රශ්නෙ ඉවරයි කියලා. නමුත් ජනතාවාදී විස`දුමකට තාමත් එන්න බැරිවෙලා තියෙනවා?

රතන හාමුදුරුවන්ට ඒක තනියම කරන්න බෑනෙ. මේක සමාජයේ තියෙන දෙයක්. ගතිකයක් තියෙනවා. අහසෙ ඉ`දන් කල්පනා කරන අයට පේන්නෙ නෑ ඒවා. රටේ ජනතාවගේ විඥානය තුළ බය සැක තියෙනවා. ඒ නිසා තමයි තාමත් මිනිස්සු මේ විරෝධයට සහභාගි වෙන්නේ. උදාහරණයක් විදිහට විදුලි බිල අඩු කරන්න කියලා ස්ට‍්‍රයික් කරන්න කියල මිනිස්සුන්ට කිව්වා. නමුත් මිනිස්සු ස්ට‍්‍රයික් කළේ නැහැනෙ. ඒකෙන් කියන්නෙ මිනිස්සු විදුලි බිල වැඩි කරනවා කියන එකට කැමතී කියන එක නෙමෙයි. ආණ්ඩුව පැත්තෙන් ආවා අදහසක් කොච්චර කට්ටිය විරුද්ධ වුණත් අපේ වැඬේ අපිට කරන්න පුළුවන් කියලා. ජ.වි.පෙ. උත්සාහ කළාට ඒකට සමාජ ගතිකයක් ආවෙ නෑ. ඕනම දෙයක් අවුස්සල ගන්න සමාජ ගතිකයක් තියෙන්න ඕන. එහෙම නැතිව රතන හාමුදුරුවන්ට හරි පක්ෂයකට හරි උවමනාවක් තිබ්බ කියල ඒක කරන්න බෑ. වාමාංශිකයන්ගෙ ඔළුවෙ තියෙන දෙයක් තමයි කට්ටිය එකතු වෙලා ජාතිවාදය අවුස්සනවා කියල. ඕකෙ අමුතුවෙන් අවුස්සන්න දෙයක් නෑ. ඒක සමාජය තුළම තියෙනවා.

  •  ‘අපි ඇති කරන දෙයක් නෙමෙයි මේ ඇවිස්සෙන්නෙ සමාජයෙ තියෙන දෙයක්’. මේ කතාව කොහොමද නිවැරැුදි වෙන්නෙ? මේක සමාජයක පවතින්න හො`ද කාරණයක් නෙමෙයි. කොහොමහරි මේ තත්වය පරාජය කරනවා වෙනුවට පාවිච්චි කරන එක නේද වෙන්නෙ?

ඒක වෙනම කතාවක්. ඔයා කියන්නෙ ඒක පරාජය කරන්න ඕනෙ කියලා. ඇයි පරාජය කරන්නෙ? මොකටද පරාජය කරන්නෙ? එහෙම වුණහම ඒක මිථ්‍යාවක් වෙනවනෙ.

  •  මිථ්‍යාවක් නිසාම තමයි පරාජය කළ යුත්තේ? අපි මිථ්‍යාවකට පවතින්න ඉඩ දෙන්නෙ මොන උවමනාවකටද?

පළාත් සභා අහෝසි කිරීම ජාතිවාදයක් නෙමෙයි ජාත්‍යන්තරවාදයක්. ඓතිහාසිකව මේ රට ජාතිවාදීව බෙදීම තමා නවත්වන්න හදන්නෙ. උතුරු නැෙ`ගනහිර සම්බන්ධයෙන් පළාත් සභා ගිවිසුමේ කියනවා ඓතිහාසික දෙමළ වාසභූමි කියලා. අපි කියන්නෙ නෑ. අද ගාල්ල, මාතර සිංහල වාසභූමි කියලා. බස්නාහිර පළාතෙ ඉන්න දෙමළ මිනිස්සුන්ට අපි කියන්නෙ නෑ. සිංහල මිනිස්සු කියන විදිහට ඉන්න කියලා. ඓතිහාසිකව රට කොයි අතටවත් ජාතිවාදීව බෙදන්න බෑ කියන එක තමයි අපේ ස්ථාවරය. අපි තමා නියම ජාත්‍යන්තරවාදියො.

  •  කොහොමින් කොහොම හරි දහතුන සම්බන්ධයෙන් සංවාදය විවිධ තලවල මතුවෙද්දි තේරීම් කාරක සභාවට දාල මේකෙන් ආණ්ඩුව ලිස්සල යන්න නේද හදන්නෙ?

මම හිතන විදිහට ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැන් අර්බුදයට ඇවිල්ල තියෙන්නෙ. රටේ ජනතාව නැ`ගිටල ඉන්නවා. පිටරටවල් එක එක කතා කියනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විදිහට යම් යම් කරුණුවලට එක`ග වෙලා තියෙනවා. ඒ ගොල්ලන්ට ඒක කරගන්න බැරි ප‍්‍රශ්නයක් තමයි දැන් තියෙන්නෙ. මං හිතන්නෙ ඔය අට දෙනෙක් එහා මෙහා ගියා කියලා මොනවත් වෙන්නෙ නෑ. මොකද ශිරාණි බණ්ඩාරනායකගෙ ප‍්‍රශ්නෙදිත් අපි සහයෝගය ලබා ගත්තා. හැබැයි මෙතන ප‍්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඉන්දියානු බලපෑම. අනික පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සැසිය. පොදු රාජ්‍ය මණ්ඩලීය සැසිය තියෙනවද නැද්ද කියන එක පළාත් සභා සම්බන්ධයෙන් වැදගත් කාරණයක් නෙමෙයි. ආණ්ඩුවට බය තියෙන්නේ ඕක අකුළගෙන යයි කියලා. පොදු රාජ්‍ය මණ්ඩලය, අපිට එපා කියන්න තරම් ශක්තියක් තියෙන්න ඕනෙ. මේක වහල් කොලනිවල එකතුවක්. මේ කොලනි ටික එකතු වුණා කියල මොනවත් වෙන්නෙ නැහැ. ඕක දේශපාලන තීන්දු තීරණ ගන්න තැනක් නෙමෙයි. ත‍්‍රස්තවාදය පරාජය කරද්දිත් මොන තරම් බලපෑම් ආවද? අන්තිම මොහොත වෙද්දි අමෙරිකාවත් හො`ද හිිතින් නෙමෙයි හිටියේ. කී දෙනෙක් නම් ඇවිල්ල මොන තරම් බලපෑම් කළාද?

  •  ඔබවහන්සේ මේ කරන්නේ ඇත්ත විවේචනයක්ද?

පැහැදිලිවම, අපිට ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනයක් තියෙනවා. ඒ විවේචනය තමයි පශ්චාත් යුද සමයේ දී කළ යුතු දේවල් අපි කළේ නෑ කියන එක. ඒක කළා නම් මේ තත්වය මීට වඩා පහසු වෙනවා. සංවර්ධන කි‍්‍රයාදාමය වෙනස් කරන්න තිබුණා. උදාහරණයක් විදිහට මත්තල ගුවන් තොටුපොළක් හදන්නෙ නැතුව ඒක වව්වනියාවෙ හදන්න තිබුණා වගේ. නමුත් ඔය කාරණය සම්බන්ධයෙන් වෙනම විවාදයක් තියෙනවා. දෙමළ ජනතාව මේ ජීවන ක‍්‍රමයට උරා ගන්න වැඩපිළිවෙළක් හදන්න තිබුණා. රැුකියා අවස්ථා වැඩි කරන්න ඕන. නිෂ්පාදන කි‍්‍රයාවලිය වැඩි කරන්න ඕන. කර්මාන්තශාලා ඇති කරන්න ඕන. භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථා පුළුල් කරන්න ඕන.

  •  ඒ කියන්නෙ යුද්ධෙන් පස්සෙ ආණ්ඩුව රාජ්‍ය පාලනයේ අසමත් කියන එකද?

මම පැහැදිලිව කියනවා ආණ්ඩුව අසමත් වුණා කියලා. නමුත් වෙන ආණ්ඩුවක් නොකරන දේවල් මේ ආණ්ඩුව කළා. ඒක දෙමළ ජනතාවට පෙනුණ ආකාරයේ වෙනසක් තිබුණා.

  •  වෙලාවකදි ආණ්ඩුව හො`දයි. ඊළ`ග මොහොතෙ ආණ්ඩුව වැරැුදියි. මේ හතර අතට කඹ ඇදගැනිල්ල ආණ්ඩුවේ පොදු න්‍යාය පත‍්‍රයේ කොටසක්ද?

ඒක ආණ්ඩුවේ ඉන්න සියලූම කණ්ඩායම් වැඩකට නැති ආණ්ඩුවේ ගැත්තො කියල ඔළුවෙ තියා ගත්තහම එහෙම පේනවා. ඒ කණ්ණාඩිය දා ගත්තහම එහෙම තමා පේන්නෙ. බලන්න තව අවුරුදු තුන හතර පහකින් මොකද වෙන්නෙ කියලා.

  •  මොන කතන්දර කිව්වත් හාමුදුරුවනේ අන්තිමට කොයි කවුරුත් එකට අත උස්සනවනේ. ඊට පස්සෙ කරපු සංවාද මතවාද මතක නැහැ?

මෙහෙමයි. ඔය මතුපිට කතා.

  •  මතුපිට හරි, ඇතුළෙ හරි වෙන දේ ගැන මම කිව්වේ?

සමහර අයට ආණ්ඩුව ඇතුළෙ උපාය මාර්ග තියෙනවා. සමහර අයට පිට උපාය මාර්ග තියෙනවා. එය කල්පනා කරල බලන්න ඕන. පිට ඉ`දන් බලද්දි මේ උපාය මාර්ග හැසිරෙන්නෙ කොහොමද කියල පේන්නෙ නැහැ. අපිට ඔය දෙපැත්තම පේනවා. අපි බලාපොරොත්තු වෙනවා පිට ඉන්න මිනිස්සු මොනව හරි කරයි කියලා. එයාලත් මොනවත් කරන්නෙ නැහැ. මේ ආණ්ඩුව හු`ගක් දුර්වල වෙන්න හේතුවක් තමයි විපක්ෂයත්. විපක්ෂය අතිශයින් දුර්වල වීමත්, ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ වීමත් කියන මේ සමාජ චලනයන් තුළ විභවයන් නැහැ. ජනතාව මෝඩ වෙන ප‍්‍රමාණයට නායකයා තීරණය වෙනවා.

  •  මේ නොයෙක් කතන්දර මැද්දෙ ආණ්ඩුව උතුරු පළාත් සභා ඡුන්දය තිබ්බොත් මොකද කරන්නෙ?

ඒකත් අපි මහජනතාවත් එක්ක තීරණය කරනවා. අපි තනියෙන් තීරණය කරන්නෙ නෑ.

  •  දැන් තියෙන දේශපාලන හැසිරීම අනුව ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ කියන මේ තුන්කට්ටුවම 13 ට විරුද්ධයි. මේ අනාගතයේ දී එකම දේශපාලන වේදිකාවක සලකුණක්ද?

ඒක ඉතින් අනාගතය තීරණය කරයි. මහින්ද රජපක්ෂ වෙනුවෙන් ජාතික හෙළ උරුමයත්, ජවිපෙත් එකතු වුණා. අපි අතරෙ එහෙම ලොකු සම්බන්ධයක් තිබුණෙත් නැහැ. ඒ ඒ මොහොතට අනුව සමාජ උවමනාවන්ට අනුව මොනවා වෙයිද කියල දන්නෙ නැහැ.

  • හාමුදුරුවනේ ඔබ වහන්සේල දැන් එල්ලිලා ඉන්නෙ පළාත් සභා එපා කියලනෙ. ඒ කියන්නෙ පාර්ලිමේන්තුව හො`දයි කියන එකද?

පාර්ලිමේන්තුවේ වරදක් නෙමෙයි. ඒකෙ ඉන්න මිනිස්සු හදන්න ඕන. මේක සමාජ ප‍්‍රශ්නයක්. සිස්ටම් එකට කලින් මිනිස්සු හදල ඉන්න ඕන.

  •  මේ වෙද්දි මුස්ලිම් විරෝධයක් සහ ඒ හා ගැටගැහුණු ප‍්‍රචණ්ඩකාරී භික්ෂු හැසිරීම් පේන්න තියෙනවා. මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තියෙන්නෙ?

කොහොමත් භික්ෂූන් වහන්සේ කෙනෙකුගෙ ප‍්‍රචණ්ඩකාරී හැසිරීම අනුමත කරන්නෙ නෑ. මමත්, රැස්වීම් පෙළපාළි ගොඩක් ගිහිල්ල තියෙනවා. හැබැයි ඒ මොනවා වුණත් භික්ෂුවකගේ ප‍්‍රතිරූපය ගහ ගන්න, බැණ ගන්න එක නෙමෙයි. මුස්ලිම් විරෝධය කියන එකේ දී විශේෂයෙන්ම දේශපාලන හැසිරීමක දී ප‍්‍රචණ්ඩව හැසිරීම කොහොමත් හොද නැහැ.

ආශිකා බ‍්‍රාහ්මණ

 

Advertisements