ඉගිල්ලෙන මාළුවන්ට ගෝඨාභය වෙඩි තියයි

3පේ‍්‍රමවතී මනම්පේරි තරුණිය
කතරගමේ විසූ රූප රැුජිනිය
පතිවත කෙලෙසලා ඇගේ
මැරුවේ තිරිසනෙක් වගේ
ඒ සිත්පිත් නොමැති උදවිය

මනම්පේරි මේ සුන්දර රූප රාජිනී
ඇයව සොයා හදිසියෙ
ජීප් එකක් පැමිණුනී
කිසිවක් කර කියාගන්න
ඇයට බැරි වුණී
ඒ නිලධාරින් ඇය කැන්දන්
යන්න සැරසුනී
………………………

1971 දී ජ.වි.පෙ. දේශපාලනය ස`දහා උදව් කළා යැයි චෝදනා න`ගමින් රූප රාජිනියක් ලෙස අභිෂේක ලද පේ‍්‍රමවතී මනම්පේරි නම් වූ තරුණිය හමුදා අත්අඩංගුවට ගැනුණි. අනතුරුව හමුදා නිලධාරීන් කිහිප දෙනකු විසින් ඇයව ¥ෂණය කර දෙනෝ දාහක් ඉදිරිපිට කතරගම නගරයේ දී නිරුවත් කර වෙඩි තබා මරා දමන ලදී. මෙසේ ඇයට දැඩි ලිංගික වධ හිංසා පමුණුවමින් ප‍්‍රසිද්ධියේ නිරුවත් කොට ¥ෂණය කර මරා දමන ලද්දේ වෙන කිසිවකු නොව එවකට ශීී‍්‍ර ලංකා සමාජවාදී ජනරජයේ නිලලත් යුද හමුදා නිලධාරීන් විසිනි. ඉහත ස`දහන් වන්නේ එම තිරිසන් ක‍්‍රියාවලිය පාදක කොට ගෙන ඇන්ටන් ජෝන්ස් ගායකයා විසින් නිර්මාණය කොට ගායනා කළ ගීතයකි. මනම්පේරි යනු එවක ඒ ආකාරයෙන් මරා දමන ලද දහස් ගණනක් තරුණියන්ගේ එක් සංකේතයක් පමණි.

ඇන්ටන් ජෝන්ස් එම ගීතය ගයන මොහොතක් මොහොතක් පාසා මනම්පේරිවත් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ එම තිරශ්චීන කි‍්‍රයාවත් නැවත නැවත මතක් වීම සහ ලාංකේය සමාජයේ එක් ඛේදනීය අතීත සිදුවීම් පෙළක් පරම්පරා කිහිපයකට මතක් කර දීමක් සිදු කරයි. ඒ අර්ථයෙන් ගත් විට ඇන්ටන් ජෝන්ස්ගේ ‘පේ‍්‍රමවතී මනම්පේරි’ ගීතය යම් ප‍්‍රගතිශීලී කාර්ය භාරයක් සිදු කරයි. එය එසේ වූ පළියට එම ගීතය තහනම් කළ හැකිද? යුද හමුදාවට හා රජයට අපහාසයක් හා අපකීර්තියක් ලෙස සලකා ඇන්ටන් ජෝන්ස් හා එම ගීයට දායක වූවන් පිළිබ`දව බුද්ධි අංශ විමර්ශනයකට ලක් කළ යුතුද? ඔවුන් රාජ්‍ය විරෝධීන් හා ජේ. වී. පී. කාරයන් ලෙස හ`දුන්වා සමාජය තුළ බොරු භීතියක් මැවිය හැකිද? එසේ කළ හැක්කේ ජනතා විරෝධී හා ඒකාධිපති පාලකයකුට පමණි. එසේත් නැත්නම් දැඩි මර්දනීය පාලනයක් සහිත රාජ්‍ය යාන්ත‍්‍රණයකට පමණි.

5වත්මන් රාජ්‍ය පාලකයා ද ධර්මයෙන් පටන් ගෙන වෛරයෙන් කෙළවර කරනා, ගමේ හන්දියේ ඉන්නා චණ්ඩියකු වැනි හයිරන්කාරයෙකි. මෙවැන්නන්ට බලය ලැබුණු විට එය උපරිම අයුරින් භුක්ති වි`දීමත් ඒ සතුට සැපත හා බලකාමය තම පවුලේ සනුහරේටත් ලබා දීමේ තෘෂ්ණාවෙන් පෙළෙන පන්නයේ පාලකයෙකි. මෙවැන්නෝ තම හෙවණැල්ලටත් බිය වෙති. ඒ නිසාම හතර අතේ අත පය විහිදුවා ඉබාගාතේ වටේටම ප‍්‍රහාර එල්ල කරයි. බලය රැුක ගැනීම වෙනුවෙන් තම චරිතය හා පාලන ක‍්‍රමය පුම්බා පෙන්වයි. ඒ ස`දහා ඕනෑම ක‍්‍රියාවලියකට උදව් උපකාර කරයි. ජනාධිපතිවරයා රජෙක් කළෝ කලාකරුවෝය. ජනමූල නායකයා බවට අභිෂේක කළෝ කලාකරුවෝය. සංවේදී නායකයා කළෝ කලාකරුවෝය. ඊනියා යුද්ධය දිග්විජය කළ මහා සටන්කාමියා කළෝ කලාකරුවෝය. මොවුන් මේ දේ ඉතා හොඳින් සිදු කළෝය. ඒ වෙනුවෙන් විවිධ පන්නයේ බයිස්කෝප්, සිනමා නිර්මාණ ලෙස හැඩ ගැන්වී කරළියට පැමිණුණි.

අබා, මාතා, සෙල්වම්, මහින්දා ගමනය, කුස පබා, ගාමනී වැනි යුදකාමී, ඉතිහාසකාමී සෙලෝලොයිඞ් පට හරහා මේ මහින්ද රාජපක්ෂ තව තවත් සමාජය තුළ මනෝභාවයක් ලෙස ශක්තිමත් කිරීමට දැඩි උත්සාහයක නිරත වූහ. මේ බොහෝමයක් කලාකරුවෝ ඒ නිසාම රාජ්‍ය පාලකයාගේ විශ්වාසතම සහචර පිරිස බවට පත් විය. යුද්ධය හා යුද්ධයේ නාමයෙන් සිදු වන මර්දිත පාලන ක‍්‍රමය – මිලිටරි මැදිහත්වීම් තම නිර්මාණ තුළින් සාධාරණීකරණය කළ මේ කලාකරුවෝ තම නිර්මාණයන්ගේ ප‍්‍රථම දර්ශනයේ මල්වර මංගල්‍යය මේ පාලකයන් හෝ පාලන ක‍්‍රමයේ මිලිටරි නිලධාරීන් ලවා ඉඳුල් කරවා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙන්නෝ බවට පත් වූහ. ඛගඔගඔගෑග ය සහමුලින්ම විනාශ කර දැමුවා යැයි විටෙක පාරම් බාන – එය විනාශ කිරීමේ ගෞරවය හා වීරත්වය තමන් වෙත ආරෝපණය කරගැනීමට නොතිත් ආශාවෙන් පෙළෙන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු මිලිටරිකාමී ගෝඨාභය රාජපක්ෂ තවත් විටෙක දෙමළ ඩයස්පෝරාවක් ගැන කියමින් ඒ තුළින් සමාජයේ තම වාසිය තකා භීතියක් මවා පෑමට සැම විට උත්සාහ කරයි. යුද්ධය තුළත් පශ්චාත් යුද කාලසීමාව තුළත් රාජ්‍ය හමුදා අතින් සිදු වූ හා සිදු වන මර්දිත – අමානුෂික – විනය විරෝධී ක‍්‍රියාවලිය සැඟවීමට සහ ලංකා හමුදාව යනු සර්ව සාධාරණ – සර්වතෝභද්‍ර – විනය ගරුක මානුෂික හමුදාවක් යන්න සමාජගත කරන්නට උත්සාහ කරයි. ඒ වෙනුවෙන් සිනමාපට නිපදවයි. ජාතික ධනය වැය කරයි.
සංජීව පුෂ්පකුමාර යනු තරුණ සිනමාකරුවෙකි. කෙටි චිත‍්‍රපටවලින් ආරම්භ කළ ඔහුගේ සිනමා භාවිතය සිනමාව අධ්‍යයනය කිරීමේ උවමනාව දක්වා විහිදුවා ගති. දකුණු කොරියාවේ සහ ප‍්‍රංශයේ සිනමා අධ්‍යයනය සඳහා විශාල කාලයක් කැප කළ සංජීව මෙරට විශ්වවිiාල කිහිපයකම බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සිනමා ලේඛකයකු ලෙසත් රූපවාහිනී වැඩසටහන් නිර්මාණකරුවකු ලෙසත් කටයුතු කළ, සිනමාව පිළිබඳ මනා දැනුමක් ඇති තරුණයෙකි. ඔහු විසින් නිර්මාණය කරන ලද ‘ඉගිල්ලෙන මාළුවෝ’ නම් චිත‍්‍රපටය විදෙස් උළෙලවල් ගණනාවකම ඇගයුමට පාත‍්‍ර විය. ‘ඉගිල්ලෙන මාළුවෝ’ යනු සිද්ධීන් තුනක් ආශ‍්‍රයෙන් ගොඩනැඟුණු බහු ආඛ්‍යානමය සිනමා කෘතියකි. ඛගඔගඔගෑග සංවිධානයේ පීඩනයට හා තර්ජනයට ලක් වූ ද්‍රවිඩ පවුලක්, යුද හමුදා සොල්දාදුවෙක් හා පේ‍්‍රම කර ගැබ් ගන්නා තරුණියක් සහ මායිම් ගම්මානයක වෙසෙනා තරුණයෙක් හා ඔහුගේ පවුල යන සිද්ධීන් තුන මත යුද්ධයේ පීඩනය හා ජන ජීවිතයට එය විවිධ ආකාරයෙන් බලපාන අයුරු චිත‍්‍රපටය තුළින් කතා කිරීමට උත්සාහ ගෙන ඇත. මෙහි දී සංජීව, යුද හමුදා නිලධාරියාගේ ක‍්‍රියා කලාපය සේම ඛගඔගඔගෑග සංවිධානයේ ක‍්‍රියා කලාපයත් විවේචනයට, විචාරයට හා ප‍්‍රශ්න කිරීම්වලට යොමු කරයි.

‘ඉගිල්ලෙන මාළුවෝ’ මායිම් ගම්මානයක හැදුණු – අනාථ අවතැන් කඳවුරු පිළිබඳ මනා අවබෝධයක් ඇති සංජීවගේ ආත්ම ප‍්‍රකාශනයකි. එහි ඇති සිනමාත්මක බව හා නිර්මාණශීලීත්වය පිළිබඳ කතා කිරීමට සිදුව ඇත්තේ ඔහුට හා ඔහු වටා සිටි පිිරිසට මේ සිනමාපටය නිපදවීම නිසා මුහුණ දීමට සිදුව ඇති ඛේදවාචකය හේතුවෙනි. පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ප‍්‍රංශ සිනමා උළෙලේ ප‍්‍රදර්ශිත මුල් සිනමා කෘතිය වූයේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ යි. මෙය ප‍්‍රදර්ශනය වූ පසු දිනම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් සම්පූර්ණ චිත‍්‍රපට උළෙලම තහනම් කරන්නට යෙදුණි. ඒ ‘ඉගිල්ලෙන මාළුවෝ’ සිනමාපටය හා ප‍්‍රංශ චිත‍්‍රපට උළෙල රාජ්‍ය විරෝධී – ශ‍්‍රී ලංකා රජය සහ හමුදාව අපකීර්තියට පත් කරන සිනමා උළෙලක් බව ප‍්‍රසිද්ධ කරමිනි. ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය මේ වෙනුවෙන් වෙනම ම ප‍්‍රවෘත්ති නිවේදන නිකුත් කළේය. ජාතික චිත‍්‍රපට සංස්ථාව ප‍්‍රවෘත්ති නිවේදන නිකුත් කළේය. ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය ප‍්‍රවෘත්ති නිවේදන නිකුත් කළේය. ඔවුන් සියල්ලෝම සංජීව පුෂ්පකුමාරට සහ ඔහුගේ චිත‍්‍රපටයට එරෙහිව අවි අමෝරා ගති. ඊනියා දේශපේ‍්‍රමයෙන් මත් වී ස්වයං වින්දනයේ යෙදෙන ආණ්ඩුව, සංජීව පුෂ්පකුමාර ඇතුළු පිරිස ත‍්‍රස්තවාදීන් කළේය. දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තයන් බවට පත් කළේය. පසු දිනම ආණ්ඩුවේ හොරණෑව බවට පත් වූ ෂඔභ නාලිකාව තම සියලූ වැර යොදා සිනමාපටයට සහ ඊට සම්බන්ධ වූවන්ට එරෙහි වැඩසටහන්, ප‍්‍රවෘත්ති නිර්මාණය කළේය. ඒ පිළිබඳ වෛරීභාවයක් වපුරමින් ජනමතය විකෘති කළේය.

2හමුදා සේවයෙන් පලා ගිය සහ සේවයේ නිරත වන සොල්දාදුවන් නිවෙස් තුළට පැන මංකොල්ල කන, කාන්තා අපචාර කරන, ළමා අපචාර කරන, තමා සමඟ එකට සේවය කරන කාන්තා සොල්දාදුවන්ට ලිංගික අතවර කරන, තම ආදරය නොපිළිගැනීමේ වෛරයෙන් තරුණියන් හා පවුල් පිටින් මරා දමන, යුද හමුදා සොල්දාදුවන් සිටිනා ශ‍්‍රී ලංකාව තුළ තම නිර්මාණයකින් එය කතා කරන නිර්මාණකරුවකුට සිදු වන්නේ ඛගඔගඔගෑගකාරයෙක් ලෙස රාජකීය හැඳින්වීම ලබා ගැනීමටයි. මහ දවල් අමු අමුවේ මංකොල්ල කන, මිනීමරන රජය සහ ආරක්ෂක ලේකම් සමඟ ඍජු ගනුදෙනු ඇති වාස්ලා වැනි උසස් පොලිස් නිලධාරීන් සිටිනා ලංකාව තුළ එ් ඛේදවාචකය පිළිබඳ නිර්මාණයක් කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් නිර්මාණකරුවකුට නොමැත. තම පහළ සොල්දාදුවන් හා ග‍්‍රාමාරක්ෂක සෙබළුන් රාත‍්‍රියේ රාජකාරියේ යොදවා බලහත්කාරයෙන් ඔවුන්ගේ නිවෙස් තුළට රිංගා
කාන්තාවන්ට අතවර කරන –
ලිංගික හැසිරීම්වල යෙදෙන උසස් හමුදා නිලධාරීන් පිළිබඳ චිත‍්‍රපටයකින් කතා කිරීම ඩයස්පෝරා මුදල් ගනුදෙනුවකි. ප‍්‍රදර්ශනය සඳහා රැුඟුම් පාලක මණ්ඩලයේ අවසර ලබා දුන් සිනමා පටයක් මෙසේ තහනමට ලක් කිරීමේ අවිනීත ක‍්‍රියාවෙන් මුඛ පූට්ටු වී සිටින ගාමිණී සුමනසේකරලා – සිනමා සංස්ථාවට සියලූ දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් සිය ඕනෑ එපාකම් අනුව බලපෑම් කරද්දී ගොනා – බූරුවා සේ ඔළුව පහත් කරගෙන සිටිනා අශෝක සේරසිංහලා මෙහි දී වීරයන් වී සිටී.

ඩයස්පෝරා මුදල්වලින් සෑදුවා යැයි පාරම්බාමින් මේ පිටුපස සිටින සියලූ රාජ්‍ය සහ හමුදා විරෝධීන් පිළිබඳ පරීක්ෂණයක් කර දැඩි ද`ඩුවම් පමුණුවනවා යැයි මොර දෙන ආරක්ෂක ලොක්කා පොර වී සිටී. චිත‍්‍රපටයක් තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයට ඇති අයිතිය ප‍්‍රශ්න කිරීමට කිසිවකු නොමැත. අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි සිනමා උළෙලේ හොඳම නළුවා වූ ජගත් චමිල සම්මානය ලබා ගනිමින් සිංහලෙන් කතා කරනවා දැක සිය දෑසට කඳුළු ඉනුවා යැයි පවසා ඔහුට ලක්ෂ පනහක නිවෙසක් තෑගි කළ විමල් වීරවංශලා සංජීව පුෂ්පකුමාරලාව ත‍්‍රස්තවාදීන් කර ඇත. සිනමාව ලැබූ ජයග‍්‍රහණයට වඩා ජගත් සිංහලෙන් කතා කිරීමේ දර්ශනයෙන් මෝඩ චූන් ලැබූ මොවුන් ගෝත‍්‍රවාදී ලක්ෂණ විදහා පෑවේ එසේය. ඒ අනුව ඔවුන්ට සංජීව ත‍්‍රස්තයෙකි. ඛගඔගඔගෑගකරුවෙකි. ඛගඔගඔගෑග සංවිධානය සතු වූ මුදල්, දේපළ හා මිනිස් ජීවිත ද බලෙන් තර්ජනය කර තම පෞද්ගලික භුක්තිය සඳහා යොදා ගන්නා, ඉන් තම පෞරුෂය හා බැංකු ගිණුම් තර කරගන්නා වුනට යුද සමයේ සැබෑ තත්වයන් තම නිර්මාණයට යොදා ගත් නිර්මාකරුවන් ත‍්‍රස්තවාදීන්ය. තම බලය වෙනුවෙන් තමන් වටා ළං කරගෙන සිටින ඛගඔගඔගෑග ප‍්‍රධානීන් මහත්වරුන්ය. හිතවතුන්ය.

‘ඉගිල්ලෙන මාළුවෝ’ තහනම් කළ, එහි නිර්මාණ ශිල්පීන් ත‍්‍රස්තවාදීන් කළ නමුත් ගෝඨාභය රාජපක්ෂ මේ සිනමා පටය නැරඹුවේවත් නැත. සිනමාව පිළිබඳ හූනු බිජුවක ප‍්‍රමාණයේ දැනුමක්වත් නැති හාදයන් විසින් සිනමා නිර්මාණකරුවන් දේශද්‍රෝහීන් බවට පත් කරයි. සිනමාව පිළිබඳ සහ නිර්මාණාත්මක සිනමා භාවිතයක් පිළිබඳ නිතර දෙවේලේ කෑ මොර දෙන ජයන්ත චන්ද්‍රසිරිලා, සෝමරත්න දිසානායකලා, රවීන්ද්‍ර රන්දෙණියලා, ජැක්සන් ඇන්තනීලා, මාලනී ෆොන්සේකාලා, බුඩි කීර්තිසේනලා දෙකොන පූට්ටු වී සිටිති. මහින්ද රාජපක්ෂගේ දන්සලෙන් නිතර කා – බී සැනසෙන මොවුන්ට වෙන කළ හැකි දෙයක් ද නොමැත. රජයේ අත්තනෝමතික ක‍්‍රියාවලියට සහ රාජ්‍ය මර්දනයට එරෙහිව හ`ඩ නඟන ගාමිණී වියන්ගොඩලාව ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටයට ඈඳා ගනිමින් නිහ`ඩ කිරීමේ උත්සාහයක නිරත වෙයි. චිත‍්‍රපටයට කොහෙත්ම අදාළ නැති ඔහු ද මේ සිද්ධියත් සමඟ ‘ඩයස්පෝරා’ කාරයකු කර ඇත. ලාංකේය සමාජ දේශපාලන ක‍්‍රියාවන්හි ඛේදවාචකය සිනමාවට ගෙන ඒමේ වරදට සිනමා ශිල්පීන්ට හතරවැනි තට්ටුවට යාමට සිදුව ඇත. සැබෑ මිනිස් හැසිරීම් සහිත නිර්මාණ වෙනුවට ‘සිරි පැරකුම්’ නැරඹීමට රාජ්‍ය මැදිහත් වීම් කරමින් සිටිනා සමාජ පරිසරයක සැබෑ සිනමාව රාජ්‍ය ආරක්ෂක බුද්ධි අංශයේ තුවක්කුවලින් නිහ`ඩ කරමින් සිටී. ශ‍්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම මිලිටරි පාලනයට නතු වී ඇත. භාෂණයේ නිදහස සහ ප‍්‍රකාශනයේ නිදහස සම්පූර්ණයෙන්ම අහුරා දැමීමට රාජපක්ෂලාගේ මිලිටරි පාලනයට හැකියාව ලැබී ඇත. ඒ අනුව ඉදිරියේ දී සංජීවලාට සිදු වන්නේ සුදු වෑන් එකක අතුරුදන් වීමටය. නැතහොත් පාරක් අයිනේ කානුවක – වාහනයක් තුළ මැරී සිටීමටය. එසේ නොවීමට නම් විමුක්ති ජයසුන්දර සේ ‘මාතා’ වැනි යුදවාදී සිනමා පටයකට බලෙන් හෝ සම්බන්ධ විය යුතුය. එවිට තම පැවැත්ම හා නිර්මාණකරණය නිදහසේ කරගෙන යාමේ මිලිටරිමය ඉඩක් සහ සහායක් මේ රාජපක්ෂකරණය තුළ දී ලැබේ. ඒ හැර නිදහසේ නිර්මාණයක් කිරීමේ ඉඩක් මේ පාලන ක‍්‍රමය තුළ නොලැබෙනු ඇත.

යම් කාලයක ඇන්ටන් ජෝන්ස්ට තිබුණා වූ නිදහස මේ වන විට සිනමාකරුවන්ට නොලැබී ඇත. හමුදා සොල්දාදුවා, පොලිස්කාරයා එසේත් නැත්නම් රාජ්‍ය මිලිටරි හමුදාව පරමෝත්කර්ෂයට නංවා, පරම පවිත‍්‍ර මිනිසුන් බවට පත් කර, රන් මලක් ලෙස අභිෂේක කළ කලාකරුවාටම මිලිටරි පාලනයට නතු වීමට සිදුවීම ඛේදවාචකයකි. කලාකරුවන් යැයි කියා ගන්නාවුන්ම වීරයන් බවට පත් කළ මොවුන් දැන් කලාකරුවාව දීනයෙක් බවට පත් කර ඇත.

Advertisements