‘යුද්ධය සහ අහිංසකබව’

Photo-Story1කැරොල් ගුසී/ 1999 /ඇල්බේනියා

සර්බි ආක‍්‍රමණයෙන් පසුව කෙසෝවෝ සරණාගතයන් විඳි පීඩාව සංකේතවත් කෙරෙන මේ සේයාරුව කැරොල් ගුසී නමැති අමෙරිකානු මිසූරි ජනපදයේ ඡුායාරූප ශිල්පිනියක විසින් 1999දී ගන්නා ලද්දක්.

අගිම් ශාලා නමැති මේ අවුරුදු දෙකක දරුවා මෙසේ කටුකම්බි වැටෙන් භාර දුන්නේ ඔහුගේ සීයාට හා අත්තම්මාටයි. නේටෝ බෝම්බ ප‍්‍රහාරයෙන් කුපිත වූ සර්බිවරු සාමාන්‍ය වැසියන්ගෙන් පලිගැනීමට පටන් ගත්තා. කොසෝවෝහි ප‍්‍රිස්රන් ප‍්‍රදේශයේ සිටි සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් සහිත ඔවුන්ගේ පවුල වරින් වර පළා ගියේ සර්බි ප‍්‍රහාරයෙන් ආරක්ෂාවීමටයි. ඔවුන් නැවතී සිටියේ ඇල්බේනියාවේ කියුක්ස්හි පිහිටි එමීරේට් රාජ්‍යයෙන් නඩත්තු කළ සරණාගත කඳවුරකයි. දරුවා බාරදෙන ආකාරය ඡුායාරූපයට ගත් ඡුායාරූප ශිල්පිනිය එය ‘යුද්ධය සහ අහිංසකබව’ යන තේමාවෙන් නම් කළා. ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ පළ කිරිම නිසා 2000 වසරේ හොඳම ඡුායාරූප මාධ්‍යවේදිනිය ලෙස පුලිට්සර් සම්මානයෙන් පුදනු ලැබුවා. ඇය පාසල් වයසේ සිටම ඡුායාරූපකරණයට නැඹුරු වූ තැනැත්තියක්. ලොව පුරා විවිධ මානව ඛේදවාචකයන් සේයාරුවට නැගීමෙන් ඇය කිහිප වරක්ම සම්මාන දිනා තිබෙනවා.

පසුකාලයකදී ශාලා පවුලේ සාමාජිකයන් එක් වූ බව පුවත් වාර්තාවල සඳහන් වෙනවා.

Advertisements