සිරිසේන ඔහුගේ පොරොන්දු අමතක කරයි

Kumar_Davidඕනෑම රජයකට එරෙහිව අවශ්‍ය අවස්ථාවලදී බලය ක‍්‍රියාත්මක කළ හැකි ස්වාධීන ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි!

(ජනාධිපතිවරණය පිළිබඳ කුමාර් ඬේවිඞ්ගේ අදහස්)

‘සිරිසේන ඔහුගේ පොරොන්දු අමතක කරයි; ව්‍යවස්ථා යෝජනාවලිය ජාතික හෙළ උරුමයේ සලකුණුවලින් වැසී යයි’ යන මැයෙන් කුමාර් ඬේවිඞ් විසින් Island පුවත්පතට සැපයූ ලිපියක පරිවර්තනයයි මේ.

ඒකාධිපති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර ඒ වෙනුවට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට වූ පොරොන්දුව සිරිසේනගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ අන්තර්ගත නොවීම, ඒ පිළිබඳ විශ්වාසය තැබූ ජනයාගේ භීතියටත් කලකිරීමටත් හේතු විය. ඔහු විසින් යෝජනා කරනු ලබන්නේ, පාර්ලිමේන්තුව හරහා කැබිනට් මණ්ඩලයක් සමඟ සන්ධානගත වන්නා වූ අත්‍යවශ්‍යයෙන්ම විධායක ජනාධිපති ධුරයකි. එය අලූ‍ත් දෙයක්ද? සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන තාක් සහ එම අධිපතිවාදී ඒකාධිපති ව්‍යුහය අහෝසි කිරීමේ බලාපොරොත්තුව පවතින තාක්, මෙම මැතිවරණය විහිළුවක් බවට පත් වෙයි. බලාපොරොත්තු විරහිත ලෙස අසාර්ථක භාවයට පැමිණි රාජපක්ෂ මහතා වෙනුවට, ඒ හා සමානම ව්‍යවස්ථාවක් යටතේ තවමත් අත් හදා නොබලන ලද සිරිසේන මහතා බලයට පත් කිරීම, යම් යහපතක් සිදුකළ හැකි නමුත් එම යහපත මාස කිහිපයකට පමණි.

විරුද්ධ පක්ෂය තුළ මත දෙකක් ඇත. සුළුතර ජන කොටස්වලට අයත් වන, මා වැන්නවුන්ගේ අදහස වන්නේ මුලික වශයෙන් දූෂණ සහ වංචා, මෙවැනි අන්තයන්ට නොයන පරිදි ව්‍යුහාත්මක ආකෘතිය, එනම් අධිකාරීත්වවාදය දුර්වල කිරීමයි. රාජපක්ෂ මහතා පරාජයට පත්කිරීම අපි අත්‍යවශ්‍යයෙන්ම අතිරේක වාසියක් ලෙස දකිමු. අනෙක් අතට, රාජපක්ෂ පරපුරේ සහ රෙජීමයට අවේණික වූ අසාර්ථකත්වයේ පවතින අනර්ථකාරීත්වය වෙනත් පුද්ගලයන්ගෙන් පිරවීමට සිතන්නා වූ විචක්ෂණශීලි නොවන බහුතරයයි. ඔවුන් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට විරුද්ධ නොවන නමුත් ඔවුන්ට වඩා වැදගත් වන්නේ පුද්ගලයායි. සෑම වසර හයකට වරක්ම තම අප‍්‍රසාදය පළකිරීමට උපන් මෙම අවිචාරශිලීන්, ඉතාම ඉක්මනින් එකම වැලපීම නැවත ආරම්භ කරනු ඇත.

පසුගිය දින දහය තුළ, ‘නිකරුනේ කලබල ඇති කරන්නට එපා, කුමාර්. කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා. සිරිසේන මහතා ජාතික හෙළ උරුමයට යටත්වීම විවේචනය කරන්නට එපා’ යැයි එක්ව වැලපෙන වමේ මිතුරන් සමඟ බොහෝ මත ගැටුම් ඇති විය. උපක‍්‍රමශීලි දැක්මක් නොමැති අවිචාරශීලි මිනිසුන්. මම අවසානයේ දී උපක‍්‍රමයක් ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

  • හානිකර ප‍්‍රතිවිරෝධතාව

දහස් ගණන් ජනයා පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතාට සහාය දැක්වීමේ පදනම, අවබෝධතා ගිවිසුමයි. එහිදී, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් ‘පාර්ලිමේන්තු ක‍්‍රමය ස්ථාපිත කිරීමටත්’ විශේෂ අවධානයක් මේ තුළ ලබා දී ඇත. සිරිසේන මහතාව හසුරුවන්නන්ගේ ඒකායන අරමුණ වන්නේ ‘වර්තමානය’ යන වචනය ඇතුළත් කිරීම හරහා එක් විධායක ජනාධිපති ධුරයක් අහෝසිකර, වෙනත් විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීම නොවන්නේ නම්, කිසිදු සාංකාවක් නොමැත. මුල් අවස්ථාවේම මෙවැනි රැවටීමක් සිදු කරන්නේ නම්, අවසානයේ අපට කුමන ආකාර මුලා කිරීම්වලට ලක්වන්නට සිදුවේද යන්න ගැටලූ‍වකි.

උපුටාගැනීම1: ”ජනතාවට වගකියන පාර්ලිමේන්තු ආකාරයක් මගින් දින සියයක් ඇතුළත, පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ජනාධිපතිවරයා, ජාතික ඒකීයත්වය සංකේතවත් කරනු ලබන අතර එම ධුරයට යෝග්‍ය රාජකාරි සහ බලය සහිතය.” (විපක්ෂ පොදු අපේක්ෂකයා සමග විපක්ෂයේ දේශපාලන පක්ෂ අත්සන් කළ අවබෝධතා ගිවිසුම)

නාම යෝජනා භාර දීමෙන් පසුව නිකුත් කරන ලද ප‍්‍රතිපත්ති යෝජනාවලිය දෙස අපි දැන් බලමු. 14 වෙනි පිටුවෙන් මම උපුටා ගනිමි. පිටුවෙහි මැද තද පැහැ අකුරින් ලියා ඇත්තේ ද එයමය.

උපුටාගැනීම 2:”නව ව්‍යවස්ථා ව්‍යුහය, අත්‍යවශ්‍යයෙන්ම, පවතින ඒකාධිපති විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව සමඟ සන්ධානගත වන විධායක ජනාධිපති ක‍්‍රමයකින් සමන්විත වනු ඇත. මේ යටතේ, නීතිය ඉදිරියේ ජනාධිපතිවරයා අනෙක් සියලූ‍ පුරවැසියන් හා සමාන වනු ඇත. යෝජනා කරන ලද ව්‍යවස්ථා සංශෝධනය හරහා, ජනමත විචාරණයකින් පමණක් වෙනස්කළ යුතු කිසිදු ව්‍යවස්ථාපිත වගන්තියකට අත නොතබන බවට සහතික වෙමි. රටේ ස්වාධිපත්‍යට, ස්ථාවර භාවයට, සහ ආරක්ෂාවට අනර්ථකාරීවන කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට ද සහතික වෙමි. මාගේ සංශෝධන, රටේ ස්වාධිපත්‍යට, ස්ථාවර භාවයට, සහ ආරක්ෂාවට පහසුකම් සලසන ඒවා පමණි.”(මෛත්‍රී පාලනයක්-ස්ථාවර රටක්, පිටුව 14)

(අන්තර්ජාලයේ සමහර බුරුවන් පවසන්නේ, පරිවර්තන දෝෂ සහිතයි. කුමාර්, සිරිසේන මහතා හෝ රනිල් හමු වී මෙය පැහැදිලිකර ගත යුතුයි. ඇත්තටම? පරිවර්තනය දෝෂ සහිත නම් එය නිවැරදි කිරීම කාගේ වගකීමක්ද? මාගේද? නැතහොත් අපේක්ෂකයාගේද? මුල් පිටපත වන්නේ, ඉංග‍්‍රීසි පිටපතද? සිංහල පිටපතද?)

ක‍්‍රමය ‘අත්‍යවශ්‍යයෙන්ම’ විධායක එකකි. විධායක ක‍්‍රමය ‘කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව සමඟ සන්ධානගත කෙරෙනු ඇති’ බව අපිට පවසා ඇත. කෙතරම් සැ`ගවුණු වචන තෝරා ගැනීමක්ද? සන්ධානගත වී ඇත, නමුත් පිළිතුරු දීමට බැඳී නැත. වර්තමාන ජනාධිපතිවරයා මීට සමනා ලෙස පාර්ලිමේන්තුව සමඟ සන්ධානගත වී නැතිද? රජයට, පාර්ලිමේන්තුව තුළ විශ්වාසය සහතික කිරීමේ ඡුන්දය ජයග‍්‍රහණය කිරීමට නොහැකි වුවහොත්, ජනාධිපතිවරයාට හානියක් වන්නේ නැත – හානිය සිදුවන්නේ අගමැතිවරයාටයි. ජනාධිපතිවරයා හුදෙකලා කර ඇත. ‘අත්‍යවශ්‍යයෙන්ම’ විධායක උප දේවතාවෙකි. අගමැතිවරයාගේ බලතල මොනවාද? කැබිනට් මණ්ඩලය/ රජය සහ ජනාධිපතිවරයා/ රාජ්‍ය යන ඒවා අතර බලය බෙදී යන්නේ කෙසේද? මෙම සුත‍්‍රය, ජනතාව මුලා කරන ඇස් බැන්ඳුමක් වන අතර, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකර රඳවා ගැනීමට සිදුකරන ලද බාහිර අලංකරණයේ වෙනසක් පමණි. සැලැසුම් කිරීම සහ නීතිගත කිරීම් සම්බන්ධයෙන් ගත්කළ මෙම වචන ම`ගින් ඕනෑම දෙයක් සඳහා අවස්ථාව සලසා දෙනු ලබයි.

මට ගැටලූවක් ඇත. සිරිසේන මහතා විධායක ජනාධිපති ක‍්‍රමයට අකමැති නම් සහ, පාර්ලිමේන්තු ක‍්‍රමයට කැමැත්තේ නම්, මෙම පල් හෑලි අවශ්‍ය වන්නේ කුමකටද? ඔහු එසේ නොකළේ මන්ද හෝ, බොරු ප‍්‍රලාපවලින් තොරව ඍජුව ඔහු එය නොකරන්නේ මන්ද? බොහෝ දෙනා, මෙම ලේඛකයාත් ඇතුළුව, මෛත‍්‍රීගේ අපේක්ෂකත්වය වෙනුවෙන් විවිධාකාරවලින් සහාය දක්වා ඇත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර ඔහුට හෝ ඇයට ගෙදර යා හැකි අතර, ඒ වෙනුවෙන් අපි කොසු මිටක් ඔසවාගෙන හෝ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බව අපි කීවෙමු. ඒ වෙනුවට, කොසු මිටකින් හරස්කර විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යා යුතු බව අපි කිසිදා නොකීවෙමු.

සිරිසේන මහතා ඔහුගේ පොරොන්දු අමතක කර දැමුවා, ඔහු පාවාදුන්නා. මා ඉල්ලන්නේ සිරිසේන මහතා විසින්ම පොරොන්දු වූවක් හැර වෙන කිසිවක් නොවන අතර ඔහු එය සිදුකරනු ඇතැයි ජනතාව විශ්වාස කරන ලදී. මම මෙය සියවරක් පුනරුච්ඡුාරණය කරමි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ඔහු විසින් කරන ලද පැහැදිලි ප‍්‍රකාශය වෙත නැවත පැමිණෙන්නේ නම්, ඔහුව විශ්වාස කළ පිරිස් තෘප්ත කිරීමට ඔහු තවමත් ප‍්‍රමාද නැත. සිරිසේන මහතාණනි, ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නේය’ යන සරල නිවැරදි කිරීම සිදු නොකරන්නේ මන්ද? එය එතරම් සරලය. ඔබගේ අවංකභාවය පිළිබඳ ජනතා විශ්වාසය අලූ‍ත් කිරීම සඳහා වැයවන්නේ එපමණකි. ඔබ වෙනස් වූයේ ජාතික හෙළ උරුමය නිසාද? මට වෙනත් හේතුවක් පෙනෙන්නේ නැත.

  • ජාතික හෙළ උරුමය විසින් මංකොල්ලකන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය  

සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද්දා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ, ජාතික හෙළ උරුමයේ මතවාදය ප‍්‍රකට වෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ ජනතාවට බලය දීම වෙනුවට සෑම අනාගත ක‍්‍රියාකාරකමකම   ස්ථාවරභාවය, ආරක්ෂාව සහ ස්වාධිපත්‍ය සුරැුකීම අරමුණ වෙයි. මතුපිටින් බැලූවිට එය හානිකර නොවන බව පෙනී යයි. නමුත්, ද්‍රවිඩ ප‍්‍රදේශ සඳහා බලය විමධ්‍යගත කිරීම, සිවිල් වැසියන්ගේ කටයුතුවල දී මිලිටරි මැදිහත් වීම අවම කිරීම, උතුරු පළාත් සභාවට නිදහසේ හුස්ම ගැනීමට අවකාශ ලබාදීම වැනි ජාතික හෙළ උරුමයේ ප‍්‍රකාශ, හුදු ප‍්‍රලාප සහ යථා ගැටලූ‍වෙන් පිටත පවතින ඒවා බව අපි හොඳින් දනිමු. මෙම වාග් මාලාව තුළ නොමැත්තේ ප‍්‍රජාතන්ත‍්‍රකරණය යන වැදගත්ම වචනය පමණි.

රනිල් සහ යුඑන්පී යත් චන්ද්‍රිකා ඇතුළු පිරිසත් සතුව තිබු සිරිසේන මහතාගේ හැසිරවීම, ජාතික හෙළ උරුමය විසින් පවරා ගනු ලැබ ඇත. බොහෝ මුස්ලිම් සහ ද්‍රවිඩ ජනයා සිරිසේන මහතාට ඡුන්දය ලබාදෙනු ඇත්තේ, ජාතික හෙළ උරුමය විසින් පොළඹවනු ලැබූ දහම නිසා නොවෙයි. එසේ කරනු ඇත්තේ, ¥ෂණයෙන් සහ වංචාවෙන් ඔවුන් වෙහෙස වී ඇති නිසා සහ මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ යන උතුමන් යටතේ සුළුතරය වූ තමන්ට විඳවන්නට සිදු වූ බව මතක ඇති බැවිනි. ද්‍රවිඩ ජනයා පැති මාරු කොට රාජපක්ෂ මහතාට ඡුන්දය ලබා දීම සිදු නොකරන නමුත්, විශාල වශයෙන් ඡුන්දය වර්ජනය කරනු ඇත. අසරණ ද්‍රවිඩ ජාතික සන්ධානය උගුලකට හසුවී ඇත. සිරිසේන මහතාට සහාය දැක්වීමට එයට අවශ්‍ය වුවත්, ජාතික හෙළ උරුමයේ මතවාදවලින් පෝෂණය වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නොසලකා සිරිසේන මහතාට ඡුන්දය ලබාදිය යුතු යයි කීමට එක හේතුවක් (ද්‍රවිඩ ආස්ථානයේ සිට බැලූ‍විට* හෝ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ සොයා ගැනීමට අසමත් වී ඇත. ද්‍රවිඩ ජාතික සන්ධානයට කිව හැකිව ඇත්තේ ‘දුෂණ වංචා මැඩලීමට, පුර්ව වැරදි සඳහා පළිගැනීමට සහ ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කිරීමට අත්‍යවශ්‍ය විධායක ක‍්‍රමයක් තුළ, මෙම වාසි කෙතෙක් කල් පවතිනු ඇතිද?

සුළුතර ජන ඡුන්දදායකයාගේ පා පහරට ලක් නොවීමට නම්, රටේ ස්වාධිපත්‍යයට, ස්ථාවරභාවයට, සහ ආරක්ෂාවට අනර්ථකාරීවන කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට ද සහතික වෙමි. මාගේ සංශෝධන, රටේ ස්වාධිපත්‍යට, ස්ථාවරභාවයට, සහ ආරක්ෂාවට පහසුකම් සලසන ඒවා පමණි යන ජාතික හෙළ උරුමයේ මතවාදවලින් පෝෂණය වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉවත දැමීමට සිරිසේන මහතා ඥානවන්ත වනු ඇත. ‘රටේ ස්වාධිපත්‍යයට, ස්ථාවරභාවයට, සහ ආරක්ෂාවට පහසුකම් සැලසීම’ සිදුකරන්නේ කුමකින්ද යන්න කවුරුන් විසින් තෝරා ගන්නේ ද යන්න මත ද්‍රවිඩ ප‍්‍රදේශ සඳහා බලය බෙදාහැරීමට ඔහුට නොහැකි වනු ඇත. ඔබ අඟහරු ලෝකයෙන් පැමිණෙන්නේ නැත්නම්, මෙය ජාතිවාදය වසා සරසනු ලබන කසළ ගොඩක් පමණක් බව ඔබට වැටහෙනු ඇත. බලය විමධ්‍යගත කිරීම සඳහා විධිමත් බාධාවක් නොමැති ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ (වතු ද්‍රවිඩ* ප‍්‍රජාව සඳහා, මෙය ඔවුන් දැනට සිටින තත්වයෙන් තවත් එක් පියවරක් පිටුපසට යාමකි.

මත විමසීම්වලින් පෙනී යන්නේ, සිරිසේන මහතාට සිංහල – බෞද්ධයන් අතර බහුතර කැමැත්තක් නොමැති නමුත්, සුළුතර ජන කොටස්වල විශාල සහයක් ලැබෙන්නේ නම්, ජයග‍්‍රහණය කළහැකි බවයි. නමුත්, ඔහු සහ ඔහුගේ මානාධික ජාතික හෙළ උරුමයේ හසුරුවන්නන් කිසිවක් ලබා නොදීම ද්‍රවිඩ සහ මුස්ලිම් ජනයා සිරිසේන මහතාට සහාය දිය යුතු යැයි විශ්වාස කරයි. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ද්‍රවිඩ පිටපත ප‍්‍රමාද වන්නේ මේ හේතුවෙනි. ඔවුන්ට මෙම ප‍්‍රජාවන්ට කියන්නට ඇත්තේ කුමක්ද? කිසිවක් නැත. හසුරුවන්නන්ගේ මවාගත් උඩ`ගුව සමඟ යන්නට හැරියොත්, මෙම ප‍්‍රජා නායකයන් කරන්නේ බලවත් වරදකි. ද්‍රවිඩ සහ මුස්ලිම් නායකයන්, ඔවුන්ගේ ප‍්‍රජාවන්ට අවසානයේ දී කුමන ආකාර ඡුන්ද උපදෙස් ලබා දුන්නත් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ වෙනස්කම් සඳහා ඉල්ලීම් කළ යුතුය (එම ඉල්ලීම් අනිවාර්යෙන්ම ප‍්‍රතික්ෂේප වනු ඇත)

  • දැන් කළ යුත්තේ කුමක්ද?

වඩාත්ම බරපතළ ප‍්‍රශ්නය මෙයයි. විශේෂයෙන්ම, මෙම ඒකාධිපති රෙජීමය පරාජය වනු දැකීමේ ආශාවෙන් පෙළෙන අප වැන්නන්ට ඇති බරපතළම ප‍්‍රශ්නය මෙයයි. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ විසින් අප වෙත වීසි කරනු ලබන ලබන ඕනෑම පරණ ජරාවක් බළල් පැටවුන් මෙන් හිස නමා පිළිගන්නවා වෙනුවට, ‘ඔබ විසින් කරනු ලැබුයේ වරදකි, එය වෙනස් කරන්න’ ලෙස පළමුව ප‍්‍රකාශ කිරීමයි. ‘ඔබ විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව සහතික කරන්න’. රෙජිමයට විරුද්ධව නැ`ගී සිට, රෙජීමය වැරදි සඳහා වගකිව යුතු බව කියා නොපෑම තුළ, විරෝධයක සෙවණැල්ලකින් හෝ තොරව පවතින රෙජීමයට පැවතීමට ඉඩ ලබා දීම, කොඳු නාරටියක් නැතිකමකි. ජනයා, විශේෂයෙන්ම වෙනසක් වෙනුවෙන් සහාය දක්වන අප වැන්නවුන්, එහෙයියන් සහ අවනත බළල් පැටවුන් ලෙස හැසිරීම තුළ, නව රජයක් වුවත් නැවතත් යකඩ සපත්තුවකින් ජනතාව තළා පෙළා නොදමන්නේ ඇයි? මට නම් භාවිත කිරීමට අවශ්‍ය නොවුවත් මා වැනිම අදහස් දරන්නවුන් මෙම ඇ`ගිල්ල දිගු වන්නේ ඔවුන් දෙසට බව වටහා ගනීවි.

ප‍්‍රධානම උපක‍්‍රමය මෙයයි. ලංකාවේ ජනතාව තම දෙපයින් නැගී සිට, මෙම අපේක්ෂකයන්ගෙන් කෙනෙකු වෙත යා යුතුයි. ඔව්, අවසානයේ අපි සිරිසේන මහතාට ඡන්දය ප‍්‍රකාශ කරමු, නමුත් මම සිද්ධියක් සිහි කරමි. ලෙනින් ගෙන එනු ලැබූ මධ්‍යම කමිටු විභේදනයත් මෙයට යම් පමණකට සමානයි: ‘යම් යම් හේතු මත ප‍්‍රයෝගකාරී x ට එරෙහිව ප‍්‍රයෝගකාරී y ට ඡන්දය ලබා දෙන ලෙස පක්ෂය ජනයාගෙන් ඉල්ලා සිටී’. එවැනි වර්ණවත් වචන අපගේ ප‍්‍රධාන නළුවන්ට යොදා ගන්නේ යයි මම කියන්නේ නැත. නමුත් මාගේ ප‍්‍රධාන අදහස ඔබට වැටහෙන බව මට විශ්වාසය.

සමහර ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ වාමාංශික සහෝදරවරු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද නිවැරදි ලෙස ආස්ථානගත වී ඇත; ඔවුන් ස්වාධීනය, නමුත් අර්බුදකාරී ජන ව්‍යාපාරයක අභ්‍යන්තර පථයේ සිරවී ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන ලෙස වූ සිරිසේන මහතාගේ පොරොන්දුව නැවත ස්ථාපනය කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිය යුතුය. විරසක වූ ජනයා ක‍්‍රමයෙන් ‘රාජපක්ෂ විරෝධී ඡන්දය’ භාවිත කිරීමකට පෙළගැසෙමින් සිටියි; ජන ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගමන්කළ හැකි අභ්‍යන්තර පථය මෙයයි. රාජපක්ෂ පරාජය කිරීම, අනෙකුත් අය පිළිබඳ ව්‍යාජ මායාවක් නිර්මාණය කිරීම අරමුණු කර නොගත යුතු අතර, එය, ඕනෑම රජයකට එරෙහිව අවශ්‍ය අවස්ථාවලදී බලය ක‍්‍රියාත්මකකළ හැකි ස්වාධින ජන ව්‍යාපාරයක් පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමේ පියවරයි.

පසුගිය සතියේ මම, අභ්‍යන්තර පථය තුළ පොදු අපේක්ෂක පෙරමුණ චල්‍ය කිරීම සඳහා සන්ධානගතවන ලෙස ජනතා විමුක්ති පෙරමුණට සහ වාමාංශික පක්ෂවලට කියා සිටියෙමි. නමුත් ඔවුන් තම ස්වාධීනත්වය රඳවා තබා ගෙන සිටියි. ජනතාව ඇහුම්කන් දෙන්නේ අභ්‍යන්තර පථය තුළ වැඩ කිරීමට කැප වී සිටින පුද්ගලයන්ට පමණි. ජනතා විශ්වාසය දිනා ගැනීමේ හැකියාව ඇත්තේ ඔවුන්ට පමණි.

මෙම සන්ධානය සඳහා අවශ්‍ය කොන්දේසි හදිසියේ වර්ධනය විය; සිරිසේන මහතා ජයග‍්‍රහණය කළහොත්, වැඩි අවස්ථා උදා වනු ඇත. රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරනු ලැබුවත් ඔහු බිය වී සිටින අතර, දුර්වල ඒකාධිපතියකු වී ජන ක‍්‍රියාකාරකම් සඳහා විවෘත වීමේ හැකියාවක් සහිතය. කෙසේ හෝ, මැතිවරණයට පෙර මෙම සන්ධානය පිහිට විය යුතුය. එසේ නැතහොත්, මීළඟ රෙජීමය කුමක් වුවත්, එය පාලනයෙන් තොර එකක් වනු ඇත.

කුමාර් ඬේවිඞ්

පරිවර්තනය- සුමනසිරි ලියනගේ

Advertisements