ක‍්‍රීඩා අමාත්‍යාංශ වෙබ් අඩවියේ දුප්පත්කම

www.sportsmin.gov.lk

sport-min-webබොහොමයකගේ ඇස ගැටෙන කාරණාවක් වුවත් කිසිවකු කතා නොකරන, බොහෝ දෙනාගේ අවධානය යොමු විය යුතු කරුණක් පිළිබඳ අපට කතා කරන්නට දෙයක් තිබේ. ඒ, දැනට ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යන නිල වෙබ් අඩවිය ගැනය.

වර්තමාන ලෝකයේ දිනෙන් දින දියුණු වෙමින් පවතින විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ කාරණාවන් ද සම`ගින් ලාංකේය ක‍්‍රීඩාවත් ඒ හා සම්බන්ධ යටිතල පහසුකම් මෙන්ම සම්බන්ධතා ජාලයන් ද සන්නිවේදනයන් ද දියුණු විය යුතුය. ඒවා දියුණු වන්නේ කරන්නන් වාලේ වැඩ කිරීම හෝ ඇ`ග බේරා ගැනීමට ඔහේ යමක් කිරීම මත නොවේ. පුද්ගලයකු නම් එක්කෝ තමන් කරනු ලබන ක‍්‍රියාවන් පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. ආයතනයක් නම් තමන්ගේ ක‍්‍රියාකාරීත්වයන් යම් පදනමක පිහිටා විද්‍යාත්මක භාවිතාවන් ඔස්සේ සිදු කළ යුතුය. නමුත් අපගේ අවධානයට යොමු වන කාරණාව වන්නේ ‘ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ක‍්‍රීඩා අමාත්‍යාංශයට අදාළ කාරණාවකි.
බොහෝ දේවල් පිළිබඳ ‘කප්පරක් කයිය ගසන’ නිලධාරීන් සිටින අමාත්‍යාංශයක් ලෙස ඉහත අමාත්‍යාංශය අපට තේරුම් ගැනීමට සිදු වේ. කාලයක් නිලධාරී මාෆියා ගොඩ නැංවීමක තෝතැන්නක්ව පැවැති මේ අමාත්‍යාංශය පසුගිය කාලයේ යම් තාක් දුරට සාධනීය දේවල් කරන බවක් දැකිය හැකි විය. නමුත් එය අතිශයෝක්තියෙන් හුවා දැක්වීමත් කුහක ආකාරයෙන් විවේචනය කිරීමත් හැරුණු විට තේරුම් ගැනීමේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් සොයාගත යුතු විය. ක‍්‍රීඩා අමාත්‍යාංශය ලාංකේය ක‍්‍රීඩාව පිළිබඳ කටයුතු කරනු ලැබූ අතර ඒ සම`ගම දේශපාලන ක‍්‍රීඩාවේ ද නිරත විය. ඒ තමන්ට උවමනා දේ කොයි ආකාරයෙන් හෝ කිරීමට උත්සාහ කිරීම් ද සම`ගිනි. එහි ප‍්‍රතිඵල අනාගතයේ දී දැක ගැනීමට හැකි වන බව අපි කාටත් මතක් කර දීමට කැමැත්තෙමු.
හො`ද දේ හො`දයි කියා දිරි දීමටත් විකෘතීන් විනාශයන් සහ විකාරයන් අබිමුව කොන්දේසි විරහිතව විවේචනය කිරීමට සහ සටන් කිරීමට අපේ මාධ්‍ය කලාව කිසි විට පැකිළී නැත. එම නිසා බොහෝ දෙනා සේ අප කිසිවකුට ‘කඬේ නොයන’ අතර රටේ ක‍්‍රීඩාවේ අනාගත යහපත පතා කටයුතු කිරීමේ අප සතු අනුල්ලංඝනීය අයිතිය කිසිවකුට නවතා දැමිය හැකිද නොවන්නකි.
අපේ මාතෘකාව වන ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පිළිබඳ කතා කිරීමේ දී සාමාන්‍ය මිනිසුන් පවා ‘අනේ පව් නේද’ කියන තත්වයට එය පත්ව තිබීම පිළිබඳ වගකීම දරන්නේ කවුරුන්ද යන්න අපට පැහැදිලි නැතත් ඒ පිිළිබ`ද කතා කළ යුතුය. කොළඹ 07 ටොරිංටන් පෙදෙසේ පිහිටා ඇති ක‍්‍රීඩා අමාත්‍යාංශය සතු වෙබ් අඩවිය කෙනකුට සිතෙනුයේ මහියංගණය, දඹානේ සිට පවත්වන්නක් ලෙසය.

නොඑසේ නම් එය මීමුරේ ග‍්‍රාමය ආසන්නයේ පිහිටි අති දුෂ්කරතා මැද දැනුමේ සහ නොතේරුම් කම් සහිත දුෂ්කර අභ්‍යාසයක් සේ වැටහී යා හැකිය. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහ විලච්චියේ ළමුන් හමු වී නිවැරැුදි ලෙස උවමනාවෙන් වෙබ් අඩවියක් පවත්වන ආකාරය ඉගෙනගත යුතුය.

සන්නිවේදන තාක්ෂණය සහ දැනුමේ දැවැන්ත විප්ලවකාරී පරිවර්තන සිදු වන කාලයක ටොරිංටන් හි පිහිටි ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අන්ත ග‍්‍රාමීය
විකාරයක් බවට පත්ව තිබේ. මෙම වෙබ් අඩවිය පිළිබඳ වගකීම් දරන්නන් ද යාවත්කාලීන කරන්නන් ද තොරතුරු සම්පාදනය කරන්නන් ද ඉලක්ක කරනුයේ කුමක්ද යන්න කිසිවකුට නොවැටහෙන අතර අඩුම තරමේ අන්තර්ජාල වෙබ් අඩවියක් තම ආයතනය වෙනුවෙන් සහ එහි පෞරුෂය රැුකෙන පරිදි පවත්වන්නේ කෙසේද යන්න නොදනී. පාඨකයාට හෝ ක‍්‍රීඩකයාට, නොඑසේ නම් පුරවැසියාට සාධාරණයක් ඉටු වන ලෙසත් දැනුම සහ අවබෝධය මෙන්ම පුවත් ආවරණය කිරීමත් ඊට අදාළ වගකීම් දරන්නන් විසින් සිදු කළ යුතුය. නමුත් කිසිදු ආකාරයකින් මේ තත්වය සාධනීය පරිවර්තනයකට ලක් වන බවක් පෙනෙන්නට නැත.

වර්තමාන ක‍්‍රීඩාව හා සන්නිවේදන තාක්ෂණය අතර ඇත්තේ දැවැන්ත බැ`දීමකි. ලෝක පරිමාණයේ දී සන්නිවේදන තාක්ෂණයේ ඵල නොලබන ක‍්‍රීඩාවක් හෝ ක‍්‍රීඩා සංස්කෘතියක් නොමැති තරම්ය. ආයතන ව්‍යුහයන් සලකන කල තමන්ගේ ඉලක්කගත අරමුණු වෙනුවෙන් බොහෝ වෙබ් අඩවි දසදහස් ගණනක් දැකිය හැකිය. ඒවායේ ව්‍යුහාත්මක ගොඩනැංවීම් විසින් බොහෝ විට අපේක්ෂිත අරමුණු ඉලක්ක වෙත හඹා යනු දැකිය හැකිය. සන්නිවේදනයේ ඉලක්ක සහ වෙළෙඳපොළ උවමනාවන් තුළ ගිලීයාම පමණක් වෙනුවට වෙනත් සාධනීය කාරණා සහ ඉලක්ක වෙත අරමුණුසහගතව ගමන් කළ යුතුය. ඒ සමාජයේ වෙනත් ගුණාත්මක තත්වයන් වර්ධනය කිරීම වෙනුවෙනි. මේ පිළිබඳ කාරණා අදාළ අංශ එක්කෝ නොදන්නවා විය යුතුය. නොඑසේ නම් දැන දැන වැරැුදි කරනවා විය යුතුය.

මේ නිසා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය එක්කෝ අනාගතයේ වෙබ් අඩවියක් ලෙස ස්ථාපිත කළ යුතුය. එසේ නොමැති නම් දැනට පවතින විහිළු – තහළු නවතා වෙනත් දෙයක් කළ යුතුය.

වෙබ් අඩවියක් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම මෙන්ම යාවත්කාලීන කිරීම, අන්තර්ගතය සකස් කිරීම, තාක්ෂණික කාරණා යන සියල්ල විද්‍යාත්මක ක‍්‍රමවේදයකට සහ අධ්‍යාපනික ක‍්‍රමවේදයක් ඔස්සේ සිදු කළ යුතුය. තමන්ගේ වෙබ් අඩවිය පවත්වන්නේ ඇයිද යන්නත් එහි සංයුතිය ගැනත් නිරන්තරයෙන් වගකීම්සහගතව සොයා බැලීමත් කළ යුතුය. විශේෂයෙන් තමන්ගේ පාඨකයන් හෝ ග‍්‍රාහකයන්, ඔවුන්ගේ උවමනා එපාකම් කුමක්ද යන්නත් තමන්ගේ ආයතනික උවමනාවන් සහ ඉලක්ක සපුරා ගැනීමත් ඒ පිළිබඳ වගකීම් දැරීමත් පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. ඒ මත පිහිටා නව දැනුම සහ හැකියාවන් මෙන්ම ක‍්‍රීඩාවේ උවමනාවන් වෙනුවෙන් කටයුතු කළ යුතුය.
වචන හතරක් එකට ගළපා ලියා ගැනීමට හෝ වෙබ් අඩවියක් ලෙස විහිළු නොකර වගකීම් සහගත බවකින් කටයුතු කිරීමට තරම් අවබෝධයක් ඇති පිරිසක් ක‍්‍රීඩා අමාත්‍යාංශය තුළ නොවන්නේ නම්, අමාත්‍යවරයා අඩුම තරමේ ඊට අදාළ පියවර ගත යුතුය.

මෙතෙක් පවත්වන ලද ජාතික සහ ජාත්‍යන්තර තරගාවලි ආවරණය කිරීමට කිසිදු ලෙසකින් අදාළ වෙබ් අඩවි සමත් නොවූ අතර අවම තාක්ෂණික කාරණා පිළිබඳ අවබෝධයක් හෝ සාම්ප‍්‍රදායික මාධ්‍ය කටයුතු හෝ නව මාධ්‍ය භාවිතාවන් පිළිබඳ දැනුමක් නොවන බව පමණක් ශපථ කිරීමට අදාළ අංශ සමත් විය. මෙය අතිශය විකාරසහගත කාරණාවක් වන අතර කයිවාරුවලින් ක‍්‍රීඩාව නගා සිටුවීමට උත්සාහ කරනවාට වඩා වැඩි යමක් කිරීමට අදාළ බලධාරීන් උත්සුක විය යුතුය.

කුමාර ජයවීර

Advertisements