කුමාර් ගුණරත්නම් හා නාමල් රාජපක්ෂ – ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ධාරා දෙකක්

පසුගිය ජනාධිපතිවරණය හමුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික පේ‍්‍රමකුමාර් ගුණරත්නම් මෙරටට පැමිණියේය. ඒ පිළිබඳව සමාජයේ ඇති වූ සාකච්ඡුාවේදී ඔහු මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ආශිර්වාදය ඇතිව පැමිණ ඇති බවට අදහස් පළ විය. මෛත‍්‍රිපාල සිරිසේනගේ ඡුන්ද කැඞීමට ආණ්ඩුව ඔහු ගෙන්වූ බවටද අදහස් හා අවලාද පළ කර තිබිණි. මෙහි පළවන්නේ, එම කරුණ පිලිබඳ ලියැවුණු සටහනකි.

DSC08797මේ සටහන ලියැවෙන්නේ මීළගට බිහිවන පාලනයට අදාළවය. මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කරවීම සඳහා විශාල වෙහෙසක් දැරූ රාවය පුවත්පත, නාමල් රාජපක්ෂ නීතිඥවරයා වැනි පුරවැසි බලය සංවිධානයට අයත් වෘත්තිකයන් වැඩිපුරම කතා කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙනි. රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වීම එහි ආර්ථික ප‍්‍රතිපත්තිය සමග සම්බන්ධ බව අප කියන විටත් ඔවුන් කීවේ මේ වේලාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පමණක් කතා කරන වෙලාවක් කියාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ අවම කොන්දේසියක් වන උතුරේ මිලිටරි පාලනය අහෝසි කරීම ගැන පවා කතා කිරීම මේ අය දුටුවේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ඡුන්ද අඩු කිරීම සඳහා කරන කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් ලෙසය. නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති එලෙසම තිබියදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්නයක් ඇසීම විග‍්‍රහ කළේ මහින්දට උදව් දීමක් ලෙසය. කෙසේ වෙතත් මෙම ලිපියේ දී අප ඒ කිසිදු ප‍්‍රශ්නයක් ගැන සාකච්ඡුා නොකර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කරුණ පමණක් කතා කරමු. ඒ නිශ්චිත ප‍්‍රශ්නයේ දී මේ අයගේ හැසිරීම කෙබඳුද?

බළලා මල්ලෙන් එළියට පැන්නේ කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණීම පිළිබඳ ප‍්‍රශ්නයේ දී ය. කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණීම නීති විරෝධී බව මේ අයගේ ප‍්‍රධානතම තර්කය විය. පසුගිය සතියේ රාවය පුවත්පත මුල් පිටුවේ ප‍්‍රවෘත්තියක් පළ කරමින් කුමාර් පැමිණියේ ගෝඨාගේ ආශිර්වාදයෙන් බව පැවසුවේය. එය තහවුරු කිරීම සඳහා එම ප‍්‍රවෘත්තියේ කිසිදු කරුණක් තිබුණේ නැත. එය ප‍්‍රවෘත්තිය ලියූ ලේඛකයාගේ උපකල්පනයකි. එවැනි සනාථ නොකළ දෙයක් සාමාන්‍යයෙන් පුවත්පතක මුල් පිටුවට ගන්නේ නැත. නමුත් රාවය පුවත්පත තමන්ම පිළිිගන්නා සම්ප‍්‍රදායට පටහැනිව යමින් එය මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලය අසලටම ගෙන තිබුණේය. ප‍්‍රශ්නය එවැනි උපකල්පනයක් පළ කිරීම නොවේ. එය පුවත්පතේ මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ප‍්‍රශ්නයකි. ප‍්‍රශ්නය අදාළ මාධ්‍යවේදියා ආගමන විගමන පාලකවරයා අමතා කුමාර් ආගමන විගමන නීති කඩකර ඇති බැවින් ඔහුට එරෙහිව පියවර නොගන්නේ මන්දැයි විමසා රාජ්‍ය ආයතන කුමාර්ට එරෙහිව මර්දනයකට උසිගැන්වීමය. එපමණක් නොව එවැන්නක් කළ හැක්කේ මැතිවරණ කොමසාරිස්වරයා හෝ පොලීසිය හරහා පැමිණිල්ලක් ලැබුණොත් පමණක් බව ද වාර්තා කිරීමය. ඒ අනුව කුමාර් රටින් පිටුවහල් කිරීමට කැමති අයට ඒ සඳහා උපදෙස් ලබාදීමේ කොන්ත‍්‍රාත්තුව රාවය භාරගත්තේය.

රාවය පුවත්පත සිකුරාදා වෙළෙඳපොළට පැමිණි අතර එදිනම ජනමාධ්‍යවේදියකුගේ නමින් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් කර ඇති බව ද, ඊට පසුදින නීතිඥ නාමල් රාජපක්ෂ පැමිණිල්ලක් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කළේය. පැමිණිල්ලේ අන්තර්ගතය අප දන්නේ නැතත්, මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට එහි ඇත්තේ කොටස් දෙකකි. පළමුවැන්න කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණ නීති කඩකර ඇති බවය. දෙවැන්න ඔහු දක්වන අදහස්වලින් මෛත‍්‍රීපාල සිරිසේනට හානි පැමිණෙන නිසා ඔහු දේශපාලනයේ යෙදීම හා අදහස් දැක්වීම තහනම් කළ යුතු බවය. මේ අපූරු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ගැනත් ‘නීතියේ ආධිපත්‍යය’ ගැනත් යමක් කතා කළ යුතුය. ජනාධිපතිවරණය සම්බන්ධව කුමාර්ගේ අදහස් දැක්වීම්වලට අපටත් සෙසු ජනමාධ්‍යවලටත් සවන්දීමට හැකිවුණේ අවස්ථා තුනකදීය. ඒ ඔහුගේ කොළඹ මාධ්‍ය සාකච්ඡුාව, යාපනය මාධ්‍ය සාකච්ඡුාව, සහ කඩවත පැවැත් වූ රැුළියයි. ඊට අමතරව අප පුවත්පතේ මෙන්ම දිවයින, මව්බිම, සිලෝන් ටුඬේ, අයිලන්ඞ් වැනි පුවත්පත් කිහිපයක ඔහුගේ සම්මුඛ සාකච්ඡුා විය. ඒවාගේ ඔහු දක්වා තිබූ අදහස සංක්ෂිප්තව කියන්නේනම් ඒ මෙසේය.

”මහින්ද රාජපක්ෂ පාලනය වහා පරාජය කළයුතු නව ලිබරල් ධනවාදයේ, ඒකාධිපතිත්වයේ හා පසුගාමීත්වයේ මිශ‍්‍රණයකි. එහෙත් එය පරාජය කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන විශ්වාස කටයුතු විකල්පයක් නොවේ. ඔහුගේ ප‍්‍රතිපත්ති ද වත්මන් පාලනයේ ප‍්‍රතිපත්තිම නිසා වෙනසක් සිදුවීමට ඇති ඉඩකඩ අල්පය. කළ යුත්තේ වමේ බලයක් ගොඩනැගීමයි. ඒ මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිපත්තිවලට විකල්ප ප‍්‍රතිපත්තියක් ඇත්තේ වාමාංශික ව්‍යාපාරයට පමණක් නිසාය”

ඔහු පවසා ඇති කතාව මෙයයි. රාවය කියන්නේ මේ කතාවට ගෝඨාගේ ආශීර්වාදය හිමිවන බවය. එසේ සිතීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති නිසා අප ඊට වඩා ඒ ගැන කතා කරන්නේ නැත. නීතිඥ නාමල් රාජපක්ෂ කියන්නේ එවැනි අදහස්වලට ඉඩ නොදිය යුතු අතර ඒවාට තමන් එක`ග නොවන නිසා ඒවා තහනම් කළ යුතු බවය. ඒ ප‍්‍රතිපත්තිය මහින්ද රාජපක්ෂගේම ප‍්‍රතිපත්තියමය. තමන් එග`ග නොවන මතයක් ප‍්‍රකාශ කිරීමට ඉඩ දී, එයට පිළිතුරු දීම, එය මතවාදීව පරාජය කිරීම වෙනුවට එය ප‍්‍රකාශ කිරීමට ඉඩ නොදීම රාජපක්ෂ ප‍්‍රතිපත්තියකි. ඒ අතින් මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ යන දෙදෙනාම සිටින්නේ එකම ප‍්‍රතිපත්තියේය. නීතිඥ නාමල් රාජපක්ෂ මෛත‍්‍රීපාලට සහය පළ කළ නිසා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ඉදිරියේදී ගොඩනැෙ`ගන පාලනයේ ප‍්‍රතිපත්තියම එයදැයි කීමට අප ඉක්මන් වන්නේ නැත. එහෙත් කාගේ කාගේත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියේදී දැකගත හැකිවනු ඇතැයි අප විමසිල්ලෙන් සිටිමු. ඒ හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එලියේ නිසාය.

දෙවන කරුණ වන නීතිය පිළිබඳ කරුණ ගනිමු. කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණයේ සංචාරක වීසා මත නිසාත්, ඔහු විදේශිකයෙකු නිසාත් ඔහුට දේශපාලන කටයුතුවල නිරතවිය නොහැකි බව මෙහි ප‍්‍රධාන තර්කයයි. පළමු වැන්න ඔහු විදේශිකයෙකු නොවේ. ඔහු ලංකාවේ ඉපිද, ලංකාවේ අධ්‍යාපනය ලබා, ලංකාවේ දේශපාලනය කළ අයෙකි. ඔහු ලංකාවේ පුරවැසියෙකි. ඔහුට විදේශගත වීමට සිදුවූයේ රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරය දැරූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඔහුගේ ආරක්ෂාවට එල්ල වූ තර්ජන නිසාය. ඒ තර්්ජන හිතළුවක් හෝ පැන් තලියේ කිඹුලන් දැකීමක් නොවන බව තහවුරු වූයේ 2012 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඔහුව පැහැරගෙන ගොස් මරාදැමීමට ගත් උත්සහය රටම දන්නා නිසාය. ඉන් අනතුරුව රාජපක්ෂ පාලනය ඔහුව බලහත්කාරයෙන් රටින් පිටුවහල් කරන ලදි. ඔහුට ඒ සියලූ හිරිහැර සිදුවූයේ ඔහුගේ දේශපාලන මතය නිසා මිස වෙනත් චෝදනා තිබූ නිසා නොවේ. ඒ අනුව කුමාර් ගුණරත්නම් යනු තමන් දරන දේශපාලන මතය නිසා අත්තනෝමතික ඒකාධිපති පාලනයක් විසින් රටේ පිට කළ අයෙකි.

එවන් අය ගැන ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් දැරිය යුතු ස්ථාවරය කුමක්ද? කුමාර් රටෙන් පිටුවහල් කිරීම වැරදි බවත්, ඔහුට මෙරට දේශපාලනය කිරීමට අයිතියක් ඇති බවත්ය. අප අරගල කළ යුතුව ඇත්තේ නීති පනත් පෙරලා එයට බාල්දි පෙරලීමේ දිශාවෙන් නොව දේශපාලනය කිරීම සඳහා රටේ පුරවැසියකුට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියේ දිශාවෙනි. ඒ සඳහා බාධාකාරී වන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති තිබේ නම් ඒවා නොතකා හල යුතුය. එම නීති වෙනස් කිරීම සඳහා උද්ඝෝෂණ කළ යුතුය. කම්කරුවන්ගේ වැඩ වර්ජන තහනම් කරන්නේ, ශිෂ්‍යයන්ගේ අරගල නවත්වන්නේ, මාධ්‍යවේදී උද්ඝෝෂණවලට තහනම් නියෝග පනවන්නේ මේ නීති පදනම් කරගනිමිනි. ඒ නීති ගැන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ ස්ථාවරය කුමක්ද? සෞඛ්‍ය සේවක වැඩවර්ජනය අධිකරණයෙන් තහනම් කරද්දී, ශිෂ්‍ය නායකයන්ට කොළඹ නගරයේ ඇවිදීම තහනම් කර නියෝග පනවද්දී, මාධ්‍යවේදීන්ගේ කලූ ජනවාරිය උද්ඝෝෂණයට කොටුව තහනම් කරද්දී මේ හැම දෙනාම ඊට එරෙහි විය. කුමාර් ගුණරත්නම්ගේ සිද්ධියේදී පමණක් නීතිගරුක පුරවැසියන් වීමේ තේරුමක් නැත. සමාජ යහපැවැත්මට හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට හානිකර නීති කඩ කළ යුතුය. එනිසා මේ ‘‘ලිබරල් චින්තකයන්ගේ’’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පටු සීමාවට ඔබ්බෙන් ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන සමාජ සංවාදයක් අවශ්‍ය වේ.

මෛත‍්‍රීපාලගේ පාලනයේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ අර්ථ දැක්වෙනු ඇත්තේ මේ අතරින් කුමන සීමාවේද? පෙරමග ලකුණුවලින් පෙනෙන්නේ එය රාජපක්ෂගේ ආකෘතිය නොබිඳනු ඇති බවය. අනෙක් අතට කුමාර් ගුණරත්නම් සංචාරකයෙකු නොවේ. ඔහු ලංකාවට පැමිණියේ ‘ටුවරිස්ට්’ කෙනෙකු ලෙස නොව දේශපාලනය කිරීම සඳහා බවට අමුතුවෙන් වාද කළ යුතු නැත. ඔහුට පමණක් නොව පාලකයන්ගේ ඒකාධිපතිත්වය නිසා රටින් පිටවීමට සිදුව ඇති සියලූ දෙනාට ලංකාවට පැමිණ දේශපාලනය කිරීමට ඇති අයිතිය සුරක්ෂිත කළ යුතුය. ප‍්‍රකට කවියකු වන ජෙයපාලන් යුද්ධය නිසා ලංකාවෙන් පිටවූ ලාංකික කලාකරුවෙකි. ඔහු ලංකාවෙන් ගියේ කැමැත්තෙන් නොවේ. ඔහු ලියූ එක් කවියක ස්කැන්ඩිනේවියානු රටවල සිටින ‘මක්බෙයි’ නම් කුරුලූ විශේෂයක් සිහිපත් කරමින් රටෙන් පිටවීම ගැන තමන්ගේ පසුතැවිල්ල ප‍්‍රකාශ කරයි. ශීත සමයේ දී සියළු කුරුල්ලන් රට අතහැර දමා යනමුත් මක්බෙයි කුරුල්ලන් පිටව නොගොස් නතර වේ. ජෙයපාලන් කියන්නේ තමන්ටද දුස්කර සමයේත් රටේ රුඳී සිටීමට තිබුණා නම් හොඳ බවය. ඔහු සිය මවගේ සොහොනට ගෞරව කිරීම සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේ දී ගම්වැසියන් සමග දේශපාලනය කතා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන පිටුවහල් කෙරිණි. ඔහුගේ පිටුවහල් කිරීම සාධාරණීකරණය කෙරුණේ සංචාරක වීසා මත පැමිණ දේශපාලනය කළ නොහැකි බවට වන නීතියෙනි. කුමාර්, ජෙයපාලන් මෙන්ම ජීවිත ආරක්ෂාව පතා රටින් පිටව සිටින දහස් ගණනක් ගැන මේ ලිබරලූන්ගේ මතය කුමක්ද? අප කියන්නේ පාලකයන් විසින්ම හැ¥ නීතිවලට වඩා ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වටිනා බවය. රාවයට හා නීතිඥ නාමල් රාජපක්ෂට ජනතා විරෝධී නීතිය වටිනවා වූවාට අපට වටින්නේ ජනතාව සතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතින්ය.

බොහෝ සමාජ ක‍්‍රියාකාරිකයන් මෙන්ම මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින ජනමාධ්‍යවේදීන් හැමදාමත් පෙනී සිටින්නේ ඒ අයිතිය වෙනුවෙනි. ඒ වෙනුවෙන් නීති නොතකා හරින ලෙස දේශපාලන විගාමිකයන්ට මෙන්ම කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට හා මාධ්‍යවේදීන්ට ද කිව යුතුය. එසේම ඔවුන් ඒ මර්දනකාරී නීති කඩද්දී මොවුන්ට එරෙහිව පියවර ගන්නේ නැද්දැයි රජයේ ආයතනවලින් විමසීම නොකළ යුතුය. මර්දනය සඳහා රජයට යටිතල පහසුකම් සැපයීමට ජනමාධ්‍ය යොදා නොගත යුතුය. ඒ සැබෑ මානව නිදහස වෙනුවෙන් පැවතිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය යි. ඊට අමතර වෙනත් සම්ප‍්‍රදායන් තිබිය හැකිය. (සැබැවින්ම ඒවා ඇත) එහෙත් පවතින නිසාම සියල්ල පිළි නොගෙන වඩා නිවැරදි සම්ප‍්‍රදායයන් ගැන, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සංවාදයකට ද සූදානම් විය යුතුය.

 ———————————–

  • කුමාර්ගේ පැමිණීම – සිදුවීම් පෙළගැස්ම

නොවැම්බර් – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් විසින් ආගමන විගමන නිලධාරීන් හමු වී කුමාර් ගුණරත්නම් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කරුණු විමසා සිටීම. (තැනින් තැනට යවමින් මඟ ඇරීම ඇර නිශ්චිත උත්තරයක් නොලැබුණු අතර දිගින් දිගටම විමසීම නිසා අවසන නීති විරෝධීව මෙරට රැුඳී සිටීමට හේතු දක්වමින් කුමාර්ගෙන් ලිපියක් අවැසි බව දැන්වීම)

නොවැම්බර් 27 – හේතු දැක්වීමේ ලිපිය ලබාදීම. (සතියක් ඇතුළත පිළිතුරු ලැබීම සාමාන්‍ය සම්ප‍්‍රදාය වුවද මෙයට පිළිතුරු නොලැබුණි)

දෙසැම්බර් 12 – නැවත ලිපියකින් පිළිතුරු ඉල්ලා සිටිමින් ලංකාවට පැමිණීමට නොහැකිවීමට හේතු විමසා සිටිය ද ප‍්‍රතිචාරයක් නොලැබුණි.

 දෙසැම්බර් 16 – අන්තර්ජාලය හරහා වීසා අයදුම් කිරීම (සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුළත ස්වයංක‍්‍රීයව පිළිතුරු ලැබිය යුතු වුවද එයද සිදු නොවිණි.)

 දෙසැම්බර් 20 – දුමින්ද නාගමුව හා චමීර කොස්වත්ත මානව හිමිකම් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් කිරීමෙන් පසුව ද ආගමන විගමන නිලධාරීන්ගෙන් ප‍්‍රතිචාරයක් නොවිණි.

දෙසැම්බර් 24 – පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර ආගමන විගමන පාලකයා හමු වී ප‍්‍රතිචාරයක් නොදැක්වීමට හේතු විමසා සිටීම.

එහිදී අනවසරයෙන් රැුඳී සිටීමට අදාළ දඩය ගෙවීම පමණක් බාධාවක්ව පවතින බව ආගමන විගමන පාලකවරයා විසින් පැවසීමෙන් පසුව එදිනම එකී දඩ මුදල ලෙස රු 39,130.00ක් ගෙවන ලදී.

 දෙසැම්බර් 31 – වීසා අයදුම්පතට ප‍්‍රතිචාර ලැබුණු අතර එදිනම රාත‍්‍රියේ ලංකාව බලා පිටත් වීම.

සුධීර ප‍්‍රභාෂ්වර

Advertisements