සමසමාජ පක්ෂය ප‍්‍රතිසංස්කරණය කළ හැකි ද?

Vasu-DEW-and-Tissaවසර 79 ක ආවර්ජනය මා ජීවත් වන්නේ මීගමුවේය. ඒ කාලයේ දී පල්ලියේ සහාය ලැබූ එජාපයේ මෙම බළකොටුව 1956 දී වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ සමසමාජ පක්ෂයේ සහෝදර හෙක්ටර් ප‍්‍රනාන්දු අත්පත් කර ගත්තේය.

ශ‍්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය මේ මාසයේ දී එහි 79 වැනි සංවත්සරය පවත්වන විට, එහි පිල් දෙකක් විවෘතව එකිනෙකා සමඟ කලහ කරමින් පක්ෂය සම්පූර්ණයෙන් අවුල් සහගත තත්වයකට පත්කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ. ලසසපයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් ඉදිරියේ පැමිණෙන ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති අතර සුළුතරයට අවශ්‍ය වූයේ විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට සහාය දැක්වීමටය. තීරණය ගත් අවස්ථාවේ දී, විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් වේදැයි පැහැදිලි වී තිබුණේ නැත. මම ‘වමේ හඩ‘ පුවත්පතේදි ලසසපය (M) සහ ලසසපය (R) ලෙසට හැඳින්වූයෙමි. මා එය යොදා ගත්තේ මහින්ද සහ රනිල් වෙනුවටය. (ඒ වන විට මා සිතුවේ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රධාන විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා වන බවය.) ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියට ඉමහත් සේවයක් ඉටු කළ පක්ෂයක මධ්‍යම කාරක සභාවේ එක සමාජිකයකුවත් පසුගිය ට්‍රොට්ස්කි සම්ප‍්‍රදායන්වල පදනම මත, මෙම පිල් දෙකටම විරුද්ධව සිටීමට නොහැකිවන තරමටම පිරිහී තිබෙනවා දැකීම මට ගෙන දෙන්නේ මහත් සංවේගයකි.

මා එක් අවස්ථාවක ලසසපයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු ලෙස සිට සහෝදර බර්නාඞ් සොයිසා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ රජයේ ඇමැති පදවියක් පිළිගැනීමෙන් පසු ඉල්ලා අස්වූවෙමි. පක්ෂයේ සභාග දේශපාලනයට විරුද්ධව ක‍්‍රියා කිරීම නිසා 1973 දී මාව පක්ෂයෙන් ඉවත් කරනු ලැබූ බවත් පසුවදනක් ලෙස සඳහන් කළ යුතුය. ලසසපය එහි ඉතිහාසය තුළ බොහෝ බෙදීම්වලට මුහුණ දී තිබුණේ වී නමුත් 1964 වනතුරු පක්ෂය මූලිකව නිවැරදි දේශපාලන ස්ථාවරයක සිටි බැවින් එම බෙදීම්වලට යට නොවී සිටීමට හැකි විය. 1964 දී පක්ෂයේ බහුතරය ශ‍්‍රීලනිපය සමඟ සභාග රජයක් පිහිටුවීම සඳහා එක්වීමට තීරණය කළ පසු, ලසසපය නැවත ගොඩඒමට නොහැකි වූ බෙදීමකට ලක් විය. එසේ වූවත් 1965-1970 කාලය තුළ එහි සංඛ්‍යාත්මක ශක්තිය වර්ධනය වූ අතර 1970 දී පැවැත් වූ මහ මැතිවරණයේ දී එයට හිමි ආසන සංඛ්‍යාව 14 දක්වා වර්ධනය කරගත්තේය.

1964 දී සිදු වූ බෙදීමෙන් ලසසපයට නැවත ගොඩඒමට අපොහොසත් වූවා යැයි පවසන විට මා එයින් අදහස් කරන්නේ එය දේශපාලනමය වශයෙන් දුර්වල වූ බවත් බල රහිත වූ බවත්ය. 1975 දී මගේ උපදේශකයා වූ සහෝදර ඇන්. ඇම්. පෙරේරා සභාග රජයෙන් ඉවත්වීමට තීරණය කළ අවස්ථාවේ දී ඔහුට එය වැටහුණාට කිසිදු සැකයක් නැත.

colvinලසසපයේ ඉතිහාසය දෙස නැවත හැරී බැලීමේ දී පක්ෂයේ න්‍යායාත්මක පැවැත්ම ගැන බොහෝ සෙයින් උනන්දු වූ කෙනෙක් හදිසියේ මෙන් මගේ මතකයට නැෙඟ්. ඒ සහෝදර රෙජී මෙන්ඩිස්ය. වරක් ඔහු, ලසසපයේ බලගතු සාමාජිකයකු වූ සහෝදර කොල්වින් ආර්. ද සිල්වා ලියූ කුඩා පොත් පිංචක් මට දුන්නේය. එය සිංහලෙන් වූ අතර එහි තේමාව වූයේ ‘උන්ගේ දේශපාලනය සහ අපේ දේශපාලනය’ යන්නය. එය එස්. ඒ. වික‍්‍රමසිංහ සහ පීටර් කේනමන් යන සහෝදරයන් විසින් මෙහෙයවනු ලැබූ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන දැක්ම දැඩි ලෙස ප‍්‍රහාරයට ලක් කළේය.   එම පොතේ නාමය ලියොන් ට්‍රොට්ස්කිගේ ඉතා කදිම කෘතියක් වූ ‘ඔවුන්ගේ සදාචාරය සහ අපේ සදාචාරය’ සමඟ සමීප සමානකමක් තිබීම සිත්ගන්නා කරුණකි. උන්ගේ දේශපාලනය සහ අපේ දේශපාලනයේ ප‍්‍රධාන මතය වූයේ වැඩකරන ජනතාවගේ දේශපාලන පක්ෂයක් මධ්‍යම පාන්තික පක්ෂ සමඟ එම මධ්‍යම පාන්තික පක්ෂ ධනවාදී විරෝධී හැඟීම් හෝ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහාය දැක්වීමේ ඡුායාමාත‍්‍රයක් ඉඳහිට හෝ පෙන්නුවත් දේශපාලන පෙරමුණක් සෑදීමට එකතුවීම නොකළ යුතු බවය. කොමියුනිස්ට් පක්ෂයට එය එසේ නොවේ. මධ්‍යම පාන්තිකයන් සමඟ පෙරමුණු සාදාගැනීම එහි න්‍යායාත්මක මතය සමඟ ඍජුවම ගලා එන්නකි.

මගේ අදහසට අනුව, 1964 වන තෙක්ම ලසසපයේ න්‍යායාත්මක මතය රඳා තිබුණේ කොල්වින්ගේ පෙර සඳහන් කළ පොත සමඟ ය. මේ අර්ථයෙන් ගත් කළ, 1964 දී ගත් තීරණය 1930 අවසන් භාගයේ සිට පක්ෂය න්‍යායාත්මක ලෙස නිවැරදිව පිහිටා සිටි ස්ථාවරයෙන් ඉවත්ව යෑමකි. කෙසේවෙතත් 1964 දී කළ අත්හදා බැලීම වරදක් බව 1970 ගණන්වල මැද භාගය වනවිට පක්ෂ නායකත්වයට වැටහුණි. ඇන්. ඇම්., කොල්වින් සහ ලෙස්ලිගේ අභාවයත් සමඟම සහ 1964 දී සහ ඉන් පසුව පක්ෂය හැරගිය සාමාජිකයන් නැවත ගෙන්වා ගැනීමට අපොහොසත් වීම, පෙර තිබූ තත්වයට තම පක්ෂය ප‍්‍රාණවත් කිරීමට ලසසපයට හැකි වූයේ නැත. තමන්ගේ සාමාජිකයන් පුහුණු කිරීමට පන්ති පැවැත්වීම පක්ෂය මඟින් කෙරුණේ නැති අතර පක්ෂය තුළ සාකච්ඡා පැවැත්වූයේ ඇමැති පදවිය දැරිය යුත්තේ කවුද වැනි ආසන්න ප‍්‍රශ්න සම්බන්ධයෙන්ය. ‘උන්ගේ දේශපාලනය සහ අපේ දේශපාලනය’ වැනි පොතක් ලිවීමට හෝ මධ්‍යම කාරක සභාවේ සාකච්ඡාවට මෙම ලියවිල්ල ගෙන යාමට හෝ හැකි එකම සාමාජිකයකුවත් පක්ෂයේ නොසිටීම අවාසනාවකි.

කණ්ඩායම් දෙකක් විවෘතව මත දෙකක් තුළ සිටීම, අතීතයේ ඌන සංවර්ධිත ලෝකය සම්බන්ධයෙන් මාක්ස්වාදී න්‍යායයන් ඉදිරියට ගෙන යාම ගැන ප‍්‍රකටව සිටි දේශපාලන පක්ෂයේ න්‍යායාත්මක දිළිඳුකම එළිදරව් කර ඇත. අද තිස්ස විතාරණ කල්ලිය මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රය අධිරාජ්‍ය විරෝධී බව කියා සිටිමින් මහින්ද රාජපක්ෂගේ අපේක්ෂකත්වයට සහාය දීමට තීරණය කර ඇති අතර ලාල් විජේනායක, ජයම්පති වික‍්‍රමරත්න, මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රය ෆැසිස්ට් හෝ නව-ෆැසිස්ට් බව හඳුන්වමින්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, රනිල් වික‍්‍රමසිංහ සහ මෛත‍්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයිි කියාගන්නා කල්ලියට සහාය දීමට තීරණය කර තිබේ.

ශ‍්‍රී ලංකවේ මෑත ඉතිහාසය තුළ ඇති වී තිබෙන ප‍්‍රධාන යොමුවීම් තුනකි. මේ සන්දර්භය තුළ ඒකාධිපතිවාදය දෙසට සහ බහුතරවාදය දෙසට විරුද්ධව සිටීමට හැකි ප‍්‍රබල සමාජවාදී ව්‍යාපාරයක් අවශ්‍යව තිබේ. මෙම යොමුවීම් තුන මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමට පෙර බිහිවූවකි. මෙය ඍජුවම නවලිබරල්වාදය තුළින් වැඩුණේ වී නමුත් බහුවිධ හේතු නිසා මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ඒවා ශක්තිමත් වී තහවුරු වී තිබේ.

මා දැන් ඉදිරිපත් කරන අදහසට අදාළ වන්නේ මහින්ද රාජපක්ෂ පාලනයට සහ එහි ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාමාර්ගවලට සක‍්‍රීය ලෙස එරෙහිව සිටින්නේ කුමන සමාජ ව්‍යාපාරයන් ද යන ප‍්‍රශ්නය දෙසට අවධානය යොමු කිරීමටය. මහින්ද රාජපක්ෂ පාලනයේ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාමාර්ග ප‍්‍රශ්නයට භාජනය කළ, එකිනෙකට ප‍්‍රතිවිරුද්ධව ක‍්‍රියා කරන බලවේග දෙකක් ශ‍්‍රී ලංකා සමාජය තුළ මා හඳුනාගෙන තිබේ. මූලිකවම නගරබද වූ පළමු කණ්ඩායම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය නමැති වාද විෂය එහි සම්මත අර්ථයට අනුව මතු කළහ. මෙම කණ්ඩායම් අතරින් වඩාත්ම සැලකිය යුතු කණ්ඩායම වූයේ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට විරුද්ධව ප‍්‍රබලව පෙරට පැමිණි ශ‍්‍රී ලංකා නීතිඥයන්ගේ සංගමය වේ. එය එහි විෂය පථයට අනුකූල වූ කරුණු සාකච්ඡාවට භාජනය කිරීමට බොහෝ සම්මන්ත‍්‍රණ සංවිධානය කළහ. පසුව, සිටිසන් ෆෝරම් නමැති කණ්ඩායම ද ඊට සමාන නමුත් බලවත් දේශපාලන පෙළගැස්මක් ඇති වාද විෂයන් මතු කළහ. අවසානයේ දී මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මතු කෙරුණු (1) විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ (2) ව්‍යවස්ථාවේ 18 වැනි වගන්තිය අවලංගු කිරීම තුළින් 17 වැනි වගන්තිය යළි බලාත්මක කිරීම, යන ප‍්‍රධාන ඉල්ලීම් දෙකක් තුළ මෙම මතයන් කැටි කරනු ලැබුවේය. මෙම කණ්ඩායම් විසින් කරන ලද විරෝධතාවන්ට මාධ්‍යයන් තුළ වැඩි අවධානයක් ලැබුණේ යම්තාක් දුරකට ඔවුන්ට තිබූ ප‍්‍රභූ ලක්ෂණ නිසාය.

මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව දෙවැනි විරෝධතාව පැමිණියේ පසු පෙළ ව්‍යාපාර තුළිනි. එවැනි කණ්ඩායම් හතරක් හඳුනාගත හැක.

  1. ශිෂ්‍ය ව්‍යාපාරය
  2. වෘත්තීය සමිති සහ කම්කරුවන්ගේ ව්‍යාපාර
  3. ගොවීන් සහ ගම්බද පිරිස්
  4. සංඛ්‍යාත්මක වශයෙන් කුඩා ජාතීන් සහ ජන වාර්ගික කොටස්වල ව්‍යාපාර

ඒ අතර වේ. දෙවැනි සහ තුන්වැනි ව්‍යාපාර විසිරී සිටිය අතර පෙනී සිටියේ කඩින්කඩය.

??????????????????????????2009 දී එල්ටීටීඊය හමුදාව විසින් යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු එම තත්වය 4 වැනි ව්‍යාපාරයට ද අදාළ කරන්නට පුළුවන. ඒ නිසා රජයට, විශේෂයෙන්ම අධ්‍යාපනය පිළිබඳ එහි ප‍්‍රතිපත්තිවලට විරුද්ධව නොකඩවා කළ විරෝධතාවන්ට මඟ පෙන්වීම ලබා දුන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අවිශිබම) විසින්ය. ශිෂ්‍යයනට දෙන සහනාධාර කප්පාදුව, අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ, අධ්‍යාපනය වෙනස් කිරීම යනාදියට විරුද්ධව මෑත අතීතයේ දී අවිශිබම විසින් බොහෝ අරගල දියත් කෙරිණ.

ලාභ ලැබීමේ අරමුණ ඇතිව පෞද්ගලික ආයෝජකයන්ට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඇතුල්වීමට දිරි ගැන්වීමෙන් රජයේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සැලැසුම් පරාජය කිරීමට අවිශිබමට හැකිවීම සිත්ගන්නාසුලූ සහ ධෛර්ය ගෙන දෙන කරුණකි. පසුගිය අවුරුද්දක පමණ කාලයක් තුළ ඔවුන්ගේ අරගල සියල්ලම පාහේ ජය ගත්තේය. අවිශිබම නිදහස් අධ්‍යාපනයක් ලබා ගැනීමට අරගල කරන අතරම, ප‍්‍රභූ කණ්ඩායම්වලට අත්කර ගැනීමට අපොහොසත් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තිබෙන ඉඩකඩ ද පුළුල් කළහ. අවිශිබම කොළඹ දී සංවිධානය කළ පෙළපාළිය පොලිසියේ ඉල්ලීමකට අනුව උසාවි නියෝගයකින් තහනම් කළ අවස්ථාවේ දී අවිශිබම සභාපති, නජිත් ඉන්දික, නියෝගය නොතකා පෙළපාළිය දිගටම ගෙන යාම මට හොඳට මතකය. එය විශාල ජයග‍්‍රහණයක් බව ඔප්පු විය. ඊළඟ සතියේ දී එවැනි ඉල්ලීම් උසාවියට ඉදිරිපත් නොකරන ලෙස දිසා විනිසුරුවරයෙක් පොලිසියට අවවාද කළේය. මෙය මගේ මතයට අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයට සුවිශේෂී ජයග‍්‍රහණයක් වූ අතර එහි සියලූ ගෞරවය අවිශිබම ට හිමි විය යුතුය.

මහින්ද රාජපක්ෂ රජයට පසුබෑමට බල කිරීමට සමත් වූ අනික් පසුපෙළ ව්‍යාපාරවලටි නිදහස් වෙළෙඳ කලාපයේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රම විරෝධය, රතුපස්වල ජල ප‍්‍රශ්නයට එරෙහි ජනතා ව්‍යාපාරය, තම නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට විරුද්ධව පැල්පත් වාසීන්ගේ විරෝධය, බීජ ගැන ගොවියන්ගේ විරෝධය සහ ජල ගාස්තු හා තමන්ගේ ගැටලූ ගැන ගැමියන්ගේ සුළු විරෝධ ඇතුළත්ය.

පසුපෙළ ව්‍යාපාර සහ ඔවුන්ගේ අරගල ගැන නොසලකා හැරීමෙන් වමේ කණ්ඩායම් දෙකම කර තිබෙන්නේ මූලික වරදකි. මෑතක දී සිදු වූ දේශපාලන නැඹුරුන් ගැන කිසිම තැකීමක් පළමුවැනියා නොකරන අතර දෙවැනියා මහින්ද රාජපක්ෂ පාලන තන්ත‍්‍රයට විරුද්ධ ප‍්‍රභූ ඉල්ලීම් අබිබවා යෑම ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ නිසා මා ඉදිරිපත් කරන අදහස වන්නේ වම සහ එහි දේශපාලනය යළි පණ ගැන්වීමට නම් ඉතිරි වී තිබෙන පිල්වලට එරෙහිව ක‍්‍රියා කිරීමට කොල්වින්ගේ ‘උන්ගේ දේශපාලනය සහ අපේ දේශපාලනය’ මත පිහිටා සිටින තෙවැනි පිලක් අවශ්‍ය බවය.

සුමනසිරි ලියනගේ

(සැකසුම‐ මහින්ද රත්නායක)

Advertisements