මහින්ද එයි! පොදු අපේක්ෂක යයි!

අප පසුගිය සතියේ ද මෙම තීරුවෙන් පැවසූ පරිදි මහින්ද රාජපක්ෂ  පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ කතාව දියවී යමින් තිබේ. මේ වන විටත් පොදු මතය වී තිබෙන්නේ එවැනි පොදු අපේක්ෂකයකු නැති බවය. එක්සත් ජාතික පක්ෂය තමන්ගේම අපේක්ෂකයකු ලෙස රනිල් වික‍්‍රමසිංහ හෝ කරූ ජයසූරිය ඉදිරිපත් කිරීම පිළිබඳ යෝජනා ගෙන එමින් සිටී. දෙමළ ජාතික සන්ධානය උතුරෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කර දකුණෙන් පොදු අපේක්ෂකයකු එන්නේ නම්  මනාපය ලබා දීම ගැන කතා කරමින් සිටී. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වී ඇත්තේ හැම හැම පක්ෂයෙන්ම, එජාපයෙන් හා සන්ධානයෙන් මන්ත‍්‍රීවරුන් බිලි බා ගෙන අලූත් සන්ධානයක් ගොඩනඟා  එයින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාවයි. මේ අතර වමේ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ද සාකච්ඡුා වෙමින් පවතී. සරත් ෆොන්සේකා විධායක ජනාධිපති ක‍්‍රමයට සංශෝධන කිහිපයක් සිදු කර, එය පවත්වාගෙන යාමක් ගැන කියන නිසා ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පොදු අපේක්ෂකයකුට සහාය නොදෙනු ඇත. මේ සියල්ලත් සමඟ ජනාධිපතිවරණයට විපක්ෂයේ පක්ෂවලින් අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් වන ලකුණු පෙනෙන්නට තිබෙන අතර පොදු අපේක්ෂකයා ගැන සිහිනය බොඳ වී යමින් තිබේ.

විපක්ෂයේ පැත්තෙන් පොදු අපේක්ෂක කතාව අත හැරෙමින් යන අතර ආණ්ඩුවේ පැත්තෙන් ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය අරඹා තිබේ. පසුගිය සති කිහිපය තුළ වැඩිපුර මාධ්‍ය අවධානයට ලක් වූයේ ආණ්ඩුව තුළින්ම පැමිණි අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවන්ය. ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට ප‍්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟ ඇති වූ ආන්දෝලනය ද දැන් වියැකෙමින් තිබේ. අතුරලියේ රතන හිමි විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් නොකර එයට සංශෝධන කිහිපයක් සිදු කිරීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ හැකි බවට සිදු කළ ප‍්‍රකාශය ඉඟි කරන්නේ ජනාධිපතිවරණයේ දී ඔවුන් මහින්ද රාජපක්ෂගේ ව්‍යාපෘතිය තුළම සිටින බවය. මේ අතර අඛණ්ඩව කැබිනට් රැුස්වීම් පහකට සහභාගි නොවී සිටි විමල් වීරවංශ මීළඟ රැුස්වීමේ සිට අමාත්‍ය මණ්ඩලයට සහභාගි වන බව පවසමින් අඩිය පසුපසට ගෙන ඇත. මේ ප‍්‍රතිවිරෝධතාවන් දුබල වීමත් සමඟ මහින්ද රාජපක්ෂ පිම්බීමේ ව්‍යාපෘතිය කරළියට එමින් තිබේ.

පිම්බීමේ බලකාය

මීට පෙර ද සිදු වූ සුපුරුදු ආකාරයටම මෙවර ද ප‍්‍රචාරක ව්‍යාපාරය ඇරඹී ඇත්තේ සියලූ වැරැුදි ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට පවරා මහින්ද නිදොස් කිරීමෙනි. මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ නිදොස් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ආර්ථික ඝාතකයකු ලෙස බෞතීස්ම කිරීමේ විමල් වීරවංශගේ ‘අරගලය’ මීට එක නිදසුනකි. මේ දිනවල විමල් වීරවංශ හතර අතේ බැණ වදින්නේ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දරටය. නැතිනම් ආණ්ඩුව කිරි පිටි සඳහා වන බද්ද රුපියල් 25කින් වැඩි කිරීම ගැන වචනයක්වත් නොකියා කිරිපිටි සමාගම්වලට ගෝරණාඩු කරයි. වටේ සිටින ගෝලබාලයන් හරහා පමණක් නොව මේ ව්‍යාපෘතිය ආණ්ඩුවේ ඉහළ තැන්වලින්ම ක‍්‍රියාත්මක කිරීම අරඹා ඇත. ඒ ප‍්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉරිදා පුවත්පත්වලට යවන ‘ගොසිප්’වල සිටම අරඹා තිබේ. ශිෂ්‍යයන්ට සාකච්ඡුාවක් නොදුන්නේ මන්දැයි ජනාධිපතිවරයා උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායකට බැණ වැදුණේ යැයි කියන පුවතක් පසුගිය ඉරිදා සියලූම ප‍්‍රධාන පෙළේ පුවත්පත්වල  ඕපා¥ප කොලමේ පළ කර තිබිණි. පුවත්පත්වලට එම පුවත යවා තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි.

පසුගිය දිනවල දියත් වූ ශිෂ්‍ය මර්දනයේත් අධ්‍යාපන පෞද්ගලිකරණයේත් සමස්ත වරද එස්.බී. මත පටවා ජනාධිපතිවරයා පිම්බීමේ මෙහෙයුමට මේ  ඕපා¥ප පවා ඇතුළත්ව ඇත. ප‍්‍රශ්නය වන්නේ ශිෂ්‍යයන් සත්‍යග‍්‍රහ කළ දින 170ක තරමේ දිගු කාලය තුළ ඔවුන් සමඟ සාකච්ඡුා කරන ලෙස ජනාධිපතිවරයා එස්.බී.ට උපදෙස් නොදුන්නේ මන්ද යන්නය. එසේත් නැතිනම් ශිෂ්‍යයන් සාකච්ඡුාවක් ඉල්ලා පාගමනින් ගෙදර දොරකඩටම පැමිණි පසුත් ජනාධිතිවරයා ශිෂ්‍යයන්ට සාකච්ඡුාවක් නොදුන්නේ මන්ද යන්නය.

උමතු සං වරුසාව

පාසල් අධ්‍යාපනයේ සිදු වී තිබෙන අර්බුද ද අධ්‍යාපන ඇමැතිවරයා මත පටවා ජනාධිපතිවරයා එයින් නිදහස් වීමේ උත්සාහයක් පසුගිය සතියේ දී දැකිය හැකි විය. ”අපේ දරුවන් පර්යේෂණාගාර මීයන් කරගන්න එපා” කියා මහින්ද බන්දුලට ප‍්‍රසිද්ධියේම කීවේ සියලූ කුණු ඇමැතිවරයාට පැවරීමේ අරමුණෙනි. නමුත් මේ ආකාරයට වැරැුදි ඇමැතිවරුන් පිට පටවා ජනාධිපතිවරයා නිදහස් වීමේ ව්‍යාපෘතියට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් පැනනැෙඟමින් තිබේ. බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයා ජනාධිපතිවරයාත් සිටින වේදිකාවක දී ”රජු පිස්සෙක් වුනත් එකයි-පිස්සෙක් රජ වුණත් එකයි” යන පැරණි කියමන ද සිහිපත් කරමින් සියලූම දෙනා උමතු කළ උමතුසං වරුසාවක් ගැන කීවේ මේ අතෘප්තිය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමේ අටියෙනි. ”බන්දුල ඒ උමතුසං වරුසාවට නොතෙමුණු එක හොඳයි” කියා ජනාධිපතිවරයා ද සිය කතාවේ දී ඇනුම්පද කීවේය. විමල් වීරවංශ පී.බී. ජයසුන්දරට කරන ප‍්‍රහාරයට පිළිතුරු ලෙස පසුගිය සතියේ සරත් අමුණුගම  ඇමැතිවරයා ”සියලූම අමාත්‍යාංශ ලේකම්වරු පත් කරන්නේ ජනාධිපතිතුමා” කියමින් ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කළේය. මේ සියලූ හැල හැප්පිලි මැද එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයක් සඳහා 21 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. ජනාධිපතිවරණය වෙනුවෙන් බෙල්ල කඩාගෙන මෙහෙයවීමට ආණ්ඩුවේ ඉදිරිපෙළ සූදානම් නැති බවට ඉඟියක් ලැබෙන්නේ මේ 21 දෙනා තුළ ඉදිරිපෙළ ඇමැතිවරුන් දක්නට නැති වීමෙනි. කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ව්‍යාපෘතිය අරඹා තිබෙන බව දක්නට හැකිය.

මෙවර ජනාධිපතිවරණයේදීත් මහින්දගේ ලොකුම තුරුම්පුව විය හැක්කේ ජාතිවාදයයි. ජාතික ප‍්‍රශ්නය තුළ වර්ධනය වෙමින් එන ආතතීන් සියල්ල මහින්ද පිම්බීමේ ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ කෙරෙන ආකාරයක් දැකිය හැකිය. ආණ්ඩුව සිය පිරිහෙමින් යන ජනප‍්‍රියතාව යළි තිරිහන් කිරීමට උත්සාහ දරනුයේ ඉන්දියාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ගැටෙමින් සිංහල ජාතිවාදය භාවිත කර ජනප‍්‍රිය වන පැරණි ව්‍යාපෘතියෙනි. පසුගිය සතිය තුළ මෙම ප‍්‍රවණතාවේ ආරම්භක පියවර දැකිය හැකි විය. ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර සිං මෝඩි තේරී පත්වීමත් සමඟ ආණ්ඩුව ප‍්‍රචාරය කළේ ලංකාව පිළිබඳ ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය වෙනස් වනු ඇති බවය. නරේන්ද්‍ර සිං මෝඩි දිවුරුම් දීමේ උත්සවයට මහින්ද සහභාගි වීම, මෝඩිට සුබ පතා නිවේදන නිකුත් කිරීම අවසන් ප‍්‍රතිඵලය නිකුත් වීමටත් පෙර කලබලයෙන් කිරීම, ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා අත්ඩංගුවට පත් ඉන්දීය ධීවරයන් නිදහස් කිරීම වැනි පියවරයන් සඳහා විශාල ප‍්‍රචාරයක් ලබා දීමට කටයුතු කරන ලදී. එහෙත් ජනාධිපතිවරයා ඉන්දියාවට ගිය විගස මෝඩි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිහිපත් කළ අතර ඒ සඳහා බලපෑම් ද කරන ලද බව වාර්තා විය. සිදු වූ දේ පිළිබඳ සටහනක් පසුගිය

සතියේ අපි පළ කළෙමු. ඉන්දියාව විසින් සිදු කරන ලද බලපෑම නිසා සිදු වූ අවමානය වසා ගැනීමට ජනාධිපතිවරයා කළේ පොලිස් බලතල පළාත් සභාවලට ලබා නොදෙන බවට වහාම ප‍්‍රකාශයක් කිරීමය. ලංකාවේ ප‍්‍රශ්න ලංකාවේ ජනතාව සහ පාර්ලිමේන්තුව විසඳාගත යුතු බවටත් වෙනත් රටවල් එයට ඇඟිලි ගැසීම සුදුසු නැති බවටත් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා හරහා ප‍්‍රකාශයක් නිකුත් කිරීම ද ඉන්දියාවට එකට එක කිරීමේ උත්සාහයේ තවත් පියවරකි.

ජයලලිතා කෝටුමස් කිරීම

පසුගිය සතියේ දී මෙය වෙනම ගුණාත්මක පියවරක් කරා එළඹුණේ ආණ්ඩුව හදිසියේම ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගැනීමත් සමඟය. ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කළ ධීවරයන් 80ක් අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්දියාව මීට ප‍්‍රතිචාර දැක්වූයේ ඉන්දීය මුහුදේ මසුන් ඇල්ලූ ලාංකික ධීවරයන් 10 දෙනකු අත්අඩංගුවට ගැනීමෙනි.

පසුගිය සඳුදා රජයේ මාධ්‍ය සිදුවීම වාර්තා කළේ ”ඉන්දියාවට අල්ලා ගන්න පුළුවන් වුණේ 10යි. අපි 80ක්ම ඇල්ලූවා.” වැනි ස්වරයකිනි. මෝඩි අගමැති වූ සැණින් අත්අඩංගුවේ සිටින ධීවරයන් නිදහස් කිරීමට ආණ්ඩුව කටයුතු කළේ ඉන්දියාව සමඟ හොඳ හිත වර්ධනය කිරීමට යැයි කියමිනි. දැන් යළි අත්අඩංගුවට ගැනීම් ආරම්භ කර තිබෙන්නේ හොඳ හිත නැති කරගැනීමේ අරමුණෙන් දැයි කවුරුත් විමසන්නේ නැත. මේ අතර ලංකාවේ වෙනම රාජ්‍යයක් අවශ්‍යදැයි උතුර හා නැෙඟනහිර ප‍්‍රදේශවල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ජයලලිතා  කළ ප‍්‍රකාශයට ද පහර දීම අරඹා තිබේ. පසුගිය අඟහරුවාදා විමල් වීරවංශගේ සංවිධාන ගණනාවක් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූ අතර ජයලලිතාගේ අනුරුවක් ද ගිනි තබන ලදී. දෙමළ ජාතික සන්ධානය මෙයට ප‍්‍රතිචාර දැක්වූයේ ජයලලිතාගෙන් සාකච්ඡුාවකට වෙලාවක් ඉල්ලමිනි.

ජාතික ප‍්‍රශ්නය  පිළිබඳ සාකච්ඡුාව තවදුරටත් උණුසුම් වූයේ පසුගිය සතියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිිමිකම් කොමිසමේ සභාපතිනිය නවනීදන් පිල්ලේ විසින් ලංකාවේ මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණ කිීරීමට කමිටුවක් පත් කිරීමත්  එම කමිටුවට සහාය දීමට ලංකාව සූදානම් නැති බවට ආණ්ඩුව ප‍්‍රකාශ කිරීමත් සමඟය. ආණ්ඩුව කියන්නේ එවැනි විමර්ශන කමිටුවකට සහාය දීම පිළිබඳව පාර්ලිමේන්තුවෙන් විමසිය යුතු බවය. මේ සියල්ල මැද ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ආතතිසහගත තත්වයක් ගොඩනැෙඟමින් තිබේ.

කෝකටත් තෛලය

ආණ්ඩුව මේ තත්වය සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් කළමනාකරණය කිරීමට උත්සාහ දරන්නේ සුපුරුදු පරිදි ඉන්දියාව සමඟ ගැටුම, ව්‍යාජ අධිරාජ්‍ය විරෝධය, දෙමළ ජනතාවට කිසිවක් නොදෙන්නේ යැයි ඝෝෂා කිරීම හරහා දකුණේ සිංහල ජනතාව අතර ජාතිවාදී පදනමින් ජනප‍්‍රිය වීම ආදී පැරණි උපක‍්‍රම භාවිත කරමිනි. වැඩෙන ආර්ථික පීඩනය විසින් උපත ලබා ඇති සමාජ විරෝධයත් ආණ්ඩුවේම සිටින පක්ෂවලින්  මතු වන අතෘප්තියත් පාලනය කිරීමේ කෝකටත් තෛලය ලෙස ආණ්ඩුව භාවිත කරන්නේ පැරණි තෛලයම බව පසුගිය සතියේ දී වඩාත් පැහැදිලි විය.

මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ උවමනාව කාටත් වඩා තිබෙන්නේ කම්කරුවන්ට, ගොවීන්ට, ධීවරයන්ට ශිෂ්‍යයන්ට, තරුණයන්ට හා පීඩිත ජන කොටස්වලටය. පාලකයන්ගේ ස්වෝත්තමවාදයෙන් පීඩා විඳින දෙමළ හා මුස්ලිම් ජන කොටස්ද අත්තනෝමතිකත්වයෙන් පීඩා විඳින මාධ්‍යවේදීන්, කලාකරුවන්, සමාජ ක‍්‍රියාකාරීන් ආදීන් ද මෙම උවමනාව දැවෙන අවශ්‍යතාවක් ලෙස පිළිගෙන ඇත. ආණ්ඩුව උත්සාහ කරන්නේ ජාතිවාදයම තුරුම්පුව ලෙස ගෙන මේ නැඟී එන ජනමතය දියාරු කිරීමටය. ආණ්ඩුවේ ඒ උපක‍්‍රමය පරාජය කළ හැක්කේ දකුණේ  පීඩිතයා සියල්ලන්ට සම අයිතිය හිමි බව පිළිගෙන අවම වශයෙන් ඒ මූලධර්මය මත ක‍්‍රියාත්මක වීමෙනි. පාලකයන්ගේ ජාතිවාදී උගුල්වලට හසු නොවී සිටීමෙනි. මේ අතර විපක්ෂයේ පක්ෂ බොහොමයක් උත්සාහ කරන්නේ මේ වර්ධනය වන ජනමතය භාවිත කර සිය බල උවමනාවන් ඉටු කරගැනීමටය. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෙන්වමින් හා දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනයාගේ ස්වෛරීභාවය පෙන්වමින් මේ ඔස්සේ සිය බල ව්‍යාපෘතිය දියත් කිරීමට උත්සාහ කරයි. ජනතා විමුක්ති පෙරමුණ වමේ කතාව පැත්තකින් තබා, ධනපති පක්ෂවල කෑලි කෑලි එකතු කර සලාදයක් හදා වත්මන් දේශපාලන මොහොතට මුහුණ දීමට උත්සාහ කරයි. හැම දෙනාම උත්සාහ කරන්නේ පහළ පන්තීන්ගේ නැඟ එන විරෝධය තමන්ගේ

වලිගයක් බවට පත් කර ගැනීමටය. 1994 දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් ගොඩනැඟුණු ජනමතය ද 2004 දී ‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැනි ප‍්‍රතිගාමී නවලිබරල් ව්‍යාපෘතිවලට එරෙහිව ගොඩනැඟුණු ජනමතය ද කොල්ල කෑවේ කවුදැයි සිහිපත් කිරීම මේ මොහොතේ දී අතිශය වැදගත්ය. පීඩිත ජනතාව දැන් කළ යුත්තේ අනුන්ගේ ව්‍යාපෘතිවල ඇණයක්, මුරිච්චියක් වීම නොව තමන්ගේ විමුක්තිය සඳහා පාරක් සොයා ගැනීම ගැන කල්පනා කිරීමය. ජනාධිපතිවරණය ගැනත්, ජාතික ප‍්‍රශ්නය ගැනත් උණුසුමක් ගොඩනැඟී තිබෙන මේ මොහොතේ අපට කීමට ඇත්තේ එයයි.

Advertisements