මාව කොටියෙක් කරන්නේ ආණ්ඩුවයි, වගකීම් විරහිත ජනමාධ්‍යයි – එස්.ජේ. එම්මානුවෙල් පියතුමා

fr-emmanuelආණ්ඩුව විසින් ත‍්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කළ සංවිධාන 16න් එකක් නියෝජනය කරන්නේ එස්.ජේ. එම්මානුවෙල් පියතුමාය. ජනමාධ්‍ය තුළින් ඔහු පිළිබඳව විවිධ  අදහස්, විවේචන හා නිගමන පළ කෙරෙද්දී ඔහු කවුදැයි හඳුනා ගැනීමට අපට අවස්ථාවක් ලැබිණි. මේ වන විට යුරෝපයේ ජීවත් වන ඔහු සමඟ ටෙරල් අබේසිංහ කළ සංවාදය මෙසේ පළ කරමු

ඔබ පිළිබදව කෙටි හැඳින්වීමක් කළොත්?

මම යාපනයේ දී සාමාන්‍ය පවුලකට දාව 1934 උපත ලැබුවා. පවුලේ සාමාජිකයන් හතරයි, මම දෙවැනියා.

ඔබ ක‍්‍රිස්තියානි පූජකයකු වුණේ කොහොමද?

මුල පටන්ම මගේ කැමැත්ත වුණේ ක‍්‍රිස්තියානි පූජකයකු වීමට. නමුත් මගේ මව්පියන් කැමති වුණේ නැහැ. මොකද, පවුලේ පැවැති ආර්ථික අමාරුකම් නිසා. ඒ අයට මගේ උදව් අවශ්‍ය වුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසුව මම වසර 4ක් පමණ භෞතික විද්‍යාව හා ගණිත ගුරුවරයෙක් වශයෙන් මන්නාරමේ සේවය කළා. ඒ කාල වකවානුවේ මම තමයි මන්නාරමේ ලේක් හවුස් පුවත්පත් වාර්තාකරු. 1966 දී බැසිලිකා ශාන්ත පීතර දෙව් මැදුරෙ දි පූජාත‍්‍රය ලැබුවා. නැවත මගේ රටට එම වසරේම පැමිණ දේවගැතිවරයෙක් හා ගිහි දේවගැතියන්ගේ දියෝකීසිය අධ්‍යක්ෂ වශයෙන් සේවය කළා.

1976-86 දක්වා නුවර ජාතික සෙමනේරියෙ දේවධර්මය පිළිබඳව මහාචාර්යවරයෙක් හා පීඨාධිපති වශයෙන් සේවය කළා. දැනට ලංකාවේ වැඩ සිටින පූජප‍්‍රසාදීවරුන්ගෙන් 6 දෙනෙක්ම මගේ ශිෂ්‍යයො. 1986-96 දක්වා යාපනයේ ප‍්‍රධාන සෙමනේරියේ ප‍්‍රධාන දේවගැතිවරයා මමයි.

ඔබේ අධ්‍යාපන පසුබිම ගැන අපට කියන්න?

උසස් සහතික පත‍්‍ර විභාගය දක්වා යාපනයේ ශාන්ත පැටි‍්‍රස් විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ. 1951 උසස් සහතික පත‍්‍ර  විභාගයේ දී මම සමස්ත ලංකාවෙන්ම පළවැනි තැනට පැමිණියා. පාසලේ බලධාරීන් මගේ ජයග‍්‍රහණයෙ සතුටට පාසල් නිවාඩු දිනයක් පවා ප‍්‍රකාශ කළා. 1954-58 දක්වා මම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව හැදෑරුවා. 1962 මම රෝමයේ විශ්වවිද්‍යාලයට (ඡුදබඑසසෙජ්ක ඹරඉ්බස්බ් ඹබසඩැරිසඑහ*  ඇතුල් වී වසර 6ක් දර්ශනවාදය හා දේවධර්මය හැදෑරුවා. 1973-76 කාලය තුළ නැවත රෝම විශ්වවිද්‍යාලය සමඟ ගිහි දේවගැති ධුරය පිළිබඳව පර්යේෂණයක් කර උසස් උපාධිය ලැබුවා.

පූජකයකු හැටියට ඔබ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණේ කොහොමද?

මම දේශපාලකයෙක් නෙමෙයි පූජකයෙක්. මිනිසුන් මත ක‍්‍රි‍යාත්මක   ඕනෑම ආකාරයක පීඩනයන්ට විරුද්ධයි. එම පීඩනයන් ඉවත් කිරීමට, මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් මම ක‍්‍රියාත්මක වෙනවා. එයින් අදහස් කරන්නේ මම දේශපාලනය කරනවා කියන එකද? දේශපාලනය හා මගේ ක‍්‍රියාවන් අතර විශාල පරතරයක් පවතිනවා. බොහෝ දෙනෙක් මේ කාරණාව පටලවා ගන්නවා. මම මුලින්ම පීඩනයට විරුද්ධව ක‍්‍රියාත්මක වුණේ මගේ ගෙදර තුළදියි. මගේ පියා කුලවාදියෙක්. එයා පීඩිත කුල යැයි කියන මිනිසුන්ට සැලකුවේ නරක විදිහට. මම එයට විරුද්ධයි. මම අඩු කුලවල යැයි කියන මිනිසුන්ව ගෙදරට ගෙන්වලා සාමාන්‍ය හැටියට ඔවුන්ට සැලකුවා. 1969 දී මම සේවය කළ පල්ලියේ කුල ධුරාවලියට අනුව පනවා තිබූ අසුන් ක‍්‍රමය අහෝසි කර සියලූ‍දෙනා සමානයන් හැටියට සලකමින් අසුන් පිළියෙල කළා. මට විරුද්ධව ඉහළ කුලවල යැයි කියා ගත් 2000ක් පමණ මිනිසුන් පැමිණියා. කෙටියෙන්ම කියනවා නම් මම සියලූ‍ම ආකාරයේ පීඩනයන්ට විරුද්ධයි. එම ක‍්‍රියාකාරීත්වය දේශපාලනය යන වචනයට ලගු කරන එක මගේ ප‍්‍රශ්නයක් නෙමෙයි, ඒක කරන අයගේ දැනුම පිළිබඳ ප‍්‍රශ්නයක්.

දෙමළ ජාතික අරගලය සමඟ ඔබට ඇති සම්බන්ධය පැහැදිලි කළොත්?

මේ ප‍්‍රශ්නයට කොටස් දෙකක් හැටියට උත්තර දෙන්න වෙන්නේ.

පළවැනි කරුණ තමයි දෙමළ ජාතියේ ප‍්‍රශ්නය. දෙවැනි කාරණය යුද්ධය.

1948 දක්වා වූ අවුරුදු 500කට වැඩි කාලයක් සිංහල, දෙමළ, මුස්ලිම් යන බේදයන්ගෙන් තොරව සියලූ‍ලාංකිකයෝ යටත් විජිත කරණය තුළ පීඩිතයෝ. නමුත් 48න් පසුව අප සියලූ‍දෙනාට බාහිර පීඩනයෙන් මිදීමේ හැකියාව ලැබුණා. නිදහසින් පසු විශේෂයෙන් දෙමළ ජනතාව මත සිංහල ජාතික මතවාදයේ පීඩනය එල්ල වීමට පටන් ගත්තා. මම දෙමළ එබැවින් මම පීඩිතයි සහ එම පීඩිත භාවයට විරුද්ධ අරගලය හා මා අතර අනිවාර්ය සම්බන්ධයක් පවතිනවා. යුද්ධය යනු මෙම පීඩිතභාවයේ ප‍්‍රතිඵලයක්. 80 දශකයේ මැද භාගයෙන් පසු යුද ක‍්‍රියාකාරීත්වයන් විසින් අනික් සියලූ‍ම ක‍්‍රියාකාරකම් ද්විතීයික කරනවා. මගේ ක‍්‍රියාකාරීත්වයත් ඒ අනුව තමයි තීරණය වෙන්නේ.

මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව විසින් පාලනය සඳහා යොදා ගනු ලබන සිංහල ජාතික මතවාදය පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ජාතිය, ජාතික අනන්‍යතාව, සංස්කෘතිය යන කාරණා විශාල  වපසරියක් තුළ දිවෙනවා. කෙටියෙන් කීවොත් මෙම කාරණා මිනිස් අවශ්‍යතා පිරිමසන දේවල්. මේවා කාටවත් ප‍්‍රතික්ෂේප කළ නොහැකියි. ඒ වගේම මෙම කාරණා බොහොම පරිස්සමෙන් ගනුදෙනු කළ යුතු දේවල්. විශේෂයෙන් අපේ රට වැනි බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික සන්දර්භයක් තුළ 48න් පසු සිංහල දේශපාලනය ක‍්‍රියාත්මක වුණේ මෙම සංකීර්ණකම සලකලා නෙමෙයි. ලංකාව තුළ එවකට පැවැති තත්වයන් මුල් කරගනිමින් සිංහල දේශපාලකයන් මෙම මතවාදයන් යොදා ගත්තේ තමන්ගේ බල ව්‍යාපෘති සඳහා පමණි. එම ක‍්‍රියාව නිසා සිංහල ජාතික මතවාදය අනෙකුත් ලාංකික ජනවර්ගයන් කෙරෙහි බලපෑවේ පීඩනයේ උපකරණයක් ලෙසයි.

අපි මෙම පීඩනයන්ගේ මූලයන් හි ගැඹුරට ගොස් සාකච්ඡුා කළ යුතුයි. උදාහරණයක් ලෙස 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ගමු. අවුරුදු 500කට වැඩි කාලයක් සිංහල ජාතියේ සංස්කෘතිය, භාෂාව, ආගම ඇතුළු‍සියලූ‍අනන්‍යතා ද යටපත් කරලයි තිබුණේ. ඔවුන් ඔවුන්ගේ ජාතික අනන්‍යතා නැවත ගොඩනැඟිය යුතුයි. එය අනිවාර්යයක්. නමුත් එය කළ ආකාරය සම්පූර්ණයෙන්ම වැරැදියි. එම පියවර විසින් දෙමළ භාෂාව භාවිත කළ විශාල ජන කණ්ඩායමක් පීඩාවට පත් කළා. ඉංග‍්‍රීසිය රාජ්‍ය භාෂාව වශයෙන් ක‍්‍රියාත්මක වූ කාලයේ දී එහි වරප‍්‍රසාදය භුක්ති වින්දේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජන වර්ගයන්ගේ සුළු‍පිරිසක්. ඉහළ පාන්තික සුළු‍පිරිසකට පමණයි ඉංග‍්‍රීසි රාජ්‍ය භාෂාව වශයෙන් පැවැතීමෙන් වාසිය අත් වුණේ. මෙයින් අදහස් කරන්නේ නැහැ අපි ඉංග‍්‍රීසි විරෝධීන් විය යුතුයි කියලා. ඉංග‍්‍රීසි භාෂාවක් වශයෙන් අත්‍යවශ්‍යයි. අපගේ භෞතික ඇත්තක් වෙන දුපත් වාසී භාවයෙන් මිදීමේ කාරණාව ගත්තාම ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳව නිපුනත්වය අනිවාර්ය දෙයක්. නමුත් එය වරප‍්‍රසාදයක් නොවිය යුතුයි. සිංහල පීඩිත පන්තීන්ගේ ඉල්ලීම අපට තේරුම් ගන්න පුළු‍වන්. ඒක ඔවුන්ගේ අයිතියක්. සියලූ‍ම පීඩනයන්ට විරුද්ධව ක‍්‍රියා කරන මම ඔවුන්ගේ ඉල්ලීමත් සමඟ සම්පූර්ණයෙන් එකඟයි. ඒ වගේම එම සාධාරණ ඉල්ලීම ක‍්‍රියාත්මක කළ අසාධාරණ ආකාරයට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

බුදු දහම පිළිබඳව වුවත් මගේ අදහස මේ ආකාරයමයි. මොකද යටත් විජිතයක් වශයෙන් පැවැති කාල වකවානුව තුළ බුදු දහමට නිසි තැන හා ගෞරවය ලැබුණේ නැහැ. එයට අදාළ ගෞරවය හා නිසි තැන ලබා දිය යුතුයි. යටත් විජිත කාලය තුළ ක‍්‍රිස්තියානි ආගම වරප‍්‍රසාද වැඩිපුර භුක්ති වින්දා. නමුත් බුදු දහමට නිසි තැන ලබා දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අන් ආගම පීඩාවට පත් කිරීම නොවෙයි. අද සිදු වෙමින් පවතිනුයේ එයයි. මේ ක‍්‍රියාකාරීත්වය බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන් විරුද්ධයි. මෙම ක‍්‍රියාවලිය විසින් කරනුයේ ඒ උතුම් දහමට නිසි තැන දෙන එක නෙමෙයි. ලෝකයා ඉදිරියේ ඒ උතුම් දහමත් එය පිළිගනු ලබන සිංහල බෞද්ධයාත් තවත් වටයකින් නින්දාවකට පත් කිරීමක්.

තවත් උදාහරණයන් ගෙන මට පුළුවන් සිංහල ජාතික මතවාදය කොයි ආකාරයෙන්ද පීඩා කාරී ලෙස ක‍්‍රියාත්මක වෙන්නේ කියලා පෙන්වන්න. මට කීමට අවශ්‍ය මෙපමණයි. සිංහල ජාතියේ අනන්‍යතාවන් ද විශාල කාලයක් පීඩාවට ලක් වෙලා තිබුණු බව සැබෑවක්. එම අනන්‍යතා ගොඩනැංවීම අත්‍යවශ්‍ය කාරණාවක්. නමුත් එම ගොඩනැංවීම සිදු කරන ආකාරය විසින් සියලූ‍ලාංකිකයන්ව කැඳවලා තිබෙනුයේ විවසනයන්. දැන්වත් මේ ගැන සිතීමට පටන් ගත යුතුයි. තවමත් ඒ සඳහා අවස්ථාව තිබෙනවා.

යුද්ධය තුළ ඔබගේ භූමිකාව කුමක්ද?

දෙමළ සමාජය යුද්ධයක් කරා යොමු වුණේ පසු කාලීනවයි. 1948 පටන් ඔවුන් තමන් වෙත එල්ල වන පීඩනයන්ට විරුද්ධව හඬ නැඟුවා. ඔවුන් පීඩනය වෙනුවට සහජීවනය යෝජනා කළා. මමත් ඒ තුළ ක‍්‍රියාත්මක වුණා. මොකද මගේ ජීවන පරමාර්ථය වනුයේ මිනිසුන් තුළ සාමය ගොඩනැඟීමයි. නමුත් 48 පටන් රට පාලනය කළ කිසිම කණ්ඩායමක් දෙමළ සමාජයේ ඉල්ලීම්වලට කන් දුන්නේ නැහැ. එහි ප‍්‍රතිඵලයක් ලෙස දෙමළ තරුණ පරම්පරාව යුද්ධය තෝරා ගත්තා. එයින් අදහස් කරන්නේ නැහැ මම යුද්ධය පිළිගන්නවා හෝ එය අනුමත කරනවා කියලා. නමුත් යථාර්ථය තමයි ඒ පැවැති තත්වයට අපි යටත් කියන කාරණය. පැවැති තත්වයට යටත්ව මම උත්සාහ ගත්තේ සාමය සඳහා මාවත් විවර කරගන්නයි.

එම ක‍්‍රියාවලියේ දී මම ඛඔඔෑය සමඟ වගේම දකුණේ සිංහල සමාජයේ කොටස් සමඟත් ළඟින් ගනුදෙනු කළා. මම යාපනයේ පවත්වාගෙන යනු ලැබූ ‘‍යහපත් සමාජයක් සඳහා මධ්‍යස්ථානය’ යන සංවිධානය විසින් චාල්ස් ඔබේසේකර, ජයදේව උයන්ගොඩ වැනි සිංහල බුද්ධිමතුන්ටත් ආරාධනා කරමින් සාකච්ඡුා සංවිධානය කළා. ඛඔඔෑ අත්අඩංගුවේ පසු වුණු සිංහල පොලිස් නිලධාරීන් මුදවා ගැනීමට ක‍්‍රියා කළා. මෙවැනි ක‍්‍රියාකාරීත්වයන් හරහා මම ඛඔඔෑ හා අනෙකුත් කණ්ඩායම් අතර සාකච්ඡුා ගොඩනැඟීමේ කාර්යයක නියැළුණා. එයින් අදහස් වෙන්නේ මම ඛඔඔෑ සාමාජිකයෙක්වත් යුද්ධයට පක්ෂපාතීවත් කියා නෙමෙයි නේ. යුද්ධය ආරම්භ වීම හා පැවතීම මගේ පෞද්ගලික සීමාවන්ගෙන් ඔබ්බෙහි පැවතුණ දෙයක්. නමුත් මමත් එහි බලපෑමට යටත් වීම අනිවාර්යයක්. මොකද මම දෙමළ.

යුද්ධයෙන් දිනාගත හැකි දෙයක් නැති බව මම නැවත මතක් කළ යුතු නැහැ. මම එදත් විශ්වාස කළේ සාමයේ මාවත අදත් එහෙමයි. යුද්ධයක් පවතින සන්දර්භයක් තුළ සාමය සඳහා වැඩ කිරීම යුද්ධ කිරීම මෙන් දසදහස් වාරයක් අපහසුයි. මම ඒ තත්වය අත්වින්දා.

LTTEය හා ඔබ අතර පැවැති සම්බන්ධය කුමනාකාරද?

ඛඔඔෑය හා මා අතර ඉතා කිට්ටු සම්බන්ධයක් පැවතුණා. කොටින්ම කීවොත් මේ මම පැලඳගෙන සිටින අත් ඔරලෝසුව ප‍්‍රභාකරන් මගේ 70 වැනි උපන් දිනයට තෑගි කරපු එක. මට මේ දේවල් සැඟවීමට කිසිම උවමනාවක් නැහැ. මට සඟවන්න කිසිම දෙයක් නැහැ ඒ පැවැති සම්බන්ධය සම්බන්ධව. ඒ අය මගෙන් බලාපොරොත්තු වුණේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය වෙනත් කණ්ඩායම් හා පුද්ගලයන්ට පැහැදිලි කරදීමක්. ඛඔඔෑය හිටියත් නැතත් මම එය කරනවා. මොකද දෙමළ ජනතාවට පීඩනයක් තිබෙනවා නම් එය ඉවත් කර ගැනීමට මම අනිවාර්යෙන් වැඩ කරන නිසා. මාගේ ඉංග‍්‍රීසි හා දෙමළ භාෂාවන් හි හැකියාව, පීඩනයන්ට එරෙහිව මගේ හඬ නැඟීමේ භාවිතාව, දෙමළ ජාතියට ඇති පීඩනය පිළිබඳව මා හට ඇති දැනුම හා ලෝකය පිළිබඳව මගේ දැනුම ඒ සඳහා මූලික වුණා. ඔවුන් ආයුධ ගත්තේ ඇයි කියන කාරණය මට හොඳින් පැහැදිලියි. යුද්ධය මේ අර්බුදයේ ආරම්භය නොවෙයිනේ. අර්බුදයේ එක් ප‍්‍රකාශනයක් තමයි යුද්ධය. මම හැම විටම ක‍්‍රියා කරනුයේ අර්බුදයන් ඉවත් කරන්න. යුද්ධය පවතින විටත් මම උත්සාහ කළේ ඒ වෙනුවෙන්. පැවැති යථාර්ථය තුළ එවැනි පරමාර්ථයකින් වැඩ කරන  ඕනෑම කෙනෙකුට වුවත් යුද්ධයේ පාර්ශ්වකරුවන් සමඟ ළඟින් ගනුදෙනු කළ යුතු වෙනවා. මම කළෙත් ඒ ටික තමයි.

ඒ වුණත් ඔබ කොටියෙක් කියලයි සමහරු කියන්නෙ?

මාව කොටියෙක් කරන්නේ ලංකා ආණ්ඩුවයි, වගකීම් විරහිත ජනමාධ්‍යයි. මම ඉහත ප‍්‍රශ්නයට ලබා දුන් පිළිතුරෙත් උත්සාහ කළේ මා හා ඛඔඔෑය අතර පැවැති සම්බන්ධය පැහැදිලි කිරීමට. මම තව ටිකක් පැහැදිලි කරන්නම්.

1986 දී මම නැවත යාපනයට ගියා. 1987 දී ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට පැමිණුනා. මම දැක්කා එම හමුදාවේ කෲරකම්. මම දැක්කා දෙමළ ජනතාව නිකරුණේ මිය යන ආකාරය. මම ඒ ගැන හඬ නැඟුවා. කොටින්ම කතෝලික සභාව පවා මගේ හඬට කැමති වුණේ නැහැ. 1991 දී ඛඔඔෑය යාපනයට පැමිණියා. මුල් කාලයේම ප‍්‍රභාකරන් මට පණිවිඩයක් එවුවා හමු වෙන්න අවශ්‍යයි කියලා. මම ඔහුව හමු වුණා. ඔහු මට පැහැදිලි කළා ඔවුන් පිළිබඳව. මම උත්සාහ කරනුයේ සාමය සඳහා මාවත් විවෘතකර ගැනීමටයි. 1995 ශ‍්‍රී ලංකා හමුදාව යාපනයට ඇතුල් වෙද්දී මම ලක්ෂ 5කට අධික ජනතාවක් සමඟ වන්නියට ගියා. අවුරුද්දකට වැඩි කාලයක් වන්නියේ ජීවත් වෙන මම 1997 ජර්මනියට පැමිණියා. අද දක්වාම මම ජීවත් වෙන්නේ ජර්මනියේ. තවමත් මම පීඩිත දෙමළ ජනතාව වෙනුවෙන් ක‍්‍රියාත්මකයි. මෙම ක‍්‍රියාකාරීත්වය රජය හා බොහෝ ජනමාධ්‍යයන් හඳුන්වන්නේ කොටි ක‍්‍රියාකාරීත්වයන් වශයෙන්. මම මේ පිළිබඳව ජනමාධ්‍ය ආයතනවලට ලිඛිතව දන්වලා තියෙනවා. විශේෂයෙන් ‘අයිලන්ඞ්’ හා ‘ටයිම්ස්’ පුවත්පත් ආයතනවලට මම කිහිප වරක්ම දන්වා හැරියා. නමුත් කිසිම වෙනසක් නැහැ.

මෑතක දී පළ වූ එක් පොතක පෙර වදනෙම සඳහන් වී තියෙනවා මම ප‍්‍රභාකරන්ව ජේසුතුමාට සමාන කළා කියලා. මම කිසිම තැනක එහෙම ප‍්‍රකාශයක් කරල නැහැ. ඇරත් ජේසුතුමාව මම කොහොමද තව කෙනෙකුට සමාන කරන්නේ? ඒ මගේ දෙවියන්. එහෙම කරන්න මම මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් නෙමෙයිනේ. වරක් මම දකුණු අප‍්‍රිකාවට ගියා සම්මන්ත‍්‍රණ මාලාවකට සහාභාගි වීමට. රොහාන් ගුණරත්න ප‍්‍රකාශ කළා මම ඛඔඔෑ අරමුදල් රැුස්කිරීමටයි ගියේ කියලා. මම එක සතයක ආධාරයක් ඛඔඔෑයට කරලත් නැහැ ආධාර කරන්න යැයි කාටවත් කියලත් නැහැ. 80 දශකයේ මැද සිට 2009 මැයි මස දක්වා කාල වකවානුවේ සිදු වූ ක‍්‍රියාවලිය හා දෙමළ ජාතික අරගලය දෙස විවෘත මනසකින් හා අවංකව නොබලන තුරු සෑම ක‍්‍රියාවක්ම ත‍්‍රස්තවාදියි. සෑම ක‍්‍රියා කාරිකයකුම කොටියෙක්.

ලංකාවේ යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර ප‍්‍රජාවේ ක‍්‍රියාකාරීත්වය ගැන ඔබගේ අදහස කුමක්ද?

අපි අවබෝධ කරගත යුතු මූලික කරුණක් තමයි ජාත්‍යන්තර ප‍්‍රජාව යනුවෙන් හඳුන්වන සන්දර්භයේ දී බලවත් කොටසක් වන රාජ්‍යයන් හට ඔවුන්ගේම න්‍යාය පත‍්‍රයන් තියෙනවා. ඔවුන් ක‍්‍රියාත්මක වෙන්නේ තමන්ගේ රුචි අරුචිකම් මතයි. මම පෞද්ගලිකව ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ අවධානය දෙමළ ජාතික ප‍්‍රශ්නය වෙත යොමු කරවා ගැනීමයි. අපේ ප‍්‍රශ්නය විසඳා ගත යුත්තේ අප විසින්. ලංකාවට විරුද්ධව සම්බාධක පැනවීමක් සඳහා වැනි ක‍්‍රියාවකට මම කිසිම විටක සහයෝගය පළ කරන්නේ නැහැ. එහෙම කළොත් දෙමළ ජනතාවට අමතරව අපගේ සහෝදර සිංහල ජනතාවත් විශාල අර්බුදයකට මුහුණ පානවා. කුඩා දරුවන්, දුක් විඳිමින් සිටින ගැහැනුන් හා පිරිමින් තව තවත් දුකට හෙළීමෙන් කිසිවක් අපට දිනාගත නොහැකියි.

දෙමළ ජාතික ප‍්‍රශ්නයට විසඳුම ඊළම ලෙස ඔබ හිතනවද?

නැහැ. මම කිසිම විටක වෙන් වීම පිළිගන්නේ නැහැ. වෙන් වීමෙන් අපි කාටවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඇයි අපි වෙන් වීමකට යන්නේ? අපිට තවමත් අවස්ථාව තියෙනවා එකට සිටීමේ විසඳුමකට යන්න. මම සභාපතීත්වය දරන ග්ලෝබල් ටැමිල් ෆොරම් හී ප‍්‍රතිපත්ති මාලාවේ මෙය බොහොම පැහැදිලිව දක්වා තිබෙනවා. යාථාර්ථවාදීව බැලිය යුතු දෙය නම්, අපිට වෙන් වීමකට යන්න පුළු‍වන්ද කියලා. අපිට විශාල ස්වාභාවික සම්පත් නැහැ තනිව පවතින්න. නමුත් සියලූ‍ ජනවර්ගයන්ගේ ගෞරවය හා අනන්‍යතාව ආරක්ෂා කරනු ලබන දේශපාලන විසඳුමකට අනිවාර්යයෙන් යා යුතුයි.

මේ වන විටත් ආණ්ඩුව සිංහල ජනතාවට ඔබව හඳුන්වා දී තියෙන්නෙ කොටියෙක් ලෙසයි. ඒ ජනතාව වෙත කීමට ඔබට ඇත්තේ කුමක්ද?

සිංහල සංස්කෘතිය, ඔවුන්ගේ සහෝදරත්වය මට හොඳට හුරුයි. මම ඒ මිත‍්‍රත්වයට තවමත් ආදරෙයි. නමුත් අපිව විනාශකාරී දේශපාලනය විසින් අන්තයන් දෙකකට තල්ලූ‍කරලයි තියෙන්නේ. මේ විනාශකාරී මාවතෙන් එළියට පැමිණීමේ හැකියාව හා වගකීම තිබෙනුයේ ද අප අතමයි. ආදරණීය සිංහල සහෝදරවරුනි, සහෝදරියනි, මට ඔබට කීමට ඇත්තේ මෙපමණයි. අපගේ අනාගත පරම්පරාවන් හට ප‍්‍රශ්නයක් ඉතිරි නොකර පවතින ප‍්‍රශ්නකාරී තත්වය විසඳීමට ඉදිරියට පැමිණෙන්න. අප විසින් අපගේ ලාංකික අනන්‍යතාව ගොඩනැඟීම දැන්ම ඇරඹිය යුතුයි.

ඒ සඳහා ධෛර්යමත්ව ඉදිරියට එන්න. එය ඔබෙත් අපෙත් වගකීමක්.

Advertisements