හාෆ් බොයිල් දේශපාලනය

lankan realityජනාධිපතිවරණයට අදාළව මහින්දගේ ද මෛත‍්‍රීගේ ද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එළිදක්වා තිබේ. ඒවා ගැන අපට කතා කරන්නට තරම් දෙයක් නැත. ඒවායේ ඇත්තේ දශක ගණනාවක් තිස්සේ අප අත්දැක ඇති ප‍්‍රතිපත්තියමය. විදේශ ආයෝජන කැඳවීම ගැන පුරාජේරු කියන, වැඩකරන ජනතාව වැඩි වැඩියෙන් සූරාකෑමට සැලැසුම් හදන, ඒ අතර ජනයා මුලා කිරීමට ජනප‍්‍රියවාදී ඡුන්ද පොරොන්දු දෙන, ජාතිවාදය – ආගම්වාදය යහමින් පාවිච්චි කරන ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල කතා කරන්නට තරම් අලූත් දෙයක් නැත. නවලිබරල් ධනවාදයේත් සකල විධ පසුගාමීත්වයේත් සූපයක් බවට පත්ව ඇති සමාජ ක‍්‍රමයක් කෙබඳු වේදැයි අපි ඉතා හොඳින් අත්දැක ඇත්තෙමු. වෙනස ඇත්තේ ඒවායේ සැරසිලි ලෙස යොදා ඇති ඊනියා ප‍්‍රගතිශීලී සටන් පාඨවල පමණි. ඒ සියල්ල තුළ සැඟවී ඇත්තේ පාලකයන්ගේ අසමත්කම සහ ජනතාවට කිසිදු ඉදිරිගාමී දෙයක් ලබාදීමට ඔවුන්ට ඇති නොහැකියාවයි. එසේම බාගෙට තැම්බූ සටන් පාඨ තොරොම්බල් කරමින් බහුතර ජනතාව රැුවටීම හැර ඔවුන්ට අන් මඟක් නැති බවයි. ඔවුන් අධිරාජ්‍යවාදය ගැන කතා කරයි. එහෙත් අධිරාජ්‍යවාදී ප‍්‍රාග්ධනය හා බහුජාතික සමාගම් ගැන අසද්දී ගොළු වෙයි. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරයි. එහෙත් කම්කරුවන්ගේ, සුළුතර ජන කොටස්වල, ස්ත‍්‍රීන්ගේ හා වෙනත් පීඩිත ජනකොටස්වල අයිතීන් ගැන විමසද්දී ගොළු වෙයි. ඔවුන් යහපාලනය ගැන කතා කරයි. ශ‍්‍රම මංකොල්ලයේ දී ගොළු වෙයි. ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය මුළුමනින්ම තහවුරු කරන්නේ ඒ හාෆ් බොයිල් දේශපාලනයයි. උඩින් හාෆ් බොයිල් දේශපාලනය යන අතර යටින් සිදුවන්නේ කුමක්ද?

  •  ජනතාව කෝ? (යළිත්)

අපි මෙවර ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වන පළමු මොහොතේ දීම ‘ජනතාව කෝ?’ යැයි පැනයක් විමසුවෙමු. ඊට පසු සතියක අපට එය යළිත් විමසන්නට සිදුවිය. මෙවර නැවත වරක් ඒ ප‍්‍රශ්නය සාකච්ඡුා කළ යුතුව ඇතැයි හැෙඟ්. මේ ලියුම්කරුට පසුගිය දින ගණනාවක් රටේ විවිධ ප‍්‍රදේශවලට යාමේ අවස්ථාව උදා විය. වෙනදා මැතිවරණයක් යනු ගම් මට්ටමෙන් කරන කුඩා

රැුස්වීම්ය, සාකච්ඡුාය, විවිධ වාද විවාදය, කැන්වසින් ව්‍යාපාරය, විවිධ මත දරන්නන් එකිනෙකාට කරන උසුළු විසුළු, බැණ අඬගැසීම්ය. ඇතැම් විට ගමේ සිටින වෙනත් දේශපාලන පක්ෂයක ක‍්‍රියාකාරිකයකුගේ නිවසට පහරදීමය. මෙවර ඒ කිසිවක් දක්නට නැත. වෙනදා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද පාක්ෂිකයෝ ක‍්‍රියාකාරී වෙති. ක‍්‍රියාකාරී වූ විට ඔවුන් කරන දේවල් ගැන අපමණ විවේචන තිබුණ ද ඒ සියල්ල දේශපාලන සක‍්‍රීය බවේ ලක්ෂණයන්ය. මෙවර ගම් මට්ටමෙන් ඒ කිසිවක් දැකිය නොහැකිය. කුඩා රැුස්වීම් ගැන, කැන්වසින් ගැන, වාද විවාද අඩුය. ගම ඇතුළේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අඩුය. කැන්වසින් යන්නේ සමෘද්ධි නියාමකයන් වැනි රාජ්‍ය සේවකයන්ය. පෝස්ටර් ඇලවෙන්නේ රජයේ වාහනවලින් එන හමුදාවේ යැයි සිතිය හැකි පිරිසක් අතිනි. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කරන්නේ ද ප‍්‍රදේශවාසීන් නොහඳුනන පිටස්තර මැරයන්ය. වෙනදා මෙන් මතවාදය සාකච්ඡුාවට ගැනෙන්නේ බස්රියේ, කඩපොළේ, මහමගේ නොව මාධ්‍ය තුළය.

මෙසේ ජනතාව දේශපාලන පක්ෂ ලෙස සක‍්‍රීය වීම ඉතාම අවමයකට ඇද වැටී තිබේ. මෙය ජනතාව සහභාගී වන මැතිවරණයක් නොව අවම වශයෙන් දේශපාලන පක්ෂවල ක‍්‍රියාකාරීන් සක‍්‍රීයවන මැතිවරණයක් නොව, ව්‍යාපාරිකයන්ගේ, මාධ්‍ය හිමිකරුවන්ගේ, රාජ්‍යතාන්ත‍්‍රික කුමන්ත‍්‍රණකරුවන්ගේ කෙළි බිමක් බවට පත්ව ඇත. බොහෝ දේ තීරණය වන්නේ ජනතාවගේ සක‍්‍රීය මැදිහත් වීමෙන් නොව මාධ්‍ය මෙහෙයුම්වලින් හා බොහෝ සේ මුදල් වැයකරන ව්‍යාපෘතිවලිනි. මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් වෙනත් දක්ෂිණාංශික පක්ෂවලත් අරමුණ සිය සාමාජිකයා හෝ දේශපාලන වශයෙන් සක‍්‍රීය කිරීම නොවේ. ඔවුන් නිරන්තරයෙන් උත්සාහ කරමින් සිටින්නේ මිලියන 15ක් වන ලංකාවේ ඡුන්ද දායකයා මුළා කිරීමටය. අපහරණය කිරීමටය. එසේ අපහරණය කිරීම සඳහා භාවිත කළ හැකි බලයේ මාත‍්‍රාව කොපමණ ද ධනයේ මාත‍්‍රාව කොපමණ ද සෝබනයේ මාත‍්‍රාව කොපමණ ද යන්න හැර ඔවුන් අතර වෙනත් සාකච්ඡුාවක් නැත. එබැවින් මෙය අභව්‍ය තත්වයක් නොව බලාපොරොත්තු විය හැකි තත්වයකි.

  • ජනතාවගේ සංවාදය

දේශපාලන පක්ෂ තුළ ක‍්‍රියාකාරී නොවුණත් පොදුවේ සමාජය තුළ දේශපාලන සංවාදය ඉහළ ගොස් ඇත. මේ දිනවල පුවත් වෙබ් අඩවිවල දේශපාලන ප‍්‍රවෘත්තිවලට ප‍්‍රතිචාර දක්වන්නන් (ක්‍දපපැබඑ යවන්නන්) ඉහළ ගොස් ඇත. මුහුණු පොතේ දේශපාලන සංවාද ප‍්‍රමාණය ඉහළ ගොස් ඇත. පවතින තත්වයට විරෝධය පෑම්, අදහස් දැක්වීම්, ලිවීම් පමණක් නොව සිදුවී ඇති දේ ගැන කල්පනා කිරීම ද ඉහළ ගොස් ඇත. එය හොඳ තත්වයකි. දැන් වාමාංශිකයන් ඉදිරියේ අභියෝග දෙකක් තිබේ. එකක් වමේ පක්ෂ තුළ සක‍්‍රීය වීමට සමාජය කැඳවා ගැනීමයි. දෙවැන්න මේ සමාජ සංවාදය අඛණ්ඩව පවත්වා ගැනීමයි. ජනාධිපතිවරණය අවසන් වූ පසුව කුමන ප‍්‍රතිඵලයක් ආවත් අවසානයේ දී ජයග‍්‍රහණ ලෙස ඉතිරි වන්නේ සමාජයේ දේශපාලන සක‍්‍රීයත්වයත් හිතන මතන මිනිසුන් ටිකත් පමණි. එනිසා වැරවෑයම් යෙදිය යුත්තේ ඒ පැති දෙක වර්ධනය කරගැනීමටය.

එසේ නොමැති වුවහොත් සිදුවිය හැක්කේ ජනවාරි 9 වැනිදා උදේ සිට මේ දේශපාලනමය උනන්දුව, ප‍්‍රතිපත්තිමය සංවාදය ක‍්‍රමයෙන් මිලින වී යාමයි. එසේ වුවහොත් මැතිවරණයට පසුව නිදහස් දින සැමරුම ද ඉන් අනතුරුව සිංහල – හින්දු අලූත් අවුරුද්ද ද ඊට පසු ආණ්ඩුවේ යුද ජයග‍්‍රහණ සැමරුම් ද ඊටත් පසුව වෙසක් උත්සවය ද පෝලිමට පැමිණෙනු ඇත. ජනාධිපතිවරණය එවැනිම උත්සව අවස්ථාවකට ඔබ්බෙන් ගිය යමක් නොවී හුදු සිදුවීමක් පමණක් වනු ඇත. එවිට ඉතිහාසය පරාජය වේ. එවිට අපට සමාජයක් ලෙස කිසිවක් ඉතිරි වන්නේ ද නැත. ඒ නිසා මෙවර ජනාධිපතිවරණය සමාජ ජයග‍්‍රහණයක් බවට පත්වන්නේ එහි ප‍්‍රතිඵල සටහන අනුව හෝ මීළඟ ජනාධිපතිවරයා කවුරුන් ද යන්න මත නොවේ. සමාජයේ දේශපාලන චින්තනයේ මට්ටම හා සංවිධානාත්මක ක‍්‍රියාකාරීත්වයේ මට්ටම වර්ධනය කරගැනීම මතය. තමන් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස හෝ අධිරාජ්‍ය විරෝධි දේශපේ‍්‍රමීන් ලෙස තමන් විසින්ම හඳුන්වා ගනිමින් මෛත‍්‍රීට හා මහින්දට හුරේ දමන නොණ්ඩි ගසන බුද්ධිමතුන්ට මෙය අදාළ නැත. මෙය අදාළ වන්නේ වාමාංශිකයන්ටය. ප‍්‍රගතිශීලීන්ටය.

අප මෙම සටහනේ වෙනත් තැනක ද කියා ඇති පරිදි ධනපති පක්ෂවල අරමුණ වී ඇත්තේ පහළ පාන්තික ජනතාව ගොදුරු කරගැනීමය. විවිධ සෝබන සංදර්ශන හරහා යළිත් වරක් මේ රැවටීම සිදුකිරීමය. ජනාධිපතිවරණයේ දී එළියට එන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල සිට සියලූ ප‍්‍රචාරක දැන්වීම් අපට කියන්නේ අප ගොදුරු කරගැනීම සඳහා දඩයක්කාරයා කුරුමානම් අල්ලමින් සිටින බවය. දැන් කළ යුත්තේ කුමක්ද? එක් පසෙක බලලෝභී, කෑදර දඩයක්කාර දේශපාලනයකි. අනෙක් පසින් මිලියන 15 ක ජනතාවකි. කළ යුත්තේ කුමක් දැයි වටහා ගැනීමට මේ දිනවල අන්තර්ජාලයේ ඉතාම ජනප‍්‍රිය වී ඇති වීඩියෝවක් නැරඹිය යුතුය. එහි ඇත්තේ භයානක සිංහයකු කුළුහරක් රංචුවක් මැදට පැන හරක් පැටවකු දඩයම් කරන ආකාරයයි. මුලින් සිංහයාට බිය වී පළා යන හරක් පසුව පැටවා බේරාගැනීම සඳහා සමගි වෙති. ඔවුන් යළි හැරී පැමිණ සිංහයාට වටකර පහර දෙයි. සිංහයාව අංවලින් ඔසවා අහසට විසි කරයි. සිංහයා පළවා හැර පැටවා බේරා ගනියි. එතැන යන්නේ දඩයක්කරුවා දඩයම් කරන ක‍්‍රියාවලියකි. මේ මොහොත තුළ පීඩිත පන්තීන් සතුව ඇත්තේ ද එවැනි දේශපාලනයකි. අප ගොදුරු කරගැනීමට පැමිණෙන භයානක දඩයක්කරුවාට ගොදුරු නොවී, දඩයක්කරුවා ගොදුරු කරගන්නා දේශපාලනයයි. අප විශ්වාස කරන ආකාරයට ජනරළ සතු කාර්යභාරය මිලියන 15 ක් වූ ඡුන්ද දායකයාට ඒ විශ්වාසය හා ධෛර්්‍යය සැපයීමයි. ජනරළේ පමණක් නොව සියලූ වාමාංශිකයන්ගේ, ප‍්‍රගතිශීලීන්ගේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ දේශපාලනය එයයි. ඒ දේශපාලනයේ ඉලක්කය ජනවාරි 8 වැනිදා නොවේ. එය දුර ඉලක්කයකි. ඒ නිසා මේ කතාව ජනවාරි 8 වැනිදා අවසන් වන්නේ නැත.