ලන්ඩනයේ මැරතන් සහ ක‍්‍රීඩාවේ ලාංකේය සලකුණ

londonඅනුරාධ ඉන්ද්‍රජිත් කුරේ යනු ලාංකේය ක‍්‍රීඩාවේ නව සංධිස්ථානයක් සලකුණු කිරීමට සමත්කම් දැක් වූ ක‍්‍රීඩකයෙකි. පසුගියදා පැවැති 2013 ලන්ඩන් මැරතන් ධාවන තරගයත් සම`ග අනුරාධගේ නම මාධ්‍ය මගින් ප‍්‍රචාරය වන්නට විය. තරගයෙන් පසු සමස්ත තරගයේ ක‍්‍රීඩකයන්ගේ ජයග‍්‍රහණ අතර 14 වැනි ස්ථානයට පත්වන්නට තරම් දක්ෂතාවක් ඉන්ද්‍රජිත් සතු වූ අතර ඒ නිසාම මේ මාධ්‍ය අවධානය ද ලැබුණු බව කීම සාධාරණය.

තරගයෙන් පසු සිරස ටී.වී විසින් අසන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්  ඉන්ද්‍රජිත් කියා සිටියේ ඔලිම්පික් තරගාවලියෙන් අනතුරුව තමන්ට ලංකාවේ ජනමාධ්‍යවලින් කතා කළ බවකි. සාමාන්‍යයෙන් ලංකාවේ ජනමාධ්‍යයන්ට ක‍්‍රීඩකයන් පිළිබද කාරණා අවශ්‍ය වන්නේ උත්තේජනයන් සමගිනි. ඒ නිසා මේ තරගාවලිය නොවන්නට ඉන්ද්‍රජිත් පිළිබ`ද කාරණා මාධ්‍යට අදාළ නොවේ. ඒ ලංකාවේ මාධ්‍ය, ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වන කැපවීමේ තරමයි. ලන්ඩන් 2013 මැරතන් ධාවන තරගය ආරම්භ වන්නේ ක‍්‍රීඩාව පිළිබද දැවැන්ත ඛේදවාචකයක් පිළිබ`ද අමිහිරි මතකයන් සම`ගිනි. ඒ දින කිහිපයකට පෙර පැවැති බොස්ටන් මැරතන් තරගයේ බෝම්බ පිපිරීමත් සම`ග සිදු වූ  ජීවිත හානි සහ තුවාලකරුවන්ගේ වේදනාවන් ද නිසාවෙනි. බොස්ටන් බෝම්බ පිපිරීම් සම`ග ලන්ඩන් මැරතන් ධාවන තරගය ද දැඩි අවදානමක පවතින බව මාධ්‍ය වාර්තා කරනු ලැබිණි. ලන්ඩනයේ පැවැති 2013 මැරතන් ධාවන තරගය ආරම්භ කරනුයේ බොස්ටන්හි මියගිය අය සිහි කරමිනි. තත්වය මෙසේ තිබිය දී පවා ලෝකයේ නන් දෙසින් පැමිණි ක‍්‍රීඩකයන්    35,000 ක් පමණ මෙම මැරතන් ධාවන තරගය ස`දහා සහභාගි වීම විශේෂත්වයක් දරයි. මක්නිසාද බොස්ටන් අමිහිරි මතකය බොහෝ දෙනා ඒ වන විටත් සසල කර දැඩි අවිනිශ්චිතතාවක් ගොඩනංවා තිබුණු බැවිනි.

ඉන්ද්‍රජිත් මැරතන් ධාවනය සදහා එක් වන්නේ මේ අවිනිශ්චිතතාවන් ගොඩනැගූ ලෝක පරිමාණ පසුබිමක වීම ලාංකිකයන්ට කෙසේ දැනුනේද යන්න පවා සිතිය නොහැකිය. කෙසේ වෙතත් තමන් සහභාගි වූ තරගය පැය 2 විනාඩි 17 තත්පර 53 ක දී නිම කිරීමට ඉන්ද්‍රජිත් සමත් විය.

ගම්පහ දිස්ත‍්‍රිකයේ දිවුලපිටිය බඩල්ගම ආසන්නයේ ඇති මැල්ලවගෙදර වරාදල ගමේ කොලූගැටයකු වූ  ඉන්ද්‍රජිත්  ලංකාවෙන් පිට වී ලන්ඩනයට පැමිණියත් තමන්ගේ ක‍්‍රීඩා දිවිය අත් නොහැරීමට තරම් ධෛර්යවන්ත විය. ලාංකේය සමාජයේ ක‍්‍රීඩකයා ඉදිරියට පැමිණෙන්නේ කුමන කරුණු පදනම් කරගනිමින් ද යන්න විමසීමේ දී අපට  පසක් වන කරුණු අතර ප‍්‍රමුඛත්වය පවතින්නේ කුමන හෝ වර්ගයක පීඩනයන්ට එරෙහිව යාමේ මිනිස් හැකියාවන්ගේ විභවයන්ය. සමාජය තුළ පවතින ආර්ථික සහ සමාජ පීඩනයට එරෙහි විභවයන් ලෙස ක‍්‍රීඩකයන්ගේ මතුවීම සහ පැවැත්ම කිසිවකුගේ අවධානයට ලක් නොවූ කාරණාවකි. ආදරය වෙනුවෙන් ෂා ජහාන් ටජ්මහල් තනද්දී ඉන්ද්‍රජිත් අනාගතයේ දිනක ඔලිම්පික් හෝ වෙනත් සමාන්තර තරගාවලියකින් පළමු හෝ දෙවැනි ස්ථානයන්ට පත් වීම අහඹුවක් යැයි කීමට යමකු ඉදිරියට පැමිණෙන්නේ නම් ඒ සමාජ මනෝ විද්‍යාවන් හෝ ක‍්‍රීඩාවේ දේශපාලනික ආර්ථිකයක් ගැන මෙලෝ හසරක් නොදත් ලාංකේය ළදරුවන් වූ පුහුණු කරුවන් සහ නිලධාරීන්ය. ඉන්ද්‍රජිත් ක‍්‍රීඩා කරනුයේ කුමන නම් ශක්තියකින් ද යන්න ලාංකේය ඔළුවලට අදාළ නොවිය හැකි පසුබිමක් තුළ අනාගතයේ දිනක ඉන්ද්‍රජිත්ට තමන් තරග කරනු ලබන තරග ඔස්සේ ප‍්‍රථම, දෙවන හෝ තෙවන ස්ථාන කරා පැමිණීමේ හැකියාවක් පවතී. ඒ පිළිබද රතු එළි පෙන්වීමට තරම් ඉන්ද්‍රජිත් මේ වන විට පරිණතය.

ලන්ඩන් 2013 මැරතන් ධාවන තරගයේ 14 වැනි ස්ථානයට ඉන්ද්‍රජිත් පැමිණෙන්නේ දැවැන්ත අභියෝගයන් හමුවේ නොවේ යැයි කිසිවකුට පැවසිය නොහැක. මක්නිසාද ඔලිම්පික් මැරතන් ශූරයන් සහ ලෝක මැරතන් ශූරයන් මේ තරගය ස`දහා සහභාගි වී තිබිණි. ඉන්ද්‍රජිත් මේ තරගයේ 14 වැනි ස්ථානයට පත් වන්නේ ආසියාවේ තරගය ස`දහා පැමිණි ක‍්‍රීඩකයන්ගේ ඉදිරියෙන්ම සිටින ක‍්‍රීඩකයා වශයෙනි. මැරතන් ධාවන තරගයේ ප‍්‍රථම ස්ථානය, ඉතියෝපියාවේ ටෙසිගායි කෙබිඩි පැය 2 විනාඩි 6 තත්පර 04 කින් නිම කළ අතර දෙවැනි ස්ථානය කෙන්යාවේ එම්මානුවෙල් මුටායි පැය 2 විනාඩි 06 තත්පර 33 කින් නිම කළේය. තුන්වැනි ස්ථානය ඉතියෝපියාවේ අයිල් ඇබ්සරෝ විසින් දිනා ගනු ලැබූයේ තරගය පැය 2 විනාඩි 06 තත්පර 57 කින් නිම කරමිනි.

විශේෂයෙන් දුර දිවීම (long-distance running event) තරගවලින් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනුයේ ඉතියෝපියාව, කෙන්යාව, ටැන්සානියාව වැනි රටවල ක‍්‍රීඩකයන්ය. ඒ පිළිබ`ද අදහස් දක්වන ක‍්‍රීඩාවේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ අතිදුෂ්කර පරිසරයන්හි වෙසෙන ක‍්‍රීඩකයන් පරිසරය විසින් තමන්ගේ ශරීරය වෙත උරුමකර දී ඇති පාරම්පරික ශාරීරික ගොඩ නැංවීමේ හැකියාවන්හි උපරිම ප‍්‍රයෝජන ලබා ගන්නා බවකි. එවන් ක‍්‍රීඩකයන්ගේ මාංස පේශීවල තන්තු පිහිටීමේ (Fibre Structure) ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක තත්වයන් ආවේනිකවම වෙනස් ලෙස පවතී. මේ නිසා එවන් රටවලින් පැමිණෙන ක‍්‍රීඩකයන් දුර දිවීම් තරග වලදී ඉදිරියෙන් හැකියාවන් දක්වයි. මෙවන් ලෝක තත්වයක් තුළ ඉන්ද්‍රජිත් වැනි ක‍්‍රීඩකයකුගේ දක්ෂතා දැක්වීම සුළුකාරණයක් නොවන අතර අප‍්‍රතිහත ධෛර්යය සහ කැපවීමත් ම`ග පෙන්වීමත් සහ නොපසුබට උත්සාහයේ ප‍්‍රතිඵලයකි.

1978 මාර්තු 24 වැනි දින උපත ලබන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මේ වන විට 35 වැනි විය සපුරා සිටී. කෙසේ වෙතත් තවදුරටත් ක‍්‍රීඩා කිරීමේ හැකියාව ඔහු සතු වන අතර දක්ෂතා දැක්වීමේ විභවයන් ද ඔහු තුළ පවතී. 2012 වසරේ 32 වැනි ලන්ඩන් මැරතන් තරගයේ දී ඔහු 37,500 ක් සහභාගි වූ මැරතන් තරගයේ 23 වැනි ස්ථානයට පැමිණි අතර ඒ ස`දහා ඔහුට ගත වූ කාලය පැය 2 විනාඩි 17 තත්පර 50 කි. ඉන්ද්‍රජිත් මැල්ලව ගෙදර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර  1999 ශ‍්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ විය. පසුව ලන්ඩන් බලා එන ඉන්ද්‍රජිත් ක‍්‍රීඩාව වෙනුවෙන් කැප වන්නේ තමන්ගේ      මහන්සියෙන් හා කැපවීමෙනි.

මහේන්ද්‍ර කුමාර

Advertisements