විශ්වාසය, සැකය හා සම්බන්ධය

අපි මේ සටහන ලියන්නේ කලින් සතියේ මෙන් නොව නව ජනාධිපතිවරයකු යටතේය. එමෙන්ම නව කැබිනට් මණ්ඩලයක් යටතේය. සමාජයේ දේශපාලන හැඟීම් දවසින් දවස වෙනස් වෙමින් තිබේ. මැතිවරණ දවස හා සවස වන විට සාකච්ඡුාව තිබුණේ ඒකාධිපති මහින්ද එළවීම හා මෛත‍්‍රීපාල දිනවීම ගැනය. ඊට පසුදින මහින්ද හැඟීම්බර ලෙස අරලියගහ මන්දිරයෙන් පිටවීමත් මැදමුලනට ගොස් ගෙදර ජනේලයක වවුලකු මෙන් එල්ලී කතා කිරීමත් සමඟ සමාජ මනෝභාවයන් යළි මහින්දට වාසිදායක ලෙස සකස් විය. ආසියාතික සමාජයන් තුළ දයානුකම්පාව පිළිබඳ හැඟීම් කෙතරම් ප‍්‍රබලද යත් 9 වැනිදා හෝ 10 වැනිදා යළි ජනාධිපතිවරණයක් පැවැත්වූවා නම් මහින්ද ජයග‍්‍රහණය කරන තරමේ පරිවර්තනයක් සිදු විය. මහින්ද ඉතා සදාචාරවත් ලෙස බලය අතහැර

නොගිය අතර කුමන්ත‍්‍රණකාරීව බලය පැහැර ගැනීමේ උත්සාහයක් දැරූ බව වාර්තා වීම, බැසිල් රාජපක්ෂ අමෙරිකා එක්සත් ජනපදයට පැන යාම, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දින සියයේ වැඩපිළිවෙළට සහාය දීමට තීරණය කිරීම වැනි සිදුවීම් හරහා යළි ඒ මනෝභාවය වෙනස් විය. දැන් ඇත්තේ මහින්දගේ යළි පැමිණීමත් වළක්වන අතරම මෛත‍්‍රීපාල ගැන ද විවේචනයක් සහිත සමාජ මනෝභාවයකි. මේ ගෙවෙමින් යන්නේ සංක‍්‍රාන්තික කාලයකි. මේ සංක‍්‍රාන්තික කාලය තුළ කරළියට පැමිණ ඇත්තේ එකිනෙකා අතර පරස්පරයන් ඉස්මතු වීම, එකිනෙකා තම අනෙකා පාලනය කරන්නට යාම, ඒ අතර බලය විසින් උපන් ඒකාබද්ධතාව ආදී විවිධ සංකීර්ණතාවන් සහිත ක‍්‍රියාවලියකි.

  •  ආණ්ඩුවේ ජයග‍්‍රහණ – සමාජමය පරාජයන්

නව ආණ්ඩුව බලයට පත් වූ පළමු මොහොතේ සිටම ජනතා අභිලාෂයන් එකින් එක සුන්විය. මහින්දගේ කේන්දර, සුබ නැකැත්, මිථ්‍යා විශ්වාස, බිලි පූජා හා විවිධ බාරහාර ගැන විවේචනයක් සහිතව සිටි අය මෛත‍්‍රීපාලගෙන් යම් නූතනවාදී ප‍්‍රවේශයක් බලාපොරොත්තු විය. පළමු මොහොතේ දීම එනම් මෛතී‍්‍රපාල දිවුරුම් දීම සඳහා සුබ මොහොතක් ලෙස 9 වැනිදා පස්වරු 6.21 ප‍්‍රකාශයට පත් කළ මොහොතේම නොසන්සුන් විය. 11 වැනිදා ඔහු පත්තිරිප්පුවේ සිට පුරාණ රජවරුන්ගේ චාරිත‍්‍රයට අනුව ජාතිය අමතන බව නිවේදනය වීමත් සමඟ තවත් නොසන්සුන් විය. විරෝධය උත්සන්න වීම නිසා පත්තිරිප්පුවේ කතාවෙන් මෛත‍්‍රී ගලවා ගැනීමට මේ පිරිස සමත් විය. තවත් පිරිසක් වංචා ¥ෂණවලින් තොර යහපාලනයක් අපේක්ෂා කළ අතර ¥ෂිතයන්ට දඬුවම් දීමක් ද අපේක්ෂා කළේය. නමුත් රාජපක්ෂ පවුලේ ¥ෂණවලට විමර්ශනයක් කෙරෙන සූදානමක් නැත. එසේ නොකරන බවට සම්මුතියක් ද ඇති බව වාර්තා වී තිබේ. අනෙක් අතට රාජපක්ෂ පාලනය තුළ මහා පරිමාණ ¥ෂණවලට සම්බන්ධ දේශපාලකයන් හා නිලධාරීන් දැන් ඉන්නේ මෛත‍්‍රීපාල ළඟය. සජින්වාස් ගුණවර්ධනගේ, විජිත් විජයමුණි සොයිසාගේ සිට අබේකෝන්, සෝමරත්න, පරණවිතාන වැනි නිලධාරීන්ගේ නම් දක්වා විවිධ නම් මේ ගැන සාකච්ඡුා කරද්දී ඉස්මතු වේ. මේ සියල්ල තුළ බොහෝ දෙනාගේ බලාපොරොත්තු කඩවිය.

මෙය සිදුවන්නේ නව ආණ්ඩුවේ ජයග‍්‍රහණ හා සමාජයේ පරාජයන් එකට සමපාත වන බැවිනි. එක් උදාහරණයක් දක්වමු. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම් ෆීලික්ස් පෙරේරලා, විජිත් විජයමුණි සොයිසලා, සජින්වාස් ගුණවර්ධනලා අවශ්‍ය වේ. ඒ ¥ෂිතයන් සියලූ දෙනා ආණ්ඩුවට එක් වූ විට ආණ්ඩුව පත්කිරීම සඳහා වෙහෙස වූ යහපාලනයක් අපේක්ෂා කළ සමාජ බලවේග පරාජය වේ. දැන් දියත් වන්නේ මේ අන්ත දෙක අතර කඹ ඇදීමයි. නව ආණ්ඩුව ලබාගන්නා සෑම ජයග‍්‍රහණයක්ම එය පසු පස සිටි බලවේගවල අතෘප්තියට හේතු වනු ඇත. අනෙක් අතට මෛත‍්‍රීපාල සිරිසේනට සමාජමය පසුගාමීත්ව පාවිච්චි කරනවා මිස ඒවා මුලිනුපුටා දැමීමේ අභිප‍්‍රායක් නැත. දිගුකාලීන දැක්මක් ද නැත. වැඩිපුරම සිදුවීමට ඉඩ ඇත්තේ බලය වෙනුවෙන් ඕනෑම අගතියක් වැලඳගන්නා තැනට නව ආණ්ඩුව ද ඇදී යාමයි. ඒ නිසා ඇතැම් අය අපේක්ෂා කළ ආකාරයේ නූතනවාදයක් හෝ සම්භාව්‍ය ධනවාදයක් ගොඩනැෙඟන්නේ නැත. ඒ නිසා මෛත‍්‍රීපාලගේ ජයග‍්‍රහණය වෙනුවෙන් උරදුන්, ආණ්ඩුව වෙනුවෙන් ඡුන්දය භාවිත කළ යම් ප‍්‍රගතිශීලී අභිප‍්‍රායන් සහිත අයට සිදුවන්නේ කුමක්ද? සිදුවිය හැක්කේ ඔවුන් දවසින් දවස අතෘප්තියට පත්වී කඩාගෙන වැටීමයි.

ජනරළ පුවත්පත ලෙස අපි මුල සිටම සිටියේ මහින්ද පරාජය කළ යුතුමුත් මෛත‍්‍රීපාල ඒ සඳහා විකල්පය නොවේය යන ස්ථාවරයේය. දැන් අලූත් ආණ්ඩුවේ ප‍්‍රශ්න ගැන අපි කියන්නේ ‘මේ බව අපි කලින් කිව්වා’ කියා නරුම සතුටක් ලබන්නට නොවේ. ”අප කියූ දෙයක් වැරදිලා නෑ” කියා අනාවැකි කීමේ රැුකියාවකට බැසීමට ද අප කාගේවත් අරමුණක් නැත. ”අපි කිව්ව දේ ඇහුවේ නැතිනම් දැන් කෙළව ගනිල්ලා” කියලා සමාජයට කීමට ද අපට අවශ්‍ය නැත. සමාජයට ‘කෙළවීම’ තුළ අපට ගැලවෙන්නට නොලැබෙන බව අපි ඉතා හොඳින් දනිමු. ඒ නිසා පළමු තත්පරයේ සිටම මෛත‍්‍රී පාලනය, රාජපක්ෂ පාලනයේ දුර්ගුණයන් එකින් එක අනුකරණය කිරීම ගැන අපි සිටින්නේ සතුටකින් නොවේ. මෙම ජනාධිපතිවරණයේ දී ජනමනස හැසිරුණු ආකාරය හා මෙම ඡුන්ද ප‍්‍රතිඵලය, (මෛත‍්‍රීපාලගේ හා එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය* ලංකාවේ සමාජ ඉතිහාසය විසින් නිෂ්පාදනය කරන ලද්දක් බවට අපට දෙගිඩියාවක් නැත. ඒ ඉතිහාසය ධනපති දේශපාලන පක්ෂ දෙක විසින් මාරුවෙන් මාරුවට ජනතාව රැුවටූ ඉතිහාසයක් පමණක් නොව වාමාංශික ව්‍යාපාරය පීලි පැනීමේ, සිය බලවේග සභාග හරහා ධනපති කඳවුරට ගාල් කිරීමේ, ජනතා අභිලාෂයන් පාවාදීමේ ඉතිහාසයක් බවද අප අමුතුවෙන් කිවයුතු නැත. මෙවර ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ඒ ඉතිහාසයේ ප‍්‍රතිඵලයකි. වාමාංශිකයන් කළ යුත්තේ ? වැටුණු වළේ දවලූත් වැටීම ගැන සමාජයට බැණ අඬගැසීම නොව ඉතිහාසයේ සංකීර්ණත්වයේ බර තමන්ගේ උරමතට ගැනීමයි. අපි ද පුවත්පතක් ලෙස ඒ සම්ප‍්‍රදායම අනුගමනය කරන්නෙමු. ඒ නිසා ගෙවුණු සතිය තුළ සුන් වූ ජනතා බලාපොරොත්තු ගැන අපි කතා කරන්නේ ”අපි කිව්ව දේ ඇහුවේ නෑ, දැන් ඇතිද” කියා විමසීමට නොවේ. සමාජයට දිගින් දිගටම පරාජයන් උරුම වීම වැළැක්වීම සඳහා අද කළ යුතු දේ ගැන සාකච්ඡුා කිරීමේ දී එය අත්‍යවශ්‍ය ප‍්‍රවේශයක් වන නිසාය.

  •  නොවිසඳුණු ගැටලූ

මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පොරොන්දු ගණනාවක් ඇත. රජයේ සේවකයන්ගේ මාසික වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීම, විශ‍්‍රාමිකයන්ට රුපියල් 3,500 ක මාසික අන්තර් දීමනාවක් ලබාදීම, සෑම දරු උපතකදීම මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉවත් කිරීම, පෙට‍්‍රල් හා ඞීසල් මත පනවා ඇති බදු ඉවත් කිරීම වැනි යෝජනා ඒ අතර වේ. මේවා ඉටු කිරීම සඳහා ඇති දිගුකාලීන වැඩපිළිවෙළ පැහැදිලි නැත. උදාහරණයක් ලෙස ඉන්ධන බද්ද ඉවත් කළ හොත් දැනට ඒ මඟින් ලැබෙන රුපියල් බිලියන ගණනක ආදායමේ වෙනස පියවා ගන්නේ කෙසේද? රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා මුදල් තිබේ ද එසේත් නැතිනම් මුදල් මුද්‍රණය කරන්නේ ද එසේත් නැතිනම් එක් අතකින් 10,000 ක් දී භාණ්ඩ හා සේවාවල මිල වැඩි කිරීම හරහා අත්දෙකෙන්ම 15,000 ක් උදුරා ගන්නට සැලැසුම් කරන්නේද? මේ කිසිවක් පැහැදිලි නැත. මේවා නොවිසඳුණු ගැටලූය. නව ආණ්ඩුව තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය ලෙස කියන්නේ සෑම රටක් සමඟම හොඳහිත පවත්වාගෙන යාමයි. විශේෂයෙන් අධිරාජ්‍යවාදී රටවල් සමඟ හොඳහිත පවත්වාගෙන යාම සඳහා පහළ පන්තීන් ගෙවිය යුතු වන්දිය කොපමණද? අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිවිරෝධය ඉතා බරපතළ ලෙස උත්සන්න වී ඇති තත්වයක් තුළ හැම කඳවුරක් සමඟම හොඳහිත පවත්වා ගන්නේ කෙසේද? මේ කිසිවක් පැහැදිලි නැත. මේවා නොවිසඳුණු ගැටලූය. අප නව ආණ්ඩුවේ ගමන ගැන සැක පහළ කරන්නේ ඒ නිසාය.

දැන් වාමාංශික ව්‍යාපාරය හා ප‍්‍රගතිශීලීන් සතු අභියෝගයක් ඇත. මෛත‍්‍රීපාලගේ ක‍්‍රියාවලිය ගැන එක් පිරිසක් විශ්වාසය තැබූ අතර තවත් පිරිසක් සැක පහළ කළේය. වාමාංශිකයන් හා ප‍්‍රගතිශීලීන් අතරම මේ විශ්වාස කරන්නන් හා සැක කරන්නන් සිටියේය. විශ්වාසය තැබූ අයගේ විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් යන අතර ඔවුන් අතෘප්තියට පත්වෙමින් සිටී. දැන් ප‍්‍රශ්නය වන්නේ මේ අතෘප්තියට, මේ අපේක්ෂා භංගත්වයට දේශපාලන ප‍්‍රකාශනයක්, සංවිධාන රූපයක් නැතිකමයි. එවැනි තත්වයක් තුළ සිදුවීමට ඉඩ ඇත්තේ එක්කෝ මේ බලවේග (මුලින් මෛත‍්‍රීපාල විශ්වාස කර දැන් අතෘප්තියට පත්ව සිටින බලවේග) අදේශපාලනයට හා නිශ්ක‍්‍රීයත්වයට ඇද වැටීමයි. නැතිනම් එම බලවේග හරහාම ප‍්‍රතිගාමී දේශපාලනයක් පණ ගැන්වීමයි. එය වැළැක්විය යුතුය. එය වැළැක්වූවේ නැතිනම් ප‍්‍රගිතිශීලී සිතීමක් සහිත විශාල පිරිසක් දේශපාලන වශයෙන් නිශ්ක‍්‍රීය වීමට හෝ ප‍්‍රතිගාමී ව්‍යාපෘතියක බළල් අතක් බවට පත්වීමට ඉඩ ඇත. එවැනි ඉරණමක් වැළැක්වීමට නම් මෙම ක‍්‍රියාවලිය විශ්වාස කර අතෘප්තියට පත්වූවන් සහ මෙම ක‍්‍රියාවලිය සැක කළ අය අතර ඒකාබද්ධතාවක්, ධනාත්මක සංවාදයක් ඇති විය යුතුය. මෙම අපේක්ෂා භංගත්වය දේශපාලන ප‍්‍රකාශනයක් බවට පත් කරගත යුතුය. කිහිපවරක්ම දවලූත් ?ත් වැටුණු වළේ යළිත් වැටීම වළක්වා ගැනීමට නම් එවැනි ක‍්‍රියාවලියක් අවශ්‍ය වේ.

ජනාධිපතිවරණ දිනයෙන් පසු විවේක ගැනීමක් නැති බවත් තමන්ගේ ක‍්‍රියාකාරීත්වය උපරිම කළ යුතු කාලය එළඹෙන්නේ ඉන් පසුව බවත් අපි මීට මාස ගණනකට පෙර සිට පැවසු වෙමු. ජනාධිපතිවරණය නිමාවී ඇතත් නව ජනාධිපතිවරයකු හා නව අගමැතිවරයකු පත්වී ඇතත් නව කැබිනට් මණ්ඩලයක් පත්වී ඇතත් කිසිවක් අලූත් වී නැති බව අපට වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කළ හැකිය. සැබෑ වෙනසක් කෙසේවෙතත් අංශු මාත‍්‍රයක හෝ වෙනසක් කරගැනීමට නම් අවම වශයෙන් දින සියය තුළ පොරොන්දු වී ඇති කොටස හෝ ඉටු කරගැනීමට නම් සමාජයට වගකීම් සහගත බලවේග සක‍්‍රීය විය යුතුය. ජනතාව නරඹන්නන් බවට පත්නොවී අරගලයේ සක‍්‍රීය කොටස්කරුවන් විය යුතුය. සටන් කරන බලවේග පාරට පැමිණිය යුතුය. ආණ්ඩුව අලූත් වූවා කීවාට මූණු හැර වෙන කිසිවක් වෙනස් වී නැති බැවින් (සැබැවින්ම කියතොත් මුහුණු ද පරණ පුරුදු ඒවාමය) අපට ද මාස ගණනකට පෙර පැවසූ දේ හැර අලූත් යමක් කියන්නට නැත. අපට කියන්නට ඇත්තේ ජනතාව ක‍්‍රියාත්මක විය යුතු බවයි.

Advertisements