උතුරේ ජනතාවගෙන් ආණ්ඩුවට හොඳ උත්තරයක් ලැබෙයි

teranceමේ මැතිවරණයෙන් උතුරට විසඳුමක් ලැබෙයිද?- ජනරළ
උතුරේ ජනතාවගෙන් ආණ්ඩුවට හොඳ උත්තරයක් ලැබෙයි
ආචාර්ය ටෙරන්ස් පුරසිංහ, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

  •  උතුරේ මැතිවරණය ගැන ඔබගේ අදහස?

13 වැනි සංශෝධනය දෙමළ ජනතාවගේ ජාතික ප‍්‍රශ්නය විසදීමට ප‍්‍රමාණවත් නෑ. ඒක නිසා 13 වැනි සංශෝධනය ඉක්මවූ විසදුමක් දෙන්න ඕන. ඒ කියන්නේ ඊට වඩා පුළුල් බලතල සහිත විසදුමක්. දෙමළ ජනතාවගේ ස්ව පාලනය තමයි එතන තියෙන්න ඕන. ඒක නිසා මේ මැතිවරණය පැවැත්වීම යුක්තිසහගතයි. පොලිස් බලතල සහ ඉඩම් බලතල පළාත් සභාව තුළ ක‍්‍රියාත්මක වීමට ඉඩ දෙන්න ඕන. මේ පළාත් සභා මැතිවරණය නිදහස් හා සාමකාමී ලෙස පැවැත්වුවොත් දෙමළ ජනතාවගේ නියෝජිතයන්ට අවස්ථාව ලැබෙනවා, ඒ පළාත් සභාවේ බලය ගන්න. එතකොට ඔවුන්ට ඔවුන්ගේ ස්වපාලනය එතනින් ආරම්භ කරන්න පුළුවන්. ඒත් 13 වැනි සංශෝධනය කියන්නේ අවම විසදුමක්. මම විශ්වාස කරන්නේ මීට වඩා පුළුල් ස්වපාලන අයිතියක් දෙමළ ජනතාවට ලැබිය යුතුයි කියලා.

  •  ඔබ හිතනවද මේ මැතිවරණය පවත්වන ක‍්‍රමයෙන් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලැබෙනවා කියල?

මෙහෙමයි, දැන් උතුරෙ තියෙන්නේ හමුදා පාලනයක්නෙ. ඉතින් හමුදා පාලනය යටතේ ඒ පවත්වන මැතිවරණය ගැන අපට ඒ තරම් විශ්වාසයක් තියන්න බෑ. මොකද ඒ මැතිවරණයට හමුදාවෙන් විශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. දැනටමත් එහෙමයි. එතකොට උතුරේ ඔභ් සංවිධානයට තමන්ගේ දේශපාලන කටයුතුවල යෙදෙන්න අමාරුයි. මොකද අවි ආයුධ සහිත හමුදාව ඒ ප‍්‍රදේශයේ සිවිල් පාලනය නැති කරල තියෙන්නේ. එහෙම වුණත් උතුරේ දෙමළ සමාජය ආණ්ඩුවට හො`ද උත්තරයක් දේවි.

  •  දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ මහ ඇමැති අපේක්ෂකයා සම්බන්ධව ඔබගේ අදහස?

දෙමළ ජාතික සන්ධානය කියන්නේ දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයක්. දෙමළ ජාතික ව්‍යාපාරයේ එකම සංවිධානය තමයි ඕක. නමුත් මාක්ස්වාදී සංවිධානයක් නෙවෙයි. ඒක ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන සංවිධානයක්. ඔවුන් ඉදිරිපත් කරපු අපේක්ෂකයා දෙමළ සමාජයේත් සිංහල සමාජයේත් ප‍්‍රභූවරයෙක්. ඒ කියන්නේ ධනපති නීතිය පිළිබඳ උගත් ධනපති බුද්ධිමතෙක්. ඔහුට අන්තර්ජාතික පිළිගැනීමක් තියෙනවා. ටී.එන්.ඒ. එකට ඒකෙ ලොකු වාසියකුත් තියෙනවා. ඔහු රැුඩිකල් පුද්ගලයකු නොවෙන නිසාත් ලිබරල් අදහස් දරන කෙනෙක් නිසාත් ටී.එන්.ඒ. සංවිධානයට එල්ල වෙන එල්.ටී.ටී.ඊ. චෝදනාවට එක උත්තරයක් තමයි මේ දීල තියෙන්නේ. මම හිතන්නේ ඔවුන් යම් තාර්කික පදනමක් මත ඉ`දල තමයි මේ තෝරා ගැනීම කරල තියෙන්නේ. අපි හිතමු ටී.එන්.ඒ. එක පළාත් සභාවක් පිහිටෙව්වා කියලා. ඒක මේ රටේ බිහි වෙන එකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පළාත් සභාව බවට පත් වෙනවා. මොකද අනිත් හැම එකක්ම ආණ්ඩුවේ ආධිපත්‍යය යටතෙ තියෙන්නේ. ආණ්ඩුවේ ආධිපත්‍යයෙන් ගිලිහුණු නිදහස් දේශපාලන පක්ෂයක් අතට උතුරේ බලය ගියොත් ඒක මේ රටේ විකල්ප දේශපාලනයේ ආරම්භය හැටියටයි මම දකින්නේ.

  •  ඔබ හිතනවද ටී.එන්.ඒ. එකේ මහ ඇමැති අපේක්ෂකයා දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම කියලා?

බොහොම බැ?රුම් කාරණයක් තමයි ඔබ අහන්නේ. මිනිස්සුන්ගේ ප‍්‍රශ්නවලට මේ සමාජයේ විස`දුම් තියෙනවද කියන එකම ප‍්‍රශ්නයක්. ඒක අපි බලන්නෙ පන්ති දෘෂ්ටි කෝණයෙන්. ඒ කියන්නේ ධනපති සමාජයෙන් සාමාන්‍ය පන්තියේ ජනතාවට විසඳුම් ලැබෙන්නෙ නෑනේ. හැබැයි මෙතන විශේෂයක් තියෙනවා. ඒ තමයි, මේ රටේ මහ ජාතිය සහ සුළු ජාතීන් අතර තියෙන ප‍්‍රශ්නය. මේ රටේ ප‍්‍රධාන ගැටලූව තමයි දේශපාලන බලය ජාතීන් අතර බෙදිල නැති එක. ඒක ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රශ්නයක් මිසක් සමාජවාදී අවධියේ ප‍්‍රශ්නයක් නොවෙයි. එතකොට දේශපාලන බලය සිංහල බහුතරය අතේ තමයි සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ. අවුරුදු 30ක යුද්ධයක් ඇති වුණෙත් ඒක නිසා. දෙමළ භාෂාව කතා කරන අයට දේශපාලන බලය අහිමි වෙලා තියෙනවා. පළාත් සභා ක‍්‍රමය යටතේ ඒක අවම වශයෙන් හරි ලැබෙනවා. දෙමළ ජාතික සන්ධානය කියන්නෙත් ධනපති පන්තියේ පක්ෂයක්. නමුත් ඒක දෙමළ ජාතීන්ගේ සංවිධානයක්නේ. පොදුවෙ ගත්තාම නිර්ධන පන්තියේ හැමෝටම ප‍්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ තියෙන්නේ සිංහලයන් වීම සහ නොවීම පිළිබඳ ප‍්‍රශ්නයක්. ඒ කියන්නේ දෙමළ පීඩිතයට සිංහල පීඩිතයට වඩා විශේෂ ප‍්‍රශ්න ටිකක් තියෙනවා. පළාත් සභා නිසා අන්න ඒ ප‍්‍රශ්නවලට විස`දුම් ලැබෙනවා.

  •  ආණ්ඩුවේ උතුරු වසන්තය ඇතුළු සංදර්ශන වැඩ මේ මැතිවරණයේ දී මනාප බවට පත් නොවෙයි කියල ඔබ හිතනවද?

මෙහෙමයි, උතුරු වසන්තය උතුරට වසන්තයක් වෙලා නැහැ. ආණ්ඩුවටයි වසන්තයක් වෙලා තියෙන්නේ. පාරවල් හැදීම, ගොඩනැ`ගිලි හැදීම වගේ ආර්ථික ව්‍යාපෘති උතුරු වසන්තයට අයිතිනෙ. ඒව සංවර්ධන ව්‍යාපෘති කියල ආණ්ඩුව කිව්වට අද වෙන තුරු දෙමළ ජනතාවට කිසිම සහනයක් ලැබිල නැහැ. ඒකෙන් වාසි ලැබිල තියෙන්නේ ආයෝජකයන්ට. ඒ කියන්නේ දකුණේ සිංහල ධනපතියන්ට සහ හමුදාවන්ට. බොහෝ දෙමළ ජනතාව අදටත් ඉන්නෙ අවතැන් වෙලා. ඒ වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උතුරෙ ඉන්න දේශපාලකයන්ටත් මේකෙන් වාසි ලැබුණ. ඒ මිසක් පොදු ජනතාවට කිසිම සහනයක් නැහැ. පොදු ජනතාවගෙ ආණ්ඩු විරෝධය කිසිසේත්ම වෙනස් වෙලත් නැහැ.

  •  13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇත්තක්ද? රඟපෑමක්ද?

ඒක ඉතා පුළුල් කාරණයක්. මේකෙ මම දකින්නෙ නීතිමය පැත්තට වඩා දේශපාලන වැදගත්කම ගැන. මේ රටේ ජාතීන් අතර බලය බෙදීමේ ප‍්‍රවේශය තමයි මේක. ඒ කියන්නේ රාජ්‍ය ප‍්‍රතිසංවිධානයේ ප‍්‍රථම පියවර. මේ සුළු ජාතීන්ට සහන ලබා දෙන්න අකමැති ආණ්ඩුවක්. සිංහල මහජාතිවාදී ආණ්ඩුවක්. නමුත් අද අන්තර් ජාතික බලපෑම මත ඒ විදිහට කටයුතු කරන්න බැරි නිසා තමයි ආණ්ඩුව දෙබිඩි චරිතයක් රඟපාන්නේ. අන්තර්ජාතිකයට ආණ්ඩුව කියනව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් ගැන. නමුත් රට ඇතුළේ 13 අහෝසි කිරීමේ උවමනාව තමයි ආණ්ඩුවට තියෙන්නේ. ජාතික නිදහස් පෙරමුණ, හෙළ උරුමය වගේ පක්ෂ මේ රඟපාන්නෙ ඒ අයගෙ උවමනාව නොවෙයි, ආණ්ඩුවේ උවමනාව. හැබැයි ජනාධිපතිවරයාට ඒක ප‍්‍රසිද්ධියේ කියන්න බැහැ. මේක හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්. ආණ්ඩුවේ උවමනාව ආණ්ඩුවට එකතු වෙච්ච සුළු පක්ෂ මගින් ප‍්‍රකාශයට පත් කරවනවා. ආණ්ඩුව 13 වැනි සංශෝධනය ගැන රඟපෑමක් කරනවා කියන එක හො`දටම පැහැදිලියි.

  •  මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව නැෙ`ගන ජාතිවාදයේ හඩ ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද?

යුද්ධයෙන් පස්සෙ මේ රටේ දෙමළ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම් කරල තියෙන්නෙ. ඒ කියන්නෙ දෙමළ ජාතික ව්‍යාපාරයට සෑහෙන කාලයකට ඔළුව උස්සන්න බැහැ. ඊළගට ආණ්ඩුවට අවශ්‍ය මුස්ලිම් ආගමික බලවේග මර්දනය කරල දාන්න. ඒක තමයි මේ කාලෙ ව්‍යාපෘතිය. සුළු ජාතීන්ගෙ කොන්ද කඩන එක තමයි ආණ්ඩුව කරන්නෙ. මේ සිංහල අධිපතිවාදයයි. බොදු බල සේනා වගේ සංවිධාන හරහා ආණ්ඩුව කරන්නෙ මේක. හෙළ උරුමය යම් විදියකට මේකට සම්බන්ධයි. හලාල් වලින් තමයි මේක ආරම්භ වෙන්නෙ. දෙමළ ජනතාවගෙ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම යට කරල දැම්ම වගේ මුස්ලිම් ජනතාවගෙ ස්වාධීනත්වයත් යට කරල දාන්නයි උවමනා වෙලා තියෙන්නෙ. මුස්ලිම් ජනතාවට ඒක වඩාත් පහසුවෙන් කරන්න පුළුවන්. මොකද මුස්ලිම් කියන්නේ පැතිරුණු ජනතාවක්. ඔවුන් ඉන්නෙ සමන්තුරෙයි, මඩකලපුව, බුත්තල වගේ සීමිත ප‍්‍රදේශවල. ඒක නිසා දෙමළ ජාතික ව්‍යාපාරය වගේ ලොකු ශක්තියකින් ගොඩනැෙ`ගන්න මුස්ලිම් ජාතික ව්‍යාපාරයට බැහැ.

  •  මූලධර්මවාදී අන්තවාදී සංවිධාන බිහි වීමට බලපාන සමාජ ආර්ථික මූලය මොකක්ද කිව්වොත්?

මේ රටේ ජාතීන්ගෙ ප‍්‍රශ්නය තවම විස`දිලා නැහැ. දෙමළ ජන වර්ගයේ, මුස්ලිම් ජන වර්ගයේ ප‍්‍රශ්න වගේම සිංහල ජනතාවගෙ ප‍්‍රශ්නත් තවම විස`දිලා නැහැ. සිංහල ජනතාව ඉන්නෙ පීඩනයකින්. මේ රට අධිරාජ්‍ය ගැති ධනේශ්වර පාලකයො ඉන්න රටක්. එතකොට ඔවුන්ගෙ සමාජ ස්තරවල ප‍්‍රශ්න විතරයි විස`දිලා තියෙන්නෙ. සිංහල, දෙමළ, මුස්ලිම්, ගැමි ජනතාවගෙ ප‍්‍රශ්න තවම විස`දිලා නැහැ. කෘෂිකාර්මික ප‍්‍රශ්න, සංස්කෘතික ප‍්‍රශ්න, ඉංග‍්‍රීසි අධ්‍යාපනික ප‍්‍රශ්න, කුල ප‍්‍රශ්න වගේ ප‍්‍රශ්න කිසිවක්ම තවම විස`දිලා නැහැ. මේ නිසා සිංහල ගැමි ජනතාව ලේසියෙන්ම ජාතිවාදයට පොලඹවා ගන්න පුළුවන්. ඒක නිසා ධනපති පන්තිය බොදු බල සේනා වගේ සංවිධාන පාවිච්චි කරනවා, සිංහල පීඩිත බලවේග ධනපති ආණ්ඩුවට එරෙහිව නැ`ගී සිටීම වළක්වන්න. ඔවුන් ජාතිවාදය වපුරනවා. ඒකෙන් ධනපතියන්ට පුළුවන් වෙලා තියෙනවා ධනපති ක‍්‍රමය ආරක්ෂා කරගන්න. බොදු බල සේනා වගේ ව්‍යාපාර කරන්නෙ සිංහල ජනතාවගේ පීඩනය ආණ්ඩුව පැත්තට එල්ල නොකර තමන්ගෙ සහෝදර සුළු ජාතීන්ට එල්ල කරන්න.

  •  ජාතික ගැටලූව සම්බන්ධව වාමාංශික ව්‍යාපාර තවමත් සංවාද කරනවා?

නෑ. නෑ. සම සමාජ, කොමියුනිස්ට් පක්ෂ වගේ ඒව වාමාංශික කියල මම කියන්නෙ නැහැ. ඒකෙ ඉන්නෙ වාමාංශික ව්‍යාපාරය පාවා දුන්න ද්‍රෝහීන්. ජාතික ගැටලූව සම්බන්ධයෙන් වාමාංශිකයන්ට සංවාද කරන්න දෙයක් නැහැ. ඔවුන්ට ස්ථාවරයක් තියෙන්න ඕන. ඒක තමයි ස්වයංනිර්ණ අයිතිය. ඒක තමයි ලෙනින්ගෙ ස්ථාවරය. ඒක ගැන සංවාද කරන්න දෙයක් නැහැ. දෙමළ ජනතාවගෙ ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නෙ නැති අයට වාමාංශිකයො කියන්න බැහැ.

නිලූකා තරංගනී

Advertisements