ඌවේ අල පාරේb – කුණු අල දිවි නැගුමේ

DAKOTA DUAL WIFI­Þ­ÞHlekSබියකරු දැඩි නිහඩතාව රජයන මැදියම් රාති‍්‍රයක දී එහිම වූ අඳුරට එරෙහිව නඟන හඩ වඩා මිහිරිය. මන්දයත් රැය බියකරු වන්නේ ඊට එරෙහි වන්නන් නොමැති විටය. නේකවිධ දුක්ගැහැට මැද ජීවිතය ගෙනයන මිනිස් වග හමුවේ වූ අභියෝග රැසකි.

‘යන්නං වාලේ ඔහේ යනවා වෙනුවට’ එය උරුමයට කරුමයට නොදී ඊට වගඋත්තර සෙවීම, නිදා වැටෙන සමාජය ඇහැරවීම විචාරශීලීන්ගේ වගකීම නොවේද? එදින අප වෙහෙසුණේ නැඟුණු හ`ඩ පසුපසින්, තිරයෙන් පිටුපස සැඟවී ඇති කතාව සොයා ගැනීමටය.

පසුගිය දිනවල පුවත්පත් ගණනාවකම ආණ්ඩුවේ අල මිල පුස්සක්ව ඇති බව වාර්තා කර තිබුණි. මතුපිටින් ගත් කල මේ ‘වැලිමඩ, ඌව පරණගම අල ගොවියාගේ’ ප‍්‍රශ්නයයි. සිය අස්වැන්නට නිසි වෙළෙඳපොළක් නොමැතිකම, යළි මතුපිටට පැමිණි මොහොතකි. ‘අල ගොවියාට ස්ථාවර මිලක් දෙනු ! පිටරටින් අල ගෙන්වීම නතර කරනු!’ මේ ඔවුන්ගේ ක්ෂණික සටන් පාඨ කීපයකි. සත්‍ය ලෙසම පුස්සක් වී ඇත්තේ අල මිල පමණක්ද?

පිටරටින් ගෙන්වන බීජ අර්තාපල් හොන්ඩරයකට ඔවුන් විශාල මිලක් ගෙවිය යුතුය. ගොවියාගේ ඉඩමට බීජ අල ලබා ගන්නේ නම් ඒ සඳහා අල 50 නට කට රුපියල් පහළොස් දාහක් පමණ වැය කළ යුතුය. අක්කරයක් පොළොව පෙරළීමට පමණක් ට‍්‍රැක්ටර් කුලිය රුපියල් දාහකි. බිම සකස් කිරීමට හා බීජ සිටුවීමට රුපියල් තුන්දාස් පන්සියයකට ආසන්න මුදලක් වැය වේ. මන්දයත් ශ‍්‍රමය සඳහා වත්මන් වෙළෙඳපොළ මිල ශ‍්‍රමිකයන්ට ගෙවිය යුතු බැවිනි.

එමෙන්ම කෘමිනාශක ඉසීම, දිලීරනාශක යෙදීම, ජලය ඉසීම ආදියට රුපියල් අටදාහක් පමණ වැය කළ යුතුය. මන්දයත් සාමාන්‍ය ලෙස යොදවන ශ‍්‍රම ප‍්‍රමාණය සලකා බලන විට ඒ සඳහා වූ වෙළෙඳපොළ මිල ද ඉහළ අගයක් ගන්නා බව ගොවියා අතින් බොහෝවිට නොසලකා හැරෙන ඉඩ නැති කරුණකි. එමෙන්ම අල හොන්ඩරයක අස්වනු නෙළීමට ශ‍්‍රම දින තුනකට මුදලින් රුපියල් තුන්දාහක් පමණ වැය කිරීමට සිදු වේ. බොහෝ දුරට

400 නට ත් 500 ත් අතර වූ අස්වැන්නක් ඉන් ලද හැකිය. ආණ්ඩුවේ සහතික මිල අල කිලෝවකට රුපියල් අසූවකි. එහෙත් වෙළෙඳපොළේ සාමාන්‍ය මිල 1නට කට ගොවියාට ගෙවනුයේ රුපියල් 65 ක්, 70 ත් අතර මුදලකි. එහෙත් රජය විසින් රුපියල් 80.00 ක් ගෙවා ගොවියාගෙන් අල මිලදී ගන්නේ නම්, අක්කරයකට 500 නට ක්ම අස්වනු ලබන්නේ නම් එහිදීත් ඔහුගේ ආදායම රුපියල් 43,500 ක් පමණ වේ.

ඉහත කතා කළ පරිදි අල හොන්ඩරයක නිෂ්පාදන වියදම රුපියල් 43,000 ක් පමණ වේ. තව ද සාමාන්‍ය වෙළෙඳ පොළට ගොවියා අල ලබා දුනහොත් ඔහුට 500නට ක් සඳහා ලැබෙනුයේ රුපියල් 32,500කට ආසන්න මුදලකි.

මේ නිසා ප‍්‍රශ්නය ආරම්භ වන්නේ මිලදී ගැනීමටත් පෙරදීය. වත්මන් අල ගොවියා දිගු කලක පටන් මුහුණ දෙන ප‍්‍රශ්න ගණනාවකි. බදුල්ල අල ගොවියා පමණක් නොව නුවරඑළියේ අල ගොවියාට ද මෙය පොදුය. බීජ අල නිෂ්පාදන මධ්‍යස්ථාන අකී‍්‍රය වී ඇත. දේශීය බීජ ගොවිපළ වසාදමා ඇත. සීතාඑළිය බීජ මධ්‍යස්ථානය, බොරලන්ද රහංගල බීජ මධ්‍යස්ථානය, මීපිලිමාන බීජ ගොවිපළ, අඹේවෙල බීජ ගොවිපළ මේ සෑම මධ්‍යස්ථානයක්ම අකී‍්‍රය වී බොහෝ කල්ය. දේශීය බීජ නිෂ්පාදනය වෙනුවට ගොවියාට වෙළෙඳපොළේ ඇති ආනයනික බීජ අල මිලදී ගැනීමට සිදු වී ඇත.

අස්වනු නෙළන කාලයට ස්ථාවර මිලක් සහිත වෙළෙඳපොළක් නොමැති වීම බරපතළ ප‍්‍රශ්නයකි. අල වගාවක අස්වනු නෙළීමට නම් සම්පූර්ණ මාස තුනක් ගතවිය යුතුය. බොහෝ විට ගොවියා දුෂ්කරතාවට පත් වන්නේ ඊට පෙර ලබා ගන්නා අස්වැන්න හේතුවෙනි. මාස තුනක් යාමට පෙර නෙළනු ලබන අල අස්වනු කල් තබා ගැනීමේ දී එන ගැටලූ නිසා ගොවියා විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙයි. වෙළෙඳපොළේ අල මිල පහළ යන්නට ඉඩ ඇති බැවින්, සියලූ දෙනා එකවර අස්වනු නෙළීමටත් එකී මිල ප‍්‍රශ්නයට මුහුණ දීමටත් ගොවියාට සිදු වේ. ඔහුගේ අර්බුදය පිළිබඳ කල් තැබූ වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය අපොහොසත් වී ඇත.

අධික මිලක් දී බීජ ගැනීමට සිදුවීම, කෘෂි රසායනික හා දිලීර නාශක මිල අධික වීම, ශ‍්‍රමයට ගෙවන මිල අධික වීම, ආහාරපාන, ප‍්‍රවාහන මිල ගණන් ඉහළ යාම, නිවැරැුදි ගබඩා ක‍්‍රමයක් නොමැති වීම, නිසි වෙලාවට ප‍්‍රවාහන කටයුතු සිදු නොවීම ආදී ප‍්‍රශ්න රැුසක් අල මිලට පිටුපසින් ඊට නොදෙවෙනි ලෙස පෙළ ගැසී ඇත. ගොවියා සිය ගොවිබිමේ දී ගොවි කම්කරුවන් බවට පත් වී ඇත.

සාමාන්‍ය ලෙස අල හොන්ඩරයක් දෙකක් හෝ තුනක් වගා කරන ගොවියා ඉහත ආයතන හා කළ ගනුදෙනු අවසන් කරන විට සත්‍ය ලෙසම ඔහු ලබන ලාභයක් නැත. ඔහු දින නියමයක් නොමැතිව, ගණන් නොබලා ස්වේච්ඡුාවෙන් යයි සිතමින් පුරුද්දේ බලයට හෙළන දහදියට සරිලන මුදලක් ඔහුට ලැබෙන්නේ නැත. ඒ ලාභය ද අතරමැදි වෙළෙඳුන් විසින් ඔහුට අහිමි කර ඇත. මන්දයත් ඔහුට වැය කළ ශ‍්‍රමයේ නියම මිලවත් යළි ලබා ගැනීමේ අවස්ථාවත් අහිමි වී තිබේ. තත්වය මෙය බැවින් සිදුව ඇත්තේ අල ගොවියාට අල සඳහා මිලක් පමණක් නොව ඔහුගේ ජීවිතයම ප‍්‍රශ්න ගොඩක් බවට පත්වීමයි.

තවද, ගොවියා අස්වනු නෙළන කාලය බලා ඒ මොහොතේම පිටරටවලින් මෙරට වෙළෙඳපොළට අර්තාපල් ගෙන්වීම ද රජයේ කි‍්‍රයාවකි. මෙය ගොවියා මුහුණ දෙන තවත් බරපතළ ප‍්‍රශ්නයකි. ඔහු නෙළන අස්වැන්නට නියම මිලක් නැත. ගොවියාට ලාභ නැත. ලාභ ලබනුයේ අතර මැදියන් සහ කෘෂි සමාගම්ය.

අල ගොවියා පමණක් නොව සමස්ත ගොවි ප‍්‍රජාවත් හමුවේ ඔවුන් පීඩාවට පත් කරන සමස්ත ප‍්‍රශ්නය ද මෙය වේ. මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් හැරුණු කොට අන්යමක් පාරිශුද්ධ නොවූ සමාජයකට අල ගොවියාට පමණක් තෘප්තිමත් ජීවිතයක් දිය නොහැක. ප‍්‍රශ්නය තියුණු ලෙස ඇවිළ යන මොහොතේ බොහෝ දේශපාලන පක්ෂ හා අවස්ථාවාදී සංවිධාන විසින් කරනුයේ ගොවියා නොමඟ යැවීමයි. සිය දේශපාලන හා මැතිවරණ ව්‍යාපෘතිවල ඉත්තකු බවට පත්කර ගැනීමයි.

උද්ඝෝෂණ, විරෝධතා ගණනාවක්ම මතු වී ඇතත් ඒවා ජයග‍්‍රහණයකින් තොරව විසිර ගොස් තිබේ. අද වන විට අල මිලදී ගන්නා ක‍්‍රමවේදය මුළුමනින්ම කඩා වැටී ඇත. නිෂ්පාදනයට සහතික මිලක් නැත. ගොවියාට ජය ලබන්නට නම් ඔහුගේ සටනට පුළුල් සහභාගි වීමක් අවශ්‍ය වේ. බිහිරන්ට ඇසෙන්නට නම් විශාල ශබ්දයක් උවමනා වේ. එනම්, මේ සඳහා අල ගොවියා සමඟ අනෙක් ප‍්‍රජාවන් ද එක් විය යුතුය. සංවිධානාත්මක හා ඉලක්කසහගත අරගල මාවතක් තළ වඩාත් සාධනීය අත්දැකීම් ලද හැකිය. එසේ නොමැති වූ අත්දැකීම නම් ‘පයබරවායට පිටිකර බෙහෙත් බැඳීමක්’ වැනිය.

ගොවි කම්කරු ශ‍්‍රමයෙන් වැඩෙන සමාගම් ප‍්‍රමුඛ වෙළෙඳපොළ ක‍්‍රමයට එරෙහි විය යුතුය. ජලය, ඉඩම්, බීජ, මතු නොව ජීවිත පවා විකුණන නව ලිබරල් ධනවාදයට අල සඳහා සාධාරණ මිලක් දිය නොහැකි බව. යළි යළිත් සාකච්ඡුා කළ යුතුය. අප මුල පිරිය යුත්තේ ප‍්‍රතිඵල ලද හැකි සාමාජයක් ගොඩනැඟීම සඳහා ගොවි ප‍්‍රජාව සහභාගි කරගත හැකි සාධනීය කතිකාවක් උදෙසාය. එසේ ඇරඹෙන සටන් තුළ ගොවියා පරාජයට පත් නොවනු ඇත. අදට වඩා ඔහු හෙට සටන් බිම තුළ පන්නරය ලබනු ඇත.

මේ කතාබහට අප හා සම්බන්ධ වූ ජයතිලක ගොවි මහතා කියා සිටියේ මෙවැන්නකි.

”මැතිවරණ දිනවල මේ ප‍්‍රශ්නය තිබුණේ නැහැ. ඒ වෙලාවේ අල ගත්තා. එක ඇමති කෙනෙක් ඇවිත් නිලධාරීන්ට බලපෑම් කරලත් ගියා, අල ගන්න කියලා. ඒත් දැන් එහෙම නෑ. අපිට දවස් ගණන් බලාගෙන ඉන්නා වුණා. දවස් ගණනාවක් අල ගෝනිවල ගොඩ ගහලා තිබුණාම අල නරක් වෙනවා. බර අඩු වෙනවා. නැවත අල තෝරන්න වෙනවා. ඒක අපිට පාඩුයි.”

නියම ඇසුරුම් ක‍්‍රමයක් හා ප‍්‍රවාහන ක‍්‍රමයක් නොමැති නිසා අස්වනු අපතේ යාම සිදු වන බව ඔහුගේ අදහසයි.

එමෙන්ම කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි හිබිලියගොල්ල කේ.එන්.එම්. කරුණාසේන කියා සිටියේ තමා අල 2200 නට ක් ගෙන ගිය බවයි. ඒ අල නැවත තෝරන්නට වූ අතර එයින් ඔහුට දීමට හැකි වූයේ 800 නට ක් පමණකි. ඉතිරි සියල්ල පළුදු අල ලෙස ඉවත් කරන ලදී.

”ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි නියෝජිතයන් අල කිලෝවකට ගෙවන්නේ රුපියල් හැටයි. එයාලා හොරෙන් හැටට අරගෙන හොර පාරෙන්ම ඒවා රුපියල් අසූවකට ගොවිජන සේවා මධ්‍යස්ථානයට විකුණනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානයට අල දුන්නම අපිට අතට මුදල් ලැබෙන්නේ නෑ. බැංකුවට ණය තියෙනවා. ඒවා කපා ගන්නවා. ඇමතිවරු ඇයි මේවාට කතා කරන්නේ නැත්තෙ? ” ඔහුගේ ස්වරය උණුසුම්ය.

”අල ගොවීන්ට ස්ථාවර මිලක් ඕන. රටින් අල ගෙනෙන එක නතර කරන්න ඕන” කියා කීවේ තවත් අල ගොවියකු වන ඞී.එම්. ගුණසේකර මහතාය.

ඒ අසලම සිටි එච්.එම්. ගුණසේකර කතාබහට එක් වෙමින් මෙසේ කියා සිටියේය.

”හැමදාම ඔය ටික තමයි අපට වෙන්නේ. ඌවට ඇමතිලා හතරක් ඉන්නවා. කාටවත් මේක පේන්නේ නැහැ. නොමිලේ ඡුන්ද වාසිවලට අල බෙදන එක නතර කරන්න ඕන. රටින් අල ගේන එකෙනුත් සෑහෙන අසාධාරණයක් වෙන්නේ, අල වවන අපිට. ගොවියන්ගේ නිෂ්පාදනය අහක යනවා. පාඩු ලබනවා”

”මේ කාලෙට තමා ටිකට් එකක් විකුණලා කීයක් හරි වැඩිපුර හොයා ගන්නේ. ගෙදර වැඩක් කර ගන්නේ ගෙදරට බඩුවක් මුට්ටුවක් ගන්නේ මේ කාලෙට. මේ සැරේ ඒ මොනාවත් හම්බ වෙන්නේ නෑ”

ඒ බව කියා සිටියේ කැප්පෙටිපොළ නගරයේ ලොතරැයි ටිකට් විකුණන ‘අජාසත්ත’ විසිනි. හිතවතුන් ඔහු අමතන්නේ ඒ නමිනි.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි දයානන්ද මහත්මා කියා සිටියේ ”මම ගොවිජන සේවා එකට අල දුන්නේ සැප්තැම්බර් නව වැනිදා. මට තාම සල්ලි ලැබුණෙ නැහැ. ඉතින් මාස ගණන් තියන ණය ගෙවන්න විදියක් නැහැ. සල්ලි දෙනකන් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ” යනුවෙනි. මේ නිසා අල මිල පිළිබඳ ගැටලූව තවත් ප‍්‍රශ්න ගණනාවක ආරම්භය ලෙස දැකිය හැක.

බෝගහකුඹුර එන්.එම්. අජිත් කුමාර අප හට හමු වූයේ 2004.10.14 දින වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදීය.

”අලවලට නිදහස් වෙළෙඳපොළක් ඕන. අපේ අල කිලෝවක් ගන්නේ රු.80/- ට. වගා කරන හැම කිලෝවකටම රු.85/- ක් අපිට වියදම් වෙනවා. මේ අල මිලදී ගන්නා ක‍්‍රමවේදයත් වැරදියි. අපිට වෙලාවට මුදල් ලැබෙන්නෙත් නැහැ”

එතැනදීම අප හට අදහස් කී ආර්.එම්. සපුමල් මහතා අල වගා කරන ගොවියෙකි. එමෙන්ම ව්‍යාපාරික කටයුතුවල ද නිරත වන්නෙකි.

”මම 1948 ඉඳලම අල තොග ප‍්‍රවාහනය කරනවා. අනිත් අය කියන ප‍්‍රශ්න ටික මටත් ඒ විදියට තියෙනවා. අපි හැමදාම ඉන්නේ ගොවියෝත් එක්ක. මගේ ව්‍යාපාර වැඩවලට සම්බන්ධ වෙන ගොවියො 10 දෙනෙක්ට මම රස්සාව දීලා තිබුණා. දැන් මට ඒ අයට රැුකියාව දෙන්න අමාරුයි. මගේ ව්‍යාපාර වැටිලා. මේ වැඩ කරපු මිනිසුන්ට රස්සාව දෙන්න විදිහක් නැති එක මට ප‍්‍රශ්නයක්.”

එමෙන්ම එතැනට සම්බන්ධ වූ ඞී.එම්. සිරිවර්ධන පැවසුවේ මෙවැන්නකි.

”මම මෙතැනට ආවේ අහම්බෙන්, මේ උද්ඝෝෂණය කරන්නේ කවුද? මම ඒ මොනවාවත් දන්නේ නැහැ. රජයට අල මිලදී ගැනීමට වැඩපිළිවෙළක් නැහැ. ගොවි අරගලවලට කැමති නිසා මෙතැනට සහභාගි වුණා”

පැහැදිලිවම මෙම සටන් ඒ මොහොතේ පැනනඟින සටන්ය. මේ පිටුපස ශක්තිමත් සංවිධානාත්මක බවක් දක්නට නොතිබුණි. වැලිමඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අබියසට ගොවියන් පැමිණ සිටි අතර, ඔවුන් බෝගහකුඹුර, බොරලන්ද, කැප්පෙටිපොළ, ප‍්‍රදේශවාසීන් බව අප හට දැන ගන්නට ලැබුණි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් මේ ප‍්‍රශ්නයට විසඳුම් ලබා ගැනීමයි. අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරයා නොසිටි බැවින් පරිපාලන නිලධාරීතුමා හමු වූ බව අප හට පසුව දැන ගන්නට ලැබුණි. එහිදී සංවිධාන නාම පුවරු යටතේ මේ ප‍්‍රශ්නය කතා කළ නොහැකි බව එතුමා පවසා ඇත. ඒ වෙනුවට සෑම ගමකින්ම ගොවියන් දහ දෙනා බැගින් පැමිණ සිය ගැටලූ සාකච්ඡුා කළ යුතු යැයි ඔහු පවසා ඇත. මේ නිසා යළිත් වරක් අප හට තහවුරු වන්නේ ගොවියාගේ සැබෑ ප‍්‍රශ්නයට සැබෑ පිළිතුරක් මේ තුළින් ද නොලැබණු බවයි.

ඉන්දුමතී විද්‍යාරත්න / ඩබ්ලිව්. එම්. ජයලත්

Image1159දිවි නැගුම යටතේ බෙදා හැරි පුස් අල තොගයක් ගැන පැමිණිලි කළ පසුව බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියේ කළුවාමෝදර දකුණ ප‍්‍රාදේශිකයේ ගබඩා කර තිබුණු අල තොගය පසුගිය 10 වැනිදා සෞඛ්‍ය පරීක්ෂකයන් විසින් විනාශ කිරීමට ගෙන ගිය අයුරු

Advertisements