Photo Story

මිනිස් මැදිහත්වීමෙන් පාරිසරික විනාශයන් සිදු වීම හා එය පෙරළා මිනිසාට හානි වීම පිළිබඳ කදිම සංකේතයකි මෙම සේයාරුව. මෙය 1972 දී අමෙරිකන් ඡුායාරූප මාධ්‍යවේදියා විසින් ගන්නා ලද්දකි. අමෙරිකාවේ කැන්සාස් ප‍්‍රාන්තයේ උපන් ඔහු වෘත්තිය ඡුායාරූප ශිල්පියකු ලෙස ප‍්‍රාදේශීය පුවත්පත්වල සේවය කළේය. පසුව 1930 ඔහු සුප‍්‍රකට ටයිම් ආයතනයේ ‘ලයිෆ්’ සඟරාවේ ඡුායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය. දෙවැනි ලෝක යුද සමයේ ඡුායාරූප වෘත්තිය නිසා දරුණු අනතුරුවලට පවා මුහුණ දුන්නේය.

ජපානයේ ‘චිසෝ කෝපරේෂන්’ නමැති සමාගම විසින් මිනමාටා නදියට රසදිය මිශ‍්‍ර අපජලය මුදා හැරීමෙන් ඇති වූ පාරිසරික විනාශය මෙම ඡුායාරූපයෙන් පිළිබිඹු කරයි. ටොමුකා උමෙරා නමැති ජපන් දරුවා සිය මව විසින් වැලඳගෙන සිටින ආකාරය මෙහි දැක්වේ.

රසදිය සහිත රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර වීමෙන් මිනමාටා බොක්කේ මත්ස්‍යයන් ඇතුළු සාගර පරිසරයට විශාල හානි සිදු විය. එම නිසා ධීවරයන්ට ද විශාල ශාරීරික හානි සිදු විය. රසදිය විෂවීම නිසා සිදුවන ආබාධ අතර ස්නායු ආබාධ ප‍්‍රධාන වේ. අත් පා ඇතුළු සිරුරේ මාංශපේශී ක‍්‍රියාකාරී නොවීම, අංශභාගය, කෝමා තත්වය හෝ මරණය සිදු විය හැකිය. ගර්භණී මවුවරුන්ගේ කලලයට බලපාන ආබාධ නිසා උපදින බිළිඳුන්ගේ පවා ආබාධ හෝ දරුණු විකෘතිතා ඇතිවිය හැකිය. ගබ්සාවන් ද සිදු විය හැකිය. මුලින්ම මිනමාටා නගරයේ දී මෙම ආබාධය හඳුනාගනු ලැබුවේ 1956 දී බව වාර්තා විය. පසුව 1965 දී මෙම තත්වය උග‍්‍ර ලෙස වර්ධනය විය.

2001 මාර්තුවේ දී මිනමාටා ආබාධය සහිත පුද්ගලයන් 2265ක් හඳුනාගනු ලැබිණි. ඒ වනවිටත් ඔවුන්ගෙන් 1784ක් මිය ගොසිණි. 10000ක් ජනයාට වන්දි ගෙවන්නට චිසෝ සමාගම පියවර ගත් අතර 2004 වනවිට අමෙරිකන් ඩොලර් මිලියන 86ක් වන්දි ගෙවූ බව සමාගම පවසා තිබේ.

ඉයුජින් ස්මිත් විසින් සිය ජීවිතයේ අවසන් කාලයේ ආරම්භ කළ ස්මිත් පදනම විසින් මෙවැනි මානවවාදී ඡුායාරූප ගන්නා වෘත්තිය මාධ්‍යවේදීන් ඇගයීමේ සම්මානයක් ද හඳුන්වා දෙන ලදී.

Advertisements