මහත්වරුන්ගේ ක‍්‍රීඩාව වෙනුවට…

ramithපසුගියදා ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ගැන පුවත්පත් සිරස්තල බොහෝ දෙනාට දැකිය හැකි විය. සිරස්තලවලට තරම් නොවටිනා ලැජ්ජා විය යුතු මිනිස් නිමේෂයන් සිරස්තල බවට පත් වෙන ලංකාවේ සිරස්තල නොවන උතුරේ සහ දකුණේ මිනිස් වේදනාවන් කප්පරක් තිබේ. වෙළෙඳපොළ විසින් අධිනිශ්චය කර තිබෙන ක‍්‍රිකට් වෙළෙඳපොළේ අලූත්ම මාධ්‍ය නිෂ්පාදනය එළිදැක්වීමට ලාංකේය ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු සමත් විය. මාධ්‍ය විසින් අදාළ සිද්ධියෙහි සාන්ද්‍රණය තනුක කර පළ කළ අතර සමහර පුවත් පත් සිරස්තල දක්වා අදාළ සිද්ධියට වටිනාකමක් ලබා දී තිබිණි. තනුක කරනු ලැබූ අදාළ සිද්ධිය රජයේ මාධ්‍ය හෝ ආණ්ඩු හිතවාදී පුද්ගලයන්ට පක්ෂපාතී ස්ථාවරයක් දරනු ලබනු දැකිය හැකි බව ද එසේ නොවන මාධ්‍ය තමන්ගේ යම් වෙළෙඳ හෝ දේශපාලනික ඉලක්ක වෙත අදාළ සිද්ධිය ස්ථානගත කර තිබිණ. නමුත් කාරණාව වන්නේ ක‍්‍රීඩාවේ සහ ක‍්‍රීඩා ආචාරධර්ම වෙනුවෙන් අදාළ සිද්ධිය බලපාන්නේ කෙසේද යන්නත් රටක් ලෙස විනයක් රහිත ක‍්‍රීඩකයන් වෙළෙඳපොළ නිෂ්පාදනයන් සේ ගොඩනැංවීමත් පිළිබඳ වගකීම භාර ගන්නේ කවුරුන්ද යන්නයි.

බොහෝ දෙනා දන්නා වූ අදාළ සිදුවීම සිදු වන්නේ කොදෙව්වන්ට එරෙහිව පැවැති ක‍්‍රිකට් තරගයෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ශාන්ත ලූෂියා සිට ගැට්වික් දක්වා ගමන් කරමින් සිටියදීය. ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් රැුගත් ඊ්2158 දරන බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන් යානය අඩි 35,000ක් පමණ ඉහළ අහසේ ගමන් කරමින් තිබෙන අතරතුරදීය.

වාර්තාවන්ට අනුව චෝදනා ලබන ක‍්‍රීඩකයා රමිත රඔුක්වැල්ල වශයෙන් මාධ්‍ය පෙන්වා දී තිබිණි. මෙම කාරණාවට ලංකාව තුළ ආකාර දෙකක් පදනම් කරගෙන අවධානයට ලක් වීම සහ වැඩි ප‍්‍රචාරයක් ලැබීම යන කාරණා සැලකිල්ලට ගන්නේ නම් ඉන් එකක් දේශපාලනික කාරණාවකි. අනෙක ඒ දේශපාලනය සම්බන්ධව සහ වෙනත් උවමනාවන් සඳහා වන වෙළෙඳපොළ කාරණාවකි. මෙම ප‍්‍රවෘත්තියට ලැබෙන වෙළෙඳ වටිනාකම සැලකිල්ලට ගනිමින් බොහෝ මාධ්‍ය අදාළ සිද්ධිය හුවා දක්වා තිබුණු අතර සමහර විට වෙනත් කී‍්‍රඩකයකු විසින් මෙම විනය සහ ආචාරධර්ම විරෝධී අනතුරුදායක ක‍්‍රියාව සිදු කළේ නම් මීට අඩු කතා බහකට ලක් වීමට ඉඩ තිබිණි. නමුත් මේ කාරණාව සමහර මාධ්‍ය විසින් දැවැන්ත ප‍්‍රචාරාත්මක ක‍්‍රියාවලියකින් ආවරණය කරනු ලැබිණි. ක‍්‍රීඩාව වෙළෙඳපොළක් බවට පත් වූ වර්තමාන ලෝක ආර්ථික, දේශපාලනික ව්‍යුහගත වීමේ දී පවා බොහෝ රටවල්වල ක‍්‍රීඩකයන් සතු විනය සහ වගකීම්සහගත බව රැුක ගැනීමට අවම මට්ටමෙන් හෝ යම් ක‍්‍රියාවලියක් පවතින බව අප තේරුම්ගත යුතුය. සමාජයේ අන් මිනිස් භාවිතාවන්ට වඩා ක‍්‍රීඩකයා සමාජයේ යම් ඇගයීමකට ලක් වන සහ අවධානයට ලක් වෙන මිනිස් ක‍්‍රියාකාරීත්වයකි. නූතන සන්නිවේදන තාක්ෂණයේ මහිමයෙන් ඉතා කෙටි කාලයක් තුළ ක‍්‍රීඩකයකුට සමස්ත සමාජයක අවධානය දිනා ගැනීමේ හැකියාවක් පවතී. ශික්ෂණයක් සහ විනයක් අවශ්‍ය වන්නේ තමන්ට සහ පොදුවේ සමාජයටත් තමන් නියෝජනය කරනු ලබන ක‍්‍රීඩා කණ්ඩායමටත් නියෝජනය කරනු ලබන රටටත් ක‍්‍රීඩකයකු යම් සාධාරණයක් ඉටු කළ යුතු නිසාය.

මේ වගකීම ක‍්‍රීඩාව වෙළෙඳපොළ බලවේගයන්ට යටත් වීමට කලින් යම් සාධනීය තත්වයක පැවතුණි. නමුත් විවෘත වෙළෙඳපොළේ ක‍්‍රීඩාවේ ආර්ථිකවාදී ප‍්‍රතිනිෂ්පාදනයන් සිදු වන අතරතුර පවා යම් සාධනීය මිනිස් භාවිතාවන් රැුක ගැනීමට බොහෝ රටවල්වලට හැකි විය. ඒ සඳහා බලපාන ලද සාධක වන්නේ අදාළ ආයතනයන්ගේ ගොඩනැංවීමේ ක‍්‍රමවේදයන් බව යම්තාක් දුරකට නිගමනය කළ හැක. නමුත් ලංකාව වැනි රටක පවතින පිරිහුණු ආයතන යනු ක‍්‍රීඩකයන්ට තබා තම ආයතනික තත්වයන්ට හෝ සාධාරණයක් ඉටු කරගත නොහැකි තැනට පිරිහුණු ඒවාය. මේ ආයතනවල ශික්ෂණය වන්නන්ගෙන් බලා පොරොත්තු විය හැක්කේ රමිත රඹුක්වැල්ල වර්ගයේ භාවිතාවන්ය. සමහර ක‍්‍රීඩකයන්ගේ මිනිස් භාවිතාවන් වෙනස් වීමට බලපාන ලද ප‍්‍රධාන කාරණාවන් තිබේ. එය සමාජානුයෝජනයේ මුල් කාලීන අවධිය සහ පුද්ගල පෞරුෂයන් වර්ධනය වීම හෝ අවවර්ධනය ලෙස තේරුම් ගන්නේ නම් එහි යම් වගකීමක් පවුල තුළ දී දැකිය හැකිය. නමුත් පවුල් සංස්ථාවේ වන විකෘති තත්වයන් නිසා පුද්ගල පෞරුෂයේ අඩු පාඩු කාලීනව දැකගත හැකි අවස්ථා තිබේ.

ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත පෙන්වා දුන් පරිදි මෙම සිදුවීම සිදු වී ඇත්තේ ගුවන් යානය රාත‍්‍රියේ ගමන් කරමින් පැවැති අතරය. අදාළ ක‍්‍රීඩකයා වැසිකිළි දොරක් යැයි සිතා එම යානයේ ප‍්‍රධාන දොරටුවක් විවෘත කිරීමට උත්සාහ ගෙන ඇත. ඉතා කුඩා දරුවකු පවා දන්නා පරිදි උඩු ගුවනේ යානයක දොරක් විවෘත කළේ නම් අත් විය හැකි ඉරණමක් තිබේ. එවැන්නක් පහසුවෙන් සිදු වීමේ ඉඩකඩක් නොමැති වුවත් එය අනතුරුදායක වන්නේ සියල්ලන්ගේ ජීවිතවලටය.

අදාළ ක‍්‍රීඩකයා විනාඩි දෙක තුනක කාලයක් දොර විවෘත කිරීමට උත්සාහ දරා ඇත. ඉන් වික්ෂිප්ත වූ මගීන් ඔහු නිවැරැුදි කිරීමට උත්සාහ දරා තිබේ. විනාඩි දෙක තුනක කාලයක් එය සිදු වූ බව එම අවස්ථාවේ ගුවන් යානයේ සිටි මගියකු වූ 26 හැවිරිදි චාලීන් ෆ‍්‍රැන්සිස් පුවත්පතකට පවසා තිබේ. ‘‘කෙනෙක් කීවා ඔවුන් යානයට ඇතුල් වීමට පෙර පැය 4ක පමණ කාලයක් මත්පැන් පානය කළා කියල. ඒ වගේ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකුත් ඔහුව නවත්වන්න උත්සාහ කළා. නමුත් පසුව ගුවන් සේවිකාවක පැමිණ තමයි ඔහුව පාලනය කළේ.’’ චාලීන් තවදුරටත් පවසා තිබිණ.

කුමාර ජයවීර

Advertisements