නෙවිල් ෆර්නෑන්ඩුරෝහලේ මරණය වෛද්‍ය වාර්තාවලින්හෙළි වන ඇත්ත

kaveesha(1)මහරගම පාසල් දරුවකු වූ කවීෂ  ඕෂධ වික‍්‍රමරත්නගේ අකල් මරණය ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගේ තවත් එක් සංඛ්‍යා ලේඛනයක්  බවට පත් කිරීමේ උත්සාහයක් දියත් වෙමින් තිබේ. එහෙත් ඩෙංගු රෝගය ඇතුළුව සාමාන්‍ය ජනතාව පෙළන අනෙකුත් සියලූ රෝග තත්වයන් තම ජාවාරම්කාර ආයතනවලට ලාභ තර කරගැනීම සඳහා යොදා ගන්නා නීති විරෝධි රෝහල් සහ එහි මුදල් ගරන්නට යන හොර දොස්තරලා හෙළිදරව් කිරීමට එම මරණය දොරටුවක් කරගත යුතුය. මැයි මස 05වැනි දින කවීෂ, ඔහුගේ මව විසින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ඇතුළත් කෙරුණේ ශ‍්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුවය. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ කවීෂ පුතුගේ රුධිර පට්ටිකා සංඛ්‍යාව 127 ලෙස සඳහන්ව තිබුණේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ රැුඳී සිටි පැය කිහිපය තුළ ගත් රුධිර වාර්තාව අනුවය. සාමාන්‍යයෙන් රුධිර පට්ටිකා සංඛ්‍යාව 150 – 300 අතර විය යුතු අතර ඩෙංගු රෝගයේ ප‍්‍රධාන ලක්ෂණය වන්නේ රුධිර පට්ටිකා සංඛ්‍යාව ඉතා ශීඝ‍්‍රයෙන් දරුණු ලෙස පහත වැටීමයි. මේ වන විට කවීෂ පුතුට උණ වැලඳී දින තුනක් ගත වී තිබුණි.

ඩෙංගු රෝගයේ දී රුධිර පට්ටිකා ප‍්‍රමාණය අඩු වීම එක් එක් රෝගියාගේ විවිධ ආකාරයෙන් සිදු වේ. කෙසේ වෙතත් ඩෙංගු රෝගය බහුලව පවතින මෙම කාලයේ තද උණ දවස් 3ක් තිස්සේ තිබූ දරුවෙක් රුධිර පට්ටිකා සංඛ්‍යාව 127 සමඟ රෝහලට ඇතුලත් කළහොත් ඔහුගේ ප‍්‍රධාන රෝග විනිශ්චය වශයෙන් ඩෙංගු රෝගය අංක එකට සැලකීම  ඕනෑම වෛද්‍යවරයකු විසින් අනිවාර්යයෙන් කළ යුතුය.

කවීෂ, නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ භාර ගෙන ඇත්තේ රන්දුල සමරසිංහ විශේෂඥ වෛද්‍යවරයා විසිනි. එහෙත් පළමු අවස්ථාවේ දී සිදුව තිබුණේ බරපතළ ලෙස රෝගීව සිටි දරුවා හදිසි ඒකකයේ  තබාගෙන වෛද්‍ය ශිෂ්‍යයන්ට ස්නායු පද්ධතිය පරීක්ෂා කරන ආකාරය ඉගැන්වීමය. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල තුළ සිදු කිරීමට තාක්ෂණික පහසුකම් ඇති සියලූම වෛද්‍ය පරීක්ෂණ කවීෂ වෙනුවෙන් සිදු කිරීමට නිර්දේශ කර තිබුණි. මෙම පරීක්ෂණ අතර මැලේරියාව සඳහා පරීක්ෂණ, අක්මාව සඳහා පරීක්ෂණ, වකුගඩුව පිළිබඳ පරීක්ෂණ ආදී පර්ක්ෂණ රැසක් විය.

මීට අමතරව ඔහු විසින් ඩෙංගු ප‍්‍රතිදේහ ඒකකය සහ ඩෙංගු ප‍්‍රතිදේහ පරීක්ෂණය ද කරන ලෙස නියම කර තිබිණි.

ඩෙංගු රෝගීන් විශාල ප‍්‍රමාණයක් මරණයෙන් ගලවා ගත් වෛද්‍යවරයකු ලෙස කැපී පෙනෙන්නේ මීගමුව රෝහලේ ඩෙංගු රෝග නිවාරණ අංශයේ අංශ භාර විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප‍්‍රනාන්දු මහතාය. පසුගිය දා සතිඅන්ත පුවත්පතකට ඔහු විසින් පවසා තිබුණේ ඩෙංගු රෝගියකුගේරුධිරයේ ඩෙංගු ප‍්‍රතිදේහ ජනකය තිබීම මඟින් ඩෙංගු රෝගය නිශ්චිතව හඳුනාගත හැකි බවයි. කෙසේ වෙතත් ඩෙංගු ප‍්‍රතිදේහ ජනකය රුධිරයේ හමු වන්නේ රෝගියාට උණ සෑදී පළමු පැය 24 ඇතුළතය. මේ කාලය තුළ මෙම පරීක්ෂණයේ නිරවiතාව 99.9% බව ඔහු පවසයි. මෙම තත්වය රෝගියාගේ දෙවන දින සහ තුන්වන දින වන විට එය 60 % දක්වා අඩු වෙයි. කවීෂ දරුවා නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ඇතුළු කෙරුණේ උණ සෑදී තුන්වන දිනයේ බව අමතක කළ හැකි කාරණයක් නොවේ.

එබැවින් කවීෂගේ රුධිර සාම්පලයේ ඩෙංගු ප‍්‍රතිදේහ ඒකකය නෙගටිව් ලෙස සඳහන්ව තිබුණි.

එමෙන්ම ඩෙංගු ප‍්‍රතිදේහය පිළිබඳ කරන රුධිර පරීක්ෂණය පොසිටිව් වන්නේ ඩෙංගු රෝගය වැලඳී දින තුනක් හතරක් ගිය පසුය. මේ බව දන්නා  ඕනෑම වෛiවරයෙක් ඩෙංගු රෝගියකුගෙන් උණ සැදී දින කිහිපයක් ගත වී ඇත්දැයි නිවැරැුදිව අසා දැන ගන්නා අතර රෝගියාට අදාළ වෛද්‍ය පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කරන්නේ ඒ අනුවය. කවීෂගේ ඩෙංගු ප‍්‍රතිදේහය ද ‘නෙගටිව්’ වී තිබුණි. මෙම අසරණ දරුවාගේ ජීවිතය අහිමි වීමට අදාළ මූලික හේතුව ලෙස සැලකිය හැකි ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ මෙතැන් සිටය.

අරුම පුදුම කාරණාව වන්නේ වෛද්‍ය විශේෂඥ රන්දුල සමරසිංහ රෝහලේ තිබෙන සියලූම පරීක්ෂණ කර අවසානයේ එළඹි නිගමනයයි. කවීෂට වැලඳී ඇත්තේ මොළේ උණ රෝගය බව ඔහු තීරණය කළේය. නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ වෛi කාර්යමණ්ඩලය මීළඟට කරන්නේ සුසුම්නාව විද සුෂුම්නා තරලය ගෙන පරීක්ෂා කිරීමේ(Lumber Puncture) පරීක්ෂණයට කවීෂ පුතු භාජනය කිරීමයි. ඉතා අවදානම් පරීක්ෂණයක් වන මෙය සාමාන්‍යයෙන් කරන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවල පමණි. තව ද රුධිර වහනය වැඩි විය හැකි රෝගීන්, විශේෂයෙන්ම ඩෙංගු රෝගය වැනි රෝගවලින් පෙළේ යැයි සැක කෙරෙන රුධිර පට්ටිකා ප‍්‍රමාණය 150ට වඩා අඩු රෝගීන් මෙම පරීක්ෂණයට භාජනය කිරීම ඉතා අවදානම්ය.

kaveesha(1) නමුත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ වෛද්‍ය රන්දුලට සහ අනෙකුත් කාර්යමණ්ඩලයට කවීෂට එවැනි පරීක්ෂණයක් කිරීමට තිබුණේ තදබල උවමනාවකි. වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන්ට මෙම දුර්ලභ පරීක්ෂණය සිදු කරන ආකාරය ඉගැන්වීමට මෙය කදිම අවස්ථාවක් යැයි ඔවුන් සිතුවා විය හැක. නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ අයිතිකරු වන වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා කියන ආකාරයට දිළිඳු රෝගීන්ට වැලඳෙන රෝගවලින් වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීමට ලැබුණු කදිම අවස්ථාවක් ලෙස මෙය සැලකුවා විය හැක.

කෙසේ වෙතත් වෛද්‍ය ශිෂ්‍යයන්ට පෙන්වීම සඳහා සුසුම්නාව විද තරලය සාම්පලයක් ලබා ගැනීමේ පරීක්ෂණයට භාජනය කෙරුණු කවීෂගේ තත්වය එන්න එන්නම බරපතළ විය. මේ නිසා ඔහු ඉක්මනින්ම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි. මැයි 07 වැනි  දිනය වන විට කවීෂගේ රුධිර පට්ටිකා ප‍්‍රමාණය 10 දක්වා අඩු වී තිබුණි. තමන්ට යමක් වැරදී ගිය බව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ බලධාරීන්ට වැටහී ඇත්තේ එහි දී විය යුතුය. සිදු වූ අඩුපාඩු වසා ගන්නට ඔවුන් උත්සාහ ගත් ආකාරය පෙනෙන්නේ ඉන් පසුවය. ඉතා අසාධ්‍ය තත්වයේ සිටි කවීෂ දරුවාගේ රුධිර සාම්පල ලබා ගනිමින් රුධිර පරීක්ෂණ 22 ක් දින දෙකක් ඇතුළත සිදු කෙරුණි. එනම්, සෑම පැය දෙකකට වරක් කවීෂගේ සිරුර විද ලේ සාම්පල් ලබා ගැනුණි. රුධිර පට්ටිකා ප‍්‍රමාණය 7 දක්වා පහළ වැටී තිබූ කවීෂට තවදුරටත් මොළේ උණට ප‍්‍රතිකාර කිරීම කොතරම් සුදුසුදැයි නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ බලධාරීන් විනිශ්චය කර තිබුණේ නැත. සාමාන්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ අදහසට අනුව නම් එය සාපරාධී කටයුත්තකි.

ඊට අමතරව අසාධ්‍ය ඩෙංගු ලෙඩෙකුගේ පැය දෙකෙන් දෙකට රුධිරය පරීක්ෂා කිරීම විශේෂ ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ ද නැත. සිදු වන්නේ නිසි රෝග ප‍්‍රතිකාරයක් නොමැති කමින් දැඩි වේදනාවෙන් සිටින දරුවා තව තවත් වේදනාවට පත් කිරීම පමණි. එහෙත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ වෛද්‍යවරු දරුවා වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීම අවසන් කළේ ද නැත.

IMG_3009ස්කෑන් පරීක්ෂණ, CAT ස්කෑන් පරීක්ෂණ පමණක් නොව ඵඍෂ ස්කෑන් පරීක්ෂණය කවීෂ දරුවාට කරන්නේ තවදුරටත් ඔහුට මොළේ උණ වැලඳී ඇත්දැයි යන්න ‘සැක හැර’ දැන ගැනීමටය. මේ අතරතුර සිදු කළ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් පෙනී යන්නේ මැයි 09 වැනි වන විට කවීෂගේ අක්මාවට දැඩි ලෙස හානි සිදු වී ඇති බව පරීක්ෂණ වාර්තා පෙන්වයි. කවීෂට දුන් ඖෂධ කුමක්ද යන්න නෙවිල් ප‍්‍රනාන්දු රෝහල විසින් හෙළි නොකරන තත්වයක් තුළ අක්මාවට හානි වීමට හේතුව පැහැදිලිව නිගමනය කළ නොහැකිය. කෙසේ වෙතත් මැයි 09 වැනි දින වන විට ඩෙංගු ප‍්‍රතිදේහ පරීක්ෂණය පොසිටිව්  වී තිබුණි. නමුත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය. ඉතාම ප‍්‍රවේශමෙන් හා සූක්ෂ්ම ආකාරයෙන් ප‍්‍රතිකාර කළ යුතු වූ ළාබාල ඩෙංගු

රෝගියකුගේ මරණාසන්න අවස්ථාව උදා විය. මේ දාහතර හැවිරිදි දරුවා නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ පර්යේෂණාගාර මීයෙකු  බවට පත් වී සදහටම දෑස් පියා ගත්තේය. ඒ වන විට ඔහු සඳහා කර තිබූ පරීක්ෂණ ගණන 73 කි.