ජනාධිපතිවරණයට පාට මාරු කරන කටුස්සෝ !

මිනිසුන් විසින් කටුස්සන් දරුණු හිංසාකාරීසත්වයෙක් ලෙස සලකන්නේ නැත. ඌ පාට මාරු කරන්නේ ද චපලකම නිසා නොව උගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙනි. කටුස්සන් සඳහා එය අහිංසක කි‍්‍රයාවක් වූවාට දේශපාලනයේ දී පාට මරු කිරීම හෙවත් පිල් මාරුව එතරම් අහිංසක ක‍්‍රියාවක් වන්නේ නැත. එය තුළ ආත්ම ආරක්ෂාව සපයා ගැනීමට වඩා එහා ගිය චපලකමක් හෙවත් තම පැවැත්ම වෙනුවෙන් ජනතාව මුලා කිරීමක් ද අඩංගු වී තිබේ. ඒ බව දේශපාලන ඉතිහාසය පිරික්සීමේ දී අපට පැහැදිලි ලෙස දැකිය හැකිය. එහෙත් මෙම දේශපාලන චපලකම පුද්ගල වැරැුද්දක්

ලෙස වටහා ගත යුතු නැත. එය කිසියම් සමාජ ස්ථරයක ගති ස්වභාවයක් ලෙස සමාජ විද්‍යාත්මකම වඩාත් නිවැරදි ලෙස වටහාගත හැකිය. මෙම පූර්විකාව මෙතැන් සිට අප සම්බන්ධ කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව කරනු ලබන කිසියම් දේශපාලන විවරණයක් සඳහාය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා විපක්ෂය විසින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කිසියම් නිශ්චිතභාවයකට ලක් වීම පසුගිය සතියේ දී සිදුවිය. රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මීට පෙර කර තිබු නම් කිරීමත් සමඟ විපක්ෂය විසින් පොදු අපේක්ෂකයකු ඒ සඳහා ඉදිරිපත් කිරීම කිසියම් පසුබෑමකට ලක් වී තිබුණ ද වර්තමානය වන විට නැවතත් එය නිශ්චිතභාවයකට පැමිණ ඇති බව පෙනේ. මීට ආසන්නතම හේතුව බවට පත් වී ඇත්තේ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිය දේශපාලන කොන්දෙසි මාලාවක් ලෙසන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වු ජාතික හෙළ උරුමයේ නායකත්වයක් මඟින් ඉදිරිපත් කොට තිබීමයි. එය ආණ්ඩුව විසින් ඉටු කරන්නේ නැත්නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පමණක් නොව ඒ සඳහා ආණ්ඩුවේ ‘ඉහළ පෙළේ ලොකු දත් ගැලවීමක්’ පිළිබඳව ද අතුරලියේ රතන හිමියන් විසින් මේ වන විටත් අනතුරු අඟවා ඇත.

මේ විදිහට ජනාධිපතිවරණය වැනි ජාතික මැතිවරණයක දී පිල්මාරු සිදු කිරීම මෑත දේශපාලන ඉතිහාසයේ කැපීපෙනෙන ලක්ෂණයක් බවට පත් වී ඇත. එය විවිධ පුද්ගල චරිත මඟින් සංකේතවත් වුවද මෙලෙස පිල්මාරු සිදු කරන්නේ ඔවුන් පමණක් නොව ඔවුන් පිටුපස සිටින කිසියම් සමාජ ස්තරයන් ද ඊට සම්බන්ධ කර ගනිමිනි. මන්ද දේශපාලනික වශයෙන් බලපෑම් සහගත වන්නේ එලෙස පිල්මාරුව සිදු වුවහොත් පමණක් වන නිසාය. ඒ නිසා අපගේ වැඩි අවධානය යොමු විය යුත්තේ ආණ්ඩු පෙරළීම් සඳහා හේතුවන පුද්ගල චරිත නොව එහි පිටුපස සිටින සමාජ බලවේග හඳුනාගැනීම කෙරෙහිය.

1977 පටන් මෙරට කි‍්‍රයාත්මක වන විවෘත ආර්ථිකය හෙවත් නවලිබරල් ධනවාදය තුළ මැද පන්තිය ලෙස පොදුවේ හඳුන්වනු ලබන ආර්ථික වශයෙන් වඩාත් අස්ථාවර භාවයට ගොදුරු වී සිටින සමාජ ස්තරයක් දැකිය හැකිය. එමෙන්ම මෙම සමාජ ස්තරය ආර්ථික වශයෙන් කිසියම් ස්ථාවරත්වයක් ගොඩනැඟීම වෙනුවෙන් නිරන්තර උත්සාහයක යෙදී සිටින අතර එ් සඳහා විටින් විට දේශපාලනික වශයෙන් ද කිසියම් ගතිකත්වයත් අත්පත් කර ගනියි. එහෙත ඔවුන් මුහුණ දෙන මෙම ආර්ථික අස්ථාවර භාවයට සැබෑ ලෙසටම හේතුවන්නේ විවෘත ආර්ථිකය තුළ නිරන්තරයෙන් සිදුවන බහු ජාතික සමාගම් විසින් සිදුකරන ආර්ථික හා සංස්කෘතික ආක‍්‍රමණයන්ය. එහෙත් ඊට හේතුවන විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය පිළිබඳව මෙම සමාජ ස්තරයන්ට ඇත්තේ ආදරය සහ වෛරය මිශ‍්‍ර වු අවිඥානික හැඟීමකි. වෙනත් වචනවලින් කියතහොත් විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් මෙම සමාජ ස්තරය දක්වන්නේ ‘ආසයි බයයි’ වැනි ආකල්පයන්ය. එනම් සම්පුර්ණ වශයෙන් ළං කර ගන්නටත් බැරි එහෙත් ඉවත ලීමටත් නොහැකි ප‍්‍රතිපත්තියකි. එමඟින් දේශපාලන චපලත්වයක්් උපදින අතර ලංකාවේ ප‍්‍රධාන ධනපති කණ්ඩායම් දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙත එකකින් අනෙකට දෝලනය වෙමින් තම ආර්ථික අස්ථාවර භාවයට (තම පැවැත්ම ආරක්ෂා කරගැනීම පිළිබඳ ප‍්‍රශ්නයට* දේශපාලන පිළිතුරක් ලබා ගැනීමට උත්සාහ කරයි. එහෙත් එමඟින් කිසිදාක ඔවුන්්ට තමන් මුහුණ දී සිටින එම අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැත. මන්ද මෙම අස්ථාවර භාවයට සැබෑලෙසටම හේතුවන නවලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තියෙන් එජාපය හෝ ශී‍්‍රලනිපය අත් නොහරින බැවින්ය. අනෙක් අතට පවතින ආණ්ඩුව ආරක්ෂා වීමට හෝ නව ආණ්ඩුවක් පිහිටුවීම හෝ මෙම සමාජ ස්්තරයේ විශ්වාසය දිනා ගැනීම තීරණාත්මක වන නිසා එජාපය සහ ශී‍්‍රලනිපය ද මෙම සමාජ ස්තරය සමඟ ද එවැනිම චපලත්වයෙන් යුතු දේශපාලන සම්බන්ධයක් ගොඩනඟා ගනියි. ජාතික මැතිවරණවල දී අප දකින පිල්මාරුවලට හේතුවන්නේ මෙම සමාජ ආර්ථික දේශපාලන හේතුන්ය.

මෙම කරුණ මෑත දේශපාලන සිදුවීම් ඇසුරෙන් තවදුරටත් අපට සාකච්ඡුා කළ හැකිය. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාව සිටි 2002 එජාප ආණ්ඩුවේ ‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා’ නමින් නවලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තීන් කි‍්‍රයාවට නැඟීම වේගවත් කළේය. ඒ සඳහා යම් බාධාවක් ලෙස පැවැති යුද්ධය නිමා කිරීම සඳහා ඛඔඔෑය සමඟ සටන් විරාම ගිවිසුමකට ද එළඹුණි. එම එජාප ආණ්ඩුවට එරෙහිව 2004 සන්ධාන ආණ්ඩුව ගොඩනැඟීමේ දී ඉන් අනතුරුව 2005, – 2009 ජනාධිපතිවරණයන් හිදී මහින්ද රාජපක්ෂ ජනාධිපති කරලීමට කටයුතු කළ බලවේගයන්ම

ක‍්‍රමානුකූලව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන පොදු අපේක්ෂකයකුට මුවාවෙන් යළි එජාප ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පෙළ ගැසෙමින් සිටින බව මෙම වන විට පැහැදිලිවම දැකිය හැකිය. මේ මොහොතේ එහි ප‍්‍රබලතම සංකේතය බවට පත්ව ඇත්තේ අතුරලියේ රතන සහ චම්පික රණවක ප‍්‍රමුඛ ජාතික හෙළ උරුමයයි. එවකට එජාපය රැුගෙන ආ යළි ‘පුබුදම ශී‍්‍ර ලංකා’ වැඩසටහනත් එහි අන්තර්ගත වූ රාතී‍්‍ර නගර, නිරුවත් මුහුදු තීර වැනි වැඩසටහන් පිළිබඳවත් දැඩි විවේචනයට ලක් කළ ‘හෙළ උරුමය’ ධර්ම රාජ්‍යයට යන මඟ ඊට විකල්පය ලෙස ඉදිරිපත් කරමින් වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ විය. එලෙස දේශපාලනයට පිවිසුණු හෙළ උරුමය ‘පිවිතුරු හෙටක්’ නැමති තවත් එවැනිම ව්‍යාජ තේමාවක් මුල් කරගනිමින් එජාප ආණ්ඩුවක් වෙනුවෙන් මේ මොහොතේ කළමනාකරණය වෙමින් තිබේ.

මහින්ද රජපක්ෂ ඛඔඔෑ සමඟ එවකට රජය විසින් එළඹී තිබුණු සටන් විරාම ගිවිසුම ආරක්ෂා කිරීම වෙනුවට යුද්ධය තෝරා ගැනුණි. එහෙත් එය එජාපයේ ‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා’ නැමැති නවලිබරල් ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්තිය උතුරේ මෙන්ම දකුණේ ද වඩා හොඳින් කි‍්‍රයාවට නැඟීම සඳහායි. එනම් ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අරමුණ විය. තිස් අවුරුදු යුද්ධය විසින් ඇති කරනු ලැබ තිබූ සියලූ බාධා යුද්ධය තුළින්ම ජය ගැනීම සඳහායි. ඒ අනුව යුද්ධය තවකාලික වශයෙන් ජය ගැනීමත් සමඟ මහින්ද චින්තන ‘දස අවුරුදු සැලස්ම’ 2009 ජනාධිපති මැතිවරණයෙන් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලෙස ‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා’ එජාපයේ වැඩපිළිවෙළම වෙනත් වචනවලින් ප‍්‍රකාශයට පත් කළේ ඒ නිසාය. ඒ සඳහා අවශ්‍ය දේශපාලන බලය වර්තමාන ආණ්ඩුව වටා ගොඩනැඟීම වෙනුවෙන් මෙම මැද පාන්තික සමාජ ස්තරය ඉතා තීරණාත්මක වැඩකොටසක් ඉටු කළේය. එම සමාජ ස්තරය සංවිධානාත්මක මෙහෙය වීම සඳහා ජාතික හෙළ උරුමය පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සංවිධාන, නිතීඥ සංගම්, සංවේදී මිනිසුන් ලෙස පෙනී සිටින කලාකරුවන්, වෘත්තීය සමිති, ජනප‍්‍රිය කීි‍්‍රඩකයන්, ඇතුළු බොහෝ සමිති සංගම් ඊට දායක විය. එහිදී මෙම මැද පාන්තික සමාජ ස්තරය ආණ්ඩුව කෙරෙහි වඩා ආශක්ත කොට තබා ගැනීමට අධිවේගී මාර්ග, අලංකරණය වු නගර, පාවෙන වෙළෙඳසැල්, ඇවිදින මං තීරු, ආකෙඞ් වැනි සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණ නවලිබරල් ධනවාදී සංවර්ධනයේ අවශේෂී ඵල ආණ්ඩුව විසින් උපයෝගී කර ගන්නා ලදී. මේවා ‘නව ලිබරල් ධනවාදී සංවර්ධනයේ’ අතුරුපල ලෙස හඳුන්වනු ලබන්නේ විදේශීය ආයෝජන සහ සංචාරකයන් ගෙන්වා ගැනීම යන එහි උපාය මාර්ගික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අරමුණෙන් සිදු කරනු ලබන යටිතල පහසුසම් නැංවීමේ ව්‍යාපෘතියේ ප‍්‍රතිඵලයක් ලෙස ඉහත ව්‍යාපෘති සැලසුම් වී ඇති බැවිනි. එහෙත් ඊට සාපේක්ෂව නවලිබරල් ධනවාදයේ ආර්ථික සංවර්ධනයේ ප‍්‍රධාන පල ඉතා භයානකය ජීවන වියදම ඉහළ යාම, සුළු හා මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාර බිඳ වැටීම, සමාජ නිදහස සීමා කරමින් මිල්ටරීකරණයට ලක් වී තිබීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය ඉහළ යෑම, අපරාධ ඉහළ යෑම, කැසිනෝහල් හා සමාජශාලා ව්‍යාප්තීත් ඉහළ යාම, සහ එමඟින් සමාජ සංස්කෘතිය පරිහානියට ලක් වී තිබීම, පරිසර හානි හේතුවෙන් ස්වාභාවික ව්‍යායසනයන් ඉහළ යාම, තාන්න මාන්න සහ විශේෂ වරප‍්‍රසාද තම දේශපාලන හිතවතුන් වෙත පිරිනැමීම නිසා සමාජ අසාධාරණත්වය සහ යහ පාලනය බිඳ වැටීම, ඒ අතර ප‍්‍රධාන තැනක් ගනියි. ඒ සඳහා හේතු වී ඇත්තේ අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධන හා සංස්කෘතික අක‍්‍රමණ වෙත රට විවෘත කරන නවලිබරල් ධනවාදයේ ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා එය ප‍්‍රතිපත්තිමය වශයෙන් පරාද කිරීමෙන් රට මුදවා ගැනීමෙන් තොරව ඉහත ප‍්‍රතිඵලයන්ගෙන් ගැලවීමක් ද නොමැත. ජේ. ආර්. ජයවර්ධන පාලන ක‍්‍රමය මඟින් ඉදිරිපත් කරන ලද ධර්මිශ්ඨ සමාජය චන්ද්‍රිකා පාලන සමය රැුගෙන ආ විවෘත ආර්ථිකයේ මානුෂික මුහුණුවර ද මහින්ද චින්තනයේ සුබ අනාගතය ද ව්‍යාජ අරුත්සුන් වදන් බවට පත් වී තිබීමෙන් ඒ බව තවදුරටත් පැහැදිලි වේ.

කෙසේ වෙතත් තම ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා මැද පාන්තික සමාජ ස්තරයන්ගේ සහාය ලබා ගැනීම සඳහා මෙවර අය වැය තුළින් ද ආණ්ඩුව උත්සාහ ගෙන ඇත. රාජ්‍ය සේවකයන්ගේ ඉහළ සහ පහළ සේවකයන්ගේ වැටුප් අනුපාතය 1/4 සීමාවේ සිට 1/4.25 සීමාව දක්වා එහි පරතරය ඉහළ දැමීමෙන් ද ආනයනික රථවාහන බදු අඩු කිරීමෙන් ද රාජ්‍ය සේවකයන් සඳහා යතුරු පැදි ලබා දීමෙන් ද ඒ බව හඳුනාගත හැකිය. ඒ අනුව ඉදිරි ජනාධිපති මැතිවරණයේ දී එය ජය ගැනීම සඳහා මැදපාන්තික සමාජ ස්තරවල විධායකය දිනා ගැනීම සඳහා එජාපය කරලියට රැුගෙන එන බිලී බෝයියලාගෙන් මෙන්ම ආණ්ඩුවේ ජයග‍්‍රහණය සඳහා නොපැකිළව කඬේයන තැරැුව්කරුවන්ගෙන් ද අඩුවක් ඇති වීමට හේතුවක් නැත. මෙහි දී විපක්ෂය විසින් පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමෙන් ඉදිරිපත් කරන ප‍්‍රකාශිත අරමුණ සම්බන්ධයෙන් ද කෙටියෙන් වුවද කරුණු කිහිපයක් අවධාරණය කළ යුතුය. එනම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම යෝජිත දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සැලකීමේ දී ලෝක පරිමාණයෙන්ම එය අර්බුදයක් බවට පත් වී තිබීම විසින් නවලිබරල් ධනවාදය තුළ එවැනි වියුක්ත දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා

ඉඩ කඩක් නොමැති බව අපට පෙන්වා දේ. ඒ සඳහා ලෝක පරිමාණයෙන්ම විසඳුම් ලෙස ඉදිරිපත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි ප‍්‍රඥතීන්, මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර අධිකරණය වැනි සියලූ ව්‍යුහයන් මේ වන විට අතාර්කික වී හමාරය. ආර්ථික කොල්ලය සඳහා මහ බලවතුන් විසින් සිදුකරනු ලබන යුද්ධය හෝ වෙනත් බලපෑම්වලට සීමා පැනවීමට ඒවා අසමත් වී ඇතුවා පමණක් නොව එම ව්‍යුහයන් ලෝක බලවතුන්ගේ එම අරමුණු සඳහාම සේවය කරන තත්වයක් මේ වන විට උද්ගතව ඇත. නවලිබරල් ධනවාදය ලෙස ලෝක තත්වය එසේ වන අතර ලංකාව තුළ ද ඉහත වියුක්ත ප‍්‍රජාතන්තවාදී ප‍්‍රතිසංස්කරණ ඒ තුළ යථාර්ථයක් නොවෙන අතර ඒ සඳහා කරනු ලබන අරගලය මැද පාන්තික සුළුතරයකට විශේෂ වරප‍්‍රසාද හිමිකර දෙමින් සිදුවන ආණ්ඩු පෙරළියකින් ඔබ්බට ගමන් නොකරනු ඇත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේ දී සමාජ බෙදුම් රේඛාව විය යුත්තේ මැද පාන්තික සමාජ ස්තරයන් රැුගෙන එන ඉහත වියුක්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ නොව නවලිබරල් ධනවාදයට විකල්ප ලෙස ඉදිරිපත් කරන සෑබෑ සමාජවාදී වැඩපිළිවෙළක් පමණි. එමෙන්ම එය සාර්ථක කර ගත හැක්තේ වාමාංශික පක්ෂ තවදුරටත් මෙම මැද පන්තික සමාජ ස්තර මත තම දේශපාලන පැවැත්ම තීරණය කරනවා වෙනුවට පීඩිත බලවේග කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණි.

Advertisements