2015 න් පසු ක‍්‍රීඩාව

match fixingවසරක් ගෙවී තවත් වසරක් උදාවී තිබේ. ගෙවුණු වසර අවසානය සහ ඇරඹි වසරේ ආරම්භයම දැවැන්ත බල අරගලයක ගිලී ගොස් තිබේ. 1948 පෙබරවාරි 04 වැනිදා ලැබුණා යැයි කියන නිදහසට පසු වසර 67 ක් ගෙවා දමා තිබේ. මොන වර්ගයේ භෞතික දියුණුවක් ගැන පුරසාරම් දෙඩුවත් සමාජයක් ලෙස අප සිටිනා තැන තේරුම් ගැනීමට මේ පසු කරන ජනාධිපතිවරණයේ ප‍්‍රචාරණ විධික‍්‍රමය හොඳටම ප‍්‍රමාණවත්ය.

රටක් ලෙස දියුණු වීම යනු භෞතිකව ගොඩනැඟිලිවල පාරවල්වල උස, දිග හෝ පළල පාට හෝ වෙනයම් දෙයක වෙනස් වීම හෝ උiාන, වරායවල්, ගුවන්තොටුපළ ඉදිකිරීම හෝ කෝච්චි පාරවල් තැනීම පමණක් ද යන ප‍්‍රශ්නය මිනිසුන් තමන්ගේ හදවත්වලින්ම අසා සිටිය යුතුය. සමාජයක හෝ රටක දියුණුව යනු මේ භෞතික දියුණුව පසුපස හඹායාම පමණක්ද? මාධ්‍ය පසුගිය දා වාර්තා කළ වෙන්නප්පුව නයිනමඩම පදිංචි වෛiවරිය, සැමියා සහ දරු දෙදෙනා ඝාතනය කර මඩවළක සිරුරු ගිල්වා දැමීමෙන් අනතුරුව අල්ලාගත් අපරාධකරුවා ද පොලිසිය සමඟ යන අතරතුර මා ඔයට පැනීමෙන් මිය ගොස් තිබේ. වෛiවරියගේ අවුරුදු 13ක් වූ කුඩා දියණිය මරා දැමීමට පෙර ¥ෂණය කර තිබේ.

මේ අප අවුරුදු 67 ක් ගෙවා නිර්මාණය කළ අපගේ සාමූහික හෘදය සාක්ෂිය ලෙස භාර ගැනීමට කිසිවකු සූදානම් නැත. මෙවන් රටක අපි ක‍්‍රීඩාවේ අනාගතය පිළිබඳ සිහින දකිමින් සිටිනු බොහෝ පුවත් පත් හෝ විiුත් මාධ්‍ය, වෙබ් අඩවි, සමාජ ජාලවල සංවාදයට බඳුන්ව තිබේ. අප අභිමුව ඇත්තේ සාමූහික අරගලයකි. ඒ හෘදසාක්ෂියක් සහිත මිනිසුන් වෙසෙන රටක් නිර්මාණය කරගැනීමයි. හෘදය සාක්ෂියක් සහිත සමාජයක් නිර්මාණය කරගැනීමයි. ඒ ගොඩනැංවීම් වෙනුවෙන් ක‍්‍රීඩාවේ කලාපය සහ ඊට අදාළ සංස්කෘතික වටිනාකම්වල බොහෝ දේ සමාජයට භාවිතාවක් සේ එක් විය යුතුය. නමුත් ගැටලූවක් තිබේ. ලෝක පරිමාණයෙන් නවලිබරල් ධනවාදය මිනිස් ආධ්‍යාත්මය තුළට කඩාවදින කල සියල්ල සුනු විසුනු වී යයි. නවලිබරල් ධනවාදය දේශපාලනික ආර්ථිකයකට ලඝු කරන බොහෝ දෙනාට නවලිබරල් ධනවාදයේ සංස්කෘතිය ලෝක පරිමාණයෙන් මිනිස් ආධ්‍යාත්මය තුළට කඩාවැදී කරනු ලබන ඝාතන නොපෙනේ. නවලිබරල් ධනවාදය දේශපාලන ආර්ථිකය සේ මෙන්ම හෘදය සාක්ෂියක් නොමැති සංස්කෘතික ඝාතන කටයුත්තක නියැළී සිටී.

මේ සඳහා වන ප‍්‍රති-සංස්කෘතික ප‍්‍රතිශක්තීකරණය නිපදවා ගැනීමට ක‍්‍රීඩාවේ සමාජ භාවිතාවන් ගොඩනංවාගත හැකිය. එය උඩුගම් බලා පිහිනීමකි.

වර්තමාන ලංකාවේ ද ක‍්‍රීඩාවේ සහ සමාජයේ අන්තර් සම්බන්ධය විසින් ගොඩනංවන සියලූ දේ පටු සීමාවන්හි සිට තේරුම් ගැනීම වෙනුවට වෙනස් තේරුම් ගැනීමක් සඳහා පාරක් කපාගත යුතුය. තරගකාරී ක‍්‍රීඩාව වෙනුවෙන් කරනු ලබන මැදිහත්වීම වෙනුවට සමාජයේ ක‍්‍රීඩාව මඟින් වෙනත් භාවිතාවක් ගොඩනැංවිය හැකිය. මේ වන විට ක‍්‍රීඩාව පවතින්නේ වෙළෙඳපොළ, දේශපාලනය, බලය, සහ ප‍්‍රතිලාභ අතරය, නමුත් ක‍්‍රීඩාවේ සමාජ භාවිතාව වෙනස් ආධ්‍යාත්මික කටයුත්තකට භාවිතාවන් එක් කළ හැකිය. අපේ සමාජය මේ සඳහා අවබෝධයෙන් අභ්‍යාස කළ යුතුය.

ඒ සඳහා පර්යේෂණ කළ යුතුය. නව අත්හදාබැලීම් කළ යුතුය. තරගකාරී ක‍්‍රීඩාව ලෝක පරිමාණයෙන් මේ මොහොතේ දැවැන්ත වෙළෙඳපොළකි. මේ වෙළෙඳපොළ වෙනුවෙන් ඌණ නිෂ්පාදිතයන් නිෂ්පාදනය කිරීමට වඩා යමක් අප සමාජයට එක් කළ යුතුය.

එවිට අපට ඉහළ වටිනාකමකින් යුත්ත සමාජ නිෂ්පාදනයන් බිහිකර ගත හැකිය. එය වෙළෙඳපොළ ඛේදවාචකයන්ගෙන් ගලවාගත යුතුය. ක‍්‍රීඩාව ඒ වෙනුවෙන් වූ සමාජ මෙවලමක් සේ භාවිතාවට ගත හැකිය. සමාජයෙන් වියුක්ත වූ ක‍්‍රීඩාවක් වෙනුවට සමාජය පරිවර්තනය කරමින් සංවර්ධනය වන ක‍්‍රීඩා සංස්කෘතියක් බිහි කරගනිමු. 2015 ක‍්‍රීඩාවේ සාමූහික පැතුම එයයි.

සංස්කාරක – ජනරළ ක‍්‍රීඩා

Advertisements