රිසානා නෆීක්- බිලිදුන් ජීවිතයක් සහ අමතක කළ මරණය

o-RIZANA_NAFEEK-570(රිසානා නෆීක් දැරිය මරා දැමුණේ 2013 ජනවාරි 09 වැනිදාය. මේ සටහන යුක්තිය අහිමි කර මරා දැමුණු රිසානා අනුස්මරණය සඳහාය)

කාලයක් තිස්සේ අපි එකිනෙකා මරාගනිමින් ආගමික, දේශපාලනික හා ‘සදාචාර’ කරුණු මත ඒවා සාධාරණිකකරණය කරමින් සිටියෙමු. දැන් රජයත් ඒ කාර්යභාරය ගෙන ඇති නිසා එය ‘නීත්‍යානුකූල සහ යුක්ති සහගත’ වී ඇත.

නූතන රාජ්‍යයන් නෛතික බසකින් සන්නද්ධ වී තමන්ගේ උසාවි, නීතීඥයන් සහ විකටයන් ලෙස හැඳගත් විනිසුරුවන් ද යොදාගෙන, සමහරවිට ආගමික නායකයන්ගේ උදව් උපකාර ද ඇතිව තමන්ගේ පුරවැසියන් මෙන්ම බාහිර අය ද නීත්‍යානුකූල ලෙස මරණයේ ගල් රෝලට යට කරති. ‘කොමියුනිස්ට්’ යැයි කියාගන්නා චීනයේ මෙන්ම ආගම් ලැදි යැයි කියා අමෙරිකාවේ ද මෙය මෙසේමය.

මේ තරුණියගේ මරණය රූපගත කර ඇති බව වාර්තා වේ. ඇය දණගස්වා, ඇගේ දිගු කොණ්ඩය හිස උඩට කැරලි දෙකකට බැඳ, කුරාණය අතට දීම…. වැනි විස්තර එහි අඩංගුලූ‍. මෙවැන්නක් අවශ්‍ය වන්නේ, වැඬේ තිතට කෙරුවා යැයි උන්ගේ ම්ලේච්ඡු හාම්පුතුන්ට ඒත්තු ගැන්වීමට විය හැක.

ස්වභාවික යුක්තියවත් ලබා නොදෙමින් රිසානාගේ ගෙල සිඳ දැමීම, අපට පෙන්වා දෙන්නේ කුමක්ද? රිසානා ගෙල සිඳ මරා දැමීමේ සිදුවීම පවා, ජාත්‍යන්තර වශයෙන් මරණීය දණ්ඩනයට විරුද්ධ වන්නන්ගේ පිළිගත් මතය තවදුරටත් තහවුරු කරවන්නකි. තවත් ලෙසකින් කිවහොත් මරණීය දණ්ඩනය පිළිබඳ වාද විවාද දැන් යල් පැන ගොස් ඇත. එය තවදුරටත් බුද්ධිමත් කතා බහකට ඇතුළත් නැත. ආදි කාලයේ තිබූ පොළොව වටකුරු ද පැතලි ද යන විවාදයේ මට්ටමට එය පත්ව ඇත. ‘මරණ දඬුවම’ යනු සිය බලය හා වරප‍්‍රසාදවලින් හිස් උදුම්මවා ගත් සුළුතරයක් සියලූ‍ දේ අහිමි කරන ලද, සූරාකෑමට ලක් කෙරුණු දැනුම් තේරුම් ඇති බහුතරය කෙරේ දක්වන ක්‍රෝධයේ ප‍්‍රකාශනයක් බව පොදු පිළිගැනීමක් ඇත.

දිගු කලකට පෙර බි‍්‍රතාන්‍යයේ මරණ දණ්ඩය පිළිබඳ සංවාදයක දී ”පළිගැනීම අයිති මටය, අගවිනිසුරු සාමිවරයාට නොවේ” යැයි දෙවියන් කියූ බව සඳහන් කළේ බර්නාඞ් ෂෝ විසිනි. මරණ දණ්ඩනයට සහයෝගය දක්වන තර්ක රැුඳී ඇත්තේ මිනිසුන් මරා දැමීමට එරෙහි ආගමික මතවාද සියල්ලට එරෙහි වීමෙනි. ඒ ඉගැන්වීම් අනුකූලව මේ කිව යුත්තේ ‘මිනිසුන් නොව මරණ දඬුවම එල්ලා මරන්න’ කියාය!

දුෂිත පාලක පෙළැන්තියේ බොරු බේගල් සංඛ්‍යාලේඛන ගිලගන්නන්ට මිස මරණ දඬුවම හේතුවෙන් කිසිම තැනෙක අපරාධ අනුපාත පහත වැටුණේ නැත. මරා දැමිය යුත්තේ නියම වැරදිකරුවා ද නැද්ද යන වගත් නොවේ. එබඳු රෝගී පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ සංකේතයක් පමණි – ‘අන්න අර අපරාධය සඳහා මෙන්න මේ පුද්ගලයා මරා දමා ඇත. දැන් මට සැනසිල්ලේ සිටිය හැකිය’ යන්නය.

අවසාන විග‍්‍රහයේ දී මරණීය දණ්ඩය යුක්ති සහගත කරන්නන්ගේ මනෝභාවය රැුඳී ඇත්තේ සාධාරණ සහ අනුකම්පාවෙන් තොරවූවන්ගේ චේතනා මතය. ඔවුන් පළිගැනීමට සැරසී සිටින්නේ කාගෙන්ද? ඔවුන් ආදරය කරන්නන්ගෙන් නම් නොවේ! වියරු මානසිකත්වයෙන් රුදුරු ලේ පිපාසයෙන් ඔවුන් මුදවා ගත නොහැක.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් යහපත් ප‍්‍රවනතාවක් මතු වී ඇත. ඔවුන් විරෝධතා සංවිධානය කරමින් ස්ත‍්‍රීන් සවුදි අරාබියට යැවීම නවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිට පෙත්සම් අත්සන් කිරීම වැනි ක‍්‍රියාදාමයන්හි යෙදී සිටී.

එහෙත් රජය විසින් 70 දශකයේ සිට විරාමයක් දී ඇති එල්ලූ‍ම් ගහ නැවත පණගන්වා ගැනීමට දරන වෑයම වැරචදී පැත්තකට නැඹුරුවීමකි – ප‍්‍රතිගාමී ක‍්‍රියාවකි. පෝරකය, කඹය, අලූ‍ගෝසුවා, සියල්ල සුදානම් යැයි කියැවේ. රටපුරා රජය විසින් පවත්වන ප‍්‍රදර්ශනවල දී එල්ලූ‍ම් ගසේ ආකෘති ආඩම්බරයෙන් පෙන්වනු ලැබේ!

කුමන හේතුවක් නිසා හෝ අද දිනයේ මරණ දඬුවමට සහයෝගය දක්වන්නෙක් සිහි බුද්ධියෙන් යුතු මිනිසකු ලෙස සැලකිය නොහැක. රිසානා සහ අනෙකුත් ගැනිය නොහැකි තරම් මරණ නොසලකා නොසිටිමු. රිසානාගේ හිස කඳෙන් වෙන්කළ ජනවාරි 9 වැනි දින, ‘මරණ දඬුවම් විරෝධී දිනය’ ලෙස නම් කිරීමට යෝජනා කරමු.

නිවහල් චින්තකයා

Advertisements