ඡන්ද කතා හතරක් සහ නිරීක්ෂණ හතරක්

pissekජනාධිපතිවරණ වේදිකාවලින් විවිධ කථා ඇසේ. ධනපති පක්ෂ දෙකේ අපේක්ෂකයෝ මේ දිනවල විවිධ දෑ කියමින් ජනතා සහාය ඉල්ලමින් සිටිති. මේ කථා තුළ නොකියන කථා මොනවාද? මේවායේ තිබෙන ඇත්ත නැත්ත මොනවාද? මේ උත්සාහය වෙබ් අඩවි කිහිපයකින් අහඹු ලෙස තෝරාගත් එවැනි කථා කිහිපයක් ආශ‍්‍රයෙන් ඉහත කී ප‍්‍රශ්න විමසා බැලීමටය.

සන්ධානයෙන් කෙනෙක් ගත්තොත් එහෙනුත් කෙනෙක් ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවැති සන්ධාන ජන හමුව අමතමිනි. තමාට හිතුණොත් රනිලුත් ගන්නා බවත් ඊට වැය වන්නේ කෝපි කෝප්පයක් පමණක් බවත් ඒ මහතා කීය. තිස්ස අත්තනායක මහතා ගන්නද වැය වූයේ කෝපි කෝප්පයක් පමණක් යැයි ද ඔහු වැඩි දුරටත් කීය

(ලංකා සී නිවුස්)

ජනාධිපතිවරණය ප‍්‍රධාන පක්ෂ දෙකේ මස් පි`ඩු පිම්බීමේ තරගයක් බවට පත්වී ඇත. රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති මොනවාද? මෛත‍්‍රීපාල සිිරිසේන පිලේ ප‍්‍රතිපත්ති මොනවාද? ඒවා සමාජයට බලපාන්නේ කෙසේද යන්න ගැන සංවාදයක් වෙනුවට මේ වන විට රට තුළ තිබෙන්නේ ‘ඒ පැත්තෙන් මේ පැත්තට පනින ගාණ කීයද?’ වර්ගයේ සංවාදයකි. 1977 ට පෙර ශ‍්‍රීලනිපය හා එජාපය අතර යම් හෝ ප‍්‍රතිපත්තිමය වෙනසක් තිබණා නම් එය පවා නව ලිබරල් ධනවාදය විසින් අකා මකා ඇත. මේ දෙපිලම රටට ඉදිරිපත් කරන්නේ එකම ප‍්‍රතිපත්තියකි.

කෝපි කොප්පයක් දී තිස්සව ලබා ගැනීමට හැකි වූ බවත් අවශ්‍ය නම් ඒ ක‍්‍රමයටම රනිල්ව ගන්නා බවත් මහින්ද රාජපක්ෂ කීම පසුපස තිබෙන තර්කය කුමක්ද? මෙම ධනපති ක`දවුරු දෙකම රටට ඉදිරිපත් කරන්නේ එකම ප‍්‍රතිපත්තියකි. ඒ නිසා ප‍්‍රතිපත්ති ගැන සංවාදයක් දැන් ප‍්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක අතර නැත. තිබෙන වෙනස්කම් කෝපි කෝප්පයකින් විස`දිය හැකි තරම් සරලය. දැන් රට තුළ තිබෙන්නේ පනින ගාන, පනින අයගේ වගතුග ගැන සල්පිලකි. මාධ්‍ය මඟින් කරන්නේත් ප‍්‍රතිපත්තිමය සංවාදයක් ඇති කිරීමට මැදිහත් වෙනවා වෙනුවට මෙවැනි සංදර්ශන වර්ණ ගන්වා ප‍්‍රදර්ශනය කිරීමය. මේ වස`ගකාරී දේශපාලනයෙන් මහජනයාට අත් වන සෙත කවරේද? මහජනයාගේ – විශේෂයෙන් පහළ පාන්තික ජනයාගේ සැබෑ ප‍්‍රශ්න මැතිවරණ ක‍්‍රියාවලිය තුළ මතු කරන්නේ කවුද? ධනේශ්වර දේශපාලන සංස්කෘතියට වැදගත් වන්නේ එබ`දු ප‍්‍රවේශයක් නොව ‘එහෙන් මෙහාට හා මෙහෙන් එහාට’ පනින ගාණ යනාදිය ගැන වූ සංදර්ශනවාදී ප‍්‍රවේශයකි.

ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිිිරිසේන මහතා ජයගත්පසු දැනට ක‍්‍රියාත්මක කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවතා දමා වෙරළ තීරය රැකගනිමින් මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කරන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කළේය. මුදල් හදල් යහමින් ඇති යුරෝපය ඇතුළු දියුණු රටවල සංචාරකයින් මාලදිවයින වැනි රටවල සංචාරය කරන බවත් එම පිරිස් මේ රටට ගෙන්වා ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේය.

( ලංකා සී නිවුස් )

ධනපති විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තේ දින සීයකින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම එහි අරමුණ බව කියමිනි. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයකට යන බවත් ජනතාවට එහිදී කැමති දේශපාලන පක්ෂයකට බලය දිය හැකි බවත් කියැවිණ. එහෙත් දැන් දැන් පොදු අපේක්ෂකයා සහ ඔහු සම`ග සිටින පක්ෂ නායකයින් විධායක ජනාධිපති ක‍්‍රමයෙන් එහා ගිය කරුණු කථා කිරීම පටන්ගෙන තිබේ. චීන ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන වරාය නගර ව්‍යාපෘතිය නතර කොට දැමීම අයත් වන්නේ ඒ වර්ගයටය. එම ව්‍යාපෘතිය නතර කරන බව කියන වික‍්‍රමසිංහ මුදල් යහමින් තිබෙන යුරෝපා සංචාරකයින් ගෙන්වා ගැනීම සිය අරමුණ බව කියයි. ඇත්ත වශයෙන්ම කැසිනෝ ශාලා, වරාය නගරය බදු ව්‍යාපෘති රාජපක්ෂ ආණ්ඩුව විසින් දියත් කොට තිබෙන්නේම මුදල් යහමින් තිබෙන සංචාරකයින් ගෙන්වා ගැනීමේ අරමුණ මතය. එය එම ආණ්ඩුව විසින් අනුගමනය කෙරෙන විනෝදාස්වාද ආර්ථික වැඩපිලිවෙලේ අංගයකි. රනිල් වික‍්‍රමසිංහට ද තිබෙන්නේ එම ආර්ථික ඉදිරි දර්ශනයමය. කලින් කලට මුහුණු මාරු කරමින් එකම ආර්ථික සමාජ පිළිවෙතක් පවත්වාගෙන යන්නේ එසේය.

ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කරගත් රජය ජනතා අවශ්‍යතා ඉටු කරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුලියාපිටිය ශාලිකා ක‍්‍රීඩාංගණයේ ඊයේ (17) පැවැති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එක්සේසත් කළ රට රැුකගැනීමට ජනවාරි 8 වැනිදා ජනතාව කටයුතු කරනු ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

(හිරු පුවත්)

මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී රාජපක්ෂ ආණ්ඩුව ඉදිරිපත් කරන ප‍්‍රධාන කාරණයක් වන්නේ තමා ත‍්‍රස්තවාදය පරාජය කොට යුද්ධය නිමාකර දී රට එක්සේසත් කළ බවයි. රට තුළ යුද ගැටුමක් ඇති වූයේ 1948 න් පසු එජාප – ශ‍්‍රීලනිප ආණ්ඩු යටතේ සුළු ජාතික කොටස් වලට එරෙහිව මුදා හළ වෙනස් කොට සැලකීමේ ප‍්‍රතිපත්තිය නිසා බවත් පාලක පංතිය විසින් ඇති කළ යුද්ධය ඔවුන් විසින්ම නතර කිරීම පම්පෝරි ගැසීමට තරම් දෙයක් නොවන බවත් මොහොතකට අමතක කරමු. ජනාධිපති දිගින් දිගටම කියන්නේ ‘එක්සත් කළ රට නැවත බෙදී යාමට ඉඩ නොදෙන’ ලෙසයි. රට එක්සත් කිරීම යනු හුදෙක් භෞතිකව රට එකක් ලෙස තිබීම නොවේ. රටේ ජීවත් වන විවිධ ජාතික කොටස් සහ ජනවර්ග අතර සුහදතාව සහ සහයෝගීතාවය වර්ධනය වීමයි. මෙබඳු සැබෑ එක්සත් කමක් ජනතාව අතර ඇති වීමට නම් සියලූ ජාතික කොටස්වල අයිතීන් ඒකාකාර ලෙස පිළිගත යුතුය. සෑම ජනකොටසකටම ගෞරවණීය ලෙස ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය විය යුතුය. එහෙත් පසුගිය වසර කිහිපය තුළ ජාතික ප‍්‍රජාවන් අතර සතුරුභාවය වර්ධනය කිරීම සඳහා දැනුවත්ව ක‍්‍රියා කරමින් සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුවයි. උතුරේ දෙමළ ජනතාවට එරෙහි හමුදා පාලනයක් පවත්වා ගෙන යමින්, මුස්ලිම් ජනතාවට එරෙහිව විවිධ ජාතිවාදී සංවිධාන සහ ප‍්‍රචාර අවුළමින් ස්වකීය පටු පරමාර්ථ මුදුන් පත් කරගැනීම ස`දහා සිංහල මහජාතිවාදය මත පදනම් වූ පිළිවෙතක් අනුගමනය කරන්නේ රාජපක්ෂ පාලනයයි. එක් පැත්තකින් ජාතිවාදය අවුළන අතර අනිත් පැත්තෙන් ‘එක්සත් කළ රට රැුකගැනීම’ ගැන කථා කිරීම එහෙම් පිටින්ම පරස්පරයකි.

නිදහස් හා සාධාරණ මැතිවණයක් පවත්වන ලෙස ජාත්‍යන්තර රටවල් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට බල කළ යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිරිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි. මෙවර ජනාධිපතිවරණය අන්ත දූෂිත මැතිවණයක් වනු ඇති බවට දැනටමත් තොරතුරු ලැබෙන බවයි හිටපු ජනාධිපතිනිය අඟහරුවාදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ.

(බීබීසී සිංහල සේවය)

රාජපක්ෂ රජයට එරෙහිව ධනපති විපක්ෂ කණ්ඩායම් දිගටම මතුරන මන්ත‍්‍රයක් වන්නේ තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය තහවුරු කරන බවයි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිරිකා කුමාරතුංග මෙම ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයේ’ ප‍්‍රධාන මෙහෙයුම්කාරියකි. රාජපක්ෂ රජයේ මැතිවරණ ¥ෂණ ගැන අනතුරු හඟවමින් සිටින්නේ ඇයයි. මේ කථා කරන චන්ද්‍රීරිකා බණ්ඩාරනායක යනු ඊයේ පෙරේදා අඟහරු ලෝකයෙන් ආනයනය කළ අයෙක් නොව අවුරුදු එකොළහක් තිස්සේ මෙරට ජනාධිපති ධුරය දරන ලද තැනැත්තියකි. ඇගේ පාලන සමය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් කුප‍්‍රකටය. 1999 වයඹ පළාත් සභා ඡුන්දය මෙරට පැවැති දූෂිතම මැතිවරණයක් ලෙස ඉතිහාසගත වී තිබේ. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් ඉඩමක් අයථා ලෙස පැවරීම සම්බන්ධයෙන් ඇය අධිකරණය විසින් වරදකරු බවට ද පත් කෙරිණ. ඒකාධිපතිවාදයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස පින්තාරු කොට තිබෙන්නේ බලය සඳහා ප‍්‍රභූ පංතියේ තක්කඞීන් දෙපිරිසක් අතර ඇති වී තිබෙන ආරෝවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් එහෙම් පිටින්ම අපකීර්තිමත් ඉතිහාසයක් තිබෙන චන්ද්‍රිරිකා වැන්නවුන් අද එක් වරම රාජපක්ෂ රජය යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති වී තිබෙන බවට විලාප නගද්දී අපට ජනතාවට කියන්නට තිබෙන්නේ ‘ලස්සන වාග් පාඨ පිටිපස්සේ තිබෙන පංති උවමනා ’ නිවැරදිව වටහා ගන්නා ලෙස කියා පමණි.

Advertisements