ජෙකිල් සහ හයිඞ්

‘ඩොක්ටර් ජැකිල් ඇන්ඞ් මිස්ටර් හයිඞ්’ කියන්නේ ප‍්‍රවීණ ඉංග‍්‍රීසි ලේඛක ආර්.එල්. ස්ටීවන්සන් ලියූ ලෝ ප‍්‍රකට කෘතියක්. එය පසුව ‘අබිරහස් දොස්තර’ නමින් සිංහල භාෂාවටත් පරිවර්තනය වුණා. මේ කෘතියේ මතුපිට කතාව තිබෙන්නේ ඉතාම කාරුණික වෛiවරයෙක් එක්තරා බෙහෙතක් පානය කළ පසු දරුණු අපරාධකරුවෙක් වන ආකාරය. ඉතාම නිවුණු මිනිසකු රාත‍්‍රියේ දී බෙහෙත් බිවූ පසු යක්ෂයෙක් බවට පත්වන ආකාරය. මතුපිටින් දිවෙන කතාව එය වුවත් ඒ පොතේ ගැඹුරින් සාකච්ඡුා වන්නේ මිනිසුන් තුළ ඇති මනුෂ්‍ය ලක්ෂණ හා තිරිසන් ලක්ෂණ ගැන. ඇතැම් අවස්ථාවල දී මනුෂ්‍යයා යටපත් කරමින් අප තුළම සිටින තිරිසනා හිස ඔසවන ආකාරය. ”මිනිසාමයි ලොව දෙවියන් වන්නේ – මිනිසාමයි ලොව තිරිසන් වන්නේ” කියා ගීතයකුත් තිබෙනවා. සමාජමය යහ පැවැත්ම තීරණය වෙන්නේ තමා තුළම සිටින ‘තිරිසනා’ යටපත් කර ‘මිනිසා’ ඉදිරියට ගන්නා සමාජයක් සමත් වෙනවාද යන කරුණ මත.

මේ දිනවල ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් වී තිබෙනවා. ඒ වගේම ඒ සඳහා දේශපාලන පක්ෂ අතර තරගය ඇවිලී තිබෙනවා. එවැනි මොහොතක අපට ඩොක්ටර් ජැකිල් සහ මිස්ටර් නයිඞ් සිහිපත් වුණේ ඇයි? එය සිහිපත් වුණේ විවිධ දේශපාලන කඳවුරු ආමන්ත‍්‍රණය කරන්නේ මේ අතරින් කුමකට ද කියා පරීක්ෂා කරන විට. දක්ෂිණාංශික දේශපාලනය ආමන්ත‍්‍රණය කරන්නෙත් මිනිසා තුළ සිටින තිරිසනාට. ඒ දේශපාලනය සඳහා ජනතාව පොළඹවා ගන්න භාවිත කරන්නේ එක්කෝ මිනිසුන් තුළ ඇති වස්තු ලෝභය. සාරිවල සිට යතුරු පැදි දක්වා විවිධ දේ දෙන්නේත් විවිධ දේ ලබාදීමට පොරොන්දු වන්නේත් ඒ සතා අවුස්සන අරමුණෙන්. එහෙම නැතිනම් ඒ සඳහා භාවිත කරන්නේ අනෙක් අය ගැන ද්වේෂය, වෛරය. මහින්ද වගේම මෛතී‍්‍රත් දේශපාලනය කරන්නේ තමන් ගැන ආදරයක්, ගෞරවයක් ඇති කරගැනීමට උත්සාහ කිරීමෙන් නෙවෙයි, දේශපාලන සුභවාදීන් ගැන ද්වේෂයක් ඇති කිරීමෙන්. මහින්ද ‘විනයගත රටක් හැදීම’ කියන දවටනයේ ඔතලා විරුද්ධවාදීන්ගෙන් පළිගන්නා බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කරද්දී මෛත‍්‍රීපාල සිරිසේන ජනවාරි 9 වැනිදා ගුවන්තොටුපොළ වහන බවත් විදේශගත වීමට ඉඩ ලැබෙන්නේ තමන් අනුමත කරන්නන්ට පමණක් බවත් කියමින් තර්ජනය කරන්නේ ඒ නිසා. මීට අමතරව දක්ෂිණාංශික දේශපාලන කඳවුරු දෙකම සමාජමය අමනකමත් ජනතාව තුළ ඇති ආත්මාර්ථකාමී හැඟීමුත් තමන්ගේ දේශපාලනය සාර්ථක කරන්න භාවිත කරනවා.

නමුත් වාමාංශික දේශපාලනය පුබුදුවන්න උත්සාහ කරන්නේ අපි තුළ සිටින මනුෂ්‍යයාව. ආත්මාර්ථය වෙනුවට සාමූහිකත්වත් භේදකාරීත්වය වෙනුවට සමානාත්මතාවයත් ද්වේෂය වෙනුවට සහෝදරත්වයත් සමාජමය මුග්ධත්වය වෙනුවට විචාරශීලීත්වයත් වහල් මනෝභාවය වෙනුවට නිදහසත් වමේ දේශපාලනයේ පදනම් බවට පත්ව තිබෙනවා. අපි තුළම සිටින තිරිසනා අවදි කිරීම මිනිසා අවදි කිරීමට වඩා පහසු නිසා දක්ෂිණාංශික දේශපාලනයට සාර්ථක වෙන්න පුළුවන්. මැතිවරණවල දී ඡුන්ද සංඛ්‍යා, ප‍්‍රතිශත වැඩි කරගෙන පෙන්වන්නත් පුළුවන්. ඒත් සමාජයක පැවැත්ම රඳා පවතින්නේ, අප ජීවත් වන්නේ සත්ව රංචුවක ද මිනිස් සමාජයක ද යන්න තීරණය වන්නේ ඒ මත. සියල්ල ආත්මාර්ථකාමී ගණන් බැලීම නමැති අයිස් වතුරේ ගිල්වා දමා ශිෂ්ටාචාරමය අර්බුදයක මුවපිටට තල්ලූ කර ඇති සමාජයකට ගැලවීමේ මාර්ගය තිබෙන්නේ වමේ මූලධර්ම යළි කැඳවීම තුළ පමණයි.

මෙවර ජනාධිපතිවරණයේ බල තරගය මැදත් වමේ මුද්‍රාවක් තැබීම ගැන ජනරළේ අපි බෙහෙවින්ම පක්ෂපාත වන්නේ ඒ නිසා. වාමාංශිකයන් ගෙනෙන ප‍්‍රතිපත්ති මූලික කතිකාවේ ජයග‍්‍රහණය ගණන් බැලිය යුත්තේ ජනාධිපතිවරණයට පසුව ඡන්ද ප‍්‍රතිඵල තුළ නොවෙයි. එය ගණන් බැලිය හැක්කේ ජනාධිපතිවරණයට අදාළ දේශපාලන සංවාදයේ ගුණාත්මක මට්ටම් වර්ධනය කරන්න එය කළ මැදිහත්වීම්වලින්. සමාජයට සැබෑ ප‍්‍රතිලාභ හිමිවන්නේ වාමාංශික ව්‍යාපාරයෙන් මිස දක්ෂිණාංශිකයන් ගන්නා ඡන්ද ගොඩවල්වලින් නෙවෙයි. අපට දැන් අවශ්‍ය වී තිබෙන්නේ ද්වේශසහගත මිස්ටර් හයිඞ් වෙනුවට කාරුණිකත්වය හා මානුෂිකත්වය පිරි ඩොක්ටර් ජැකිල් ජීවමාන කරවීම. ඒ සඳහා හැරෙන්න තිබෙන්නේ වමට මිස දකුණට නෙවෙයි.

Advertisements