අපි ඉතින් එ් නැවේ යනවා! උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, නන්දිමිත‍්‍ර ඒකනායක

imagesඅධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වියවුල්සහගත පැති ගණනාවක් තිබේ. අධ්‍යාපන විෂය භාර ඇමැතිවරු දෙදෙනකු සිටිය ද අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ගැටලූ නිරාකරණය වී නැත. උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටලූ පිලිබඳව ආණ්ඩුවේ ඇමැතිවරු අතර ගැටුම් හටගෙන තිබේ. මේ තත්වය පිළිබඳව උසස් අධ්‍යාපන ඇමැතිවරයා සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව නියෝජ්‍ය ඇමැතිවරයා සම්බන්ධ කරගැනීමට හැකි විය. මේ ඔහු සම`ග අප කළ සංවාදයයි.

—————————————————

  • විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පසුගිය වසරේ ගෙන ගිය අරගලය අවසන් කළේ ආණ්ඩුවෙන් සාකච්ඡුාවක දී ලබා දුන් පොරොන්දු නිසයි. ඒ  පොරොන්දු කඩ කළේ ඇයි?

ඒ සාකච්ඡුාවෙ දි ගත් තීන්දු ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කළා. පර්යේෂණ දීමනාව වැඩි කරල තියෙනවා. ඒ අයගෙ වැටුප් තලය නඩුකාරයන්ගෙ වැටුප් තලය ඉක්මවලා තියෙනවා. තියෙන දුෂ්කරතාවය තමයි වෙනම සේවයක් විදියට ස්ථාපිත කරන්න කියන ඉල්ලීම. එහෙම කළොත් කැබිනට් අනුමැතිය අරගෙන වැටුප් වැඩි කරන්න පුළුවන්. එහෙම වෙනම සේවාවක් විදියට වැටුප් වැඩි කළත් සමාන්තර සේවාවලටත් වැටුප් වැඩි කිරීමේ  ගැටලූවක් එනවා.

දැන් අපි වෙනම සේවාවක් කිරීමට අදාළ නීතිමය පැත්ත අධ්‍යයනය කරමින් ඉන්නවා. සමාන්තර සේවයක වැටුප් තල පිහිටුවන්න හැකියාව ලැබෙනවා

  • ආචාර්යවරු ඉල්ලන අනෙක් වැදගත් ඉල්ලීමක් තියෙනවනෙ. අධ්‍යාපනයට අයවැයෙන් ප‍්‍රතිපාදන වැඩි කිරීමේ ඉල්ලීම ගැන ….

අන්න ඒක තමයි දේශපාලනය කියලා කියන්නෙ.

  • ඇයි දේශපාලනය කියන්නෙ? අධ්‍යාපනය කියන්නෙ රටේ කාටත් ඉල්ලන්න හැකි දෙයක්. ඒක ඔබටත් ඉල්ලන්න පුළුවන්, අපටත් ඉල්ලන්න පුළුවන් දෙයක්නෙ?

අධ්‍යාපනය තමයි. ඒත් ඒක දේශපාලන ඉල්ලීමක්නෙ. අධ්‍යාපනය කියන්නෙ සමස්තයක්. විශ්වවිiාල පද්ධතිය විතරක් නෙවෙයි. ඒ කියන්නෙ ප‍්‍රාථමික, ද්විතීයික සහ උසස් අධ්‍යාපනය  කියලා තියෙනවනෙ. ඒක ඒ අයගෙ වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අදාළ ඉල්ලීමක් නෙවෙයි.

  • ඇයි එහෙම කියන්නෙ? විශ්වවිiාල ආචාර්යවරුන්ට අයිතියක් නැද්ද අධ්‍යාපනය වෙනුවෙන් ඉල්ලීම් කරන්න?

ඒ අය වෘත්තීය සමිති පිහිටුවලා තියෙන්නෙ තමන්ගෙ වෘත්තියට අයිති ගැටලූ විසඳා ගන්න.  වෙන දේවල් නෙවෙයි. මමත් හිටපු වෘත්තීය සමිති නායකයෙක්.

  • නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්  ඕනෑම කෙනෙකුට ඒ ඉල්ලීම කිරීමේ අයිතිය තියෙනව නේද?

ඒක තියෙනවා. ඒක ආචාර්යවරුන්ට විතරක් නෙවෙයි, මවුපියන්ට, හැම ශිෂ්‍යයෙකුටම තියෙනවා.

  • ඒ අයිතියනෙ ඔවුන් පාවිච්චි කරන්නෙ. මොකක්ද වරද?

ඒ අයට තියෙන්නෙ වෘත්තීය අයිතීන් ඉල්ලන්න. අරක නරකක් කියනවා නෙවෙයි. එතැනින් ගම්‍ය වෙන්නෙ වෙනත් ව්‍යාපෘතියක් ද කියන එක. රජය අපහසුතාවට පත් කිරීමේ යම් යම් දේශපාලන උවමනාවන් තියෙනවද කියන එක.

  • සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් ගැටලූවෙදි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නේද පාඨමාලාවට කාලසීමාව තීරණය කළේ? වෙනත් අයගෙ බලපෑමෙන් නේද ගැටලූවක් ආවෙ?

අපි තමයි ඒ පාඨමාලාව හැදුවෙ. අපි ඒක හදලා හොඳින් කරගෙන ගියානෙ.

  • එහෙම නම් මොකද ඒකට වුණේ?

ඒකට විරුද්ධව නැ`ගී හිටියෙ වෛi නිලධාරීන්ගෙ සංගමය. ඒ අය විරුද්ධ නම් මේක කරන්න බෑ අපට. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පුළුවන්ද වෛiවරුන්ගෙ

ප‍්‍රායෝගික පුහුණුව දෙන්න? ඇමැතිට පුළුවන්ද? ලේකම්ට පුළුවන්ද?

  • සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව ආරම්භ කරද්දි ඔය ප‍්‍රශ්න ගැන හිතුවෙ නැද්ද?

ඒව ගැන කල්පනා කළා.

  •  නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ප‍්‍රතිපත්තිමය තීරණත් අවශ්‍යයි නේද?

හරි, එතන අඩුවක් වෙන්න ඇති. වෛi සභාවත් එක්ක ඒ ගැන කතා නොකළා නම්, ඒක වෙනම කතාවක්. නමුත් ඒක කරගෙන ගියා. ඊට අමතරව පේරාදෙණියෙ ෆැකල්ටියෙන් නඩුවකට ගියානෙ. ඒ නඩුවෙදි තීරණය වුණේ අදාළ පාර්ශ්ව එක්ක සාකච්ඡුා කරලා තීරණයක් ගන්න කියලා. ඒ අනුව අවුරුදු තුනකදි උපාධිය දෙනවා. ලකුණු 70%ට වැඩි අයට ගෞරව උපාධිය කරන්න ඉඩ දෙනවා කියන එක. එතකොට හතර හරි.  එහෙමනෙ තිබුණේ. ඒකට පස්සෙ මේ අලූත්ම ප‍්‍රවණතාව ආවම ජනාධිපතිතුමා එක්ක සියලූම පාර්ශ්ව සාකච්ඡුා කරලා මේ විසඳුම දීලා තියෙනවා. ක්‍රෙඩිට් 120ක් සම්පූර්ණ කළාම අවුරුදු තුනේදි වේවා හතර දක්වා උපාධි කාලයක් තියෙනවා. ජාත්‍යන්තර ප‍්‍රමිතියක් සහිතව උපාධි දෙන්න  ඕන කියන ඉල්ලීම සම්පූර්ණ වෙනවා.

  • අධිකරණ තීරණය වුණේ සියලූ පාර්ශ්ව එකතු වෙලා කරන සාකච්ඡුාවකින් තීරණයක් ගන්න කියන එක. ඔබ විශ්වාස කරනවද ඒ සියලූ පාර්ශ්ව එක්ක සාකච්ඡුාව කෙරුණා කියලා?

ඔවුන් ඇත්තෙන්ම සියලූ පාර්ශ්ව කියන්නෙ මෙතන ශිෂ්‍යයො නෙවෙයි.

  • ශිෂ්‍ය සංගම් කියන්නෙ පාර්ශ්වයක් නෙවෙයිද?

ශිෂ්‍යයො  ඕන නම් ගෙන්න ගන්න පුළුවන්.

අධිකරණ නිර්දේශයේ පාර්ශ්ව හැටියට ශිෂ්‍ය සංගම් දක්වලා තියෙනවා නේද?

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියන එකනෙ ඔය කියන්නෙ.

  • අධිකරණ නිර්දේශයෙන් වෛi සංගම්, ආචාර්ය සංගම් සහ ශිෂ්‍ය සංගම් සහභාගි කරගත යුතු බව දක්වා තිබෙනවනෙ?

එදා ඒගොල්ලා කැඳවලා තිබුණෙ නෑ. ඒගොල්ල ගැන අපි බලා ගන්නම් කියලා ඞීන් කිව්වා. ඒ මහාචාර්යතුමා සහ උපකුුලපතිතුමා කිව්වා අපට ශිෂ්‍යයො දැනුවත් කරන්න පුළුවන් කියලා ගැටලූවක් නෑ.

  • මේ ප‍්‍රශ්නයට අදාළව, අතීතයේ දි අඩුවක් වෙලා තියෙනවා කියලා පිළිගන්නවද?

නෑ අඩුවක් නෑනෙ. දැන් ප‍්‍රශ්නයට විසඳුමක්නෙ අවශ්‍ය.

  • ඒ විසඳුම ගන්න ශිෂ්‍යයන්ට පාරට බහින්න, අරගලයක් කරන්න සිද්ධ වුණානෙ?

ඒක තමයි, ශිෂ්‍ය අරගලයෙ අවසාන ප‍්‍රතිඵලය හැටියටනෙ  අපි සාකච්ඡුාව කැඳෙව්වෙ. ඒ සාකච්ඡුාවෙදි අතිගරු ජනාධිපතිතුමාගෙ අදහස් අරගෙන නැවතත් අධිකරණ නිර්දේශත් අරගෙන නීතිපතිවරයා හමු වුණා.

  • අපි අවංකව හැරිලා බැලූවොත් ශිෂ්‍යයන් පාරට බහින්න කලින් මේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න තිබුණා නේද?

අනිවාර්යයෙන්ම, අනිවාර්යයෙන්ම තිබුණා. බුද්ධිමත්ව කටයුතු කළා නම්, නියපොත්තෙන් කඩන්න තිබුණ දේ තමයි පොරවෙන් කඩන්න වුණේ. මෙතනදි මම නියෝජ්‍ය ඇමැති, ඒකත් අමතක කරන්න එපා.

  • ඔබ ප‍්‍රකාශ කළා, අනවශ්‍ය ගැටලූවක් ඇති වුණේ. ශිෂ්‍යයන් එක්ක කටයුතු කරන හැටි දන්නවා කියලා. ඔබ මැදිහත් වුණා නම් මොකක්ද කරන්න තිබුණෙ?

මම ශිෂ්‍යයන් එක්ක සාකච්ඡුා කළා. උපවාස කරන්න ආව අය එක්ක කතා කළා. අනෙක් කවුරුත් එහෙම කරන්නෙ නෑ. ශිෂ්‍යයො ආවම මම අමාත්‍යාංශයේ හිටියා. ආරක්ෂකයො කිව්වා දැන් ඇමැතිතුමා යන්න කියලා.  මම එහෙම කළේ නෑ. ඒ අයගෙ පස් දෙනෙක් කාර්යාලයට ගෙන්නලා මම ඒ අය එක්ක සාකච්ඡුා කළා. සංග‍්‍රහ කරලා ඔවුන්ට මම පැහැදිලි කළා.

  • කවුද එහෙම කටයුතු කරන්නෙ නැත්තෙ?

ඒක මම දන්නෙ නෑ. මට පුළුවන් දේ මම කියන්නෙ. වෙනත් බලධාරීන් ඉන්නවා නම් ඒක කරන්න පුළුවන්.

  • අමාත්‍යාංශයක් විදියට පරිණතභාවයෙන් මේ ප‍්‍රශ්නයට පිළිතුරු දුන්නෙ නෑ කියලා ඔබ  පිළිගන්නවද?

අමාත්‍යංශයේ….. පිළිතුරු……  ඕක පාර්ලිමේන්තුවෙදිත් ප‍්‍රශ්න කළා. අපි හැම තිස්සෙම ප‍්‍රකාශ කළා අපි ශිෂ්‍ය ඉල්ලීමට විරුද්ධ නෑ කියලා. ප‍්‍රශ්නය වුණේ වෙන දෙයක්නෙ. අපේ දරුවොනේ මේ. අපි ඒ අයට තේරුම් කරන්න  ඕන. සමහරවිට නොම`ග ගිය අය ඉන්න පුළුවන්. යම් යම් ප‍්‍රශ්න මුල් කරගෙන මේ අය පාරට බස්සවන සංවිධාන ඉන්න පුළුවන්. ඔයගොල්ලා ආවෙ ඉලක්කයක් සපුරා ගන්න. බාහිර කරුණු නිසා ඔයගොල්ලන්ගෙ වැඬේට බාධා කරගන්න එපා කිව්වම තේරුම් ගන්නවා. සත්තු නෙවෙයිනෙ.

  • සත්තු ගැන නම් එස්.බී. දිසානායක ඇමැතිවරයා ප‍්‍රකාශ කරලා තිබුණා. මොකද ඒ ගැන කියන්නෙ?

මම ඒ ගැන මුකුත් කියන්නෙ නෑ. එයා මගේ ඇමැතිතුමානෙ. එයාගෙන්ම ඇහුවොත් කියයි. එහෙම වචන වගයක් කියලා තිබුණා මමත් දැක්කා ටී.වී. එකේ. මම ඉතින් අනුමත කරන්නෙ නෑ එහෙම කිව්ව එක.

  • අද වන විට  ශිෂ්‍ය සංගම් සහ ආචාර්ය සංගම් වෙනත් වෘත්තීය හා සිවිල් සංවිධාන විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රශ්න විසඳනු ලබනවා නම්, මෙවැනි විරෝධතාවලට යන්න අවශ්‍ය නෑ නේද?

මේ ප‍්‍රශ්නයට දෙපැත්තක් තියෙනවා. ශිෂ්‍යයො හැබෑවටම තමන්ගෙම අධ්‍යාසයෙන් පාරට බහිනවද කියන එක එකක්. එහෙමත් නැත්නම් කාගෙ හරි බල කිරීමට තර්ජන ගර්ජන හෝ උසිගැන්වීම් නිසා එහෙම කරනවද කියන එක. ඉතින් ඔය දෙකම තියෙනවා. ඇත්තටම මේ විශ්වවිiාලවල ගැටලූ නිරාකරණය කරන්න ඉදිරිපත් වෙලා රජයට හා අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කරන අය ඉන්නවා. ඉතින් ඒ අය දඩමීමා කරගෙන ඒ ඔස්සේ යමින් ලොකු විප්ලවයක් කරන්න ඒ ශිෂ්‍ය බළකාය ගෙනයන යම් දේශපාලන  කල්ලි නැතුවා නෙවෙයි. කොච්චර මකන්න හැදුවත් තව දෙයක් මතු කරගෙන පාරට බහිනවා.  කොච්චර කළත් සෑහීමකට පත් වෙන්නෙ නැති හේතුව තමයි ඒ පිටිපස්සෙ තියෙන යම් යම් බලවේග.

  • ඒ බලවේග?

ඒවා ඉතින් දේශපාලන බලවේග තමයි, කල්ලි.

  • ඔබ වක‍්‍රාකාරයෙන් කියන්නෙ කවුරු ගැනද?

මම වක‍්‍රාකාරයෙන් කියන්නෙ ඔය දේශපාලන සංගම්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වෙන්න පුළුවන්, තවත් ශිෂ්‍ය සංවිධානවල තනතුරු අල්ලගෙන ඉන්න අය වෙන්න පුළුවන්. ඒවත් එක්ක ලින්ක් තියෙන  යම් යම් කල්ලි ගැන…පක්ෂ ගැන.

  • ඇයි ඒ කවුද කියලා ප‍්‍රසිද්ධියේ කියන්න බැරි?

ප‍්‍රසිද්ධියේ කියන එක හරි නෑනෙ. සදාචාරවත් නෑනෙ.

  • නියෝජ්‍ය ඇමැතිවරයෙක් හැටියට වගකීම් සහගතව ප‍්‍රකාශයක් කරනව නම් නේද වඩා සදාචාරවත් වෙන්නෙ?

වගකීමක් ඇතිව තමයි මම කිව්වෙ දේශපාලන කල්ලි ඉන්නවා කියලා. එකක් නෙවෙයිනෙ.

  • දැන් සෞඛ්‍ය සේවයට ප‍්‍රමාණවත් මැදිහත් වීමක් නොකර රෝගීන් පැත්තෙන් බලනවා කියලා ඔය තර්කය ගෙනත් පෞද්ගලික අංශයේ රෝහල් ඇති කළා. පෞද්ගලික අංශයෙන් 1% ප‍්‍රතිකාර ගන්නවා නම් ඉතිරි 99% ජනතාව ප‍්‍රතිකාර ලබා ගන්න රජයේ රෝහල් තවමත් එකම තැන නේද?

එහෙම කියන්න එපා. රජයේ රෝහල්වල භෞතික හා මානව සම්පත් දියුණු කරලා තියෙනවා. හෙදියන්ගෙ ගැටලූ විසඳලා තියෙනවා. ගොඩනැ`ගිලි ලබා දීලා තියෙනවා. සංඛ්‍යාලේඛන අනුවම බලන්න පුළුවන් මොන තරම් දේවල් කරලා තියෙනවද? දැන් මගෙ ළඟ සංඛ්‍යාලේඛන නෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගන්න පුළුවන්  ඕන නම්.


  • සංඛ්‍යාලේඛනවලින් නෙවෙයි නේද ප‍්‍රශ්නය බලන්න වෙන්නෙ? රෝහලකට ගියාම තියෙන තත්වය අනුව, ඒ වෙනස පේන්නෙ නෑ නේද?

මම කිව්වෙ භෞතික සම්පත්, හැබැයි මෑත කාලෙ ඉඳලා අඩුපාඩු තියෙනවා. බොහෝ රෝහල්වල බේත් සීට්ටු තමයි දෙන්නෙ. සමහර බෙහෙත් වර්ග නෑ කියලා විපක්ෂය කියන එක මං

පිළිගන්නවා. ඒක ඇත්ත. හුඟක් මිල අධික බෙහෙත් වර්ග රෝහල්වල නෑ. ඒවා ෆාමසිවලින් ගන්න කියලා රෝහල්වලින් කියනවා. ඒක පිළිගන්නවා. ඒවගේ අඩුපාඩුකම් ඇති. නමුත් සම්පූර්ණයෙන් අතහැරලා දාලා නෑ. සෞඛ්‍ය සේවයේ දියුණුවක් තියෙනවා.

ශිෂ්‍ය, ආචාර්ය සහ වෛi ප‍්‍රජාවගෙන් පෞද්ගලික වෛi විiාලවලට විරෝධය පළ වෙද්දි විවිධ රැුවටීම් කරමින් ස්ථාපිත කළ මාලඹේ වෛi විiාලය නීති්‍යනුකූල එකක් ලෙස ඔබ පිළිගන්නවද?

ඔව් ඉතින් දැන් මේ වෙනකොට නීත්‍යනුකූල මට්ටමකට ඇවිත් තියෙනවා. අපේ ඇමැතිතුමා ගැසට් නිවේදනයකුත් නිකුත් කළානෙ. කවුරුත් පිළිගන්න දෙයක් ඒක.

  • වෛi විද්‍යාලයක් ආරම්භ කිරීමෙදි ඔවුන් ප‍්‍රකාශ කළ දේවල් දැන් බොරු කියලා සනාථ වෙලා තියෙනවා නේද? එහි වගකීම එන්නෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට නේද?

අමාත්‍යාංශය හැටියට වගකීමක් තියෙනවා. ඒ ගොල්ලා එහෙම කරලා නම් වැරදි තමයි. අමාත්‍යාංශය වශයෙන් ගත්ත ක‍්‍රියාමාර්ගය මම දන්නෙ නෑ. දැන් නම් ඒ ගැන සෑහීමකට පත් වෙලා තියෙනවා. ඒ නිසයි ඇමැතිතුමා ඒ ගැන නිතර නිතර කියන්නෙ.

  • එතකොට වැරදි දෙයක් ස්ථාපිත කරලා. විශ්වවිiාල ප‍්‍රතිපාදන කොමිසම් සභාවෙ සභාපති ඒ විශ්වවිද්‍යලයේ පාලන කටයුතු වලටත් සම්බන්ධ වෙනවා. මේක මොන තරම් සද්භාවයෙන්ද කරන්නෙ?

අපි ඇත්තටම ඔය ප‍්‍රශ්න දැනගෙන තමයි කිව්වෙ පෞද්ගලික විශ්වවිiාල ආරම්භ කරනවා නම් ඒවා නියාමනය කරන ආයතනයක් හදලා එහි නිර්ණායක අනුව අවසර දෙන්නෙ කියලා. ඒක කරගන්න බැරිව ගියා. පනතක් හැටියට ඒක කරන්න ගිහින් විරෝධතා මත ඉවත් කරගන්න සිදු වුණා. එහෙම කරලා තිබුණා නම් මේක වෙන්නෙ නෑ. දැන් වගකීමක් තියෙනවා ප‍්‍රමිතිය අනුව වෙනවද කියලා බලන්න ප‍්‍රතිපාදන කොමිසමට බලයක් තියෙනවා.

  • පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට රාජ්‍ය අවසරය ලැබෙන අතර රාජ්‍ය අධ්‍යාපනයට කුඩම්මගෙ සැලකිලි ලැබෙන බවයි ශිෂ්‍යයන් චෝදනා කරන්නෙ.

ඒක පිළිගන්න බෑ. රාජ්‍ය විශ්වවිiාලවල තමයි හොඳම ආචාර්යවරු ඉන්නෙ. රාජ්‍ය විශ්ව විiාලවල තමයි තවමත් හොඳම භෞතික සම්පත් තියෙන්නෙ. අපි පෞද්ගලික විශ්ව විiාලවලට සත පහක්වත් වියදම් කරන්නෙ නෑනෙ. ඒ අය එහෙම කරන්නෙ විකුණන්නනෙ. හොඳට ඒක කරනවා.

  •  අධ්‍යාපන ආයතනයක් පෞද්ගලික අංශයෙන් පටන් ගන්නෙම ලාභ උපයන පරමාර්ථය ඇතිවනේ. නමුත් රාජ්‍ය විශ්ව විiාලවල ඇත්තේ ලාබ අරමුණක් නෙවෙයි….?

ඔව් දැන් ඒ අය වාණිජ පරමාර්ථයෙන් තමයි එන්නෙ. අපට ආදරේට නෙවෙයිනෙ, ඔය හතු පිපෙන තරමට ජාත්‍යන්තර පාසල් තියෙන්නෙ. ඒවා කරන්නෙම සේවයක් කරන්න නෙමෙයි,  ලාභ ලබන ව්‍යාපාර තමයි.

  • ඔය කියන අධ්‍යාපනය විකුණන ආයතනවලට අවසර දෙන්නෙ රජයෙන්මනේ?

ඒක ඉතින් 1977න් පස්සෙ ඇති වුණ ක‍්‍රමයනේ. මේක හුඟක් දිගට කතා කරන්න පුළුවන්. පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්ව විiාල විතරක් නෙවෙයි මේ රටේ 1977න් පස්සෙ මොනවද නොකෙරෙන්නෙ? හැමදේම විකුණන්න ගත්තා. මේක නතර කරන්න බෑ. මේක යනවා. දැන් පාසල්වල පහසුකම් ගාස්තුවලට අමතරව අය කරන්න රජයෙන් කියලා නෑනෙ. ඒ වුණාට විදුහල්පතිවරුත් ගරා ගන්නවනෙ.

  • දැන් නිදහස් අධ්‍යාපනය කියලා පනතක් තියෙනවා. නමුත් අධ්‍යාපනය විකුණන එකත් කරනවා. මේ දෙකම එකවිට තියෙන්න බෑනෙ. නිදහස් අධ්‍යාපනය නමට විතරයි නේද?

ඒකනේ  ඕක පුන පුනා කියන්න බෑ. විවෘත ආර්ථිකය යටතේ කරනවා. සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ කෙරෙන්නෙ. අපි සයිටම් එකට ප‍්‍රතිපාදන දෙන්නෙ නෑ. උපකරණ දෙනවයැ. විශ්වවිiාලවලට සියලූ දේ දෙනවා.

  • පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට බදු සහන දෙනවා නේද?

බදු සහන… ඔව් යම් යම් ව්‍යාපෘතිවලට පාර්ලිමේන්තුවෙ බදු සහන අනුමත කළා. අර විශාල විරෝධයක් ඇති වුණේ ජේම්ස් පැකර් කියලා කැසිනෝ ව්‍යාපාරිකයෙක්. ඒ ව්‍යාපෘතියට කැසිනෝ කියලා නැතිව වෙනත් සංවර්ධන වයාපෘතියක් අනුමත කරලා දෙනවා. ඒ අනුශාංගික කියන වචනය යටතේ පස්සෙ  ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක වෙනයි. ඒ විවෘත ආර්ථිකය යටතේ ලංකාවට බෝ වෙච්ච දේවල්. නතර කරන්න අමාරුයි. නීතියෙ ඉඩකින් ඉදිරියට යනවා.

x ඒ ප‍්‍රවාහය වෙනස් කරන්න  ඕන කියලා හිතෙන්නෙ නැද්ද?

අපෙ අප්පෝ ඒක වෙනස් කළ යුතුයි. සමාජ පරිවර්තනයක් ඇති වෙන්න එපැයි, දේශපාලන පරිවර්තනයක් වෙන්න එපැයි. ඉතින් ඒ නැවේ අපි යනවා. නැව එගොඩ වෙනකං බලං ඉන්නවා. ගල්පර බාධක තියෙනවනෙ. නමුත් මම විශ්වාස කරනවා මේ එකක්වත් රටට හිතකර නෑ.

  • පොදු අපේක්ෂකයා ගැන ඔබ කියලා තිබුණා,  ඔබ තමයි සුදුසුම කියලා. මොකක්ද ඒ කතාව?

ඒ ඉතින් සන්නිවේදනය අඩුකමක්. දැන් මම මේ කියන කතාවත් ඔයා කොහොම ලියයිද දන්නෙ නෑ. මම එදා පැහැදිලි කතාවක් කිව්වෙ. ජනාධිපතිවරණයකට එන්න උගත්කමක් තියෙන්න  ඕන. දේශපාලනය පරිණත වෙන්න  ඕන. එහෙම කෙනෙක් ආවොත් හොඳයි. ඒ සුදුසුකම් මටත් තියෙනවා කිව්වා.

  • ඉන් පස්සෙ ඒක විහිළුවට කිව්වෙ කියලා කිව්වෙ ඇයි?

ඒක නං මම විහිළුවට ඒ ජනමාධ්‍යවේදියට කිව්වෙ.  ඕක මම කිව්වෙ ‘ජෝක්’ එකක් හැටියටනෙ තේරුණේ නැද්ද කියලා. එච්චරයි.

 සංවාද සටහන චන්දන සිරිමල්වත්ත

Advertisements