ඌවේ ඡන්දයෙන් පසු ජනපති මැදුරේ දන්සල් ඇරේ

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් කැඳවීමට සුදානම් වන බව පෙනෙන්නට තිබේ. ජනපති ධුරයේ තව අවුරුදු 2ක් රැුඳී සිටීමට අවස්ථාව ඇත. නමුත් ‘එනපොට හරි නැහැ’ කිව්වාක් මෙන් ජනපති කලබල වී ඇත. ඒ තමන් පිළිබඳව ජනතා අප‍්‍රසාදය ගොඩ නැෙඟමින් තිබෙන නිසාය. මේ කලබලය පටන් ගත්තේ පසුගිය

සැප්තැම්බර් අග පැවැත් වු ඌව පළාත් සභා ඡුන්දයෙන් පසුවය. එම ඡුන්ද සමයේ දී ඌව ජනතාවට නියං සහනාධාර හිමි විය. එය අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම හා හම්බන්තොට ආදි නියඟය පැවැති සෙසු ප‍්‍රදේශවල ජනතාවට නොලැබුණේය. එම ප‍්‍රදේශවල මැතිවරණයක් නොතිබීම මෙයට හේතු විය.

දැන් මේ තියෙන ආණ්ඩු ගැන මිනිසුන්ට විශ්වාසයක් නැත. ඡුන්ද ලබාදෙන්නේ දේශපාලකයාට හම්බ කර ගැනීම සඳහාය. දේශපාලකයන්ගෙන්

කුමක් හෝ බලාපොරොත්තු වන්නේ නම් ඒ ඡුන්ද කාලයේ දී දෙන දෙයක් ලබාගැනීම

සඳහා පමණි. එනිසා ජනතාව කියන්නේ ‘‘දෙන දෙයක් ගනිල්ලා, මේ කාලේ විතරයි අපිට ලැබෙන්නේ’’ කියාය. ජනාධිපතිවරයාත් බිමට බැස්ස මැතිවරණය ඌව ඡුන්දයයි. නමුත් 2009 මන්තී‍්‍ර ධුර 25ක් ලබාගත් ආණ්ඩුවට මෙවර හිමිකර ගැනීමට හැකි වූයේ ආසන 19ක් පමණි.

මේ ප‍්‍රතිඵලයෙන් මහින්දට තරු පෙනේනට පටන්ගෙන ඇත. ඒ නිසා සුපුරුදු දන්සල් වටය නොහොත් ඡුන්දය වෙනුවෙන් කප්පම් ලබාදීමේ පාටිය පටන්ගෙන ඇත. දැන් ජනපති මැඳුරට පෝළින් පිටින් ඇදෙනු පෙනේ. ලෝක ළමා දිනය මූලික කරගෙන ළමයින් හා කාන්තාවන් එකතු කළේය. පොහොය මූලික කරගෙන ‘අමාදහම් සිසිලස’ ධර්ම දේශනාවට විශාල සෙනඟක් එකතු කළේය. ‘‘ගොවිකම පෙරට’’ යන තේමාව යටතේ කෘෂි අංශයේ රාජ්‍ය නිලධාරීන් එකතු කළේය. ‘‘අලූත් ශී‍්‍ර ලංකාවක් සවිමත් පොලිසියක්’’ යන මැයෙන් පොලිස් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහභාගී කර ගත්තේය. ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයේ උපාධි ප‍්‍රධානෝත්සවය මූලික කර ගෙන එම උපාධිලාභී පිරිස එකතු කළේය. ‘‘පිරිවෙන් පුනර්ජීවන 2014-2015’’ තේමාව යටතේ පිරිවෙන් ගුරුවරුන් කැඳවීම මේ අතර ප‍්‍රධාන විය.

අරලියගහ මන්දිරයේ දන්සල් දීම හා මොල සේදීම වෙනුවෙන් 5000ක් එකවර අසුන්ගත හැකිවන පරිදි මෙහි ශාලාවක් ඉදිකර ඇත.

එම අවස්ථාවට සම්බන්ධ වු පිරිවෙන් ගුරු හිමිනමක් තමන්ගේ අත්දැකීම විස්තර කරමින් ‘ජනරළ’ වෙත මෙසේ අදහස් පළ කළේය;

‘‘අපි සල්ලි එකතු කරලා වාහනයක් හයර් එකට අරගෙන ගියේ. එදා අපිට දානය ගන්න වුණෙත් කඩෙන්. එම ස්ථානයට වතුර බෝතලයක්වත් ගෙනියන්න දෙන්නෙ නැහැ. ඇතුල් වෙන ගේට්ටුව ගාවින් වතුර බෝතල් ඔක්කොම තියල යන්න කියල එතන හිටපු නිලධාරි මහත්තයෙක් කිවුවා. වතුර බෝතල් ගෙනියන්න එපා. ඇතුලෙන් වතුර බෝතල් ලබා දෙනවා කියල එයා කිව්වා. මම ගියෙත් අනිවාර්යෙන් මෙම අවස්ථාවට සම්බන්ධ විය යුතුයි කියල ඉල්ලීමක් කරලා තිබුණ නිසයි. අපිට එන්න කියල තිබුණේ සවස 2.00 ට. නමුත් ජනාධිපතිවරයා එනකොට හොඳටම පරක්කු වුණා. ඒ වෙන තුරුත් අපිට වතුර පොදක්වත් නැහැ. අපේ වතුර බොතලේවත් ගේන්න දුන්නෙත් නැහැ. එතන දවල්ටවත් කෑම නොගෙන ආපු ගුරුවරුත් හිටියා. එහෙම ඇවිල්ලා තියෙන්නේ වේලාවට එන්න ඕන නිසා. එහෙම ආපු අයට නිකරුණේ කල් මරන්න සිද්ධ වුණා. ගොඩාක් වේලාවකට පස්සෙයි වතුර බෝතලයක් හම්බ වුණේ.

අපිට බාගෙට ඉදිණු කෙසෙල් ගෙඩියක්, කේක කෑල්ලක් එක්ක කිරි පැකට් එකක් ලැබුණා. ජනාධිපතිවරයාට උපදෙස් දෙන හාමුදුරුවරුන් අරලිය ගහ මැදුරෙන් ?ට කෑම කනවා වෙන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හවස් වරුවේ වලඳන්නෙ නැති බව ජනාධිපති උපදේශක හිමිවරුන්ට අමතක වෙලා. පිරිවෙන් අධ්‍යපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ජනාධිපතිවරයා සඳහන් කළේ ‘පිරිවෙන් ළමයි’ කියල.

පිරිවෙන් ගුරුවරුන් බබ්බු නොවෙයි. ඔවුන්ට තේරෙනවා මේ කරන්නේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපෘතිය බව.’’

මේ අවස්ථාවේ කතාවක් කළ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන කියා ඇත්තේ අපූරු කතාවකි.

‘‘අනගාරික ධර්මපාලතුමා එදා සිංහලයා වෙනුවෙන් වැඩ කළා. පාසල් 122ක් ඉදිකළා. එතුමාට හොර මුට්ට කාසිකාරයෙක් කියලා හංවඩු ගැහුවා. වැඩ කරලා වැඩ කරලා රටත් එපා වුණා. ඒ නිසා ඉන්දියාවට ගියා. ඔහුගේ අවසන් ඉල්ලීම වුණේ ලංකාව පැත්තට මගේ මළ මිනියවත් හරවා තබන්න එපා කියන ඉල්ලීමයි. අන්න ඒවගේ අද ජනාධිපතිතුමාටත් වෙබ්සයිට්වල මඩ ගහනවා. එහෙම වෙන්න ඉඩ දිය යුතු නැහැ.’’

ඉහත කතාවෙන්් පිරිවෙන් ගුරුවරුන් ඉලක්ක කරගෙන ඉල්ලා සිටියේ ජනාධිපතිවරණයේ දී මහිින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඡුන්්දය ලබාදිය යුුතු බව යන්න අමුතුවෙන් කිවයුුතු නැත.

ජනාධිපතිවරයා යුද්ධය අවසන් කර ජාතිය අමතා කතා කළ කතාවේ දී ශ‍්‍රී ලංකාවෙ තිබෙන්නේ එක ජාතියක් බවද ඒ ශ‍්‍රී ලාංකේය ජාතිය බවද කීය. නමුත් එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක නොකළේය. පශ්චාත් යුද සමයේ ජාතිවාදය කි‍්‍රයාත්මක වන සිදුවීම් රැුසක් රට තුළ සිදු විය. ජාතිකවාදය ඔවුන් පාවිච්චි කරන්නේ දැන දැනය. ඒ ඔවුන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන්ය.

මේ ආමන්ත‍්‍රණයෙන් පෙනුණේ පිරිවෙන් ගුරුවරු සියලූ දෙනාම ජාතිවාදීන් ලෙස සලකා කළ කතාවක් හැටියටයි. නමුත් සියලූ දෙනා ජාතිවාදීන් නොවන බව ඔවුන්ට නොවැටහෙන බව මෙයින් පෙනේ.

ජනාධිපතිවරයා තමාගේ දේශපාලන වාසිය සඳහා මේ යොදා ගන්නේ බදු ගෙවන සමස්ත ජනතාවගේ මුදල්ය. ඔහුට අනුව ඔහු මේ රටේ (මුදල්වල, සංවර්ධනයේ* භාරකාරයා පමණි. නමුත් ඒ භාරකාරයා අයිතිකාරයා වගේ රටේ මුදල් තමන්ගේ පෞද්ගලික වුවමනාව වෙනුවෙන් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කිරීමටත් පෙර නිකරුණේ නාස්ති කරන්නට පටන්ගෙන ඇත. ඔහු ‘මම කියනදේ ඉටු කරන නායකයෙක්’ යනුවෙන් පාරම්බෑවේය. දැන් ඔහුට කියන දේ ඉටු කිරීමට නොහැකි වී ඇත. ඒ නිසා අප නැවතත් මතක් කළ යුතුයි ඔහුට, ඔබ රටේ අයිතිකාරයා නොව භාරකාරයා පමණක් බව නමුත් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනතා මුදල් යොදවන්නේ ද අයිතිකරුගේ භූමිකාවෙනි. ඔහු මෙම ජනතා මුදල් කාබාසිනියා කොට එම ධුරයෙන් නික්ම යා හැක. නමුත් ඒවා ගෙවන්න වෙන්නේ දන්සල් කාපු නොකාපු සියලූම ජනතාවටය.

Advertisements