යකාගේ නියපොතු කැපීම

rathanaපාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් යුතු ‘පිවිතුරු හෙටක් සංවිධානය‘ පසුගිය සතියේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එළිදැක්වීය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස නම් කර තිබූ එය එළිදැක්වීමේ අවස්ථාවට බැසිල් රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ ඇතුළු දේශපාලන නායකයන් ද සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් ද සහභාගී වී සිටියහ.

මෙම ව්‍යවස්ථා සංශෝධනය නොපිළිගන්නේ නම් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට කළ හැකි සියල්ල සිදු කරන බව අතුරුලියේ රතන හිමි පැවසීය. ඒ නිසා මෙය යම් ආකාරයක ආණ්ඩු විරෝධී කටයුත්තක් යැයි ඇ`ගවෙන ආකාරයට පුවත් පළ විය. රතන හිමිගේ හා හෙළ උරුමයේ දේශපාලන භාවිතය දෙස බැලූ විට උන්වහන්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කරන මැදිහත් වීම ගැන සැක සංකා මතු වීම වැළැක්විය නොහැකිය. එසේ වුවත් මේ පිළිබඳව සංවාදයක් ගොඩනැගීම වැදගත් ය.

ළ`ගදීම පැවැත්වීමට නියමිතව ඇතැයි පැවසෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප‍්‍රධාන ධාරා තුනක් ඔස්සේ සංවාද ගොඩනැ`ගී ඇත. පළමු වැන්න ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳවය. විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් වන්නේද, ඒ කවුද ආදී ප‍්‍රශ්න එහි දී ප‍්‍රමුඛ වේ. දෙවැන්න පවතින නීතිමය තත්වය හමුවේ මහින්ද රාජපක්ෂට තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද නොහැකිද යන්නය. ඊට අදාළ නීති තර්ක දෙපැත්තෙන්ම ඉදිරිපත් වෙමින් තිබේ. තුන්වැන්න විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම ඇතුළු ප‍්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් වන සංවාදයයි.

වඩාත් වැදගත් වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන මුහුණු හෝ මහින්දට පුළුවන් ද බැරිද යන්න නොව ප‍්‍රතිපත්ති පිළිබඳව ගොඩනැගෙන සංවාදයයි. ජනතාවගේ මොළයට ලාභයක් වන්නේ ද එය පමණි. ඒ නිසා හුදු පුද්ගල මුහුණු හෝ හැකිද නොහැකිද යන්න වෙනුවට ප‍්‍රතිපත්තිමය සංවාදයට දායක වීම පිළිබඳ අගය කළ යුතුය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ම`ගින් ප‍්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම`ගින් අරමුණු කර ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර ජනාධිපති අගමැති ව්‍යවස්ථාමය සන්ධානයක් ඇති කිරීමයි. ඇමැති මණ්ඩලය 20- 25 ගණනකට සීමා කිරීමටත් නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ගණන 35 කට සීමා කිරීමටත් යෝජනා කර ඇත. මැතිවරණ ක‍්‍රමය පිළිබඳව ද අවධානය යොමු කර ඇති අතර සමානුපාතික ක‍්‍රමය වෙනස් කර දිනේෂ් ගුණවර්ධන ප‍්‍රමුඛ කමිටුවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. අල්ලස් ¥ෂණ අවම කිරීමට ද යෝජනා ඉදිරිපත් කර තිබේ.

විධායක බලතල හඳුන්වා දෙනු ලැබුවේ නවලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදීම සඳහාය. විධායක ජනාධිපති ධුරය හා නවලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ අතර ඇති සහසම්බන්ධය වත්මන් රාජපක්ෂ පාලනය ඇසුරෙන් ද වටහාගත හැකිය. විධායක ජනාධිපති ධුරය අහෝසි කර ඒ බලතල මණ්ඩලයකට පත් කිරීමෙන් පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත නොවන බවට ලංකාවේ ජනතාවට අත්දැකීම් තිබේ. සමගි පෙරමුණු ආණ්ඩුව 1971 අරගලය මර්දනය කළේ, අතීතයට බලපාන ලෙස ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති සම්මත කළේ, එපමණක් නොව අරගලයක් පිළිබඳ තොරතුරු නැතිව තිබියදීත් 1971 ජනවාරි පමණ මළ සිරුරු මරණ පරීක්ෂණයකින් තොරව විනාශ කිරීමට අවශ්‍ය නීති සම්මත කළේත් විධායක ජනාධිපති ධුරයක් නැතිවය. මින් පෙනෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක් එක් තනතුරු සතුව ඇති බලතල සංශෝධනයෙන් පමණක් ස්ථාපිත කළ හැක්කක් නොවන බව ය. ඒ නිසා රතන හිමිගේ මැදිහත් වීම හොඳය. එහෙත් ප‍්‍රයෝගිකත්වයෙන් තොරය. යකාගේ නියපොතු කැපීමෙන් වන්නේ නියපොතුවලින් විය හැකි තුවාල නොවී තිබීම පමණි.

ජේ.ටී.ගමගේ

Advertisements