‘බෞද්ධ භීෂණයේ මුහුණ’

altවාරණය කරන ලද ටයිම්ස් සඟරාවේ ලිපියේ සිංහල පරිවර්තනය

  ‘බෞද්ධ භීෂණයේ මුහුණ’ (The Face of Buddhist Terror) යන මාතෘකාවෙන් පළ වුණු ලිපිය නිසා ලෝකය පුරා බෙදා හරිනු ලබන ‘ටයිම්’ සඟරාව මෙරටට ගෙන ඒම ආණ්ඩුව විසින් වළකාලන ලදී.

මින් පෙර ද රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරන විදේශ ප්රාකාශන මෙරටට පැමිණීම බලහත්කාරයෙන් නවතා දමන ලදී. ආගම්වාදය හා ජාතිවාදය පමණක් නොව, වෙනත් පටු බෙදීම් සියල්ල එකවිට යහමින් පාවිච්චි කරමින් පාලනය ගෙන යන ආණ්ඩුවක් එවැනි අන්තවාදී පිළිවෙත් හෙළිදරව් කරන්නට ඇති සියලූ ඉඩකඩ අවුරන බවට තවත් නිදසුන් අවශ්යා නැත. බුරුමයේ සිදු වන්නේ කුමක්දැයි දැන ගන්නට මෙරට ජනතාවට දැන ගැනීමේ අයිතිය ඇත. අප කැමැති වුවත් අකැමැති වුවත් එම ලිපියේ සඳහන් වූයේ කුමක්දැයි දැන ගන්නට මෙරට බෞද්ධ අබෞද්ධ සැමට අයිතියක් තිබේ. එම ලිපියේ ඇති කරුණු සත්යනද, නැද්ද යන්න එකී ලිපිය කියවා තේරුම් ගන්නට හැකි ජනතාවක් මෙරට නැතැයි රාජපක්ෂ ආණ්ඩුව කල්පනා කරනවා විය හැකිය. යම් ප්රඩකාශනයක් නිවැරැදිද, නැද්ද හෝ සාධනීයද, නැද්ද හෝ යන්න තීරණය කළ යුත්තේ මහින්ද රාජපක්ෂ පාලනය හෝ එහි අන්තේවාසිකයන් විසින් නොවන බව අපි තරයේ විශ්වාස කරමු.

ජනතාව සතුව ඇති මූලික අයිතිවාසිකම් ලෙස අදහස් ප්රකකාශනයේ නිදහස හෝ තොරතුරු දැන ගැනීමේ නිදහස උල්ලංඝනය කිරීම වත්මන් පාලනය යටතේ දිගින් දිගටම සිදුව තිබේ. එහෙත් තමන්ට අකැමැති පුද්ගලයන් පිටුදකින, විනාශ කරන පිළිවෙතක සිටින ආණ්ඩුවේ සුපුරුදු පිළිවෙත මෙයයි. මාධ්ය් ආයතනවලට පහර දෙමින්, මාධ්යදවේදීන් මරාදමමින් නිල නොවන තොරතුරු වාරණයක් පවත්වාගෙන යමින් ජනතාව මුළාවේ දමමින් රාජපක්ෂ ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා කරගැනීමේ ජනමාධ්යඩ සංග්රාරමයක් ක්රියයාත්මක වේ. මෙය වහාම වැළැක්විය යුතු බරපතළ වාරණයකි. එහෙත්, ජනතාව සත්යාය දැනගත යුතුය. ඒ නිසාම එම ලිපියේ සිංහල අනුවාදය පාඨකයන් වෙත පත් කරන්නට අපි තීරණය කළෙමු. හැනා බීච් විසින් පසුගිය ජූලි 1වැනිදා ටයිම් සඟරාවේ ආසියානු සංස්කරණයේ පළ කළ The Face of Buddhist Terror නමැති ලිපියේ අනුවාදය පළ කරමින්  අප නැවත අවධාරණය කරන්නේ මෙය කියවා එහි ඇති කරුණු විමසා බැලීම පාඨක අයිතියක් බවයි.

———————————————–

ඒ මුහුණේ පිළිමයක මෙන් ශාන්ත පෙනුමකි. ‘බුරුමයේ බින් ලාඩන්’ ලෙස හැඳින්වෙන බෞද්ධ භික්ෂුව දේශනාව අරඹයි. ඉදිරිපස සිය ගණනක් බැතිමතුන් සිටියේ දෙඅත් එකට තබාගෙනය. ඔවුන්ගේ ඇලෙනසුලූ පිට දිගේ දහඩිය ගලා යයි. සංඥාවකට අනුව ඔවුහු බර්ගන්ඩි සිවුරක් හැඳි මිනිසා සමඟ තාලයට ගායනා කරති. රැංගුන් අගනුවරට පසුව බුරුමයේ දෙවැනි විශාල නගරය වන මණ්ඩලාහි පිහිටි මේ පුදබිමේ උණුසුම් අහස ඒ මන්ත්රායන්ගෙන් පිරී යයි. පෙනෙන ආකාරයට එය සාමකාමී දසුනකි. එහෙත් විරුදුගේ හඬෙහි ද්වේශය අඩංගුය.

‘‘සංසුන්ව සිටිය යුතු කාලයක් නෙවෙයි මේක’’ භික්ෂුව දේශනා කරයි. බෞද්ධයන් බහුතරයක් වසන රටක සුළුතර මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී අදහස් සහිත එම දේශනයට වැය කෙරෙන කාලය මිනිත්තු 90කි.

‘‘උදා වෙලා තිබෙන්නෙ නැගිටිය යුතු කාලයයි. ඔබේ ලේ උණුසුම් කළ යුතු කාලයයි’’

මියන්මාරය ලෙස ද හැඳින්වෙන බුරුමයේ බෞද්ධ ලේ රත් වෙමින් තිබේ. මුස්ලිම් ලේ දැනටමත් බොහෝ සෙයින් වැගිරෙමින් තිබේ. බෞද්ධ කල්ලි, සුළුතරයේ සාමාජිකයන් ඉලක්ක බවට පත් කරගෙන තිබේ. ඔහු විරුදු යන එකම නම සහිතව අවුළුවනසුලූ දේශනා පවත්වමින් යද්දී අනෙකුත් දැඩි මතධාරී භික්ෂුහු ආගමික උමතුවේ ගිනිදැල්වලට පවන් ගසති. මුස්ලිම්වරු සිය ගණනින් මරා දමා ඇති බව අන්තර්ජාතික මානව හිමිකම් ක්රිදයාකාරිකයන් පවසද්දී බොහෝ පිරිසක් මරා දමා ඇති බව පමණක් ආණ්ඩුව පිළිගෙන තිබේ. බටහිර දෙසින් පිහිටි රෝහින්ග්යා ප්රතදේශයේ රටක් නැති විශාල මුස්ලිම් කණ්ඩායමක් මේ අතර වෙති. ලෝකයේ වඩාත් අසාධාරණයට ලක් වූ ජනකායක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔවුන් නම් කර තිබේ. ජාතිවාදී ලේ වැගිරීම බුරුම දේශයේ මධ්යා ප්ර්දේශයටම පැමිණ තිබේ. 46හැවිරිදි විරුදු සිය බලවත් හඩ නඟන්නේ එහි සිටය. මෙම භික්ෂුව පෙන්වා දෙන්නේ බුරුමයේ මිලියන 60ක් පමණ වෙතැයි ඇස්තමේන්තුගත ජනගහනයෙන් 5%ක් වන මුස්ලිම්වරු, රටටත් සංස්කෘතියටත් තර්ජනයක් ලෙසයි.

‘‘මුස්ලිම්වරු ඉක්මනින් පැටව් ගහනවා. ඔවුන් අපේ ගෑනු හොරකම් කරලා, අපයෝජනය කරනවා.’’ ඔහු මා සමඟ පවසයි. ‘‘උන්ට අපේ රටම අල්ල ගන්න කැමැති ඇති. ඒත් මම ඒකට ඉඩ දෙන්නෙ නෑ. අපි මියන්මාරය බෞද්ධ රටක් ලෙස රැක ගන්නවා’’

පනස් වසරක් මිලිටරි පාලනයක් යටතේ පැවැතී මෑතක දී නිදහස් වූ රටක වැඩෙන දුබල දේශපාලන පරිසරය මෙවැනි වෛරී දේශනා හේතුවෙන් තර්ජනයට ලක් වෙයි. දැනටමත් ඇතැම් රාජ්ය  නිලධාරීහු මුස්ලිම්වරුන්ට එරෙහි තහනමක් ඉල්ලා සිටිති. මිලිටරි පාලනය සමයේ ද රෝහින්ගයා කාන්තාවක් දරුවන් දෙදෙනකුට වඩා බිහි නොකළ යුතු බවට නීතියක් පැවැති නමුත් එය එතරම් තදින් ක්රිතයාත්මක නොවිණි. එරට උතුරේ  ජීවත් වන ජනයා ක්රිකස්තියානීන්ය. කචින් කැරැලිකරුවන් හා බුරුම හමුදාව අතර ගැටුම් වර්ධනය වූයේ ද ආගමික බෙදුම් හේතුවෙන් බව ඔවුහු පවසති.

ආසියාවේ වෙනත් ස්ථානවල ද රැඩිකල් බුදු දහමක් වැඩෙමින් තිබේ. ලංකාවේ ද මේ වසර තුළ දී ඉහළ නායකයන් හා සබඳතා ඇති බෞද්ධ ජාතිකවාදී කණ්ඩායම් ඉදිරියට පැමිණියහ. මුස්ලිම්වරුන්ගේ හා ක්රිරස්තියානීන්ගේ දේපළවලට හානි කිරීමට භික්ෂූහු සම්බන්ධ වී සිටියහ. මේ අතර දකුණු තායිලන්තයේ 2004සිට පැවැත එන මුස්ලිම් කැරැලිකාරීත්වය නිසා පන්දහසකගේ පමණ ජීවිත අහිමි විය. තායි හමුදාව සිවිල් වැසියන්ගේ කණ්ඩායම්වලට අවි පුහුණුව ලබා දෙන අතර භික්ෂූන් විහාරස්ථානවලින් පිටතට යන විට ආරක්ෂාව ද සලස්වයි. භික්ෂූන් හා හමුදාව අතර මෙම සබඳතා නිසා එරට සුළුතර මුස්ලිම්වරුන්ට දුරස්ථ වූ හැගීමක් ඇතිව තිබේ.

රැඩිකල් බුද්ධාගම විසින් සිදු කර ඇති දේ මේ එක් එක් රටවල ඉතිහාසයෙන් පෙනී යන නමුත් අන්තර්ජාලය වැනි පහසුකම් වැඩි වන විට සිදු වන්නේ ෆේස්බුක් සහ ට්වීට් වැනි සමාජ ජාලවල ද පළ කෙරෙන සටහන්වලින් ආගමික උමතුව සහ බොරු ප්රුචාර වැපිරෙන බවයි. ප්රලචණ්ඩත්වය දේශසීමා ඉක්මවා ඉක්මනින් පිටාර ගලයි. බුරුම සංක්රලමණිකයන් ලක්ෂ ගණනක් සේවය කරන මැලේසියාවේ පසුගිය ජුනි මාසයේ දී බුරුම බෞද්ධයන් කිහිප දෙනකු ඝාතනයට ලක් විය. මැලේසියානු අධිකාරීන් පවසා ඇත්තේ එය බුරුමයේ මුස්ලිම් ඝාතනවලට පිළිතුරක් විය හැකි බවය.

හින්දු ජාතිකවාදීන්, මුස්ලිම් කැරැලිකරුවන්, මූලධර්මවාදී ක්රිස්තියානීන්, යුදෙව්වන් වැනි ආගමික අන්තවාදයේ හෙට්ටු කිරීම් මැද බෞද්ධයෝ සිටියේ නැත. බොහෝ විට එය ගෞතම බුදුන් විසින් වසර 2500කට පෙර ඉදිරිපත් කළ අවිහිංසාව හා මෛත්රිය යන ඉගැන්වීම් සමඟ සමාන්තර විය. එහෙත් අනෙකුත් ආගම්වල අනුගාමිකයන් මෙන් බෞද්ධයන් ද ඔවුන්ගේ ගරුතර නායකත්වය ද දේශපාලනයට ප්රතිශක්තියක් හිමි කරගෙන නැත. එහි දී ආගම්වාදී උමතුවක් මතු වීම වැළැක්විය නොහැකිය. අධිරාජ්යයට හා පීඩාවට එරෙහිව ආසියාව නැඟී සිටින විට බෞද්ධ භික්ෂුහු යටත්විජිත විරෝධී ව්යා පාරවලට නායකත්වය දුන්හ. ඇතැම්හු ඒ වෙනුවෙන් උපවාස කළහ. ඔවුන්ගේ කෘශ සිරුරුවලින් සංකේතවත් වූයේ සිය අරමුණ වෙනුවෙන් ඔවුන් තුළ වූ කැපවීමේ තරමයි. මෙහි වඩාත් සංකේතාත්මක රුව වූයේ ගිනිදැල් මැද පද්මාසනයෙන් සිටින තික් ක්වාන් ඩක් නමැති වියට්නාම භික්ෂුවගේ රුවයි. වසර 50කට පෙර සයිගොන් නගරය මැද විරෝධය පළ කර ඒ භික්ෂුව මරණයට පත් වූයේ මර්දනකාරී දකුණු වියට්නාම පාලනයට එරෙහිවය.

2007,  බුරුම භික්ෂූන් විසින් එරට මිලිටරි පාලනයට එරෙහිව ප්රජාතන්ත්රවාදී නැගිටීමක් සංවිධානය කළත් එය අසාර්ථක විය. භික්ෂූන් විසින් පාත්රි උඩු යටිකුරුව හරවාගෙන මිලිටරි ජුන්ටාවේ පාලනයට විරෝධය පළ කරමින් පේළි සැදී ගමන් කරන දර්ශන හා සේයාරූ  ලොව පුරා අවධානයට ලක් විය. තමන් ඝාතනයට එන සොල්දාදුවන් අතරින් නොමැති වුවත් ලොව පුරා සහයෝගය ඔවුන්ට හිමි විය. එහෙත් දේශපාලන ක්රි යාකාරීත්වය දුබල වන විට මිලිටරිවාදය බලවත් වෙයි. සෑම ආගමක්ම එහි මූලික ඉගැන්වීම්වලට සපුරා පටහැනි වෙනස් අරමුණු වෙනුවෙන් භාවිත කළ හැකිය. දැන් බුද්ධාගමේ වාරයයි.

  • වෛරයේ මන්තරය

මන්ඩලා නගරයේ පිහිටි නව විහාරස්ථානයේ එළිමහනේ සාදන ලද වේදිකාවේ දෙපා හරස් වන ලෙස හිඳ සිටින භික්ෂුවට ඔබ්බෙන් ඔහුගේම විශාල ප්රමාණයේ රූප පෙළක් සවි කර ඇත. බුරුමයේ බින් ලාඩන් විසින් තම ලෝක දැක්ම විස්තර කරයි. ජනාධිපති බැරක් ඔබාමා ‘මුස්ලිම් ලෙයින් දූෂිත වී ඇත’. තමන්ගේ නම අරාබි ත්ර්ස්තවාදියකුගේ නමට සම්බන්ධ කිරීමේ උත්ප්රා සය නොදකින ඔහු අරාබිවරුන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලහත්කාරයෙන් පාලනය කරමින් සිටින බව පවසයි. 2003දී මුස්ලිම් විරෝධී ගැටුම් ඇවිළවීම සම්බන්ධයෙන් චෝදනා ලද ඔහු වසර 7ක සිර දඩුවමට ලක් විය. දැන් ඔහු බුදුන්ගේ විවිධ විශේෂතා සහිත අංකයක් බව පවසමින් 969නමැති ව්යා පාරයක් මෙහෙයවයි. බෞද්ධයන් අතර සහෝදරත්වයක් වෙනුවෙන් සහ අන්යා ගමිකයන් පිටුදකින අරමුණක් එයින් ප්රිකාශිතය.

‘‘අපේම ආගම සහ ජාතිය ආරක්ෂා කරන එක ප්ර්ජාතන්ත්රකවාදයට වඩා ගොඩක් වැදගත්’’ විරුදු පවසයි.

තමන්ගේ අධිමානයට ඉතාම අවම ධාර්මික පදනමක් සහිත තනි පුද්ගලයකු ලෙස පහසුවෙන්ම ඔහු බැහැර කළ හැකිය. එහෙත් කැරිස්මැටික බලයක් සහිත ඔහුගේ අදහස්, බුරුමයේ බාමා ජනවාර්ගික බහුතරය අතර මෙන්ම ආසියාවේ සෙසු බෞද්ධ කලාපවල ද ව්යා ප්ත වෙයි. තම ආගම අන්යාබගමික වටලෑමකට ලක්ව ඇතැයි අදහසක් පැතිර යයි. ඉන්දුනීසියාව මැලේසියාව, ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය යන බෞද්ධයන්ගේ භූමි ප්රයදේශ සියවස් ගණනකට පෙර ඉස්ලාමය විසින් අත්පත් කරගන්නා ලදී. දැන් ඔවුන් නව භූමි ප්රිදේශ සොයා යයි. සනාථ කළ හැකි සාක්ෂි නැතත් තමන්ගේ ජන සංඛ්යාලව ඉක්මවා  රටේ මුස්ලිම් ජන සංඛ්‍යාව ඉහළ යන බවට බෞද්ධ ජාතිකවාදීන් විසින් බියක් අවුළවා තිබේ. මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මැදපෙරදිග මුදල් ගලා එන බවට ඔවුහු මැසිවිලි කියති.

බුරුම මිලිටරි ජුන්ටාව විසින් අර්ධ සිවිල් පාලන යන්ත්රකයක් ඇති කර ප්රකජාතාන්ත්රිකකරණය ආරම්භ කළේ 2011දීය. ඒ අතරම අන්තවාදී අදහස් පැතිරීමට ද ඉඩකඩ විවර විය. පසුගිය වසරේ මෙම ගැටුම ආරම්භ වූයේ එරට බටහිර කෙළවරිනි. කඩු අමෝරා ගත් බෞද්ධ කණ්ඩායම් රෝහින්ග්යා මුස්ලිම් ගම්මානවලට පහර දුන්හ. Human Rights Watch සංවිධානය පවසන ආකාරයට එක ගමක දවස පුරා සිදු වූ පහර දීමේ දී මුස්ලිම්වරුන් 70ක් මරා දමන ලදී. මෙම ප්රචණ්ඩත්වය වැළැක්වීමට ආණ්ඩුව ඉටු කර ඇත්තේ අවම කාර්යයකි. ඉන්පසුව එම ගැටුම් රටේ අන් ප්රදේශ වෙතටත් ව්‍යාප්ත විය. පසුගිය මාර්තුව අවසානයේ මධ්ය් ප්රදේශයේ මේක්ටිලා නගරය දින ගණනක් ඇවිළුණි. මුස්ලිම්වරුන් විසින් භික්ෂුවක් මරාදැමීමෙන් පසුව මුස්ලිම් ජනාවාසයක්ම වනසා දමන ලදී. (නිල වාර්තා අනුව බෞද්ධයන් දෙදෙනකු හා මුස්ලිම්වරුන් 40ක් මරණයට පත් වූහ) මේ වන විටත් දහස් ගණනක් මුස්ලිම්වරු ජනමාධ්යමවේදීන්ට ඇතුළු වීමට අවසර නැති, සරණාගත කඳවුරුවලට ගාල් වී සිටිති. ගිනි තබන ලද පල්ලියක සෙවණ යට අබ්දුල් රසාක් ෂබාන්ගේ පවුලේ සාමාජිකයන් හමු වීමට මට හැකි විය. ප්රාගදේශීය මුස්ලිම් විදුහලක සිසුන් අතුරින් 20කට එක් අයකුවත් මරාදමා තිබිණි.

‘‘මගේ පුතා මරා දැම්මෙ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි එයා මුස්ලිම් නිසා.’’ අබ්දුල්ගෙ මව රහම්බි මා සමඟ කීවාය.

  • පන්සල හා රාජ්‍යය

බුරුමයට දකුණුදිග අසල්වැසි රාජ්‍යය වන තායිලන්තයේ දී ආගම නිසා පීඩා සිදු වන බවට පැමිණිලි කරන්නේ බෞද්ධයන්ය. පසුගිය සියවසේ මුල්භාගයේ දී බෞද්ධ තායිලන්තය විසින් ඈඳා ගන්නට පෙර එහි භූමි ප්රීදේශයක් මැලේ සුල්තාන් රාජ්‍යයට අයත්ව තිබිණි. මුස්ලිම්වරු 80%ක් වසන එහි 2004සිට බෙදුම්වාදී කැරැලිකාරීත්වයක් ඇවිළෙමින් තිබේ. තායි රජයට සම්බන්ධ සොල්දාදුවන් ගුරුවරුන් සහ රජයේ සේවකයන් වීම නිසා බොහෝ බෞද්ධයෝ ඉලක්ක කරනු ලැබූහ. භික්ෂූන් ද දුසිම් ගණනින් ප්රෙහාරයට ලක්ව තිබේ. මේ වන විට බෞද්ධයන්ට තායි ආරක්ෂක හමුදාවේ සුපිරි බලයක් හිමිව තිබේ. තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන බොහෝ ප්රසිද්ධ තැන් නිසා එරට හමුදාව හා වෙනත් ආරක්ෂක අංශ පවා මෙකී යුද්ධයට සම්බන්ධ වී සිටී.

පන්සල්වල සොල්දාදුවන් සිටීම නිසා බෞද්ධයන්ට ආරක්ෂිත හැඟීමක් ඇති වේ නම්, එයින් මුස්ලිම්වරුන්ට ලබා දෙන්නේ වෙනස් පණිවුඩයකි.

”ආගම රජය විසින් හමුදාවට බන්දලා දීලා” එසේ පවසන්නේ ඔහියෝහි යන්ග්ස්ටවුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ආගමික අධ්යසයන පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන මයිකල් ජෙරිසන්. දකුණු තායිලන්තයේ ගැටුම තුළ බුද්ධාගමේ භූමිකාව සම්බන්ධයෙන් ඔහු විසින් පොතක් ද ලියා පළ කර තිබේ. මුස්ලිම්වරු ද මෙම ගැටුමේ දී බෞද්ධයන්ටත් වඩා භීතියට පත්ව සිටී. (කෙසේ වෙතත් ජනගහන ප්රතිශත අනුව බෞද්ධයන් වැඩි වශයෙන් මිය ගොස් තිබේ) එහෙත් වැඩි වශයෙන් රාජ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ බෞද්ධයන්ටය. මා කතා කළ සෑම භික්ෂුවක්ම පැවසූ දේ මේ ගැටුමේ ආතතිය වැඩි කරයි. අවි ආයුධ රැස් කරන්නට මුස්ලිම් පල්ලි යොදාගෙන ඇති බවත් ඉමාම්වරුන් හැමෝම ගිනි අවි රැගෙන යන බවත් පවසන ලදී.

‘‘ඉස්ලාම් කියන්නෙ ප්රිචණ්ඩ ආගමක්. ඒක කවුරුත් දන්න දෙයක්’’ නාවික සෙබළකුව සිට පැවිදි වූ පටාන් නගරයේ ෆ්රේරටොන්ග් ජිරටාමෝ පවසයි.

බුරුමයේ බින් ලාඩන් වුව ද එවැනි හැඟීමක් අනුමත කරනු ඇත. ස්වදේශික බාමා ජනතාව බහුතරයක් ජීවත් වන රටක දී බුදු දහමේ කියැවෙන සාමකාමී සූත්රයන් සමඟම මුස්ලිම් විරෝධී ප්රචණ්ඩත්වයක් එකට පවත්වාගෙන යාම ගැන මම විරුදුගෙන් විමසුවෙමි. ”පහර දෙන්න කියලා බුද්ධාගමේ දි අපට කියන්නෙ නෑ.” කුඩා දරුවකුට දේශනා කරන ආකාරයෙන් ඔහු මා සමඟ පවසයි. ”ඒත් අපට ජාතියක් හැටියට හැම අයිතියක්ම තියෙනවා ආරක්ෂා වෙන්න.”

එදින සැන්දෑවේ පිරිසකට ඔහු දේශනා කරන අයුරු නරඹන්නට මට හැකි විය. ගෘහණියන්, ශිෂ්‍යයන්, ගුරුවරුන්, මිත්තණියන් ඔහු කියන දේ යළි ගායනා කළ යුතුය.

”මම බාමා ජාතිය වෙනුවෙන් ජීවිතය කැප කරමි” බුදුන් විසින් එවැන්නක් අනුමත කරයිදැයි සිතාගත නොහැකිය.

පරිවර්තනය – අජන්තා එම්. ජයසේකර 

Advertisements