කෙළිබිමේ සිනා – කඳුළු මැද ගෙවුණු වසරක්

5(228)පසුගිය වසර ලාංකේය ක‍්‍රීඩාවේ ජයග‍්‍රහණයේ සතුට මෙන්ම පරාජයේ කඳුළ ද අපට හුරු කළ වසරක් විය. ක‍්‍රීඩකයන් ගැන ක‍්‍රීඩා ලෝලීන් ගැන බොහෝ දේ සාකච්ඡුා වූ මේ වසර ඉදිරි වසරට පිය නඟන මේ මොහොතේ සිහිපත් කරලීම අගනේය.

 ක‍්‍රිකට්

විස්සයි විස්ස ලෝක ක‍්‍රිකට් කුසලානය දිනාගැනීම සඳහා දැරූ උත්සාහය සාර්ථක වීම පසුගිය අපේ‍්‍රල් මාසයේ දී ලාංකේය ක‍්‍රීඩා ලෝලීන් සතුටු කරවන්නක් විය. මීට පෙර දෙවරක් අවසන් තරගයටත් තේරීමෙන් පසුව කුසලානය අහිමි කරගත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල අවසානයේ දී තුන්වනවර කුසලානය දිනා ගැනීමට සමත් විය. බංග්ලාදේශයේ දී පැවැති අවසන් තරගය ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කළේ ප‍්‍රබල ඉන්දීය පිල පරාජය කරමිනි. එම තරගාවලියෙන් අනතුරුව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විස්සයි, විස්ස තරග බිමට සමු දුන්නේය.

පසුගිය වසරේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ක‍්‍රීඩා කළ ටෙස්ට් තරග 12න් 5ක් ජයගෙන 3ක් පරාජය වී ඉතිරි තරග හතර ජය පරාජයෙන් තොරව අවසන් විය. සහභාගී වූ එක්දින තරග 32න් තරග 20ක් ජයගෙන 12ක් පරාජය විය. පසුගිය

වසරේ ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ කණ්ඩායමක් ක‍්‍රීඩා කළ දීර්ඝතම ඉනිම වාර්තා වූයේ ලංකාවෙනි. බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ හයක් පමණක් දැවී ලකුණු 730ක් ලබා ගනිමින් එම දස්කම ප‍්‍රදර්ශනය කළේය. පසුගිය වසරේ වැඩිම ටෙස්ට් ලකුණු රැුස් කර ඇත්තේ කුමාර් සංගක්කාර හා ඇන්ජලෝ මැතිව්ස්ය. රංගන හේරත් වසරේ හොඳම ලාංකේය පන්දු යවන්නා විය. එක්දින පිටියේ හොඳම පිතිකරුවන් වූයේ කුමාර සංගක්කාර හා ඇන්ජලෝ මැතිව්ස්ය. හොඳම ලාංකේය එක්දින පන්දු යවන්නා වූයේ අජන්ත මෙන්ඩිස්ය.  ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලීන් කම්පනයට පත් කළ සිදුවීම වූයේ මහේල ජයවර්ධන අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන්ද සමු ගැනීමයි.

 මලල ක‍්‍රීඩා

4(371)පසුගිය අගෝස්තු මාසයේ දී ස්කොට්ලන්තයේ ග්ලස්ගොන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල පැවැත්වුණත් එහිදී ලංකාවට හිමි වූයේ එක් රිදී පදක්කමක් පමණි. මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ පසුබෑමක් සනිටුහන් කළ මෙම වසරේ පදක්කම දිනා ගත්තේ බර ඉසිලීමේ ක‍්‍රීඩක සුදේශ් පීරිස්ය. දකුණු කොරියාවේ පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමි වූ අතර ආසියානු පැරා ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කමක් රිදී පදක්කම් හයක් හා ලෝකඩ පදක්කම් හතක් දිනාගෙන රටවල් 45ක් අතරින් 19 වැනි ස්ථානය පත්වීම ශ‍්‍රී ලංකාවට සමත් විය.

 චෙස්

බ‍්‍රසීලයේ පැවැති 10 වැනි ලෝක පාසල් චෙස් තරගාවලියෙන් වයස 11න් පහළ පිරිමි ඉසව්වේ රන් පදක්කම හර්ෂණ තිලකරත්න දිනා ගත්තේය. ඒ අනුව පසුගිය

වසර ලෝක ශූරතා චෙස් තරගාවලියක ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වූ ප‍්‍රථම වසර ලෙස ඉතිහාසගත වේ. තායිවානයේ පැවැති ආසියානු පාසල් චෙස් තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ පිරිමි ඉසව්වේ රන් පදක්කම සසින් නිපුන් පියුමන්ත දිනා ගැනීමත් සමඟ ආසියාව තුළ ද ලාංකේය පාසල් චෙස් ක‍්‍රීඩකයෝ කිරුළු පැලැªහ.

 ජීවිතාරක්ෂක ක‍්‍රීඩා

සැප්තැම්බර් මස ප‍්‍රංශයේ පැවැති ලෝක ජීවිතාරක්ෂක ක‍්‍රීඩා තරගාවලියේ රටවල් 80ක් අබිබවමින් මීටර් 90 ඞ 4 වෙරළ සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ලංකාවට හිමි විය. එය ලෝක ශූරතා තරගාවලියක ලාංකේය ජීවිතාරක්ෂක කණ්ඩායමක් පදක්කමක් දිනූ ප‍්‍රථම අවස්ථාවකි.

කාය වර්ධන

නොවැම්බර් මාසයේ බ‍්‍රසීලයේ පැවැති 68 වැනි ලෝක කායවර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම ලංකාවට හිමි විය. කිලෝග‍්‍රෑම් 65 බර පන්තියෙන් එම පදක්කම දිනා ගත්තේ සුභාෂ් සිරිවර්ධන විසිනි. ජුනි මාසයේ 48 වැනි ආසියානු කායවර්ධන ශූරතාවලිය කොළඹ දී පැවැත්වුණු අතර එහි දී රන් පදක්කම් හතරක් ද සමඟ පදක්කම් අටක් දිනා ගැනීමට ලංකාව සමත් විය. ඒ ලංකාවේ කාය වර්ධන ක‍්‍රීඩා ඉතිහාසයේ ලැබූ විශිෂ්ටතම ජයග‍්‍රහණය සනිටුහන් කරමින්ය.

6(128)ඒ අනුව පසුගිය වසර ක‍්‍රීඩාවේ ඉදිරි වර්ධනයන් මෙන්ම පසුබෑම් ද මැනවින් සනිටුහන් කළ වසරක් විය. අභියෝගය ඇත්තේ 2015 වර්ෂය ඒ අත්දැකීම් ද සහිතව ජයග‍්‍රාහීව ඉදිරියට ගෙනයාමයි. ඒ සඳහා බරපතළ පිරිහීමකට ලක්ව ඇති ලාංකේය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය යළි පුනර්ජීවනයකට ලක්කළ යුතුව තිබේ.

Advertisements