ස්ප‍්‍රිං රයිඩර්ස් – සයිකල් උඩ අනාගතය සහ ආරක්ෂාව

ක‍්‍රීඩාවට සම්බන්ධ බොහෝ දේ සමාජ අවධානයට ලක්වෙමින් තිබෙන අවධියක තරුණයන් සම්බන්ධ තවත් විනෝදකාමී සහ ක‍්‍රීඩාමය හැකියාවන්ගෙන් යුක්ත කලාපයක් පිළිබඳ අපගේ අවධානය යොමු විය. ඒ යතුරුපැදි මත නැඟී හරඹ කරනු ලබන තරුණයන් ඒකරාශී වූ එකමුතුවකි. පසුගිය දා එම එකමුතුව විසින් තමන්ගේ එකමුතුවේ වර්ෂ අවසාන චාරිකාව සංවිධානය කර තිබිණි.

ස්ප‍්‍රිං රයිඩර්ස් යන නමින් ලංකාවේ බොහෝ දෙනා දන්නා මේ එකමුතුව ගොඩනැංවී ඇත්තේ මෝටර් ස්පෝට් ක‍්‍රීඩාවේ එක්තරා කලාපයක් නියෝජනය කරමිනි. ඒ තමන් භාවිත කරනු ලබන යතුරුපැදි සමඟ කරනු ලබන හැකියාවන් විදහාපෑම සමඟිනි. මීරිගම නගරයට කේන්ද්‍රව ලංකාවේ බොහෝ තැන්හි සිටින තරුණයන් එක්රොක් වී මෙම එකමුතුව ගොඩනංවාගෙන තිබේ.

කොළඹ, ගම්පහ, කුරුණෑගල, මීගමුව, පුත්තලම, හොරණ, හෝමාගම, රත්නපුරය, පැල්මඩුල්ල, අවිස්සාවේල්ල සහ තවත් ලංකාවේ නොකී බොහොමයක් ප‍්‍රදේශවල සිටින තරුණයන් මෙම සාමූහික ක‍්‍රීඩා සංගමය තුළ ක‍්‍රියාත්මකය. ලෝක මට්ටමින් මෝටර් රථ ක‍්‍රීඩාව ජනප‍්‍රිය සහ ආකර්ශනීය ක‍්‍රීඩාවන් අතරට එක්ව තිබේ. එක්තරා පැත්තකින් එය වෙළෙඳපොළකි. වෙළෙඳපොළේ ඇති නව නිෂ්පාදන වූ මෝටර් සයිකල් මත නැඟී ඒවායේ සිට කරනු ලබන බොහෝ විශ්මිත හැකියාවන් විදහාපෑම මේ සංගමයේ සිටින සාමාජිකයන් බොහොමයකගේ ඉලක්කයයි. එය එක්තරා ආකාරයක අනතුරුදායක ක‍්‍රීඩාමය හැකියා විදහා පෑමකි.

සමාජයේ යම් ආර්ථික හැකියාවක් සහිත සහ එසේ නොමැති තරුණ කොටස් එක්ව සුවිශේෂී තත්වයන් යටතේ වූ යතුරුපැදි මේ වෙනුවෙන් උපයෝගී කර ගැනේ. මේ එකතුව මේ වන විට යම් උප සංස්කෘතික තත්වයක් නිර්මාණය කර තිබේ. ඒ     සමඟ බද්ධවන බොහෝ තරුණ කොටස් සමාජ විරෝධී සහ විනාශකාරී බොහෝ දේවලින් වියුක්ත සමාජ භාවිතාවකට එක් කළ හැක. මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි වැනි දේවලින් මිදුණු තාරුණ්‍යයක් වෙනුවෙන් මේ ඔස්සේ මාවතක් තැනිය හැකිය.

ඊළඟට මේ ක‍්‍රීඩාමය කටයුතුවලට සම්බන්ධ වන තරුණයන් නවයොවුන් වියේ පසුවන්නන්ය. ඔවුන්ගේ සමාජ මනෝ විiාත්මක කාරණා පිළිබඳ සහ හැකියාවන් පිළිබඳ තක්සේරුවක් සහ වඩා ශික්ෂණයක් සහිත භාවිතාවක් ගොඩනැංවිය හැකි පරිසරයක් ඔවුන්ට නිර්මාණය කළ යුතුය. විශේෂයෙන් මේ යතුරුපැදි භාවිත කර කරනු ලබන ක‍්‍රීඩාමය විදහාපෑම් අතරතුර අනතුරට ලක්වීම සහ ජීවිත විනාශ සදාකාලික ආබාධයන්ට ගොදුරුවීම වහාම මඟහරවා ගැනීමට අදාළ කටයුතු සඳහා වගකීම් සහගත භාවිතාවක් ගොඩනැංවිය යුතුය.

එසේම බොහෝ අඩු ඉඩක කරනු ලබන ක‍්‍රීඩාමය විදහාපෑම් අතරතුර නරඹන්නන් අනතුරට ලක්වීමේ අවධානමක් තිබේ. ඒ පිළිබඳ දැඩි අවධානයක් තිබිය යුතුය. ඒ පිළිබඳ සාමාජිකයන් තුළ ශික්ෂණයක් ගොඩනැංවීමට අදාළ පියවර ගත යුතුය. අනෙක් කරුණ වන්නේ අධික වේගය සමඟ ගමන්කිරීම සහ මාර්ග නීති පිළිනොපැද කරනු ලබන අපරීක්ෂාකාරී සහ අනතුරුදායක විධි ක‍්‍රමයන් යම් ශික්ෂණයකට යටත් කළ යුතුය. මේවා යම් පමණකට හෝ භාවිත නොකර කරනු ලබන ක‍්‍රියාකාරීත්වයන් අදාළ ධාවකයා හෝ ක‍්‍රීඩකයා මෙන්ම පේ‍්‍රක්ෂකයා ද අනතුරේ හෙළයි. එම නිසා වහාම ආරක්ෂාකාරී පියවර රැුගෙන ක‍්‍රීඩාවේ යෙදීමට සියලූ දෙනා වග බලා ගත යුතුය.

පසුගියදා ස්ප‍්‍රිං රයිඩර්ස් සමාජය විසින් සංවිධානය කළ වාර්ෂික චාරිකාවට යතුරු පැදි 150 කට ආසන්න ප‍්‍රමාණයක් එක්ව තිබිණි. මීරිගමින් ඇරඹී අවිස්සාවේල්ල හරහා රත්නපුරයට ද ඉන් පසු ඇඹිලිපිටිය, උඩවලව, හම්බන්තොට හරහා කතරගමට ද සේන්දු වීමට එම තරුණයන් කටයුතු කර තිබිණි. ගමනාන්තය තෙක් සයිකල් මත නැඟී හරඹ දැක්වීම බොහෝ බාල වැඩිහිටි මහලූ කාහටත් ප‍්‍රීතිය දනවන දසුනක් වී තිබිණි. දින 3 ක් ගෙවූ සංචාරය නැවත එම ගමන් මාර්ගයෙන්ම පැමිණ අවසන් කිරීමට සංවිධායකයන් සියලූ කටයුතු මෙහෙයවා තිබිණි. එච්. ඒ. ආරියදාස රඹුක්කන

Advertisements