ජනාධිපතිවරණය දිනුවේ කවුද?

MRCR_lankanewsalert_08_05_2014ජනාධිපතිවරණය අවසන්ව ඇත. මෛත‍්‍රීපාල සිරිසේන ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කළා. මේ ලිපිය ඒ ප‍්‍රතිඵල පිළිබඳ, එක් එක් අපේක්ෂකයාගේ ප‍්‍රවේශය පිළිබඳ ගැඹුරු විමසා බැලීමක් නොවෙයි. එවැන්නක් සඳහා ඉදිරියට ඉඩ විවර කරගෙන අප තබන ඉතා කුඩා සටහනක් මේක. මේ ජනාධිපතිවරණයේ දී එක් එක් බලවේගවල උපාය-උපාමාරු චලනය වූයේ කොහොමද? ඒක ඡුන්ද ප‍්‍රතිශතයට බලපෑවේ කොහොමද? මේ ඒ පිළිබඳ ඉතාම කෙටි විමසා බැලීමක්.

අපි මුලින්ම මහින්ද රාජපක්ෂගෙන් පටන් ගනිමු. මහින්දගේ ප‍්‍රචාරක ව්‍යාපාරය වැඩි බරක් තියලා තිබුණේ තමන්ගේ ප‍්‍රතිපත්ති පැහැදිලි කරන්න නෙවෙයි. මෛත‍්‍රීපාලව විවේචනය කරන්න. ඒ විවේචනය පදනම් වුණෙත් ප‍්‍රතිපත්ති මත නෙවෙයි, මෛත‍්‍රීපාල දුර්වලයෙක්, රූකඩයෙක්, ඔහු භාවිත කරන ඇතැම් ප‍්‍රාදේශීය වචන (‘හිටං’ වැනි වචන), ඔහු ඇඳුම් තේරීමේ දී නරේන්ද්‍ර මෝදි අනුකරණය කිරීම වගේ දේවල්. ඒසේම ආණ්ඩුව තුළ සිටින අතර ඔහු මහින්ද රාජපක්ෂව ඉහළට ඔසවා තබමින් කරල ලද කතා මේ ප‍්‍රචාරක ව්‍යාපරයේ දී විවේචනාත්මකව භාවිත කෙරුණා. ඒවා බොහෝ දුරට පෞද්ගලික අවලාද සහ මඩ ප‍්‍රචාරවල හැඩය ගත්තා. මහින්ද රාජපක්ෂ තමන්ගේ ප‍්‍රතිපත්ති කතා කළේ ඉතාම අඩුවෙන් වුවත්, ඔහු තමන්ගේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය පදනම් දෙකක් ගැන විවෘතව පෙනී සිටියා.

  1. මහින්ද උපායික අර්ථයෙන් ජාතිවාදය භාවිත කරන තැනක සිටියා.
  2. සංවර්ධනය යන නාමපුවරුව යටතේ තමන්

පිළිගන්නේ නවලිබරල් ධනවාදී ආකෘතිය බව කෙළින් කීවා.

මහින්දගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ විශාල පදාසයක් වෙන් කෙරුණේ සංවර්ධන ව්‍යාපෘතිවල නමින් ඔහු කරන විවිධ ප‍්‍රතිසංස්කරණ පෙන්වන්න සහ ජාතිවාදී අර්ථයෙන් විපක්ෂයට පහර ගහන්න. මෛත‍්‍රීපාල එල්.ටී.ටී.ඊ රූකඩයක්, අධිරාජ්‍යවාදයේ ඉත්තෙක් වැනි දේවලූත් කිව්වා.

මේ සියල්ල තුළින් මහින්ද අපේක්ෂා කළේ ග‍්‍රාමීය සිංහල ජනතාව අතර පදනම් ශක්තිමත් කර ගන්න. කොහොමත් උතුරේ තමිල්, මුස්ලිම් ජනතාව සමග මතවාදී ඒකමිතියක් හදාගන්න මහින්දට කවදාවත් උවමනාවක් තිබුණේ නෑ. හැමදාම මහින්දගේ උපක‍්‍රමය වුණේ ග‍්‍රාමීය සිංහල ජනතාව අතර පදනමක් හදාගෙන ඒ හයියෙන් උතුර යටකරගන්න. ඔහුට උතුරට අදාළව තිබුණේ යුදවාදී ව්‍යාපෘතියක්. කඳුකරය ප‍්‍රමුඛ වැවිළි ක්ෂේත‍්‍රයේ තමිල් ජනතාව සඳහා අබමල් රේණුවක දෙයක්වත් ලබා නොදී ඔවුන්ගේ නායකයන්ට වරප‍්‍රසාද ලබාදීම හරහා ඔවුන්ගේ ඡුන්ද

දිනාගන්න මහින්ද උත්සහ කළා. මෙවර මහින්දට එරෙහිව පුළුල් බලවේග බවට පත්වුණෙත් උතුරේ තමිල් ජනයා, මුස්ලිම් ජනයා සහ වැවිළි ක්ෂේත‍්‍රයේ තමිල් ජනයා. මහින්ද උතුරේ හා නැෙ`ගනහිර සියලූ දිස්ත‍්‍රික්කවලිනුත්, නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික්කවලිනුත් පරාජය වෙන්නේ ඒ නිසා. බේරුවල, ගාල්ල, මාවනැල්ල, අකුරණ වගේ මුස්ලිම් ජනතාව බහුල ප‍්‍රදේශවලත් මහින්ද පරාජය වුණා. නමුත් ඔහු සිංහල ග‍්‍රාමීය ජනතාව අතර විශ්වාසය රැුකගන්න සමත් වූ බව ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, කුරුණෑගල වැනි දිස්ත‍්‍රික්ක දෙස බලනවිට පෙනීයනවා.

මීට අමතර යම් ව්‍යතිරේකයක් තිබෙන්නේ නාගරික ප‍්‍රදේශවල සිටින කොහොමත් එජාපයට බර, සිය නිවෙස්ලින් එලවා දැමීම නිසා මහින්ද සමග අමනාප වී ඇති නාගරික දිළින්දන් තුළයි.

එමෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සටන්පාඨයට ආකර්ශණය වූ මැද පාන්තිකයන් තුළයි. කොළඹ නගරයත්, මොරටුව, රත්මලාන, දෙහිවලත්, අනෙකුත් මුහුදුබඩ නාගරික ප‍්‍රදේශත් මේ සඳහා වන උදාහරණ. ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, සරත් ෆොන්සේකා ඇතුළු හැමදෙනාම එකතු වුණත් ග‍්‍රාමීය ප‍්‍රදේශවල පරතරය අඩුකරන්න මිස මහින්ද පරාජය කරන්න ඔවුන්ට හැකි වුනේ නෑ, පොළොන්නරුවේ දී මෛත‍්‍රීට විශාල ඡුන්ද ප‍්‍රතිශතයක් නොතිබීම වගේම චන්ද්‍රකාට අත්තනගල්ල රැුකගැනීමට නොහැකිවීමත් මෙහි විශේෂතා කීපයක්. මහින්දගේ ඡුන්ද බැංකුව පැහැදිලියි වගේම මෛත‍්‍රීපාලගේ ඡුන්ද බැංකුවත් පැහැදිලියි. ඔහුට විශාල සහයක් ලැබී තිබෙන්නේ තමිල් හා මුස්ලිම් ජනතාව අතර. මුහුදු බඩ ප‍්‍රදේශවල කතෝලික ආගම අදහන කොටස් තුළත්, නාගරික දිළින්දන් හා මධ්‍යම පාන්තිකයන් අතරේ මහින්ද ගැන නැඹුරුවක් තිබුණා.

නමුත් මේ තීරුව මත විශාල අධිකාරයක් පටවන්න මෛත‍්‍රීට බැහැ. තමිල් හා මුස්ලිම් ජනතාව ගත්තොත් ඒ අය දැනටමත් වෙනම ව්‍යාපෘතියක කොටස් බවට පත්වෙලා ඉන්නේ. ඒවා මෛත‍්‍රීපාලට ඍජුව හසුරුවන්න බැහැ. උදාහරණයක් විදියට දිගම්බරම්ලාගේ චලනයන් වැවිළි ක්ෂේත‍්‍රයේ කම්කරුවන්ට බලපානවා වගේම හෙට දෙමළ ජාතික සන්ධානය කරන ප‍්‍රකාශයකින් පවා ඒ සුළු ඡුන්ද බැංකුවම මෛත‍්‍රීපාලට අහිමිවෙනවා. ඒක ඔහුට හසුරුවන්න බෑ වගේම ඒ සඳහා යාන්ත‍්‍රණයක් හදා ගන්නත් ඔහුට බෑ. ඒ ඡුන්ද සහ ග‍්‍රාමීය සිංහල ජනයා අතර සම්බන්ධයක් හදන සැලැස්මකුත් යථාර්ථයක් කර ගන්න එක අසීරුයි. එ නිසා මැතිවරණ ප‍්‍රතිඵල බැලූවම පේන්නේ ඒ සියල්ල ඉතා කුඩා චලනයකින් පවා අනෙක් පැත්ත කරකැවෙන අවදානමකට මෛත‍්‍රීපාල මුහුණ දී සිටින බව. මහින්ද රාජපක්ෂගේ ප‍්‍රචාරක වැඩපිළිවෙල තුළ ප‍්‍රතිපත්ති යටකරගෙන මඩ-අවලාද සහ ජාතිවාදය ඉදිරියට ආවා වගේම මෛත‍්‍රීපාලගේ ප‍්‍රචාරක ව්‍යාපාරයේත් ප‍්‍රතිපත්ති ගැන සාකච්ඡුාව යටපත් වුණා. ඒ වෙනුවට අන්තිමට ඉතිරි වූයේ ‘මහින්ද එලවමු’ කියන සටන පාඨය විතරයි. අන්තිමට විවිධාකාර ප‍්‍රතිපත්ති සාකච්ඡුාව පසුතලයට ගොස් වෙනත් සාකච්ඡුා ඉදිරියට එන එකේ මැතිවරණයට පෙර මෛත‍්‍රීට වාසියක් තිබුණට මැතිවරණයෙන් පසුව එය ඔහුට වාසි වෙන්නේ නෑ. ‘මහින්දට තුන්වරක් බෑ’ කියන සටන්පාඨයයේ සිට ‘¥ෂිත පවුල් පාලනය නිමා කරමු’ කියන තැන දක්වාම ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡුාව යටපත් කරන්න දායක වුණා. ඒ අමතරව විධායක ජනාධිපතික‍්‍රමය හෝ ව්‍යවස්ථාව ගැන කියන්නට කිසිවක් නැති නිසා අන්තිමේ දි එය ගමන් කර තිබෙන්නේ මෙතැනටයි.

මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ සිය ප‍්‍රතිපත්ති පැහැදිලි කරමින්, අන් අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්ති පිළිබඳ විවේචනයක් ගොනු කළේ වම පමණි. විශේෂයෙන් දුමින්ද නාගමුවගේ මැතිවරණ ව්‍යාපාරය මහින්දගේ හා මෛත‍්‍රීගේ ප‍්‍රතිපත්ති ගැන හරවත් විවේචනයක් ගොනු කළේය. දෙපැත්තෙන්ම එයට ප‍්‍රහාර එල්ල වූයේත් ඒ නිසාය. කෙසේ වෙතත් ප‍්‍රතිපත්ති ගැන සාකච්ඡුාවකින් තොරව ජනාධිපතිවරණයක් නිමාවී ඇති අතර වැපීරූ දේවල අස්වැන්න පසුව බලාගත හැකිවනු ඇත.

වින්දන මනුකුලසූරිය

Advertisements