සොබාදහම වනසමින් දේශපාලකයන් ජයගත් වගයි

1 exclusiveසංවර්ධනය පසුපස හඹා යමින් සිටින රටවල් බොහොමයක් එකී සිහිනය වෙනුවෙන් තම වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වාභාවික සම්පත් සියල්ල විචාරයෙන් තොරව මකර කටට යවති. සොබා දහමෙන් හිමි වූ දායාදයන් සියල්ල වනසා දමමින් ඔවුන් අත්කරගන්නා සාර්ථක ප‍්‍රතිඵලයක් නොමැති බවට උදාහරණ කොතෙකුත් තිබේ. නමුත් අද දවසේ ද අපේ රටේ පාලකයන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා බලධාරීන් සිදුකරමින් සිටින්නේ එයයි. මෙම ජාතික විනාශය පිළිබඳව පොදු මහජනතාවගේ සක‍්‍රීය මැදිහත් වීම අල්පවීම ද එම විනාශයට අනියමින් දායකවීමකි. මෙරට ජනයාට හිමි අගනා වනජීවී සම්පතක් වන අලි පැටවුන් මවු ඇකයෙන් පැහැරගෙන තම ධනෝපායන මාර්ගයක් කරගන්නා ජාවාරම්කරුවන් හා චීවරධාරීන් පිළිබඳව අප ඉකුත් ජනරළ කලාපයෙන් පාඨකයා දැනුම්වත් කළෙමු. එසේම ධනපති කොම්පැනිකරුවන් සනසන්නට සොබාදහම වැනසූ දුර්භාග්‍ය සම්පන්න වසරක තතු ද අප මෙවර ජනරළ මඟින් හෙළිදරව් කරන්නට තීරණය කළෙමු.

  • වන විනාශයට වනජීවී ඇමැතිගේ අනුග‍්‍රහය

GHDP (2)ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියන් හට දොළ පිදේනි ලෙස නිල්ගල සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත් කරගන්නටත් ඒවායේ තිබූ වටිනා දැව ශාක පැහැර ගන්නටත් ඉඩ දී තිබේ. වනජීවී විෂය භාර ඇමැතිවරයා ඊට අනුබල දෙමින් කටයුතු කළ ආකාරය මෙම වසර මුලදීම අසන්නට ලැබුණි. ඌව පතන බිම් ලෙස හැඳින්වෙන සුවිශේෂ වනාන්තර දර්ශය බේරාගැනීම

පිණිස අරගල කරන්නට පරිසරවේදීන්ට සිදුවිය. මෙම තත්වය ඇති වූයේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ මැදගම හා බිබිල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කොටබෝව, බැඳියාව, කළුගහවාඩිය යන ග‍්‍රාම සේවා වසම්වලය. ගල්ගේ තලාව, දිඹුල්දෙන, තුන්ගල්තොට, අක්කර 90, අක්කර 60, දම්බිරියාවෙල, තාරාපොළ, පුබ්බාර, නින්තවැල්කිවුල ආදී නිල්ගල වන රක්‍ෂිතයට අයත් ප‍්‍රදේශවල මෙම මහා පරිමාණ වන විනාශය සිදුවෙද්දී වන නිලධාරීහු අකර්මණ්‍ය වූහ.

ගාමිණී විජිත් විජයමුනි සොයිසා ඇමැතිගේ පුතා මෙවර පළාත් සභා ඡුන්දයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම මෙම වන විනාශයට හේතුවකි. ඔහුගේ ඡුන්ද පදනම ගොඩනැඟීම සඳහා තම පාක්ෂිකයන්ට නිල්ගල වනාන්තර රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් නිල හා නොනිල වශයෙන් පවරාදීම සිදු විය.

ඊට අමතරව, නිල්ගල වනාන්තර පද්ධතියටම අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ලූණුතිබ්බාහෙළ යෝජිත රක්ෂිතය තුළ හේන් වගාකිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද අවසර ඉල්ලා තිබිණි. මොණරාගල දිසා වන නිලධාරීවරයා වෙත යැවූ ලිපියක් මඟින් වනජීවී සම්පත් සංරක්ෂණ ඇමැති ගාමිණී විජිත් විජයමුනි සොයිසා විසින් එසේ දැනුම් දී තිබුණි. යෝජිත රක්ෂිතයේ මායිම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිවැරදිව නිර්ණය කර මායිම් කණු යොදා සකස්කර තිබිය දී ඒ තුළ හේන් වගාකිරීම සඳහා අවස්ථාව ලබා දීම යනු නීති විරෝධී මෙන්ම හානිකර කි‍‍්‍රයාවකි.

මෙහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ ඇමැතිවරයා විසින් මොණරාගල දිසා වන නිලධාරීවරයා වෙත යොමු කළ මෙම ලිපියේ පිටපත් යොදා ගනිමින් වෙනත් ප‍්‍රදේශවල වනය අත්පත් කරගන්නා බවයි. විවිධ පුද්ගලයන් විසින් මඩුල්ල ප‍‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තම්පලාවෙල ග‍‍්‍රාමය ආශ‍‍්‍රිතව පිහිටා ඇති ලූණුතිබ්බාහෙළ යෝජිත රක්ෂිතය එළිපෙහෙළි කර තිබිණි.

  • තෙත් බිම් වැනසීම

මෙම වසරේ ලෝක තෙත්බිම් දිනය මහත් උත්සවාකාරයෙන් ගෙවා දැමූ බලධාරීන් විසින් මුතුරාජවෙල තෙත්බිමෙන් අක්කර 450ක් අනතුරේ හෙළන ලදී. සුඛෝපභෝගී නගර දෙකක් ඉදිකිරීම සඳහා එම අගනා ස්වභාවික සම්පත ්සරචදරඑ ෑංචරුිි ්සර ්බා ඍ්සක ක්‍දපච්බහ :ඡුඩඑ* ඛඑා නමැති කොම්පැනියට ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය. ජනතාවගේ ආර්ථික, සමාජයීය හා පාරිසරික අයිතිය සූරාකන අතර එහි විනාශය තීව‍්‍ර කරවන තෙත්බිම් උද්‍යානයක් (ඇඑක්බා ච්රන* ඉදිකිරීමට කොම්පැනිකරුවන් තම ව්‍යාපෘතියේ අංගයක් ලෙස යෝජනාකර තිබිණිි.

එසේම මීගමුව කලපුවේ මෝය ආශ‍‍්‍රිතව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන භූමියක් නිවාස ව්‍යාපෘතියකට ලබාදෙන ලදී. විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප‍‍්‍රදේශයක් සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට යැයි කියමින් මෙම පැවරීම සිදුකළේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න විසිනි. 2014 ජුනි මස 9 වැනි දින මීගමුව, කඩොල් කැලේ, කලපු කළමනාකරණ කමිටු රැුස්වීමට සහභාගී වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා විසින් මහජනතාවගේ අදහස් විමසන ලදී. එසේ කළේ 2009 වසරේ දී මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ගත් උත්සාහයක් ජනතා විරෝධයෙන් නවතා තිබුණු පසුබිමකය.   කඩොල් කැලේ, කඩොලාන වනාන්තරය එළි කළ අවස්ථාවේ දී ජනතාව හා පරිසර සංවිධාන විසින් මැදිහත්වීමේ ප‍‍්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවිය. ඉන් පසුව 2012 වසරේ දී නැවත වරක් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහයක් ගැනුණි. එම අවස්ථාවේ දී ද පරිසර සංවිධාන ක‍්‍රියාත්මක වීමෙන් එම උත්සාහය ද ව්‍යර්ථ විය. එසේ තිබිය දී නැවත වරක් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා රහසිතව සැලැසුම් ක‍්‍රියාත්මකකර තිබේ.

  • විල්පත්තු වනෝද්‍යානය වැනසීම

GHDP (14)විල්පත්තු උතුරු අභය භුමියේ අක්කර 500ක පමණ වනාන්තර ඉඩම් විනාශ කරමින් නීති විරෝධී ලෙස දේශපාලන හිතවතුන් පදිංචි කරවා ඇත. ඊට එරෙහිව තවමත් වගකිව යුතු රාජ්‍ය ආයතන කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීමට අපොහොසත් වූයේ නැවත පදිංචි කිරීම් ඇමැති රිෂාඞ් බදියුදීන් ඊට බලය යෙ¥ නිසාය. මේ නිසා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත හා ජාතික පාරිසරික පනත මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් සිදු විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මධ්‍යම පරිසර අධිකාරිය එම නීති විරෝධී ක‍්‍රියා මැඩ පැවැත්වීමට කටයුතු කළේ නැත. මේ නිසා වනෝiානයේ වනජීවීන්ගේ පැවැත්මට එල්ල වී ඇත්තේ දරුණු තර්ජනයකි.

හෙක්ටයාර 632ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී ඇති විල්පත්තු උතුරු අභය භූමිය 1938 පෙබරවාරි මස 25 වැනි දින ලංකාවේ පැරණිතම අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එය, 1937 අංක 2 දරන පනතින් වන සත්ව ආරක්ෂක ආඥා පනත පළමුව නීතිගත වීමෙන් අනතුරුව ප‍්‍රථමයෙන් ප‍්‍රකාශයට පත් කළ අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් විය. මෙය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව විහිදී ඇති මෝදරගංආරු ඔයේ ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශයකි. මෙම අභය භූමියේ විශාල ප‍්‍රදේශයක් ආවරණය වී ඇත්තේ වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර හා කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම්වලිනි. අලි – ඇතුන් මෙන්ම කොටින් බහුලව ජීවත්වන ප‍්‍රදේශයක් ලෙස සුවිශේෂී ජෛව විද්‍යාත්මක, පාරිසරික මෙන්ම ජල විද්‍යාත්මක වටිනාකමක් පැවැතීම හේතුවෙන් ඈත අතීතයේ දීම මෙම ප‍්‍රදේශය අභය භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දී තිබේ.

එසේම නාවික හමුදාව ද විල්පත්තුවේ වනය වනසමින් නීති විරෝධී ලෙස කටයුතු කරන බව පරිසරවේදීන් විසින් අනාවරණය කරන ලදී. මෙසේ අවධානයට ලක් වූයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍‍්‍රදේශයේ මෝදරගංආරු

ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍‍්‍රිත ප‍්‍රදේශයකි. රජයට අයත් වනාන්තර අක්කර 900ක පමණ භූමියක් ආවරණය වන පරිදි අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදි කිරීමට නාවික හමුදාව කටයුතු කළේය. මේ වන විටත් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නාවික හමුදාව විසින්ම සකස් කළ එළුවන්කුලම – සිලාවතුර මාර්ගය දිගේ කිලෝ මීටර් 2ක් පමණ ආවරණය වන පරිදි පස් බැම්මක් ද සකස්කර තිබේ.

ජාතික ආරක්ෂාවට යැයි සඳහන් කරමින් විල්පත්තු වනාන්තර පද්ධතිය ඛණ්ඩනය කරමින් මෙම පස් වැටිය ඉදිකර ඇත. එයින් අලි – ඇතුන් ඇතුළුව සියලූ වන සතුන්ගේ නිදහස් පැවැත්ම තර්ජනයට ලක් කෙරිණි. මෙම පස් බැම්ම ඉදිවූයේ සතුන්ගේ වාසස්ථාන හා වනාන්තර ප‍‍්‍රදේශ එළිපෙහෙළි කරමින් ඩෝසර් යන්ත‍‍්‍ර භාවිත කරමිනි. නාවික හමුදාව ප‍‍්‍රකාශ කරන්නේ එල්.ටී.ටී.ඊ. ත‍‍්‍රස්ත තර්ජන තවමත් පවතින බැවින් ආරක්ෂාව සඳහා මේ දැවැන්ත පස් බැම්ම ඉදිකරන බව ය. හාස්‍යජනක කරුණ නම් එල්.ටී.ටී.ඊ. ත‍‍්‍රස්ත තර්ජන පැවැති සමයේ දී හෝ මෙවන් අවශ්‍යතාවක් මතුව නොතිබූ බවයි. යුද්ධය නිමවී පස් වසරකට පසු නාවික හමුදාව යොදවා පස් බැම්මක් ඉදිකර ඇත්තේ කූට අරමුණක් ඇතිවය. වැඩිදුර තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වූයේ මේ සම්පූර්ණ වනාන්තර භූමිය තුළ දැවැන්ත සංචාරක ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට සැලැසුම්කර ඇති බවය.

  • වනජීවීන් සංවර්ධනයට බාධාවක්ලූ

2011 වසරේ දී උතුරු පළාතේ වනජීවී රක්ෂිත 16ක් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත විය. එහෙත් ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ විරෝධතාව හා බලපෑම මත වසර තුනක කාලයක් තිස්සේ එය නතර වී තිබිණි. පරිසරවේදීන් මෙම වසරේ දී ඒ පිළිබඳව ප‍්‍රශ්න කළද කිසිවකු ඊට පිළිතුරු ලබා දුන්නේ නැත. මෙම රක්ෂිත නම්කිරීම ඇරඹුණේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්වූ මූල්‍යාධාර ව්‍යාපෘතියක් යටතේය. එනම්, 2011 වසරේ මැයි මාසයේ සකස්කර අවසන් කළ ‘උතුරු පළාතේ සමෝධානික උපාය මාර්ගික පරිසර තක්සේරුකරණයට අනුවය. නමුත් ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය ඊට බාධා එල්ල කරන්නේ උතුරු හා නැෙඟනහිර ප‍්‍රදේශ මුදා ගැනීමෙන් අනතුරුව ක‍්‍රියාත්මක කරන ශීඝ‍්‍ර භෞතික සංවර්ධනයට ‘වනජීවී රක්ෂිත පැවැතීම’ බාධාවක් බව සඳහන් කරමිනි.

ඉහත පරිසර ව්‍යාපෘතිය යටතේ මේ වනජීවී රක්ෂිත ජාලය ප‍්‍රකාශයට පත් කිරීමේ ප‍්‍රධාන අරමුණු ලෙස ප‍්‍රකාශකර ඇත්තේ මොනවාදැයි හඳුනාගනිමු.

  1. අලි – මිනිස් ගැටුම පාලනය කිරීම,
  2. උතුරු ප‍්‍රදේශයේ පවතින සුවිශේෂී වන ජීවී වාසස්ථාන ආරක්ෂා කිරීම,
  3. ධීවර කර්මාන්තය සඳහා වැදගත් වන මත්ස්‍ය විශේෂවල වාසභූමි ජලජ පරිසරයට ආරක්ෂාව සැපැයීම,
  4. වැව් හා ගංගාවල ජල පෝෂක ප‍්‍රදේශ ආරක්ෂා කිරීම,
  5. ප‍්‍රාදේශීයව සිදුවිය හැකි කාලගුණික හා දේශගුණික විපර්යාස අවම කිරීම
  6. උතුරු ප‍්‍රදේශයේ වනජීවී සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම

g (1)ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ඇත්ත සංවර්ධන ව්‍යාපාර හරහා උතුර සංවර්ධනය කිරීම නම්, මෙවැනි ඉලක්ක සපුරාගැනීම ඊට අයත් විය යුතුය. එසේ වුවද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ වනජීවී රක්ෂිත සැලැසුම් නතර කිරීමට බලපැම් එල්ල කරන්නේ පටු අරමුණු කීපයක් මතය. ඔවුන්ගේ අර්ථ දැක්වීම වන්නේ වනජීවී රක්ෂිත ප‍්‍රකාශයට පත් කිරීමෙන් ‘සංවර්ධන කටයුතුවලට බාධාවක්’ එල්ලවන බවය. එපමණක් නොව එසේ ප‍්‍රකාශට පත්කරන ජාතික රක්ෂිතවල මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුතු හා හෝටල් ඉදිකිරීම පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත්ව ක‍්‍රියාත්මක කිරීමට සිදුවීම බාධාවක් ලෙස ද එම අමාත්‍යාංශය සලකයි. ස්වාභාවික සම්පත් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට මෙවැනි බාධා එල්ල කිරීමෙන් පෙනී යන්නේ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය ඉතා පටු සීමාවක් තුළ භෞතික සංවර්ධනය පමණක් ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක වන බවය. එම භෞතික සංවර්ධනයේ පැවැත්ම මෙම ස්වාභාවික සම්පත් මත රඳා පවතින බව ඔවුන් අවබෝධ කරගෙන නොමැති වීම කනගාටුවට කරුණකි.

උතුරු පළාතේ වව්නියාව, මුලතිව්, හා මන්නාරම දිස්ත‍්‍රික්කවලට අයත් වන රක්ෂිත හතරක් හා සෙසු රජයේ වනාන්තර දහයක් ආශ‍්‍රිතව ජනාවාස ඉදි කෙරෙමින් පවතී. පුරවසන්කුලම්, කරුන්කාලිකුලම්, කුලාමරිප්පු, නාගන්චෝලෙයි යන වන රක්ෂිත ද පම්පමඩු, වඩකාඩු, කාකේනිකුලම්, පෙරියමඩු, කල්ආරු, ඔඞ්ඩුසුඩාන්, මුහුදුබඩ පත්තුව, මඩු යෝජිත රක්ෂිතය, කරඩික්කුලි, සුදුවෙත්තපුලම් යන අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් මීට ඇතුළත්ය. මෙසේ වනසා දමන මුළු වනාන්තර ප‍්‍රමාණය අක්කර 17,838 කි.

  • නකල්ස් වනයේ අනවසර වගාව

දුම්බර වන අඩවිය ආරක්ෂා කිරීමේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැඩි ගැටලූකාරී තත්වයක් මතුවූයේ ද මෙම වසරේදීය. නකල්ස් ලෝක උරුම සංරක්ෂිත වනාන්තරයේ ප‍්‍රමුඛ ප‍්‍රශ්නයක් නම් අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීමේ ගැටලූවය. ඔවුන් ඉවත් කිරීම සඳහා අධිකරණයෙන් ලබා දුන් නියෝග ක‍්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත.

2014 අපේ‍‍්‍රල් මස 25 වැනි දින මාතලේ දිස්ත‍‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මෙම ගැටලූවේ දේශපාලන ස්වභාවය අනාවරණය විය. නකල්ස් වනයේ නීති විරෝධි එනසාල් වගා බිම් ඉවත් කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් ගන්නා ක‍්‍රියාමාර්ග විවේචනය කරමින් දේශපාලකයන් හා රජයේ නිලධාරීන් අදහස් දැක්වූයේ එම ක‍්‍රියාවලිය නතර කිරීමටය. කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය ඇමැති නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මාතලේ ප‍‍්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය හා මාතලේ දිස්ත‍‍්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල යන අය එහිදී එක්ව කටයුතු කරති. එපමණක් නොව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මාතලේ ප‍‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එහිදී තර්ජනය කර තිබිණි. ඔහු කියා සිටියේ නකල්ස් වනයේ එනසාල් වගාබිම් පවත්වාගෙන යාමට ඉඩලබා නොදෙන එම නිලධාරීන් දිස්ත‍‍්‍රික් සංවර්ධන කමිටුවට පැමිණෙන විට පහර දී පන්නා දමන බවකි.

ජාවාරම්කරුවන්, ඔවුන් රකින දේශපාලකයන් හා අතළොස්සක් වූ අන්තේවාසික නිලධාරීන් මෙරට වන විනාශයට හවුල් බවට ඊටත් වඩා සාධක අවශ්‍ය නැත. මේ පිළිබඳ තවත් වැදගත් තොරතුරු ඉදිරියේ දී අනාවරණය කිරීමට අපි සූදානමින් සිටිමු.

Advertisements