‘පුරවැසි බලය’ තනි පුද්ගලයකුට නොදී පුරවැසි පෙරමුණු ශක්තිමත් කරමු

රටක බලය හිමිවන්නේ පුරවැසියන්ට බව පුරවැසියන්ගෙන් කීයෙන් කී දෙනෙක් දන්නවාද? රටේ පුරවැසියන් කි‍්‍රයාත්මක වන ආකාරයෙන් එය දන්නා බවක් නොපෙනේ. සත්‍ය නම්, පුරවැසියන් වහලූන් බවට පත් වී ඇති බව හා පත්කර ඇති බවය. උගත් යැයි කියාගන්නා පුරවැසි බලය වර්ධනය කිරීමට කටයුතු කළ යුතු පුද්ගලයන් ද පුරවැසියාගේ බලය වර්ධනය කරනු වෙනුවට පුරවැසියන් නොමඟ යවනු පෙනේ. ඔවුන් විසින් පුරවැසි බලය පුද්ගලයකුට හෝ කණ්ඩායමකට පැවරීමට විශාල පරිමාණයෙන් උරදෙන ආකාරය දුටු නිසාම මේ ලිපිය ලිවීමට අදහස් කළෙමි.

රටේ බලය හිමි විය යුත්තේ පුරවැසියාටය. එහෙත් පුරවැසියන් සියලූම දෙනා වෙනුවෙන් ඔවුන් සියලූම දෙනාට රැස්වීමට නොහැකිය. ඒ නිසා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකින් පුරවැසි නියෝජිතයන් පත්කරනු ලබන්නේ ඔවුන්ගේ සම්පත් සම්බන්ධයෙන් තීරණ ගැනීමටය. පුරවැසි සම්පත් පුරවැසියන්ගේ යහපත සඳහා භාවිත කිරීමට පුරවැසි නියෝජිතයන් විසින් තීරණ ගත යුතුය. එසේ 1948 දී ලැබුණා යැයි කියන ඊනියා නිදහසින් පසු පටන් ගෙන එම ක‍්‍රමය අද දක්වා පවතී. 1972 හා 1978 මෙම ක‍්‍රමය වෙනස්කම්වලට භාජනය කළේ ද පුරවැසියන්ගේ  යහපතට බව කියති. මෙසේ 1978 වෙනස තුළින් පුරවැසියන්ගේ බලය එක් පුද්ගලයකු තුළට සම්පුර්ණයෙන්ම එක් කරගැනීමට උපායක් ලෙස භාවිත කිරීමට පුද්ගලයකු සමත් විය.

1977 සිට පුරවැසි බලය කොල්ලකෑ ජේ.ආර්. ඇතුළු කණ්ඩායම, එය ජේ.ආර්.ගේ බූදලයක් බවට පත් කරගැනීමට සමත් වූහ. එසේ කළේ පත්කළ නියෝජිත කණ්ඩායමේ සියලූ දෙනාගේ අත්සන් තැබූ හිස් කොළ කැබැලි තබාගැනීමෙනි. විවිධාකාර උපක‍්‍රම යොදා පුරවැසියාගේ බලය උදුරාගෙන ඇති බව පුරවැසියන්ට කිසිසේත්ම නොදැනේ. එ් උපක‍්‍රමිකව පුරවැසියා අඳ ගොළු බිහිරි බවට පත්කොට ඇති නිසාවෙනි.

පුරවැසි බලය උදුරාගෙන ඇත්තේ ඒ බලය සමඟ ඔවුන් වෙනුවෙන් සම්පත් භාවිතයට ද අවස්ථාවක් හිමිවන නිසාවෙනි. පුරවැසි බලය උපක‍්‍රම යොදා උදුරාගෙන ඇත්තේ පුරවැසි සම්පත් පුරවැසියන්ට ලබාදීමට නොව, පුරවැසි සම්පත් කොල්ලකෑමටය. එය පුද්ගලයකුට හා කණ්ඩායමකට කොල්ලකෑමට අවස්ථාව සලසාදීමට ද උගත් යැයි සම්මත සමාජය මහත් කාර්යභාරයක් ඉටුකොට ඇත.  එසේ වන්නේ මොවුන් ද පුරවැසියන්ගේ සම්පත් කොල්ලයට ඍජුව හා වක‍්‍රව සම්බන්ධ වන නිසාවෙනි.

පුරවැසියා දැඩි ලෙස රැුවටීමට ලක් වූයේ පුද්ගලයකුට බලය ගොනුකොට ලබාදීමෙන් පසුවය. මෙම පුද්ගලයකුට යෙමුව ඇති බලය පුරවැසියාට නැවත ලබාදීමට පුරවැසියන්ට බොරු පොරොන්දු දුන් අවස්ථා දෙකකි. පුරවැසි බලය ලබාදෙන්නේ කෙටි කාලයකට වුවත් එහිම රැුඳී සිටීමට පුරවැසියන් කොතරම් අකැමැති වුවත් පුරවැසි නියෝජිතයන් උත්සාහයක් ගන්නා බව පුරවැසියන් අත්විඳි බව සැවොම දනිමු. පුරවැසියන් මුළාකොට ඇත්තේ විවිධාකාර කල්ලි නිර්මාණය කිරීමෙනි. මෙම කල්ලි වසර 60 ක් පුරාවට පුරවැසි බලය

පුරවැසියාගෙන් උදුරාගෙන පුරවැසියා මුළාකිරීමේ යෙදී ඇති බව පුරවැසියන් කිහිපදෙනකුට හෝ තේරීම නිසා වර්තමානය වනවිට පුරවැසි බලය නැවත පුරවැසියන්ට ලබාදීමට පුරවැසි නියෝජිතයන් බවට පත්කිරීමට පෙර බොරු පොරොන්දු දුන් අවස්ථා හතරකි.

පුරවැසියාගෙන් වංචාකොට එක් පුද්ගලයකුට පුරවැසි බලය ලබාගැනීමට 1978 කළ වෙනස තුළින් එක් පුද්ගලයකු බලය නතු කරගත්තා පමණක් නොවේ. පුරවැසියාට කුමන ආකාරයේ වැරැුද්දක් කළත් ජනාධිපතිවරයා කිසිවකුට වග නොකියන තත්වයට පත්විය. මේ නිසා පුරවැසියන් ලක්ෂ ගණනකගේ ජීවිත නැති කළත් කිසිවකුට වගකීමට ජනාධිපති බැඳී නැත. පුරවැසියාට එයින් වී ඇති අපරාධය අතිමහත් බහුතරය නැතත් කිහිපදෙනකු පමණක්වත් අවබෝධ කරගැනීමෙන් පුරවැසියාට යහපතක් වන ලකුණු පෑදී තිබුණි. එ් නිසාම මෙම පුරවැසි බලය පුද්ගලයාගෙන්

වෙන්කරන බවට පුරවැසියන් ලිඛිත පොරොන්දුවක් ලබාගෙන 1994 දී චන්ද්‍රිකා මුල්පුරවැසි පුටුවේ තබන ලදී. එහෙත් පුරවැසියා රවටා ඇය දෙවතාවක් මෙම මුල්පුරවැසි පුටුවේ සිටියේ කිසිම විළිලැජ්ජාවක් නැතිවය. මෙසේ දෙවතාවක් පුරවැසියා රැුවටූ චන්ද්‍රිකා ගැන කිසිම ආකාරයකින් නීත්‍යානුකූල පියවරක් ගැනීමට පුරවැසියන්ට නොහැකිය.  පුරවැසිබලය අනිසි ලෙස භාවිතයට මෙම මුල්පුරවැසි පුටුවට යන අයට හැකිවන ලෙස ව්‍යවස්ථා ලියවිල්ලේ සටහන් වී ඇත.

2005 දී ඊටත් වඩා පුරවැසියා රැුවටීමට සමත් වූයේ මහින්දය.  ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළේ එක් ප‍්‍රධාන කරුණක් ලෙස එක් පුද්ගලයකුට පුරවැසි බලය

ලබාගැනීමේ ‘විධායක ජනාධිපති ක‍්‍රමය’ අහෝසි කරන බව සඳහන්ය. ඔහු දෙවතාවක්ම එසේ කියා පුරවැසියන් මුළා කළ බව අපි දනිමු. මහින්ද මුල්පුරවැසි පුටුවේ සිටිමින් පුරවැසියන්ට කළ තවත් වංචාවක් තිබේ. එනම්, එක් පුද්ගලයකුට වැඩි වාර ගණනක් පුරවැසි බලය උදුරාගෙන සිටීමට හැකි පරිදි 18 වැනි සංශෝධනය සිදු කිරීමයි. පුරවැසියන් යුද්ධයෙන් අන්දමන්ද කොට සිටි තත්වයක් තුළ එය කළ හැකි විය. ඒ ලෙසින්ම අන්දමන්දව සිටි පුරවැසි නියෝජිතයන් වූ රාජිත හා අතුරලියේ රතන ඇතුළු අය තම අන්දමන්ද වීම ගැන

පුරවැසියන්ගෙන් සමාව ඉල්ලනු පසුගිය දිනවල මාධ්‍යයෙන් අපි දුටුවෙමු. එය නිවැරදි කිරීමට කටයුතු කරන බව පුරවැසියන් ඉදිරියේ සපථ කළ බව ද දුටුවෙමු.

මෙසේ පුරවැසියන් චන්ද්‍රිකා වෙතින් දෙවතාවක් ද මහින්ද වෙතින් දෙවතාවක් රැුවටීමට ලක්ව ඇත. මෙසේ පුරවැසියන් රැුවටූ චන්ද්‍රිකා හෝ ඊටත් වඩා බරපතළ හානියක් කළ මහින්ද හෝ නීතිය ඉදිරියට ගෙනයාමට පුරවැසියන්ට ඉඩකඩක් ඇත්තේ ද නැත. මේ දෙදෙනාම පුරවැසියන්ගේ සම්පත් ද අසීමිතව අත්පත් කරගත්තා මදිවට එක් පුරවැසියකු ලක්ෂ 4 කට වඩා ප‍්‍රමාණයක් ණයකරුවන් බවට පත්කොට ඇත. තවද  පුරවැසියන් සතු සම්පත් විදේශවලට අත්පත් කර දී ඇත. දරුවන්ගේ මූලික අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට මේ දෙදෙනාම මුල්පුරවැසි පුටුව භාවිත කොට ඇත.

එපමණක් නොව, රුපියල් 65 කට දීමට හැකි පෙට‍්‍රල් ලීටරයට රුපියල් 155 ක් ද රුපියල් 45 කට දීමට හැකි පෙට‍්‍රල් ලීටරයට රුපියල් 121 ක් ද  දීමට සිදුව ඇත. රටේ පුරවැසියන්ගේ අනාගත පරම්පරාවෙන් 20% කට අධික ප‍්‍රමාණයක් මන්දපෝෂණයෙන් යුක්තය. මේවා වෙනස් කිරීමට හැක්කේ පුරවැසියන්ට බලය ලැබීමෙන් පමණකි. යුද්ධය කරන කාලේ හාල් කිලෝවක් රුපියල් 40 ක් 45 ක් ව පැවැති නමුත් යුද්ධය නිමාවී අවුරුදු 5 ක් යන තැන හාල් කිලෝවක් රුපියල් 100 ක් 150 ක් දක්වා ඉහළ ගියේය.

මේ නිසා පුරවැසියන්ගේ බලය පුරවැසියන් අතට ගැනීමට මහින්ද විසින්ම ලබාදී ඇති අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට පුරවැසියන් වහා කි‍්‍රයාත්මක විය යුතුය. මේ නිසා වසර 36 කට පසුව හෝ උදුරාගත් පුරවැසි බලය නැවත පුරවැසියන්ට ලබාගැනීමට හැකි අවස්ථාවක අපි සිටිමු. පුරවැසි සැවොම පුරවැසි බලය තහවුරු කොට රටේ සෑම පුරවැසියකුගේම සතුට හා සෞභාග්‍ය ළඟා කරගැනීමට කටයුතු කළ යුතුය. රටේ පුරවැසි බලයට ඉහළින් කිසිම බලයක් තිබිය නොහැකි වන්නේ රජයේ බලය ද පුරවැසියන්ට හැසිරවිය හැකි නිසාය. පුරවැසි බලය ගැන සියලූ පුරවැසියන් දැනුවත් කරමු. පුරවැසි බලය තුළින් රටේ සම්පත් රටේ පුරවැසියන්ට භුක්තියට ලබා දී රටේ සම්පත් ආරක්ෂා කරගනිමු.

Thilak Sandaruwan Subhasinghaජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – තිලක් සඳරුවන් සුභසිංහ

Advertisements