Photo Storyමෙම හුටු ජාතික ගැටවරයා ජේම්ස් නැෂ්වේ නමැති ඡුායාරූප මාධ්‍යවේදියාගේ කැමරාවේ සටහන් වූයේ 1994 රුවන්ඩාවේ රතු කුරුස සංවිධානය විසින් පවත්වාගෙන යන අවතැන් කඳවුරු රෝහලක දීය.

රුවන්ඩාවේ පැවැති වාර්ගික අරගලය නිසා හුටු සහ ටුට්සි යන ගෝත‍්‍ර දෙකකට අයත් ජනයා දහස් ගණනින් මරා දමන ලදී. මේ ගැටුම නිසා අවතැන් වූ පිරිස ද ලක්ෂ ගණනකි. මෙම හුටු තරුණයා වධ බන්ධනයට ලක්කර ඇත්තේ ටුට්ටසි කැරලිකරුවන්ට ආධාර කරන බවට වූ සැකය නිසාය. 1994 අපේ‍්‍රල් මස දී රුවන්ඩාවේ හුටු ජාතික ජනාධිපති හබියරිමානා කිගාලි නගරයේ දී සිදු වූ ගුවන් අනතුරකින් මියගියේය. ඒ සම`ගම හුටු අන්තවාදීන් විසින් ටුට්සි සුළුතරය කෙරෙහි වෛරයකින් සංහාරයක් අරඹන ලදී. එය කොතරම් දරුණු වීද යත් ටුට්සිවරුන් ආරක්ෂා කිරීම සහ මධ්‍යස්ථ මතදැරීම යන හේතු නිසා හුටු ජාතිකයන් පවා ඝාතනය කෙරිණි. ඒ නිසාම දකුණේ බලවත්ව තිබුණු ටුට්සිවරුන් බහුල ‘රුවන්ඩා දේශපේ‍්‍රමී හමුදාව’ විසින් උතුරු රුවන්ඩාව වෙත ප‍්‍රහාර එල්ල කෙරිණි.

ජූලි මාසය වනවිට විශාල ජනකායක් ජීවිතාරක්ෂාව පතා යාබද රටවලට පලා යමින් සිටියහ.

කෙසේවෙතත් ලක්ෂ ගණනක සංහාරයකින් පසුව එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් ගැටුම අවසන් කෙරිණි. මෙම ඡුායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳ නිශ්චිත තොරතුරු නැති නමුත් එවැනි වධහිංසාවලට ලක් වූ දරුවන් හා තරුණ තරුණියන් තවමත් එම බිහිසුණු අතීතයේ අත්දැකීම් අමතක කළ නොහැකිය.

Advertisements