ගොඩක් දෙනා හිතුවේ ඒ මිනිය මගේ කියලා

1987-89 අරගලය පිළිබඳ බොහෝ විට කෙරෙන්නේ අනුස්මරණයන්ය. ‘සමරුව’ නමින් නම්කර චාරිත‍්‍රානුකූල දේශන, පුද කිරීම් හා මළවුන් සිහි කරමින්ය. එහෙත් පොදු කාරණය නම්, ඉල් මහ විරුවන් ලෙස හඳුන්වන සටන්කාමී මිනිසුන් දහස් ගණනක් එකී අරගලයේ දී සිය දිවි දෙවැනි කොට සටන් වැදුණේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් නොවන බවයි. ඒ නිසාම එකී සමරුව ද අරගලයක පරාජය හා මරණය පිළිබඳ සාකච්ඡුාවකින් ඔබ්බෙහි වන සමාජ ජයග‍්‍රහණයක් බවට පත් කරගැනීමේ අවශ්‍යතාවක් තිබේ. දේශපාලන අතීත කතා ආවර්ජනය කිරීමේ දී හුදු පුද්ගල ප‍්‍රතිරූප ඔසවා තැබීමේ හා වියුක්ත විනිශ්චයන් ලබාදීමේ උත්සාහ සතිපතා පුවත්පත් පිටු මත දක්නට ලැබේ. මෙවර ‘ජනරළ’ තුළින් අප උත්සාහ කරන්නේ සමාජ ජයග‍්‍රහණ උදෙසා කැපවීම් කළ ජීවිතවල හෙළි නොවන පාර්ශ්වයන් සම්බන්ධයෙන් ඇති තතු පොදු සමාජයට දැක ගන්නට උපකාර වන ආලෝක ධාරාවක් එල්ල කිරීමටය. මේ සඳහා 89 අරගලයේ දී සටන් වැදුණු අප‍්‍රකට සගයකුගේ ජීවිත අත්දැකීම් සටහනක් අප ඔබ හමුවේ තබමු.
1987-89 අරගලය පිළිබඳ බොහෝ විට කෙරෙන්නේ අනුස්මරණයන්ය. ‘සමරුව’ නමින් නම්කර චාරිත‍්‍රානුකූල දේශන, පුද කිරීම් හා මළවුන් සිහි කරමින්ය. එහෙත් පොදු කාරණය නම්, ඉල් මහ විරුවන් ලෙස හඳුන්වන සටන්කාමී මිනිසුන් දහස් ගණනක් එකී අරගලයේ දී සිය දිවි දෙවැනි කොට සටන් වැදුණේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් නොවන බවයි. ඒ නිසාම එකී සමරුව ද අරගලයක පරාජය හා මරණය පිළිබඳ සාකච්ඡුාවකින් ඔබ්බෙහි වන සමාජ ජයග‍්‍රහණයක් බවට පත් කරගැනීමේ අවශ්‍යතාවක් තිබේ. දේශපාලන අතීත කතා ආවර්ජනය කිරීමේ දී හුදු පුද්ගල ප‍්‍රතිරූප ඔසවා තැබීමේ හා වියුක්ත විනිශ්චයන් ලබාදීමේ උත්සාහ සතිපතා පුවත්පත් පිටු මත දක්නට ලැබේ. මෙවර ‘ජනරළ’ තුළින් අප උත්සාහ කරන්නේ සමාජ ජයග‍්‍රහණ උදෙසා කැපවීම් කළ ජීවිතවල හෙළි නොවන පාර්ශ්වයන් සම්බන්ධයෙන් ඇති තතු පොදු සමාජයට දැක ගන්නට උපකාර වන ආලෝක ධාරාවක් එල්ල කිරීමටය. මේ සඳහා 89 අරගලයේ දී සටන් වැදුණු අප‍්‍රකට සගයකුගේ ජීවිත අත්දැකීම් සටහනක් අප ඔබ හමුවේ තබමු.

 

ජස්ටින් අයියා 89 අත්දැකීම් හෙළි කරයි

ජස්ටින් රිචඞ් කරුණානායක

ජස්ටින් රිචඞ් කරුණානායක

මම ජස්ටින් රිචඞ් කරුණානායක. පොඩි කාලේ හැදුනෙත් මූලික අධ්‍යාපනය ලැබුවේත් ගම්පහ දී. පස්සේ 1978 විතර මගේ මව්පියෝ ඉඩම් අරගෙන අම්පාර නාමල්ඔය ප‍්‍රදේශයට පදිංචියට ආවා. එතකොට මගේ වයස අවුරුදු 19යි. ඉන්පස්සේ, හේන් ගොවිතැන මගේ ජීවන වෘත්තිය බවට පත්වුණා.

ඒ කාලේ තමයි පක්ෂයට සම්බන්ධ වුණේ. මට මුලින්ම දේශපාලනය කතා කරපු සහෝදරයාගේ ගම ගාල්ල. එයා කමලබන්දු සහෝදරයාගේ ඥාතියෙක්. එයාගේ වාසගම මනබන්දු වුණත් අපි එයාව හැඳින්නුවේ පින්නගොඩ කියලා. පින්නගොඩ සහෝදරයා ඒ දවස්වල අපේ හේනට ඇවිත් ගොඩක් දේවල් කතා කළා. සමාජය ගැන, ජීවිතය ගැන, අපට නොතේරුණ දේවල් ඔහු පැහැදිලි කළා. කතා කරන අතරේ හේනේ තියෙන දෙයක්ම හදලා කනවා. ඒ කාලේ මම ජීවිතය ගැන ටික ටික කියව ගන්න පටන් ගත්තා. පක්ෂයේ ඇසුරෙන් වගේම මම කළ උත්සාහ ඇසුරෙනුත් සමහර දේවල් තේරුම් ගත්තා. ඒ වෙනකොට සමාජ අසාධාරණය කියන එක මට දැනෙමින් තිබුණා. ඒක වෙනස් කරන්න උත්සාහ කරන එක දේශපාලනය කියලා වැටහෙමින් තිබුණා. ගමේ අයත් එක්ක පොඩි පොඩි සාකච්ඡුා පටන් ගත්තා.

මේ කාලෙදි අම්පාර අඹගහවැල්ල කියන ප‍්‍රදේශයේ 71 අරගලයට සම්බන්ධ ගොඩක් අය හිටියා. එහේ හිටිය රණසිංහ සහෝදරයා තමයි ඒ වැඩවල දී සහයෝගයට මැදිහත් වුණේ. ඒ 1979 අවුරුද්ද කියලා තමයි මට මතක.

1982 දී අපි පක්ෂයේ වැඩකරමින් අධ්‍යාපන කි‍්‍රයාවලියට සම්බන්ධ වුණා. ඒ කාලේ දේශපාලන අධ්‍යාපන වැඩ හරියටම කෙරුණා. අපි න්‍යායික දැනුම එකතු කර ගත්තා. ජීවිතයෙ දී නොයෙකුත් පෞද්ගලික ප‍්‍රශ්නත් අපට තියෙනවා. සමාජයේ පොදුවෙ බලපාන ප‍්‍රශ්නත් ඕන තරම් තියෙනවා. අපි ඒ සේරම ගැන මැදිහත් වෙන්නෙ නෑ. සමාජයේ තියෙන විවිධ ප‍්‍රශ්න අපි පටලවා ගෙන ඉන්නෙ. ඒ නිසා පන්ති ප‍්‍රශ්නය ප‍්‍රමුඛයි කියලා අවබෝධ කර ගත්තා. 82 විතර වෙද්දි අපිත් එක්ක සෑහෙන්න පිරිසක් සම්බන්ධ වෙලා හිටියා. සංවිධාන වැඩ ක‍්‍රමවත් කෙරුවා.

ඉන් පස්සේ 82 ජනාධිපතිවරණය ආවා. අපට ජනතාවගේ ප‍්‍රතිචාර හොඳින් ලැබුණ නිසා ජනාධිපතිවරණයට ධෛර්යෙන් මුහුණ දෙන්න පුළුවන් වුණා. අම්පාර තිස්සපුර අපිට පොඩි කාර්යාලයක් තිබුණා. ඒක තමයි අපි පාවිච්චි කළේ. කාර්යාලය තිබුණේ වීරසූරිය සහෝදරයාගේ ගෙදර. ඔහු බොහෝම හොඳ සහෝදරයෙක්. ඒ කාලේ අපිට සල්ලි තිබුණේ නෑ.

පරගහ කැළේ පැත්තේ පොඩි ගොවිපොළකුත් තිබුණා. සත්තු කිහිප දෙනෙකුත් හිටියා. ඒක තමයි පක්ෂයට තිබුණු එකම ආදායම් මාර්ගය. ඒත් කාලයක් යද්දී අපිට ඒක නඩත්තු කරගන්න බැරිවුණා. ඒ නිසා අපි ඒක විකුණන්න තීරණය කෙරුවා. ඊට පස්සේ පොඩි කාර් එකක් ගත්තා. ඒකට ගිය වියදම රු.13000 යි. ඒකෙ කොඩිවැල් බැනර් දාගෙන රැුස්වීම්වලට ගියා. එහෙම දිගට වැඩ කෙරුවා. ඒ වෙන කොට පක්ෂයට විශාල පිරිසක් එකතු වෙමින් තිබුණා. 1983 ජනමත විචාරණයේ දී උහන පැත්තෙ තිබුණු ප‍්‍රචාරක රැුලියක දී මට රෝහණ සහෝදරයා හමුවුණා. හිතාගන්න බැරි තරම් පිරිසක් ඒ රැලියට ආවා. එදා අපිට පුදුමාකාර තෘප්තියක් දැනුණා. ඒක ශක්තියක් වුණා වැඩවලට.

නමුත් ජනාධිපතිවරණයෙන් පසුව පක්ෂය තහනමට ලක් වුණා. නමුත් අපි ඒක බාධාවක් කරගන්නේ නැතුව වැඩ කළා. තහනම අවලංගු කර ගන්න අදාළ කටයුතු කරන ගමන් රහසිගතව ජනතාව අතර වැඩ කළා, සංවිධානය වුණා.

මේ අතරේ ටිකෙන් ටික මර්දනය වැඩි වුණා. ජයවර්ධන ආණ්ඩුව විසින් මර්දනය උග‍්‍ර කෙරුවා. පක්ෂයත් ඊට අදාළ කි‍්‍රයාමාර්ග තේරුවා. 84/85 කාලය වෙන කොට අපි වලගම්පුර ප‍්‍රදේශයේ නිවසක අධ්‍යාපන කඳවුරු පටන් ගත්තා. හැමෝම ඇත්ත වුවමනාවකින් වැඩ කෙරුවා. වැඩකරන ගමන් දේශපාලනයත් ඉගෙන ගත්තා. ඒ අතරේ මර්දනයත් උග‍්‍ර වුණා. ඒ නිසා අපි ක‍්‍රමිකව එළිමහනෙන් කැලෑවට යන්න තීරණය කෙරුවා. ඉතින් අපි ගල්ඔය කැලෑවට (වනෝiානයට* පසු බැස්සා. ඒ වෙන කොට පක්ෂයේ සාමාජිකයන් තැනින් තැන මරාදමන තත්වයක් තිබුණා. ඒ අතරේ මට මතක මුල්ම ඝාතනය සිදු වුණේ මාතර පොල්හේන ප‍්‍රදේශයේ. ඒ සත්‍යපාල වන්නිගම සහෝදරයා කියල තමයි ආරංචි වුණේ. ඒ මරණය ඉතා බරපතළ කම්පාවක් වගේම ධනපති පාලකයන් ගැන වෛරයක් ඇති කෙරුවා.

ඒ මර්දනකාරී තත්වය නිසා අපට සිදුවුණා සංවිධානයේ ආරක්ෂාව, සාමාජිකයන්ගෙ ආරක්ෂාව ගැන හිතලා වැඩ කරන්න. ඒ නිසා අපි පක්ෂයේ සහෝදරවරු එක්ක කතා කරලා තීරණයක් ගත්තා. අපි කරන්න පටන් ගත් පන්ති දේශපාලනය අත්හැර දමන්න බෑ. අපි ගත්ත තීරණ අනුව, ජීවිතය වෙනස් කරන්න සමාජ අසාධාරණය වෙනස් කරන්න කැපවෙලා වැඩ කරන්න අපි බැඳිලා හිටියා. අපි සංවිධානයක් විදියට වගකීමෙන් එකතු වෙලා හිටියෙ. ඒ නිසා දමල ගහල යන්න බෑ. ඉතින් පක්ෂයට සිදුවුණා සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න. කැලෑවේ එක් තැනක අපි පුහුණු කඳවුරක් පැවැත්වුවා. පොලූ තමයි ආයුධ විදිහට පාවිච්චි කරේ. 300ක විතර පිරිසක් වනගත වෙලා හිටියා.

මේ කාලේ ප‍්‍රා. සා. වගේ කණ්ඩායම් කි‍්‍රයාත්මක වෙන්න පටන් ගත්තා. අපි ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සටන් වැදුණා. කැලෑව ඇතුළේ ලොකු කාලයක් ගෙව්වා. අපේ අරගලයේ එකම අරමුණ වුණේ සමාජවාදය. ගෙවල්වලට යන්න බැරි නිසා අපි කැලෑම ජනාවාස කරගත්තා. ඒ අතරේ නගරවල අපේ සහෝදරවරු ඝාතනය වෙමින් තිබුණා. අපි ළඟ කෑම බීම, බෙහෙත් වර්ග තිබුණේ නෑ. ඒ වෙනකොට 70ක 80ක විතර පිරිසක් කැලෑවේ හිටියා. අපි අතරේ හිටපු සමහර සහෝදරවරු විවිධ අවස්ථාවල දී අත්අඩංගුවට පත්වුණා. තවත් සමහර අය සතුරන් අතින් මරණයටත් පත් වුණා. මේ කාලෙදි මාව පක්ෂයට සම්බන්ධ කරගත්තා. එක දවසක් පින්නගොඩ සහෝදරයා අත්අඩංගුවට පත් වුණා. නමුත් නැවත නිදහස් වෙලා ආවත් වැඩ කරන එකට බාධාවක් වුණා. ඒ ගැන තීරණයක් ගන්න වුණා. පස්සේ එයා ගාල්ලට ගියා.

මේ කාලේ ගම්වල අය අපට ගොඩක් උදව් කළා. අපි කැලේ ඉන්න ගමන් අධ්‍යයන වැඩත් කළා. මේ වෙනකොට පවුල් පිටින් එකතු වෙලා පක්ෂයේ පෝස්ටර් ඇලෙව්වා. තාප්පවල සහ මහ පාරේ සටන් පාඨ ලිව්වා. හැබැයි ඒ වෙනකොට අපි කැලෑවල ඉන්න බව පාලකයන් දැනගෙන තිබුණා. තැන් තැන්වල තනි තනි සහෝදරවරු අත්අඩංගුවට පත්වුණ නිසා අපට උපක‍්‍රමිකව විශාල කණ්ඩායම් කුඩා කණ්ඩායම් බවට පත්කර ගන්න අවශ්‍ය වුණා. ඒ නිසා 20/25 විතර කණ්ඩායම් ගල්ඔයේ කැලෑව තැන් තැන්වලට විසිරිලා ගියා. මම මගේ පවුලේ අයත් කැලෑවට ගෙන්වා ගත්තා. ඒ අතරේ බෙහෝ අය සතුරන්ට කොටුවෙලා වධහිංසාවලට ලක්වෙලා මරණයට පත්වුණා.

මේ වෙන කොට වෙනත් පළාත්වල සහෝදරවරුන් අපි ඉන්න පැත්තට ඇවිත් හිටියා. අපි අතරේ හිටිය විජේසූරිය, මංජු යන සහෝදරවරුන් දෙන්නා අත්අඩංගුවට පත්වුණා. ඉඟිනියාගල පොලිසියෙන් තමයි ඒ අය අත්අඩංගුවට ගත්තේ. මංජු අපිත් එක්ක කාලයක් හිටිය සහෝදරයෙක්. අපිත් ඒ අය එළියට ගන්න සටන් කෙරුවා. එක දවසක් ? මංජුල සහෝදරයා මාංචු පිටින්ම පැනලා ආවා. ගම්වල අය අපට පණිවිඬේ දුන්නා. අපි ඉක්මනින් එයාගේ මාංචු කපලා කැලේට අරන් ගියා. නමුත් වෙනත් සහෝදරවරු අත්අඩංගුවට ගැනීමට එරෙහිව කළ අරගලය නිසා පසු කලක දී මංජු සහෝදරයා මිය ගියා.

මේ වන විට රාජ්‍ය ත‍්‍රස්තවාදයත් මර්දනයත් උපරිම තත්වයට ඇවිත් තිබුණා. අවුරුදු 14 – 15 වයසේ පොඩි කොල්ලන් පවා ජේවීපී කරනවා කියලා ගම්වලින් අල්ලගෙන ගියා. සමහරු එහෙම අරන් ගිය දවසෙම හැන්දෑ වෙන කොට මරා දමලා තිබුණා. කුඩා කණ්ඩායම් පවා පවත්වාගෙන යන්න බැරි තත්වයක අපි හිටියේ. ඒත් අපි පොඞ්ඩක්වත් වැටුණේ නෑ. දෙපිලකට බෙදුණ යුද්ධයක දී වගේ. ඒ කාලෙ කාගෙත් ජීවිත අවදානමක තිබුණේ. සමාජය තුළ කවුරු කොහොම රැුකෙනවද

කියන ප‍්‍රශ්නෙ තිබුණා. මර්දනය තියුණු වෙලා මනුස්සකම් විකෘති වෙමින් තිබුණා. එකිනෙකා ගැන තොරතුරු එළියට යන්න පටන් ගත්තා. නමුත් අපි අරමුණ වෙනුවෙන් වැඩ කෙරුවා. පක්ෂය ගැන සමාජවාදය ගැන ලොකු විශ්වාසයක් අපට තිබුණා. ඒ අතරේ අපි සිදුවීම් ගණනාවකට මුහුණ දුන්නා.

ඉතාම අමිහිරි මතකයනුත් ඒ අතරේ තියෙනවා. මොනරාගලින් ආපු සහෝදරවරු පිරිසක් අපි අතරේ හිටියා. ඔවුන් සමඟ අපි කණ්ඩායමක් කිලෝමීටර 18ක් දුරින් තිබුණ බදුලූවෙල කියන ගමට යන්න පිටත් වුණා. ඉතින් අපි ආරක්ෂා සහිතව යන්න ඕන නිසා පරීක්ෂාකාරීව ඒ ගමන පිටත් වුණා. අපි ඒ ගම කිට්ටුවට ළඟා වෙන කොට ? 8.00ට විතර ඇති. නමුත් එක පාරට ගමට යන එක ආරක්ෂාවට හොඳ නැති නිසා ගමට කිට්ටු කරලා නවතින්න තීරණය කළා. ?ට ගමට යන්නෙ නැතිව උදේ වෙනතුරු ගමට පිටින් කැලෑවේ ඉන්න අවශ්‍ය වුණා. කැලේ නවාතැන් ගන්න එකත් අවදානම්. නමුත් වෙන කරන්න දේකුත් නෑ. මිනිස් වාසයකට නුසුදුසු තැනක වුණත් අවම දේවල් ප‍්‍රමාණයකින්

රැුයක් ඉන්න පුළුවන්. ඒත් අඩු ගානෙ එහෙම කැලෑවෙ නවතින්නවත් අවශ්‍ය අවම දේවල් නැතිව අපි ආවෙ. ? ගත කරන්නෙ කොහොමද කියන ප‍්‍රශ්නෙ අපට තිබුණා. ඉතින් අන්තිමට ඒ හරියේ තිබුණු ලොකු ගලක් උඩ අපි එදා ? නිදා ගත්තා. අපි ළඟ ආරක්ෂාවට ගෙනාව තුවක්කුවකුත් තිබුණා. දුර ගමනක් නිසා අපි හැමෝම හොඳටම හෙම්බත් වෙලා හිටියෙ. කොහොම නමුත් වෙහෙසයි, සීතලයි නිසා අපිට හොඳටම නින්ද ගියා.

එක පාරට මහ ? සද්දෙකින් මම ඇස් ඇරලා බැලූවා. අලියෙක් ඇවිත් බව කෑ ගහන සද්දෙන් තේරුණා. ඒ සද්දෙට අපිත් කෑ ගැහැව්වා. බලද්දි මම හිටියේ අලියගේ තල්ල යට. හැමෝම ඔළුව හැරුණු අතට දිව්වා. මම ගල පහළට වැටුණා. අපේ පිරිස තැන් තැන්වල විසිරුණා. කළුවර නිසා හොයන්නත් බෑ. මම ආයෙත් අමාරුවෙන් ගලට නැඟලා තුවක්කුව අතට ගත්තා. හැමෝටම කතා කෙරුවා. පස්සෙ තමයි සිද්ධිය දැන ගත්තෙ. සීතල නිසා අපි සරම්වල ගුලිවෙලා නිදාගෙන හිටියේ. ? මැද ඒ ගල උඩට අලියෙක් ඇවිත්. ඌ සරමක ගුලිවෙලා හිටපු අපේ සහෝදරයෙක්ව ඒ විදිහටම හොඬවැලෙන් උස්සලා අරගෙන තිබුණා. ඒ සහෝදරයා බයවෙලා කෑ ගහපු පාරට අලියත් බයවෙලා ඒ වේගෙටම සහෝදරයව විසි කරලා. අර අලියා උස්සලා විසිකරපු සහෝදරයා ඈත ගහක ඉඳන් කතා කරනවා. එයා බයට කොච්චර උඩට නැඟල ද කිව්වොත් බහින්න බැරිව හිටියේ. තව සහෝදරවරු 4ක් එකම ගහකට නැඟලා තිබුණා. කොහොම හරි අමාරුවෙන් කට්ටිය එකතු කරගත්තත් එක්කෙනෙක් හිටියෙ නෑ.

පස්සෙ බලද්දි එයා ගහක් ළඟ වැටිලා ඉඳලා. සහෝදරයගෙ ඔලූව පොඩි කරලා වැලිවලින් වහලා තියෙනවා අපට හමු වුණා. ඔහුට පණ තිබුණා. ඒ වෙලාවෙ අපි හැමෝම ඇඬුවා. අපි ලී කපලා මැස්සක් හදාගෙන එයාව තියාගෙන ගම පැත්තට එන්න ආවත් අලියා හිටියේ යන එන පාරේ. පස්සෙ එළිය වැටෙනතුරු අපි එයාවත් තියාගෙන අඬ අඬා ගල උඩ හිටියා. මේක අපේ නොසැලකිල්ලෙන් වුණ දෙයක්. අපට අපේ ආරක්ෂාව අංක එක කියලා කල්පනා කරන්න තිබුණා. සාමාන්‍යයෙන් අපි ? ගත කරද්දි එක් කෙනෙක් දෙන්නෙක් ආරක්ෂාවට අවදියෙන් ඉන්න සිරිතක් තිබුණා. ඒත් එදා වෙහෙස නිසා ඒ කාරණාව දෙවැනි තැනට වැටුණා. අනික අපි එහෙම තැනක ඉන්න බව කාටවත් දැනගන්න නොලැබෙන නිසාත් අපට බයක් තිබුණෙ නෑ. මෙච්චර මර්දනයක් තියෙද්දි වෙච්ච පුංචි අත්වැරැුද්දෙන් අපේම සහෝදරයකුට අවාසනාවන්ත මරණයක් සිදු වීම අපි කාටවත් දරාගන්න බැරි වුණා. ඒක ව්‍යාපාරයක වැඩ කරද්දී පාඩමක් ලෙස ගත යුතුයි. ඊට පස්සෙ අපි ගමේ අයගේ උදව්වෙන් ඔහුව බදුල්ල රෝහලට යැව්වා. නමුත් පසුව ආරංචි වුණා ඔහු මිය ගිය බව.

ඒ කාලයේ දී අඹගහවදුල්ල ප‍්‍රදේශයේ 10ක් විතර ඝාතනයට ලක්වුණා. කරුණේ කියලා අපේ සහෝදරයෙක් හිටියා බොහොම ක‍්‍රියාකාරී හිත හොඳ සහෝදරයෙක්. ඔහු අත්අඩංගුවට පත්වෙන වෙලාවේ ඔහු අතේ ග්‍රෙනේඞ් බෝම්බයක් තිබිලා. ඉතින් එයා ඒකේ පින් එක ඇදලා ඇඟට තද කරගෙන කිසිවක්ම හෙළි නොකර සමාජවාදය වෙනුවෙන් ජීවිතය කැප කළා. තවත් සහෝදරයෙක් ඒ අතරේ මරලා පුච්චලා තිබුණා. මාව දන්න ගොඩක් අය හිතලා තියෙන්නේ ඒ මම කියලා.

ඉන්පසුව අපට සිදු වුණා තනි තනියෙන් ආරක්ෂා වෙන්න. ඒ නිසා ගොඩක් අය කොළඹ ආවා. නමුත් අපි කැලෑවෙම හිටියා. පිරිස ගොඩක් අඩු වුණා. කවුරුත් ආරක්ෂා කරන්න බැරි තත්වයක් ආවා. අපි බරපතළ තත්වයන්ට මුහුණ දෙමින් හිටියා. ඒත් අපේ අරමුණ එහෙමම තිබුණා. මේ වෙනකොට 1990 අවුරුද්ද වගේ මතක. අපේ විශාල පිරිසක් මැරිලා. සමහරු අත්අඩංගුවට පත්වෙලා. මර්දනය ක‍්‍රමිකව අඩුවෙමින් තිබුණා. අපි ගම්වලට එන්න පටන් ගත්තා. මේ කාලේ මගේ තාත්තා මියගියා. මට ඒ මළගෙදරට එන්න අවශ්‍ය නිසා මම ආවා.

නමුත් එතන වැඩි දෙනෙක් මාව අඳුනන්නේ නෑ. මළගෙදරට රැස්වුණු 800ක් විතර සෙනඟ අතරේ මමත් හිටියා. නමුත් මම එතනට එන බව සැක කරන්න සී.අයි.ඞී. එකට හැකියාවක් තිබුණා. පොලිසිය ඈතින් එන කොට අවසන් කටයුතු කෙරෙමින් තිබුණා. ඒ වෙලාවෙ ගුණ කථනය කරමින් හිටියෙ අපිට හිතවත් හාමුදුරු කෙනෙක්. නම විජිත. ඈතින් පොලිසිය එන බව එයාට පෙනිලා. එයා ළඟ හිටිය කෙනෙකු අතේ පණිවිඩයක් දුන්නා.

‘ජස්ටින් අයියා ඇවිත් ඉන්නවා නම් එයාට කියන්න යන්න කියලා’.

(ලබන කලාපයට)

Advertisements