කතන්දර කියපු අයට ආසනයවත් රැක ගන්න බැරි වුණා – රවි කරුණානනායක

  • DSC_0945 අදටත් දේශපාලන පිටියේ උණුසුම් කතාබහ වෙන්නේ 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්. 13 වැනි සංශෝධනය ගේන්න පුරෝගාමී වූ පක්ෂය විදිහට ඒ සම්බන්ධයෙන් අද දරන ස්ථාවරය පැහැදිලි කිරීමක් කළොත්?

අප පිළිගන්න අවශ්‍යයි, ඞී.එස්.සේනානායක 48 නිදහස ලබා ගනිද්දි කිව්වා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ හැම දෙනාම ශ‍්‍රී ලංකා අනන්‍යතාව ඇතුළේ ජීවත් වෙන්න අවශ්‍යයි කියලා. ඊට පස්සෙ එහෙන් මෙහෙන් මත ඉදිරිපත් වුණා. නමුත් යූඑන්පීයේ ¥රදර්ශී බව නිසා හැමෝම එකට තියා ගන්න පුළුවන් වුණා. දවසින් දවස නොයෙක් ප‍්‍රශ්න ආවා. අන්තවාදයන් ආවා. මේ අතර මධ්‍යස්ථව ගමන් කරන යූඑන්පීයත් ආවා. 87 දී 13 වැනි සංශෝධනය ආවේ යම් විදියකින් හරි ප‍්‍රශ්නය සමථයකට පත් කරන්න. මහින්ද රාජපක්ෂ බලයට ඇවිල්ලා ඉන්දියාවත් එක්ක සාකච්ඡුා කරද්දි, අගමැති පස් වතාවක් කිව්වේ ඉදිරියට ගෙනියන්න පුළුවන් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා. ‘මේක තමා තියෙන එකම විස`දුම. වෙන විකල්පයක් නැහැ. ඒකීය භාවය රකින්න පුළුවන් වෙන්නේ මේකට’. දැන් මිනිස්සු නින්දෙන් නැගිට්ටා කියලා අපි මොනව කරන්නද? ආණ්ඩුවට දැන් තුනෙන් දෙකක බලයක් තියෙනවා. හො`ද නැත්නම් ගලවලා විසි කරන්න.

  •  ආණ්ඩුව සූදානම් නම් ගලවලා විසි කරන්න පුළුවන්. හැබැයි ඔබතුමන්ලාගේ පාර්ශ්වයෙනුත් මේකේ අඩුපාඩුවක් හරි වැරැුද්දක් හරි තිබුණ නම් එය නිවැරැුදි කිරීමක් ස`දහා වන පෙලඹවීමේ වගකීමක් තියෙනවා නේද?

අපි වගකීමෙන් කටයුතු කර තිබෙනවා. මේ සංශෝධනයෙන් පස්සේ යූඑන්පීයේ බලය සහිත එක ඡුන්දයක් තිබ්බ. ආණ්ඩුව දෙපාරක් ඡුන්දේ තිබ්බා. ඉතින් ඔහුට වෙනස් කරන්න තිබුණා.

  •  නමුත් අද වෙද්දි විවේචන රැසක් මැදින් නැවත ඡුන්දයක් කැ`දවලා තියෙනවා. ඔබලා ඡුන්දයට ඉදිරිපත් වෙන්නේ මොන

පදනමින් ද?
ඒක අහන්න ඕන විමල් වීරවංශ, රාජිත, තිස්ස, චම්පික වගේ අයගෙන්. අපි කටයුතු කරන්නේ ව්‍යවස්ථානුකූලව. දැන් මේක හො`ද නැත්නම් කරන්න තියෙන්නේ ඡුන්දය නොපවත්වා ඉල්ලා අස් කරගන්න එක. මෙතැන සදාචාර අයිතියක් නැහැ ආණ්ඩුවට ඡුන්දය තියන්න.

  •  හො`දයි එහෙනම් පැහැදිලිව කිව්වොත් එ.ජා.ප.ය මේ මොහොතේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවට දෙන අභියෝගය?

අපි අභියෝග කරනවා ඡුන්දය පැත්තකින් තියලා ඉස්සෙල්ලා කියන්න මේක හො`දද, නැද්ද කියලා. හො`ද නැත්නම් ගලවලා වීසි කරන්න. එහෙම නැත්නම් යූඑන්පීය තමයි හො`දම දේ දුන්නේ කියලා කනගාටුව ප‍්‍රකාශ කරලා ඡුන්දය තියන්න.

  •  දැන් ආණ්ඩුව මැතිවරණය කැ`දවලා ඉවරයි. එ.ජා.ප.ය මැතිවරණය ඉලක්ක කරන්නේ කොතැනටද?

ඉස්සෙල්ලාම අපි ආණ්ඩුවට කියන්නේ ව්‍යවස්ථානුකූලව තියෙන දේ හො`ද නෑ කියලා කියනව නම් මොකටද ඡුන්දෙ ඉල්ලන්නේ.?අපි ව්‍යවස්ථානුකූලව කටයුතු කරනවා. අපි ඉල්ලන්නේ මේ ¥ෂිත, වංචාකාර පවුල්වාදය ඇති කරලා තියෙන ආණ්ඩුව ගෙදර යවන්න බලය දෙන්න කියලා.

  •  ‘ආණ්ඩුව ඡුන්දය තියනවා, අපිත් ඉල්ලනවා’ මේ ප‍්‍රබල යැයි කියන විපක්ෂයේ අභියෝගාත්මක හැසිරීමද?

අපි ඡුන්දය ඉල්ලන්නේ ව්‍යවස්ථාවේ තියෙන දෙයක් හැටියට ආණ්ඩුව මේක අහෝසි කරන්න ඕන කිය, කිය ඡුන්දෙ ඉල්ලනවා. අහෝසි කරන්න අවශ්‍ය නම් ඡුන්දෙකට යන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවට ගියාම හරි, මේක විහිළුවක් නෙවෙයිද?

  •  විහිළුව කෙසේ වෙතත් පහුගිය කාලය තුළ පළාත් සභාවලින් බලාපොරොත්තු වුණ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වුණා කියලා ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද?

මේ අන්තවාදයන් අවුස්සන අයගෙන් තමයි අහන්න ඕන. දැන් මේ නින්දෙන් ඇහැරිලා වගේ කෑ ගහනවා. ඇයි මුලින් අහෝසි කළේ නැත්තේ? 2005 ත් ආණ්ඩුව හිටියනේ. ඡුන්ද කීයක් නම් තිබ්බද? බොරුවනේ කරන්නේ. මේ කරන්නේ දේශපාලන පක්ෂ තමන්ගේ පැවැත්මට කරන දේවල්. අනෙක් පැත්තෙන් ලැජ්ජා නැතිව උතුරට ගිහින් ඡුන්දෙ ඉල්ලනවා.

  •  මම අහන්නේ මේ පළාත් සභාවල යෝග්‍යතාව සම්බන්ධයෙන් සහතිකයක් දෙන්න පුළුවන්ද කියලා?

අපි එක පාරයි ඡුන්දෙකට ඉල්ලූවේ. ඊට පස්සේ චන්ද්‍රිකායි, මහින්දයි තමයි නැටුවේ. ඇයි ඕක නරක නම් ඉවත් කරන්නේ නැත්තේ?

  •  පෞද්ගලිකව හෝ ඔබට අදහසක් නැද්ද?

මේකෙ වරදක් දකින්නේ නැහැ. බංකොලොත් දේශපාලකයෝ මේකේ එල්ලිලා ඉන්දියාවට බැණ බැණ ඉන්දියාවේ නිවාඩු ගත කරන්න යනවා. ඒකෙන්ම පේනවා මේ ද්විත්ව ස්වරූපය.

  •  අපි මේ පසු කරමින් ඉන්න මොහොත කියන්නේ යම් ජාතිවාදී, ආගම්වාදී ප‍්‍රවණතාවන් හිස ඔසවන්න උත්සාහ දරමින් සිටින මොහොතක්. මොකද හිතෙන්නේ?

දේශපාලනයටවත් ආගමකටවත් කුලේකටවත් අන්තවාදයක් අවශ්‍ය නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මේ හැම කෙනෙකුටම ජීවත් වෙන්න පුළුවන් අනන්‍යතාවක් තමයි ලංකාව තුළ ඇති වෙන්න ඕන. කොයි පැත්තක අන්තවාදයකටවත් අපි කැමැති නැහැ.

  •  මේ තත්වයන්ගේ ඉලක්කය ඔබ පැහැදිලි කරගෙන තිබෙන්නේ කොහොමද?

ආණ්ඩුව තමන්ගේ දුර්වලතාවන් වහගන්න තමයි මේ වගේ දේවල් අවුස්සන්නේ. රටේ සමගිය දෙදරීම තමයි මේවගෙන් වෙන්නේ.

  •  අපි යූඑන්පීයේ මේ වෙද්දි වෙමින් තියෙන චලනයන් ගැන කතා කළොත්. විනය පරීක්ෂණ කැ`දවපු පක්ෂ සාමාජිකයන්ට සමාව දෙන්න සූදානමක් තියෙනවාද? මේක මැතිවරණ උපක‍්‍රමයක්ද?

දැන් බලන්න, මගේ මිත‍්‍ර දයාසිරි ජයසේකරත් ආණ්ඩුව විවේචනය කළා. නමුත් මහින්දගේ ලැජ්ජා නැතිකමට මහ ඇමැතිකම දයාසිරිට ලිවුමකින් දෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් අය පැත්තකට කරනවා. එහෙම වෙද්දී අපේම අය කළ වැරැුදි පිළිගන්නවා නම් සමාව දෙන එකේ වැරැුද්දක් නැහැ. කැත්තට පොල්ල වගේ ඉදලා ප‍්‍රශ්න හදා ගන්න අවශ්‍ය නැහැ.

  •  එතකොට ඔය පහුගිය කාලේ තිබුණ රනිල් – සජිත් පාර්ශ්වවලට තිත?

එහෙම පාර්ශ්ව තිබුණේ නැහැ. එකයි තිබුණේ.

  •  ඔය එක කියන්නේ රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය ස්ථාවර කරගනිමින් යන ගමනක්ද?

පක්ෂය එකට ඉන්නේ. එහෙම විශේෂත්වයක් නැහැ.

  •  එතකොට පහුගිය කාලේ නායකත්වය ඇතුළේ තනතුරු වෙනස් වෙන්න ඕන කිව්වේ?

කවුද එහෙම කිව්වේ?

  •  ඔබේ පක්ෂෙ අයමනෙ කිව්වේ?

ඔය කතන්දර කියපු අයට ආසනයවත් රැුක ගන්න බැරි වුණා. කියනකොට මොනවද කියන්න බැරි. (සිනාසෙමින්*

  •  දයාසිරි මන්ත‍්‍රීවරයාත් ආණ්ඩුවට යනවා. මේක එ.ජා.ප.යට විශාල පාඩුවක් නෙමෙයිද?

දයාසිරි කියන්නේ මගේ හො`ද මිත‍්‍රයෙක්. යන්න එපා කියලා පුළුවන් තරම් අදහස් දුන්නා. නමුත් ඉතින් මහින්ද රාජපක්ෂ මහ ඇමැතිකම දෙනවා කිව්ව. එතුමට ඉතින් ජාතික මට්ටමෙන් සේවය කරන්නේ නැතුව, පළාත් මට්ටමෙන් සේවය කරන්න අවශ්‍ය නම් අපට ප‍්‍රශ්නෙකුත් නැහැ.

  •  මේ එකිනෙකට මතු වෙමින් තිබෙන්නේ එ.ජා.ප.යේ අර්බුදයන්ගේ ප‍්‍රතිඵල නේද?

අපි ආණ්ඩුවෙන් ගත්තොත් කියන්නේ ආණ්ඩුවේ අර්බුද කියලා. ආණ්ඩුවෙන් ආවොත් අපිත් ගන්නවා.

  •  අන්තිමට කවුරු කවුරුත් දේශපාලනේට එද්දි ජනතාව ඉදිරියේ කියපුවා අමතක කරලා?

ඒක ඡුන්දය දුන්න අයගෙන් අහන්න ඕන.

  •  ඡුන්දදායකයාගේද වැරැුද්ද?

ඕක අර්ථකථනය කරන්න පුළුවන් ඕන විදිහකට. ඡුන්දය දෙන්නේ අපි නෙමෙයිනේ.

  •  ජනතාවටත් හිතන්න හො`ද අවස්ථාවක්. එහෙමද?

මෙහෙම හිතමු. පුත්තලමෙන් පළාත් සභාවට මන්ත‍්‍රීවරයෙක් පත් වෙනවා. මේ මන්ත‍්‍රීවරයා ගිහිල්ලා ගුරුවරයෙක් දණ ගස්සනවා. ඒක වැරැුදියිනේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අය අස් කරන්නේ නැතිව නාම යෝජනා දෙන එක හරිද? පක්ෂයයි, ඡුන්දෙ දෙන අයයි ඒකට උත්තර දෙන්න ඕන.

  •  ලේසි පහසු දේශපාලනයක් නෙවෙයි නේද කරන්න වෙලා තියෙන්නේ?

ඒක තමයි අපි ෆයිට් කරන්නේ.

  •  ඔබතුමන්ලා ෆයිට් කරනවා කිව්වට හරි වැඩපිළිවෙළක් පේන්න නෑනේ?

ඒකත් හරියට මාධ්‍ය වගේ තමයි. ඔන්න අපේ කවුරුහරි, කාගේහරි නහය කැපුව කිව්වොත් ඒක පත්තරේ යනවා. හැබැයි ළමා අපචාරයක් හරි, විදෙස් කාන්තාවක් ¥ෂණය කළා කියලා හරි, ගුරුවරියක් දණ ගැස්සුවා කියලා හරි ප‍්‍රවෘත්තිය පත්තරවල යන්නේ නැහැ. ඕකනේ මාධ්‍ය සදාචාරය. දේශපාලනයත් අද ඒවගේ වෙලා.

  •  එජාපයේ රැුඩිකල් වැඩපිළිවෙළට මොකද වුණේ?

ඒක තියෙන හින්දනේ ආණ්ඩුව හෙල්ලිලා තියෙන්නේ. නැත්නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නැද්ද මහ ඇමතිකමට දාන්න? බැසිල් රාජපක්ෂ කියනවා පිටින් කවුරුත් ගේන්නේ නෑ කියලා. මහින්ද රාජපක්ෂ ගන්නවා.

  •  ඔබ කියනවා ආණ්ඩුව හොල්ලලා තියෙන්නේ කියලා. එහෙම බලපෑමක් කරන්න පුළුවන් තත්වයක දී ඇයි පක්ෂයේ ප‍්‍රබල සාමාජිකයෝ ආණ්ඩුවට යන්නේ? ගැටලූවක් නේද?

හොල්ලන ප‍්‍රමාණය මිනිස්සුන්ට දැනෙන්න මාධ්‍ය ම`ගින් ඒවා මිනිස්සු අතරට යවන්න ඕන. අද මිනිස්සු කතා නොකර දත් මිටිකාගෙන ඉන්නවා.

  • මිනිස්සු දත් මිටිකාගෙන ඉන්නේ කට අරින්න සුදුසු වටපිටාවක් නැහැ කියලා ඔවුන්ට දැනෙන නිසානේ. ජනතාවගේ කට ඇර ගන්න එකත් විපක්ෂයේ වැඩක් නෙමෙයිද?

ඡුන්දෙත් එනවනේ. මොකද වෙන්නේ කියලා ඉදිරියේ දි බලමු.

ආශිකා බ‍්‍රාහ්මණ

Advertisements