දුප්පතුන් නැති ලෝකේ තරු හෝටල් දස දෙසේ

සංචාරක කර්මාන්තය රාජපක්ෂ රජයේ ප‍්‍රධාන ආර්ථික උපාය මාර්ගයක් බවට පත් වී තිබේ. සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන විශාල වශයෙන් ව්‍යාපෘති ඒ අනුව දියත් වෙමින් තිබේ. 2014 වර්ෂය තුළ පමණක් ආරම්භ වීමට නියමිත නව හෝටල් සංඛ්‍යාව 52කි. සාමාන්‍ය අගය සලකන විට සතියකට එක් හෝටලයක්, ඒ අනුව 2014 වසරේ දී රට තුළ කොහේ හෝ දිස්ත‍්‍රික්කයක අලූතින් ආරම්භ වනු ඇත. මේ වන විට තරු පහේ හෝටල් 14ක් ඇතුළුව ‘ලැගුම්හල් ආයතන’ ලෙස ආයතන 1,465ක් ලංකාව තුළ ලියාපදිංචි වී ඇත. මේ වසරේ දී අලූතින් ආරම්භ කරන හෝටල් 52ට අමතරව, 2015 දී නව හෝටල් 18ක් ද 2016 දී නව හෝටල් 5ක් ද ආරම්භ කිරීමට දැනට සැලැසුම් කොට ඇත.

විපක්ෂයට අනුව රාජපක්ෂ ආණ්ඩුවට ‘කිසිදු සැලැසුමක් නැත’. එහෙත් යථාර්ථය නම් රාජපක්ෂ රජය ඉතා සැලැසුම්සහගතව වැඩ කරමින් සිටින බවයි. ප‍්‍රශ්නය තිබෙන්නේ ඒ සැලැසුම කවරක් අරබයාද යන්නෙහිය. අප මෙම ලිපියේ ඉදිරිපත් කරන 2014 වර්ෂයේ අලූතින් ආරම්භ කරන හෝටල්වල නම් ලැයිස්තුව සහ ඒවායේ කාමර සංඛ්‍යාව දෙස බලන විට පෙනී යන්නේ සංචාරක කර්මාන්තය කෙරෙහි අධිකතර බර තැබීමක් ආණ්ඩුව විසින් සිදු කොට තිබෙන ආකාරයයි.

මෙම ක‍්‍රියාවලියේ බලපෑම් සමාජය ගැඹුරටම මුල් විහිදනු ඇත. සංචාරක ව්‍යාපාරය සඳහා ගලා එන ප‍්‍රාග්ධනයට ඉඩ දී ඉවත් වීමට දැනටමත් රටේ විවිධ ප‍්‍රජාවන්ට බල කෙරී ඇත. රට තුළ ඇති අභ්‍යන්තර ජලාශ හා කලපු සංචාරකයන් සඳහා සී ප්ලේන් ව්‍යාපෘති ඇතුළු විවිධ ව්‍යාපෘති සඳහා යොදා ගැනීම නිසා තම ජීවිකාව කඩා වැටීම ගැන දැනටමත් ගොවියන් හා ධීවරයන් මැසිවිලි නඟමින් සිටී. නාගරික දිළින්දන් එළවා දමමින් අගනගරය ‘අලංකරණය’ කිරීම ද සංචාරක ව්‍යාපාරය හා බැඳුණු සංවර්ධන දැක්මේ ආනුශංගයකි. මහා පරිමාණ කැසිනෝ ශාලා රට තුළ පිහිටුවීම ද රජයේ මේ සංවර්ධන දැක්ම සමඟ සම්බන්ධ වූ ව්‍යාපෘතියක් වන අතර ඉදිරි වර්ෂ කිහිපය යනු හෝටල් ක්ෂේත‍්‍රයේ ආයෝජනය කරන මහා ධනවතුන්ට හා සමාගම්වලට අධි ලාභ පිළිබඳ අපේක්ෂා දනවන වසර කිහිපයකි.

වේටර්ලාගේ, රූම් බෝයිස්ලාගේ, බාර් මෑන්ලාගේ සිට ගණිකා වෘත්තියේ යෙදෙන්නියන් දක්වා නව සේවා ස්තර ගණනාවක් මේ ව්‍යාපෘති විසින් බිහි කරනු ඇත. එලෙස බිහි කෙරෙන ශ‍්‍රමිකයන් සූරා කෑම හරහා උපයා ගැනෙන අතිරික්තය නැවත වතාවක සිය අධි ලාභ උදෙසා ආයෝජනය කිරීමට ධනවත් සමාගම් කටයුතු කරනු ඇත. ගොවියන් හා ධීවරයන් වැනි සාම්ප‍්‍රදායික ප‍්‍රජාවන් විනාශ මුඛයට ඇදදමමින් සූරා කෑම සඳහා නව ශ‍්‍රමික පරම්පරාවක් බිහි කරමින් නවලිබරල් ධනවාදය නිදහසේ රට තුළ ගලා යමින් තිබෙන්නේ එසේය. මෙලෙස බිහි කෙරෙන අලූත් භූමිය දේශපාලන අරගලයන්ගේ අලූත් අවධියක් සඳහා පාර කැපීමට නියමිතය.

ලංකාවේ ඉදිකිරීමට යෝජිත හෝටල් පිළිබඳ විස්තර

කොළඹ දිස්ත‍්‍රික්කය                                                                               කාමර

ලීමන් ලෙෂර් පෞද්ගලික සමාගම කොළඹ                                              43

ෆෙයාර්වේ සිටි හෝටලය  කොළඹ 01                                                   196

සැනකෙන් ලංකා , කොළඹ 03                                                                 243

ෂෙරටන් ලංකා , කොළඹ 03                                                                   320

හොටෙල් මෝර්වන් , කොළඹ 03                                                          90

සිටි වැතෙයු, බගතලේ පාර, කොළඹ 03                                                  23

සිටි හොටෙල් , කොළඹ 03                                                                    271

සිනො ලංකා හොටෙල්, කොළඹ 04                                                       144

ජෙට්විංග් ලංකා හොටෙල් , කොළඹ                                                           98

සිටි හොටෙල් , කොළඹ 07                                                                    46

සිටි හොටෙල්, රම්‍යා පාර කොළඹ 04                                                         35

සීමාසහිත සොෆ්ට්ලොජික් හෝල්ඩිං,කොළඹ 03                                        224

බෙස්ට් වෙස්ටර්න් ක‍්‍රවුන්, කිරුළපන                                                            52

විලේජ් හෝම්, ගල්කිස්ස                                                                           200

හොටෙල් ඇට් බොල්ගොඩ, පිළියන්දල                                                50

අපාර්ට්මන්ට් හොටෙල්, වැල්ලවත්ත                                                   45

 

යාපනය දිස්ත‍්‍රික්කය         කාමර ගණන

හොටෙල් ඇට් ජැෆ්නා , යාපනය                                                          20

ග‍්‍රීන් ග‍්‍රාස්, යාපනය                                                                               18

ග‍්‍රෑන්ඞ් නල්ලූර්, යාපනය                                                                     42

යාල් හොටෙල්, යාපනය                                                                    66

සිටි හොටෙල්, යාපනය                                                                       30

තින්නවේලි විලා, යාපනය                                                                   56

 

 

වවුනියාව දිස්ත‍්‍රික්කය       කාමර ගණන

තම්පා නේචර් ටුවරිස්ට් රිසෝට්, වවුනියාව                                15

 

පුත්තලම දිස්ත‍්‍රික්කය                                                            කාමර ගණන

සුපිරි විලා ප්‍රොජෙක්ට්, කල්පිටිය                                                         20

රෝස් නේචර් ගෲප්, මදුරන්කුලිය                                                          10

සූරිය ලක්සරි රිසෝට්ස්, වයික්කාල                                                        56

 

මන්නාරම දිස්ත‍්‍රික්කය      කාමර ගණන

දියසේන රිසෝට්, මන්නාරම           52

කළුතර දිස්ත‍්‍රික්කය         කාමර ගණන

හොටෙල් නිර්මලා – දෙව්¥ව වාද්දුව 25

ඩ‍්‍රැගන් රෙස්ටුරන්ට් කම්ප්ලෙක්ස්, කලූතර    12

එල් ඕඑල්සී , කළුතර         393

ගෙස්ට් හවුස්, කැලිඩෝ බීච්, කළුතර 8

අනන්තාරා හොටෙල්, කලූතර         141

ගෝල්ඩන් සෑන්ඞ්ස්, කුඩාවස්කඩුව    90

ඕෂන් ක්වීන්, වාද්දුව         36

බුටික් විලා, වාද්දුව            8

හොටෙල් ඇට් වාද්දුව, වාද්දුව         27

ලයිෆ් ස්ටයිල් හොටෙල්, වස්කඩුව    48

කොකො රෝයල් බීච්, වස්කඩුව      60

බීච් හෝම් බේරුවල          8

හොටෙල් රීෆ්කොම්බර් පීඑල්සී, වස්කඩුව       150

 

ගම්පහ දිස්ත‍්‍රික්කය          කාමර ගණන

සුචීර් ඉන්ඩියා ඉන්ෆ‍්‍රාටෙක්, කටුනායක        208

ද ෆස්ට් රිසෝට් පෞද්ගලික සමාගම, මීගමුව  8

බ‍්‍රවුන්ස් බීච්, මීගමුව         180

සියෑම් ට‍්‍රාන්සිස්ට් හොටෙල්, කටාන            47

ආයුර්වේදික් බුටික් හොටෙල්, කටුනායක       24

ද  ඕෂනියා බීච්, උස්වැටකෙයියාව     10

කොකො ඇග්‍රො හොටෙල්, වේයන්ගොඩ    15

සී – කොලම්බෝ , වත්තල  9

 

මහනුවර දිස්ත‍්‍රික්කය        කාමර ගණන

අමායා හිල්ස්, මහනුවර      34

ස්විස් හොටෙල්, ග`ගවට කෝරළේ  120

 

ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය            කාමර ගණන

අමන්තා බීච් රිසෝට්, කුච්චවේලි      10

නිල්දිය ටි‍්‍රන්කෝ ස්පා රිසෝට්, නිලාවැලි     22

නිලාවැලි ඞීකොකො, නිලාවැලිය     24

අනිලානා ප්‍රොපර්ටීස් පෞද්ගලික සමාගම,

නිලාවැලි            50

රෙසිඩන්ට් විලාස් ප්‍රොජෙක්ට්, නිලාවැලි      17

 

ජීඑච් ඇට් ඉනර් හාබර් රෝඞ්,

ත‍්‍රිකුණාමලය     16

පීකොක් පාර්ක් බීච් හොටෙල්,

ත‍්‍රිකුණාමලය     30

බුටික් හොටෙල්, උප්පුවේලි            28

ට්‍්‍රන්කෝ බීච් හොටෙල්, උප්පුවේලි           24

 

රත්නපුර දිස්ත‍්‍රික්කය       කාමර ගණන

ඉකේ ටීම් නේචර් ඇන්ඞ් ඇඞ්වෙන්චර්, බෙලිහුල්ඔය    40

 

මාතලේ දිස්ත‍්‍රික්කය        කාමර ගණන

ගෙස්ට් හවුස්, දඹුල්ල         10

කල්චරල් හෙරිටේජ්, දඹුල්ල           97

දඹුල්ල හොටෙල් රිසෝට්, ඉබ්බන්කඩුව        22

හොටෙල් රිවර් පාර්ක්, මාතලේ       86

ගෙස්ට් හවුස්, සීගිරිය         14

සීගිරිය විලා, සීගිරිය          16

 

නුවරඑළිය දිස්ත‍්‍රික්කය     කාමර ගණන

බ්ලැක්පූල් හොටෙල්, නුවරඑළිය      42

 

මොනරාගල දිස්ත‍්‍රික්කය   කාමර ගණන

ජෙට්විංග් ක`දුරුකෙත, වැල්ලවාය    25

 

ගාල්ල දිස්ත‍්‍රික්කය          කාමර ගණන

ටෙම්පල් ට‍්‍රී, ඉ`දුරුව        42

සික්ස් සෙන්සස් ඉවේෂන් හයිඞ් වේ, අහුංගල්ල            54

සේයා විලේජ්, බලපිටිය     25

පැරඩයිස් අයිලන්ඞ් විලාස්, බලපිටිය  48

සෙලෙස්ටියා රිසෝට්, බෙන්තොට   19

කොරල්ස් එජ් රිසෝට්, ගාල්ල         36

සිනො ලංකා හොටෙල්, ගිංතොට    140

දේවසිරි ඉන්, හබරා¥ව       21

ක්ලොයිස්ටර්ස්, හබරා¥ව    5

එල්එච්පී හොටෙල්ස්, හික්කඩුව        74

2 ස්ටාර් හොටෙල් , ඉ`දුරුව            14

සමුද්‍රා බීච් රිසෝට්, කොස්ගොඩ     150

නිව් බීච් හොටෙල්, උණවටුන          14

ඉකෝ ලේක් රිසෝට්, කොග්ගල     55

කේප් වැලිගම රිසෝට්, උණවටුන    40

 

මාතර දිස්ත‍්‍රික්කය           කාමර ගණන

ඇනි විලාස් දික්වැල්ල        15

ගෙස්ට් හවුස් ඇට් මාතර, මාතර       6

හොටෙල් ඇට් මාතර, මාතර           26

රෙසිඩන්ට් විලාස් ප්‍රොජෙක්ට්, මාතර කොටුව           27

හිබිස්කස් විලාස්, වැලිගම    5

බාර්බෙරින් ආයුර්වේදික් රිසෝට්, වැලිගම      50

ඊස්ට් වෙස්ට් ගෲප් හොටෙල්, වැලිගම           92

 

හම්බන්තොට දිස්ත‍්‍රික්කය             කාමර ගණන

ෂැංග‍්‍රිලා , හම්බන්තොට    410

සැන්ක්චරි රිසෝට් ඇන්ඞ් ස්පා, හම්බන්තොට 98

හොටෙල් ඇට් රන්න පෞද්ගලික සමාගම, රන්න        15

පීස් හෙවන් රිසෝට්, තංගල්ල         234

හොටෙල් චන්ද්‍රිකා, තිස්සමහාරාමය            12

කේඞීයූ ඇඞ්වෙන්චර්ස්, වීරවිල         78

 

මඩකළපුව දිස්ත‍්‍රික්කය     කාමර ගණන

බැටිකලෝ ගෙස්ට් හවුස්, මඩකලපුව 30

ද බැටි හොටෙල්, මඩකලපුව           10

ෆෝචූන් ප‍්‍රිමියර් පෞද්ගලික සමාගම, පාසිකුඩා          60

ඇක්වා මැරීන් බීච් රිසෝට්, මඩකලපුව          15

ගෙස්ට් හවුස්, කල්කුඩා      10

බීච් බුටික් හොටෙල්, කල්කුඩා කලපුව          34

ඉකේ ෆ්‍රෙන්ඞ්ලි ප්‍රොජෙක්ට්, පාසිකුඩා       22

හොටෙල් ඇට් වාලච්චේනෙයි, වාකරේ         26

තල් අරණ රිසෝට්, වාලච්චේන       12

 

අම්පාර දිස්ත‍්‍රික්කය          කාමර ගණන

ද බ්ලූ ව්, ආරුගම්බේ         31

Advertisements