පොදු අපේක්ෂකයා මහපොළොවට ගෙන ඒම

292129_384982811546348_1928243244_nලාංකේය මැතිවරණ දේශපාලනයේ වඩාත් ගැටුම්කාරී පොදුවේ සියලූ පීඩිතයන් සටනකට ඇද දමන ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත්ව තිබේ. එය මෑත කාලයේ පවත්වනු ලැබු ඡුන්ද මෙන් නොව පවත්නා පාලනයට ඍජුව අභියෝග වන, ධනේශ්වරයේ නව පිලක් බලයට පත් කෙරෙන ආණ්ඩු විරෝධී අනුරාගයක් පෙළ ගැසෙන දේශපාලන අරගලයක් ද වන්නේය.

මේ පිළිබඳව ගත යුතු ස්ථාවරය පිළිබඳව ද වමේ පක්ෂ කෙරෙන් ද විවිධ මට්ටමේ සාකච්ඡුා සහ තීන්දු තීරණ ද පළවන්නට පටන් ගෙන ඇත. එහිදී සුළු ධනේශ්වර වමේ පක්ෂයක් ලෙස ජවිපෙ විසින් පළාත් සභා මැතිවරණයට පෙර සිටම කීවේ ඔවුන් තමන්ගේ අපේක්ෂකයකු ගෙන එන බවය. පළාත් සභා ප‍්‍රතිඵලයත් සමඟ වහා තම තීරණය සීරු මාරු කළ ඔවුහු නීති තර්කයක් වෙත එළඹුණහ. එවිට ඔවුන් කීවේ නීත්‍යනුකූල ජනාධිපතිවරණයක් මිස නීත්‍යනුකූල නොවන එකක් නම් එපා කියාය. (ජවිපෙ ඒ තරමටම තමන් ධනවාදය තුළ ශික්ෂණය වී ඇති බව හෙළි විය) කෙසේ වෙතත් ඔවුන් ඉදිරියේ දී ‘තම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම’ හෝ ‘පොදු අපේක්ෂකයකුට’ සහාය දීම යන්න නිශ්චිතවම ප‍්‍රකාශයට පත්වනු ඇත.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද අනෙකුත් වමේ පක්ෂ ද එකතුව එළඹෙන ජනාධිපතිවරණයේ දී ගත යුතු මඟ පිළිබඳ පුළුල් සාකච්ඡුාවට මුල පුරන ලදී. එකී ක‍්‍රියාවලියේ අතර තුර දී පක්ෂයක් ලෙස නොව සිය පුද්ගල මතය දක්වමින් නව සමසමාජ පක්ෂයේ වික‍්‍රමබාහු, රනිල් වික‍්‍රමසිංහට   සහාය පළ කරන බව ප‍්‍රකාශ කළේය. වමේ පක්ෂයක නායකයකු ධනපති පක්ෂ අපේක්ෂකයකුට සහාය දෙන්නේ ඇයිදැයි එහිදී බොහෝ දෙනා විමතිය පළ කළහ. ඒකාධිපතීත්වය මිලිටරිකරණයට එරෙහිව ප‍්‍රජාතන්තී‍්‍රය අරගලය වෙනුවෙන් රනිල්ට ජනාධිපතිවරණයේ දී විවේචනාත්මක සහාය පළ කරන බව ඔහුගේ අදහස විය.

වික‍්‍රමබාහු මෙන්ම තවත් බොහෝ දෙනෙකුට එක්වරම අතට ගත හැකිව ඇති, එමෙන්ම අතට ගන්නා එක් දේශපාලන තර්කයක් වනුයේ ඉහත කී අදහසයි. තවත් සමහරුන්ට විධායක බලය අහෝසි කිරීම යන්න පළමු තැනට ගත් සටන් පාඨය විය. වම මේ සාකච්ඡුාවට අවතීර්ණ නොවූයේ නම් මේ බොහෝ දෙනෙකු ඉතා ඉක්මනින්ම මෙකි ‘පොදු’ වේදිකාවට ගොඩ වී අවසන්ය. එතෙක් වම සිය තාලයට හෝ නව සංවාදයක් සඳහා දොරටු විවර කරමින් සිටියි. ඒ, වත්මන් දේශපාලනය පිළිබඳව පවත්නා විග‍්‍රහයේ හෝ වෙනත් මානයක් වෙත සංවාදය ඔසවා තබමිනි.

‘ඉදිරි ජනාධිපතිවරණය ලාංකේය දේශපාලනයට තීරණාත්මක නැත.’ යනුවෙන් නව වම කියන බව ඇතමුන් කියයි. එනම් කුමන පිලක් දිනුවත් ජනතා න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාවට නැෙඟන්නේ නැත. ඒ තර්කයන්ට කුමන පිලක් දිනුවත් ජනතා න්‍යාය පත‍්‍රයක් කි‍්‍රයාවට නැෙඟන්නේ නැති බවට ඇති තර්කය වාමාංශිකයන්ට ඇත. එහෙත් ඉදිරි ජනාධිපතිවරණය තුළ එකී තර්කය මතම පදනම් වෙමින් වමේ දේශපාලන මතයක් පොදු ජනතාව අතර සාකච්ඡුාවට ගැනීමට ඇති හැකියාව ඉන් කිසිසේත් බැහැර නොවේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී වැදගත් කාර්යභාරයක් වම ඉදිරියේ පවතියි.

එහිදී ඇති එක් ප‍්‍රවේශයක් වනුයේ සම්මත කතිකාව බැහැර කිරීම නොව එය තදින් ප‍්‍රශ්න කිරීමය. ලොතරැුයි දිනුමකින් හෝ හෙට දිනයේ දී රූපවාහිනී තිරය මත දිදුලන පාරිභෝජන භාණ්ඩ තමන්ට අත් කර ගත හැකි යන සිහිනයක සිටින ලාංකේය පීඩිතයාට එම ප‍්‍රශ්න කිරීම කම්පනයක් නොවේ. එය ගතානුගතික මතවාදවල ගිලූණු සමාජය තුළ අධ්‍යාපනික කාර්යයකි. සම්මත හා ගතානුගතික ධනපති කතිකාවෙන් නිද්‍රාශීලීව සිටින පීඩිත සමාජ පන්තීන් එවැනි කම්පනයක් හරහා සොලවාලිය යුතුය. ජනාධිපතිවරණයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුවාවෙන් මතු කරන ව්‍යාජ සාකච්ඡුාව කිසියම් දුරකට හෝ ප‍්‍රශ්න කෙරෙන සංවාදයක් එකවර, රටපුරා, විවිධ පීඩිත බලවේග සමඟ ඇරඹීමට අවස්ථාවක් මෙමඟින් වමට උදාවේ.

එහිම බැඳෙන අනෙක් කාරණය වන්නේ එකවරම සියලූ පාන්තික කොටස් වෙත මේ කඳවුරු දෙකම හෙළිදරව් කරන සංවාදයක් ඇරඹීමය. ලෙනින්ට අනුව ද එය කළ යුත්තකි. මැතිවරණ තුළ ඇති වමේ අරගලය යනු, බහුජනතාවට අධ්‍යාපනය ලබාදීම බව අප

පිළිගන්නේ නම් එවන් විකල්ප වාම සංවාදයක් මේ ජනාධිපතිවරණයේ ද ඇත්තේය. එය ආරම්භ   කළ යුත්තේ පාර්ලිමේන්තු, ජනාධිපතිවරණ හෝ වෙනත් ඡුන්දයකදී ද යන්න වමට අදාළ කරුණක් නොවේ. මන්ද, වම මැතිවරණයට පැමිණෙන මූලික පදනම වන්නේ ද මැතිවරණ නොමැති වටපිටාව තුළ විවිධාකාරයෙන් බහුජනතාව අතර කෙරෙන දේශපාලන අරගල පොදු ආකාරයකින් සක‍්‍රීයත්වයට පත් කිරීමය.

බොහෝ විට බොහෝ වාමාංශිකයන් අතර පිළිගත් සම්ප‍්‍රදාය වනුයේ සිය අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් මූලිකව කම්කරුවන් සංවිධානය කළ යුතු බවය. එහි දි පළමුව සඳහන් වනුයේ කම්කරුවන් අතර පන්ති අවබෝධය ඇති කිරීමය. මන්ද ඔවුන්

ප‍්‍රාග්ධනයේ ගොදුරු පමණක් නොව ඒ වෙනුවෙන් ගොඩනඟන ධනේශ්වර දෘෂ්ටිවාදයේ ද ගොදුර වන්නේය. ලෙනින් ඉතා නිවැරදිව මෙහිදී පළ කළේ කම්කරවන්ට දැනුම දීම යනු කම්කරවන් අතරට යාම පමණක් නොව ඒ සඳහා සියලූම පන්ති අතරට යා යුතුය යනුවෙනි.

බහුජනතාවට අධ්‍යාපනය දීමේ වැඩ කොටස සඳහා එක් ප‍්‍රවේශයක් ලෙස නව වමට සිය අරමුණු ප‍්‍රසිද්ධියේ පළ කිරීමට යාමේ අවකාශයක් උදාකර ගත හැකිය. ඒ අර්ථයෙන් ගත් කළ මැතිවරණවලට සම්බන්ධවීම යනු, උපායමාර්ගික

ලෙස නව වම දේශපාලනිකව පන්තිය අතර සකී‍්‍රය කිරීම වෙනුවෙන් ගත හැකි එක් මූලික කි‍්‍රයාමාර්ගයකි. එහි එක් අවස්ථාවක් ලෙස මෙවර ජනාධිපතිවරණය හඳුනාගැනීම වරදක් නොව, නිවැරදි දේශපාලන කිරා මැන බැලීමකි.

ජනතාවගේ පාර්ශ්වයෙන් තීරණාත්මක මැතිවරණ භූමිකාවක් ඉදිරියේ නිමවන්නේ ඒ අයුරිනි. අනික අසවල් මැතිවරණය වඩාත් හොඳය යනුවෙන් දෙයක් නැත. මන්ද සියලූ මැතිවරණ අප කරා ගෙන එන්නේ පවත්නා ක‍්‍රමය වෙනුවෙන් එහි නියෝජිත ආයතන කරා නියෝජනයන් වරින්වර තෝරාපත් කර ගැනීම වෙනුවෙනි.

එහිදී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ද යම් අදහසක් මතු නොකරම බැරිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡුාවට ගැනීම ලාංකේය තලයේ ද ඉන් පිටත ද විවිධාකාරයෙන් වරනැෙඟන සාකච්ඡුාවකි. සමාජවාදී විප්ලවය පිළිබඳ දේශපාලන අදහස් මූලික ලෙස බැහැර කෙරෙන අයවලූන් තුළ ද එවැනි අදහස් දරන ඇතැම් වාමාංශිකයන් තුළ ද මූලික ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සාකච්ඡුාව සිදු කෙරේ. ලංකාවේ දී එය වඩාත් අත් විඳිනුයේ තමිල්, මුස්ලිම්, ජනයා සහ සටන් කරන බලවේග අතර සිටින කම්කරු, ධීවර, ශිෂ්‍ය ඇතුළු පීඩිත පාන්තික කොටස්ය. ඔවුන් සිය අරගල තුළ කුමන හෝ මට්ටමකින් ප‍්‍රජාතන්තී‍්‍රය නොවන කි‍්‍රයාමාර්ග ඉදිරියේ සිය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරයි.

එහෙත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තලයේ ඇති නැත්නම් හුදු මානවවාදී තලයේ ඇති සංවාදයට නිශ්චිත පොළොවක් භෞතිකයක් දක්නට නැත. එය එනිසාම විවිධ තැන්වල විවිධ ස්වරූපයෙන් පෙනී සිටී. දැන් එය ජනාධිපතිවරණයේ දී ඉදිරියට පැමිණ ඇත. පළමු වටයේ දී එය අප කරා ආවේ විධායක බලය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටිමින්ය. මතුපිටින් වුව එයට පැහැදිලිකමක් පළ වූ අතර පසුව එය ක‍්‍රමානුකූලව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සකස් කිරීම දක්වා පුළුල් කෙරිණි. ඒ වෙනත් අයගේ ද සාකච්ඡුාවක් පැවැතිණි. අද එය මූලික වශයෙන්ම නියෝජනය කෙරෙනුයේ ඒකාධිපතීත්වය පළවා හැර ප‍්‍රජාතාන්ති‍්‍රක ඉඩකඩ අත්පත් කර ගත යුතුය යන ජනප‍්‍රිය තලයේ සාකච්ඡුාවකිනි.

දෙවැනි මූලික ප‍්‍රශ්නය වනුයේ මේ අරභයා එකතුවන පිරිස් කවරේද යන්නය. ඔවුන්ගෙන් වැඩි දෙනකු මෙහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි පාලනය ශක්තිමත් කිරීමට විවිධ මට්ටම්වලින් දායක වූ පටුු පෞද්ගලික වුවමනා එපාකම් උඩ දේශපේ‍්‍රමීන් වූ අයවලූන්ය. එවන් හවුලකින් අත්කරගත හැකි දේශපාලන ‘වික‍්‍රමය’ කවරේද යන්න ඉතා පැහැදිලිය.

ලාංකේය පීඩිතයන්ගේ ප‍්‍රජාතන්ති‍්‍රක අයිතීන් වෙනුවෙන් ප‍්‍රජාතන්තී‍්‍රය පදනමක සිට කෙරුණු සජීවී අරගලයකින් පැන නැෙඟ්නම් එවන් ආරම්භයක් සෑබෑ බහුජන ව්‍යාපාරයක් බවට පත් කළ හැකිය. කිසියම් හෝ නිශ්චිත දේශපාලන සටන් පාඨයකින් දේශපාලන ක‍්‍රමවේදයේ වෙනසක්් අපේක්ෂා කිරීම පුළුල් ලෙස සාකච්ඡුාවට ගැනීමට ඉඩකඩ පැවතුණි. එසේ නොමැති තත්වයක් තුළ පුද්ගලයකු හෝ පවුලක් හෝ දේශපාලන වශයෙන් පැරදවීමේ පමණක්ම ඉලක්ක කළ දේශපාලන කි‍්‍රයාවලියකින් අත්කරගත හැක්කේ කවර නම් වූ ප‍්‍රජාතන්තී‍්‍රය වැඩ කොටසක් දැයි යන්න අප විමසා බැලිය යුතුව ඇත.

ඒ නිසාම නව වම ගෙන එන ප‍්‍රජාතන්ත‍්‍රවාදය කුමන පන්තීන් වෙනුවෙන් ද යන මූලික පැනය අප හමුවේ පවතී. ඒ අනුව, සමාජ සාකච්ඡුා ආරම්භය තුළම පවතින සීමා කවරේ ද යන්න හොඳින් විමසා බැලීම වටියි. ප‍්‍රශ්න, අනිවාර්යෙන්ම සංකල්ප තලයෙන් සංයුක්ත තලයට ගෙන යා යුත්තේ ඒ නිසාය.

ප‍්‍රජාතන්ත‍්‍රික සටන් පාඨ පමණක් ඔසවා තබන සංවාදකරුවන් කරුණු දක්වන ආකාරයට පවත්නා ආණ්ඩුව වෙනුවට ජනාධිපතිවරණයේ දී ජය ගන්නා ‘පොදු’ අපේක්ෂකයා ද මඟින් කුමන හෝ ආකාරය ප‍්‍රතිසංස්කරණ ඇතුළත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ ප‍්‍රතිසංස්කරණ මාස 6ක් ඇතුළත ගෙනැවිත් ජාතික ආණ්ඩුවක් සකස් කෙරෙනු ඇත. ඒ ජාතික ආණ්ඩුව යටතේ ගෙන එන ප‍්‍රතිසංස්කරණවලින් පසු මහ මැතිවරණයක් කැඳවීම මෙහිදී යෝජනා කෙරෙන එක් කි‍්‍රයාවලියකි. එය වත්මන් නවලිබරල් ආර්ථිකය එලෙසම පවත්වා ගනිමින් කෙරෙන ‘යහපාලනය’ වෙනුවෙන් වූ කි‍්‍රයාදාමයක් වනු ඇත. අවසාන වශයෙන් මීට දිගු සංවාද අවශ්‍ය නැත. තවදුරටත් කෙරෙන න්‍යායික වාද විවාදවලට වඩා අධ්‍යාිිපනය, සෞඛ්‍ය, පමණක් නොව මිනිස් ඛේදාන්ත පවා මිල කිරීමට බල කෙරී ඇති ලාභය මත පමණක් ඉදිරියෙන් තැබෙන නවලිබරල් ධනවාදයට ගෙන ආ හැකි ‘යහපාලනය’ කවරේද යන්න පළමු කොටම ඒ සංවාදකරුවන් විසින් පහදා දිය යුතුව ඇත.

 

වින්දන මනුකුලසූරිය

Advertisements