2006 / ඕඩෙඞ් බෙලිට් / ඊශ‍්‍රායලය

photoමේ කාන්තාව තනිවම සටන් වදින්නේ තමන් පදිංචි වී සිටි ස්ථානයෙන් පලවා හැරීමට පැමිණි ඊශ‍්‍රායල් පොලිසිය සමඟයි. 2006 ඇමෝනා ප‍්‍රදේශයෙන් අනවසර යැයි හැඳින්වෙන පිරිසක් ඉවත් කිරීමට ගත් උත්සාහය වාර්තා කරමින් සිටි ඒ.පී. ආයතනයේ ඕඬේඞ් බෙලිටි නම් ඊශ‍්‍රායල් ජාතික ඡුායාරූප ශිල්පියා විසින් ගත් මෙම ඡුායාරූපය ‘එක් අයකුගේ බලය’ ලෙස හඳුන්වා දී තිබිණි. එහි පදිංචිව සිටින ජනයා පලවා හරින අවස්ථාවේ ප‍්‍රචණ්ඩ තත්වයක් හටගෙන තිබිණි. කෙසේ වෙතත් ඊශ‍්‍රායල් පොලිසිය විසින් ජනයා පලවා හැර එම ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කරගනු ලැබිණි.

මෙම ඡුායාරූපය ද මහත් ආන්දෝලනයකට හේතු විය. යිනෙට් නිලි යනු මෙම ඡුායාරූපයේ සිටින කාන්තාවයි. ඇය පවසා තිබුණේ මෙය බොහෝ දෙනෙකුට එරෙහිව එක් අයෙක් ලෙස දැක්වීම වැරදි බවයි. බොහෝ දෙනා ලෙස පෙනෙන පොලිස් නිලධාරීන් නියෝජනය කරන්නේ ඊශ‍්‍රායල් අගමැති එහුඞ් ඔල්මර්ට් බවත් තමන් ඔවුන්ට මුහුණ දෙමින් නියෝජනය කරන්නේ පීඩාවට පත් ඊශ‍්‍රායල ජනයා බවත් ඇය පෙන්වා දී තිබිණි.

”මේ වගේ පින්තූරයක් ගැන ඊශ‍්‍රායලයේ අපට ආඩම්බර වෙන්න නම් බෑ. මේක අපට ලැජ්ජාවක්. මේක කලාත්මක ඡුායාරූපයක් විදියට කෙනෙකුට පෙනෙන්න පුළුවන්. ඒත් එදා ඇමෝනාවල වෙච්ච දේ නම් එහෙම නෑ”

නිලි කියන ආකාරයට පොලිසිය මෙම සිදුවීමෙ දි ඇයට ක‍්‍රෑර ලෙස පහර දී පලවා හැර තිබේ.

”මේකෙ එක්කෙනෙකුට විරුද්ධව ගොඩක් හැටියට පෙනුණත් ඒක මායාවක්. ගොඩක් කිව්වට ඒ අය පිටිපස්සෙ ඉන්නෙ ඔල්මර්ට් කියන තනි මිනිහා. අනෙක් පැත්තේ මම එකම කෙනා විදියට හිටියත් ඒ වෙලාවෙ මම හිටියෙ දෙවියන්ගෙත් ඊශ‍්‍රායල් මිනිස්සුන්ගෙත් පැත්තෙ” ඇය එසේ ජනමාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

Advertisements